Sunday, January 24, 2010

දකුණේ සිට ලියමි අමතකද සගයිනි එදා ප්‍රැන්සිස්‌කුකරණය

ජනාධිපතිවරණයට තවත් ඇත්තේ හරියට ම දවස්‌ තුනකි. අපේක්‍ෂකයන් විසි දෙදෙනකු තරග කරතත් හටන ඇත්තේ ජනාධිපති මහින්ද හා ඔහුගේ හිටපු හමුදාපතිවරයා වූ විශ්‍රාමික මාණ්‌ඩලික ප්‍රධානි ජෙනරාල් සරත් ෆොන්සේකාත් අතරය. එය සැබවින්ම මහින්දගේ පැත්තෙන් බැලුවොත් සැබවින් ම ඔහුට දෛවය විසින් කරනා සරදමකි.

ඉකුත් ජනාධිපතිවරණයේ දී මහින්දට බොක්‌කෙන් ම උදව් කළ ජවිපෙය මෙදා ඔහු හා උරණ වී ඔහුට එරෙහිව ජෙනරාල් ෆොන්සේකා හටන් බිමට කැඳවීමට පුරෝගාමී වී හිටපු හමුදා ප්‍රධානියා රාජ්‍ය නායකයා කරවීමට පෙරමුණ ගෙන සිටියි. ඒත් ජෙනරාල්ට උදව් කරනා බව කියන්නා වූ එජාපයේ ලොක්‌කන් නම් කරන්නේ ඔහුගේ මූණ අත ගගා ඇහැ ඉලිප්පීමක්‌ යෑයි පොදු මහජනයා කියන්නේ හුඟක්‌ ලොක්‌කන් වැඩ කරනා බව මවාපාමින් ෂේප් නියායෙන් කාල භක්‌ෂණයේ යෙදෙනවාය කියායි.

එජාපයේ ලොක්‌කන් කරනා වැඩේම මහින්දගේ පාර්ශ්වයේ සමහර මැති ඇමැත්තන්ද කරනා බවට උනට චෝදනා මුඛයෙන් ගම්වල ශ්‍රී ලංකා කාරයෝ කියති. ඒ තවත් මාසයකින් දෙකකින් පැවැත්වෙන මහ මැතිවරණයේ දී තම තමන්ගේ මනාප කෙළියට විය පැහැදම් කරන්නට ඔවුනට සිදු වෙන නිසා බව ඒ අයගේ කතාවෙන් අපට වැටහේ.

අද ප්‍රධාන විපක්‌ෂය මෙන්ම ෆොන්සේකාගේ ජයග්‍රහණය උදෙසා කැපවී සිටින ජවිපෙ ඇතුළු සෙසු පක්‌ෂ විසින් මහින්දට එරෙහිව එල්ල කරනා ප්‍රධානතම චෝදනාව නම් රාජපක්‌ෂ සමාගම ඉතා බරපතල අයුරින් දූෂණයේ යෙදී සිටින බවයි. ගෙවී ගිය සිව් වසරක මහින්දගේ පාලන කාලය තුළ මේ රටේ සංවර්ධනය උදෙසා රාජපක්‌ෂ ආණ්‌ඩුව විසින් කරනා ලද සංවර්ධන ක්‍රියාවලිය පසෙකට තල්ලු කොට විපක්‌ෂයෙන් නඟනා දූෂණ චෝදනාවට පමණක්‌ පිළිතුරු සැපයීමට වෙහෙසක්‌ දැරීම නිසා මේ රටෙත්, අනාගත පරපුර වෙනුවෙනුත් කෙරී හා කෙරෙමින් ඇති සංවර්ධන වැඩසටහන් පිළිබඳව කිසිදු කතාවක්‌ බතාවක්‌ වේදිකාවලින් නොඇසීම ගැන ජනතාව දුක්‌වෙති.

ආණ්‌ඩුවට එරෙහිව විපක්‍ෂය දූෂණ චෝදනා එල්ල කළද ඒවා හුදෙක්‌ අවලාද පමණකි. ඔවුන් විසින් කියනු ලබන කිසිදු දූෂණ චෝදනාවක්‌ ඔප්පු කිරීමට මේ වන තුරුත් ජනතාවට පිළිගත හැකි කිසිදු සාක්‌ෂියක්‌ ඉදිරිපත් කර නැත.

