tag:blogger.com,1999:blog-1012259489902547458.post1095844381281360442..comments2023-10-02T05:50:47.584-07:00Comments on :::::: කසාපබ්බත ෴: ඛේදවාචකය සහ භේද වාචකයනාමල් උඩලමත්තhttp://www.blogger.com/profile/12353954958678788109noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-1012259489902547458.post-3929060658674337612010-01-09T15:48:50.888-08:002010-01-09T15:48:50.888-08:00hi visit us
http://sehatak.blogspot.com/hi visit us
http://sehatak.blogspot.com/prof m.zhttps://www.blogger.com/profile/15141596116427777346noreply@blogger.comtag:blogger.com,1999:blog-1012259489902547458.post-88369638113231150522010-01-09T02:39:57.946-08:002010-01-09T02:39:57.946-08:00තවද මේ බෝධි සත්ව උන්නාන්සේ, සොරකමක් දුටු විට ඇඟ ගැ...තවද මේ බෝධි සත්ව උන්නාන්සේ, සොරකමක් දුටු විට ඇඟ ගැහෙන නිර්මල උත්තමයා, හාමුදුරුවන් නමින් හැදින්වීම වැරදි බවත් ගණින්නාන්සේ යනු ඒ සඳහා යෙදය යුතු නිවැරදි වදන බවත් මට කීවේ ගමේ සියදෝරිස් ආතාය. එකල පන්සලේ සිටි කාලේ කරපු දේවල් තමා දැන සිටියේ නම් පන්සලෙන් පන්නන්නේ පොල් පිත්තෙන් ගසා බව කීවේ සිරිපාල අයියා ය. මේ දෙව්දත්තුමා එකල කළ වැඩ ගැන මෙහි සඳහන් වී තිබේ.
http://www.lankacnews.com/index.php?option=com_content&view=article&id=496:2010-01-06-07-24-40&catid=1:latest-news&Itemid=50නාමල් උඩලමත්තhttps://www.blogger.com/profile/12353954958678788109noreply@blogger.comtag:blogger.com,1999:blog-1012259489902547458.post-80510866350194290582010-01-09T02:30:11.197-08:002010-01-09T02:30:11.197-08:00මේ පොඩි හාමුදුරුවෝ සහ දෙව්දත් අතර ලොකු වෙනසක් නැහැ...මේ පොඩි හාමුදුරුවෝ සහ දෙව්දත් අතර ලොකු වෙනසක් නැහැ. දෙව්දත්ට බුදු හාමුදුරුවෝ මරලා බුදුවෙන්න උවමනා වුණා. පොඩි හාමුදුරුවන්ට නායක හාමුදුරුවෝ වෙන්න උවමනා කළා. මේ ආශාවමයි අර කතාවේ නයාටත් තිබුණේ. මේ පොඩි හාමුදුරුවෝ හැරෙන්නේ පොල් පැලේට කියලා රටේ වාසනාවට ලොකු හාමුරුවන්ට තේරුණා. පොඩි හාමුදුරුවෝ ලක්ෂ 2න් හමුදාව වැඩි කරන්න යෝජනා කළේ ඒකට තමා. ඒත් වැඩේ ගැස්සුණා. තව පොඩ්ඩෙන් ආසියාවේ දෙවන මියන්මාරය ලංකාවේ හැදෙනවා.

ඒ විතරද තමන්ට අපහස කරද්දි තමා වෙනුවෙන් පෙනී සිටි ගෝඨාභය, තමාගේ අණ ක්‍රියාත්මක කළ ශවේන්ද්‍ර මේ හාමුදුරුවෝ සිවුරු ඇරලා ගිහින් පාව දෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට 58 වැනි සේනාංකයේ කිසිම කොල්ලෙකුට පිට රට පුහුණුවකට යන්න බැරි වෙන තත්ත්වයට පත් වුණා. දැන් ආර්. සම්බන්ධන් එක්ක හොර ගිවිසුම් ගහලා හමුදාවේ කොල්ලෝ 26 000කට වැඩිය ජීවිත පූජා කරලා දිනපු රට ආයේ බෙදන්න යනවා. කොටි ත්රස්තවාදයට යළි පණ දෙන්න හදනවා.