විපක්‌ෂයේ දූෂණ චෝදනා එකක්‌වත් මේ දක්‌වා සාධාරණ සැකයකින් තොරව අනාවරණය කරන්නට කිසිදු ආකාරයක පියවරක්‌ නොගත්තත් විපක්‌ෂය විසින් බටහිර බලවතුන්ගේ අවශ්‍යතාවන් අනුව ආණ්‌ඩු පක්‌ෂයේ මහජන නියෝජිතයන්a බිලී බා ගන්නට කෝටි ගණනින් අල්ලස්‌ දී ඇති බවට කදිම සාක්‌ෂිකයක්‌ මහින්දගේ ජයග්‍රහණය වෙනුවෙන් ඇප කැපවී සිටින පිලේ හිටපු ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්‌ඩායම් නායකයා වූ විමල් වීරවංශ ඇතුළු ඔහුගේ ජාතික නිදහස්‌ පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මුසාමිල් මන්ත්‍රීවරයා විසින් රටට අනාවරණය කර ඇත. එක්‌සත් ජාතික පක්‌ෂයේ මයෝන් මුස්‌තාපා යොදාගෙන බටහිරයන්ගේ ඕනෑකම මත මේ රටේ සංවර්ධන ක්‍රියාවලිය අවුල් කොට ශ්‍රී ලංකාව අරාජිකත්වය කරා ඇද දමන්නට මාන බලනා විපක්‌ෂය් අවස්‌ථාවාදීන් රුපියල් කෝටි තුනක මුදලක්‌ අල්ලස්‌ වශයෙන් දී ඔහු මෙල්ල කර ගන්නට ගන්නා ලදැයි කියන අසාර්ථක උත්සාහය පිළිබඳව දැන් රට තුළ ඇත්තේ මහත් ආන්දෝලනයකි.

මේ ගැන විපක්‌ෂයේ විවිධාකාර කතා කියයි. ඔවුන් ජනතාවට කියන්නේ එය පට්‌ටපල් බොරුවක්‌ බවයි. එමෙන්ම මහින්ද ජනාධිපතිවරණයෙන් අන්ත පරජයකට ලක්‌වෙන නිසා මෙවන් අමූලික බොරු ජනතාව අතරේ පතුරුවා හරින්නට කැස කවන බවයි.

මහජන නියෝජිතයන් බිලි බා ගැනීSමට සල්ලි වීසි කළ අයුරු අප දැක්‌කේ 1964 දීය. ඒ පත්තර පනතට එරෙහිවයි. එදා සිරිමා බණ්‌ඩාරනායක මැතිනියගේ ආණ්‌ඩුව බිඳ දමන්නට ඇමැතිවරුන් ප්‍රමුඛ මන්ත්‍රීවරුන් දහතුන් දෙනෙකුට අල්ලස්‌ දී ලේක්‌හවුස්‌ පත්තර කන්තෝරුව ජනසතු කිරීම වැළක්‌වීමට බව දන්නෝ දනිති. ඒ නාඩගමේ තිරයේ පිටුපස සිටි චරිතයද ප්‍රසිද්ධය. සිරිමා බණ්‌ඩාරනායක මැතිනියගේ ආණ්‌ඩුව බිඳහෙළීම පිළිබඳව එදා ජනතාව කෝප සහගතව ඒ මන්ත්‍රීවරුන් දහතුන් දෙනා හැඳින්වූයේ "පිහි පාටිය" යනුවෙන් බව අද පරපුර නොදන්නවාට වැඩිහිටියෝ හොඳින් දනිති.

මේ වෙලාවේ මගේ මතකයට නැඟෙන්නේ එක්‌සත් ජාතික පක්‌ෂය 1993 දී දෙවන දකුණු පළාත් සභාවේ බලය දිනාගත් අමරසිරි දොඩන්ගොඩට එහි පාලනය නොදී අවනීතිය රජකරවමින් ඇම්. ඇස්‌. අමරසිරි මහ ඇමැති පුටුවේ රැඳවීමට ගත් නින්දනීය ක්‍රියා මාර්ගය අධිකරණයේ නියෝගයට පවා පිටුපා කන් නොදී, රනිල් වික්‍රමසිංහ ලා කටයුතු කළ හැටිය. එච්චර විතරක්‌ නොවේ. අධිකරණයේ නියෝගයට අනුව දොඩන්ගොඩ මහ ඇමැතිවරයා එසේ දිවුරුම් දීමට සූදානම් වෙද්දී එදා එජාපෙ උපදෙස්‌ පිළිපදිමින් දකුණේ ආණ්‌ඩුකාරවරයා වූ අල්හාඡ් බාකිර් මාකාර් මාතලේ වත්තක සැඟව සිටි අයුරු අපට නම් මතකය. ඊටපසු දොඩන්ගොඩ මහ ඇමතිවරයා සේ දිවුරුම් දුන්නදා එ.ජා.පෙ. නියමය පිරිදි පොලිසිය නර බිලි දෙකක්‌ ගත්තු හැටි දැන් හුඟ දෙනකුට අමතකය. මහ ඇමැතිවරයා සේ දොඩන්ගොඩ වැඩ කරගෙන යද්දී ඔහුගෙන් බලය ආපසු උදුරා ගන්නට කුමන්ත්‍රණයක්‌ දියත් කළ එජාප ය පොදුජන එක්‌සත් පෙරමුණේ හම්බන්තොට දිස්‌ත්‍රික්‌කය නියෝජනය කරමින් ආණ්‌ඩු පක්‌ෂ කණ්‌ඩායමේ පළාත් සභා මන්ත්‍රී විමල් ෆ්‍රeන්සිස්‌කු පැහැරගෙන ගොස්‌ කොළඹ සඟවා ගෙන සිටි හැටි දකුණේ ජනතාව අදටත්a කතා කරන්නේ ඔවුන් මැරී උපන්නන් නොවන බව කියමිනි.

ෆ්‍රeන්සිස්‌කු පැහැරගෙන ගියේ දොඩන්ගොඩ මහ ඇමැතිවරයා සිය ප්‍රථම අයවැය නැතහොත් මුදල් ප්‍රකාශනය දකුණු පළාත් සභාවට ඉදිරිපත් කළ දිනට පසුදින විවාදය

ඇරැඹි හෝරා දෙකක්‌ ඉක්‌ම ගිය පසුව බව දකුණේ ඇත්තන් පිරිසක්‌ කරන්නේ බටහිරයන්ගෙන් කඩා ගන්නා ලද කෝටි ගණනක මුදල් කන්දරාවෙන් සොච්චමක්‌ මොහොමඩ් මුසාමිල් මන්ත්‍රීවරයාට දුන් දසරාජ ධර්මයෙන් රට පාලනය කරන්නට සැරසෙන හංසයාගේ තටුවල එල්ලී දිව්‍යලෝකයට යන්නට කැඳවන්නා වූ අදමිටුවන්ගේ මහින්ද පැරදවීමේ එස්‌.එෆ්. කුමනත්‍රණ මෙහෙයුමේ නිරුවත රටටත්, ලෝකයාටත් පෙන්වමින් යෑයි දකුණේ ඇත්තන් අතරේ කෙරෙන කතාවේ ප්‍රධාන මාතෘකාවයි.

එදා ෆ්‍රeන්සිස්‌කු පැහැරගෙන ගියේ කොළ පාට සොරෙකු යෑයි ගාල්ලේ ජනයා කියන්නේ උපහාසයටද? අපහාසයකට දැයි කියන්නට මට නම් නොතේරේ. කොහොම වුණත් ෆ්‍රeන්සිස්‌කු පැහැර ගන්නට ලියුම්කරුගේ මිතුරකුද හවුල් වූ බව පසුව අනාවරණය විය. පළාත් සභාවේ සැසිය දිවා විවේකයට අත්හිටුවූ පසු එහි පරිශ්‍රය තවත් හිතවතකු සමග පැමිණි අපේ මිතුරා ෆ්‍රeන්සිස්‌කු හමුවීමේ අපේක්‌ෂාවෙන් සිටින බැව් ඔහුට දන්වා ඇත්තේ මීට වසර ගණනකට පෙර අපෙන් වියෝවූ ඇමැතිවරයෙකි. ඒ ඇමැතිවරයා මොවුන්ගේ යටි අරමුණ දැන නොසිටි බැව් ෆ්‍රeන්සිස්‌කු ඔහු වෙත කැන්දාගෙන ගිය අපේ හිතවතා මෑතදී සඳහන් කළේය.