අනෙක මේ හාමුදුරුවෝ, ලොකු හාමුදුරුවෝ හොරකම් කළ නිසා ගියා නම් ගිහින් සෙට්වෙලා තියෙන්නේ හොර ගුහාවකට. ලංකාවේ ලොකුම හොරු ඉන්නේ යූඇන්පී එකේ කියලා ගමේ මිනිස්සු හොඳට දන්නවා. මේ හාමුදුරුවෝ ඔච්චර අවංක නම් තමා කරපු රාජකාරියට ආණ්ඩුවේ වැටුප් අරගෙන, යුද්දේ ඉවර වුණාම කොළඹින් දීපු මිලියන 300ක ඉඩමත් අරගෙන, මිලියන 40 කාර් එක මිලියන 2 අරගෙන ගියේ ඇයි? කියලා ගමේ දායක සභාවේ මිනිස්සු තාම අහනවා. අබිලින් ගොයියා කීවේ ඒක දිව්‍ය ලොකේ යන්න වෙන්න ඇති කියලා. තමන්ගේ අවංකකම පෙන්නන්න බොරුවට හරි මේවා දාලා යන්න තිබුණා කියලා ගමේ මෝඩ යූඇන්පීකාරයෙක් කීවා. ඇමරිකාවේ තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ජනපති අරමුදලින් තාමත් විලිලැජ්ජ නැතිව සල්ලි ගන්නවා කියලා තව එකෙක් කීවා.

'පන්සලක හිටිය මිනිහෙක් තියා වැස්සකට දහම් පාසැලකටවත් ගොඩ වුණ මිනිහෙක් රටට කියනවද ටිකක් බිව්වට කමක් නෑ' යි කියලා ගමේ ගෑණු කෙනෙක් කීවා. ගමේ ඉලන්දාරියෙක් කීවේ 'මේ මිනිහා තව ටික දොහක් පන්සලේ හිටියා නම් ධාතු කරඬුවටත් කෙළිනවා' කියලා. ඒ කතාවට වටේ හිටපු කොල්ලෝ ටිකට හිනා. අන්තිමට ගමේ කාගෙත් ගරු බුහුමණට ලක් වුණු සියදෝරිස් මුත්තා නැගිටලා "ළමයිනේ ඕවා හිනාවෙන්න දේවල් නෙමේ. අනුකම්පා කරන්න ඕන දේවල්. පව් අසරණයා" කියලා මෙන්න මේ කවිය කීවා.
ඉඳ ඉඳ එක වෙහෙර
වඳ විඳ දහම් මනහර
සිඳබිඳ දුක් සසර
අහෝ! දෙව්දත් නොදිටි මොක්පුරනාමල් උඩලමත්තhttps://www.blogger.com/profile/12353954958678788109noreply@blogger.comtag:blogger.com,1999:blog-1012259489902547458.post-54163774584215709822010-01-08T23:46:40.325-08:002010-01-08T23:46:40.325-08:00සහො පංසලක් තියනවා එ පංසලෙ ලොකු හමුදුරුවො දායකයින්ව...සහො පංසලක් තියනවා එ පංසලෙ ලොකු හමුදුරුවො දායකයින්ව නොමග අරිනවා. දායක සබාවෙ සල්ලි වලින් සුදු කෙළිනවා. එ අස්සෙ දයක මන්ඩැලෙ නිළධාරින් දෙන්නව සක්කුවෙ දාගෙන පොඩි හමුදුරුවන්න්ට බනිද්දී පොඩි හමුදුරුවො සිවුරු ඇරලා ගිහිල්ලා එලියට වෙලා කැගැහුවට හිරලුවා කියලා බනින්නෙ නැහැ. එයාට බනින්නෙ අර නිලධාරින් දෙන්නගෙ නැදැපිරිස විතරයි. ගමෙ මිනිස්සු කියන්නෙ පොඩි හමුදුරුවො බලන්න තාමත් පංසලට ආදරෙයි කියලා විතරයි. ලොකු හාමුදුරුවො මුලු දායක සභාවම පොඩි හමුදුරුවන්ට විරුද්දව උසි ගන්නවද්දි ගමෙ මිනිස්සු නිකම්ම පොඩි හමුදුරුවන්න්ගෙ පැත්තට හැරෙනවා.රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.com