ෆ්‍රeන්සිස්‌කු පැහැරගෙන ගියේද කලින් ඇති කරගත් එකඟතාවකට අනුවයි. දොඩන්ගොඩ මහ ඇමැතිවරයාගේ අයවැය පරාජය කිරීමට උදව්වීම වෙනුවෙන් ඔහුට ශ්‍රී ලංකාවේ වලංගු මුදලින් රුපියල් ලක්‌ෂ තිහක්‌ හා කොළඹින් සුඛෝපභෝගී නිවසක්‌ ද දරුවන්ට ගෙන්දගම් පොළොවේ ඇති ජනප්‍රිය පාසල් වරම් ද සපයන බවට අල්ලස්‌ දිගුකර දොඩන්ගොඩට දකුණේ ඡන්දදායකයන් ලබාදුන් ජනවරම කොල්ලකෑමට කළ කුමන්ත්‍රණය ගැන සිහිපත් කරනා දකුණු කරේ ජනතාව මෙදා කරැති කුමන්ත්‍රණය කළවුන්ට නිසි පාඩම ඉගැන්වීමට දින ගනිමින් සිටින්නේ යෑයි අප අමතමින් කියන්නේ රටට එදා දුන් ආදර්ශයද සිහිsපත් කරමින් රටවැසියාට "දකුණේ සිට ලියමි" තීරුව ඔස්‌සේ දැනුවත් කරන්නැයි ඉල්ලා සිටිමිනි.

ඒ අහිංසකයාට රුපියල් ලක්‌ෂ තිහක්‌ දෙනවා කීවාට මේ කුමන්ත්‍රණකරුවන් ඒ මුදල ඔහුට දුන්නේ නැත. කොළඹින් නවීන පන්නයේ ගෙයක්‌ දෙනවා කියා පොරොන්දු පිට පොරොන්දු දුන්නට දීපු ගෙයක්‌ නොව අතු පැලක්‌වත් නැත. අද වන විට ෆ්‍රeන්සිස්‌කු වීරකැටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකි. ඔහු ලද එකම දායාදය එච්චරය. මේ බොරුකාරයන් කෙරෙහි බලවත් ලෙස කලකිරී සිටින හෙතෙම මහින්ද රාජපක්‌ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් ඇප කැපවී සිටිනා වග අපට කීවේ ෆ්‍රeන්සිස්‌කුගේ ඉතා හොඳ මිතුරෙකි.

මිනිස්‌සු කියන්නේ මේ රටේ රණවිරුවන් මෙහෙයවමින් අපේ යුගයේ සැබෑ රණශූරයා යුද වීරයා වූ ජෙනරාල් සරත් ෆොන්සේකා ශ්‍රී ලංකාවට එරෙහි අද අධිරාජ්‍යවාදීන්ගේ හා සෙසු සියලු ප්‍රතිගාමී බලවේගයන්ගේ කුමන්ත්‍රණයකට හසුවී සිටින කතාවකි. යුරෝපීයයන් අපේ රට කෙරෙහි දක්‌වනා වූ ගිජුකමට හේතුව ඉතා කෙටි කලකින් ලොව මහා බලවතා සේ හිස ඔසවා නැඟී සිටින චීනය වැනි ආසියාකරයේ රාජ්‍යයන් විනාශ කරන්නට නම් ඔවුනට අපේ බිමත්, මෙහි රූකඩ පාලනයකුත් අවැසි බවයි. මහින්ද රාජපක්‌ෂ බටහිරයන්ට නැටවිය නොහැකි අං ගිලපු පුද්ගලයකු සේ තකනා මේ දුෂ්ට හැතිකරය ඌරගෙ මාලු ඌරා පිට තබා කපන්නට කළ කුමන්ත්‍රණයක්‌ ලෙස දකුණු කරේ මිනිසුන්ගේ මතයයි.

බණ්‌ඩාරනායක ඝාතනයෙන් අපේ යුගයේ මේ හැත්ත බුරුත්ත ඇරැඹූ කුමන්ත්‍රණ මාලාවේ දෙවැන්න 62 දී රොයිෂ් ද මැල් ඇතුළු නාවික හා ගුවන් හමුදාවන් හි ලොක්‌කන් ලවා සිරිමා මැතිනියගේ පාලනය අවුල් කරන්නට උත්සාහ ගත්තේ ද යූ.ඇන්.පී යයි. ඊට පසු යූ.ඇන්.පී. කුමන්ත්‍රණකරුවන්ගේ සැලසුම ක්‍රියාත්මක වෙන්නේ ෆ්‍රeන්සිස්‌කුකරණයෙනි. ෆ්‍රeන්සිස්‌කුකරණය නිසා දාහත් වසරක එජපයේ පාලනය අහිමි කර ගන්නටද එදා අගමැතිකම දැරූ රනිල් උන්නැහෙට සිද්ධ විණි. හැම විටකම මේ රටේ ප්‍රගතිශීලී ආණ්‌ඩුවක්‌ රටේ පාලනය ලබාගත් විට කුමන්ත්‍රණයක්‌ කොට එය අවුල් වියවුල් කරන්නට දක්‌ෂකමක්‌ ඇති එජාපයේ නායකයන් චන්ද්‍රිකාගේ පාලන සමයේදී ඇගේ පාර්ලිමේන්තු බලය ඩැහැ ගන්නට ඇගේ ඇමැති මණ්‌ඩලයෙන් පිරිසක්‌ පොදුජන එක්‌සත් පෙරමුණින් කඩාගෙන 2001 දී කළ නාඩගම වසර දෙක හමාරකින් නිමා නොකරන්නට, ජවිපෙ හවුල් නොවී නම්, අද මේ රටින් හරි අඩක්‌ පිරබාහරන්ට ඔප්පුවකින් පවරාදීම නිසා මෙලහකටත් ඊළාම් සිහින රාජ්‍යය ස්‌ථාපිත වී හමාරය.

තිස්‌ වසරක්‌ පුරා පැවැති කුරිරු යුද්ධයේ සාපයෙන් අපේ මව්බිම ගලවා ගන්නට ඇමරිකාව ප්‍රමුඛ සකලාකාර දුෂ්ට බලවේගයන් විසින් කරන ලද තර්ජන ගර්ජන කෙරෙහි දශමයකිනිදු නොසැලී රට ගැනම පමණක්‌ සිතා ත්‍රස්‌තවාදය මේ භූමියෙන් අතුගා දමන්නට එඩිතර වූ උන් හමුවේ ධීරකම් පෑ මහින්ද රාජපක්‌ෂ පන්නා දමා තමනට ඇවැසි රූකඩයක්‌ මේ රට පාලනයට පත් කරගන්නට කැස කවනා නරුමයනට අත්වැල් අල්ලන්නට තරම් ජවිපෙ සගයන් අඳ බාල වූයේ කවර හේතුවක්‌ද, කුමන කාරණාවක්‌ නිසාදැයි අපෙන් දකුණේ හිතවතුන් විමසන්නේ අප ඔවුන් කෙරෙහි පෑ ලෙන්ගතුකම් දන්නා නිසා විය හැක. ස්‌වකීය අතීතය අමතක කරැති ජවිපෙ නායකත්වය කෙරෙහි දකුණේ ජනතාව එක්‌ අතකින් කනගාටු වෙති. විටෙක ඔවුන්ගෙන් නැඟෙන්නේ දෙස්‌ දෙවොල් ය.

පසුගිය දිනෙක නන්දා මාලිනියගේ ගීතයක පද මාලාවක්‌ කිසිවකු විසින් ලිපියක්‌ සමග මගේ නමට එවා තිබිණි. මේ ඒ ගීතයයි.

ලේ කිරි කර දුන් - අපගේ දරුවන්
බිලිගත් මරුවන් - කවුරුද විමසන්
ගෙපැල පහන් සිල නිව්වෝ කවුරුද
රන්කිරි කළ හත බින්දෝ කවුරුද

උතුරෙත් අපගේ කුසහොත් දරුවන්
කවුරුද උන් බිලිගත් මරුවන්
දකුණෙත් අපගේ කුසඔත් දරුවන්
කවුරුද උන් ඩැහැ ගන්නා මැරයන්

අම්මේ පෙම්බර පිසදා කඳුළැලි
ඇසට කඳුළ දුන් තැන් විමසමු අපි
පිටුදැක ඒ ලොව ගන්නා නරබිලි
ගොඩ නඟමුව යහපත් ලෝකය යළි

මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ මේ ගී පබැඳුම ඇය ගායනා කරන ලද්දේ 1992 ජුනි මස 23 වැනිදා කොළඹ නව නගර ශාලාවේ මුළු දුන් මව් පෙරමුණේ දෙවැනි ජාතික මහා සම්මේලනයේ දී රැස්‌වූ දහස්‌ ගණනක මාපියන්ගේ නෙතු උල්පත්වලින් රූරා උණුq ඇහි දිය ඔවුනගේ දෙකොපුල් දිගේ දෝර ගලා බසිද්දී යෑයි එහි සඳහන්ව තිබිණි. මේ වූ කලී දැහැමි සමාජයක්‌ මේ පින් බිමේ ස්‌ථාපිත කෙරනා බවට දිවුරා පොරෙන්දු දී බලයට පත් අදමිටුකමින් ඉහවහා ගිය පාලනයක රුදුරු බව අපූරුවට කියා පන්නා වූ ඓතිහාසික වූ ෙ€දනීය කතාන්තරයක පුංචි සටහනකි. මගේ විශ්වාසය නම් නමක්‌ ගමක්‌ ගැන කිසිදු සඳහනක්‌ නැතව මේ ගී පද මාලාව මා වෙත එවන ලද්දා වූ තැනැත්තේ ඒ මහා කුරිරුවූත් රුදුරු වූත් අවාසනාවන්ත අඳුරු සමයෙහි බැට කෑ මවක හෝ පියකු ය යන්නයි. ඔහු හෝ ඇය හෝ මෙයින් අපේක්‌ෂා කරන්නේ කුමක්‌දැයි අපේ පාඨකයන්ට වැටෙහනු ඇත.

ප්‍රජාතන්ත්‍රවාදය මූලික මිනිsස්‌ අයිතිවාසිකම් හා භාෂණයේත් ප්‍රකාශනයේත් නිදහස මහින්ද රාජපක්‌ෂ සහ සහෝදර සමාගම විසින් ජනතාවගෙන් උදුරාගෙන ඒකාධිපතිත්වයක්‌ කරා මේ පින්බිම ගැන තල්ලු කරනවා යෑයි කියන්නා වූ ඒ සියල්ලෙහි මහා ගැලවුම්කාරයන් සේ කිඹුල් කඳුළු හෙළනා කපටි වූත් කුහක වූත් දේශපාලනඥයන් ගැන මෙනෙහි කරන්නට අප හැමට දැන් කාලය එළඹ ඇතැයි ඒ නිර්ණාමික ලිපිය එවූ තැනැත්තේ වැඩිදුරටත් අකුරු අමුණා සඳහන් කර තිබිණි.

සැබවි... මේ අපට ඒ ගී පදවැල කෙරෙහි වඩාත් අවධානයෙන් සිතා බලන්නට එළඹ ඇති හෝරාවයි.

තවත් හරියට ම දවස්‌ හතරකින් ශ්‍රීලංකාද්වීපයේ හයවැනි රාෂ්ට්‍රාධිපතිවරයාණන් කවුරුන් දැයි ඔබ තීන්දු කර හමාර ය. සිංහල, දෙමළ, මුස්‌ලිම්, මැලේ, බර්ගර් ඈ මේ බිමේ ජීවත් වන්නා වූ සකල ශ්‍රී ලංකාවාසීන් හැම දෙනාටම එක ධජයක්‌ සෙවණේ සාමයෙන්, සහෝදරත්වයෙන්, සහජීවනයෙන්, සහයෝගීතාවයෙන් ජීවත් විය හැකි පසුබිමක්‌ මේ බිමේ ස්‌ථාපිත කොට තුන්වැනි ලෝකයේ තවදුරටත් බඩගාමින් ඉදිරියට යන්නට උත්සාහ කරනවා වෙනුවට වසර දෙදාස්‌ පන්සියයකට වඩා දිගු ඉතිහාසයකට උරුමකම් කියාපාන්නා වූත් ශ්‍රේෂ්ඨ සංස්‌කෘතියකට හිමිකම් දරන්නා වූත් අප ඒ සැම තවදුරටත් සුරක්‌ෂිත කර ගන්නට අවැසි නැණ නුවණින් යුක්‌තව බුද්ධිමත් තීන්දුවකට එළඹුණහොත් එය මේ රටේ වාසනාවකි. ජාතියේ වාසනාවකි. අනාගත පරපුරේ වාසනාවකි.

සුගතපාල මැන්දිස්‌

(ඉරිදා දිවයින - 2010/01/24)
ටිප්පණිය - සුගතපාල මැන්දිස් අප හොඳින් දන්නා අවංක පත්තරකාරයෙකි. හිතවතෙකි. රටට ආදරය කරන්නනෙකි. හරි වැරැද්ද හරියට හඳුනාගත් මිනිසෙකි. දකුණේ ජනමතයේ කැඩපතක් වන් මේ ලිපිය බොහෝ දේ නැවත ගැන සිතන්නට ඔබ පොළඹවනු ඇත.

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !