Tuesday, January 12, 2010

මහින්ද හමුදාපති කරමු !

මහින්දට වසර 40ක දේශපාලන පසුබිමක් තිබේ. ඔහුගේ පරම්පරාවට වසර 70ක් පමණ දේශපාලන ඉතිහාසයක් තිබේ. ඔහුගේ මහප්පා, තාත්තා රාජ්‍ය මන්ත්‍රණ සභාව නියෝජනය කළේය. මහින්දගේ පියා ලංකා ජාතික සංගමය ද එක්සත් ජාතික පක්ෂය ද නියෝජනය කළේ ය. පසුව බන්ඩාරනායක මහතා සමග ශ්‍රීලනිපය තනන කල එහි ද ඔහු සිටියේ ය. ඒ පරපුරෙන් දේශපාලනයට බට මහින්ද 1970 දශකයේ පාර්ලිමේන්තු දේශපාලනයට පිවිසියේ ලාබාලම පාර්ලිමේන්තු මන්ත්‍රී ලෙස ය.

අණතුරුව රටේ ප්‍රජානත්ත්‍රවාදය වළපල්ලට ගොස් තිබූ අවධියක මානව අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංඝණය කළ අවධියක ඒ වෙනුවෙන් හඬ නැගුවේ ය. අනතුරුව ඔහු ලංකාවේ කම්කරු ඇමති, ධීවර ඇමති, අගමැති සහ ජනාධිපති තණතුරු දැරුවේ ය. මේ සියලු කරුණු සලකා බලා වසර 40ක දේශපාලන පළපුරුද්දක් ඇති මහින්දට මේ රටේ හමුදාපති තණතුර ලබා දීමට ක්‍රියා කරමු.

මගේ යෝජනාවට එකඟ වෙමින් බොහේ පිරිසක් කීවේ මහින්ද හමුදාපති තණතුරට සුදුසු බවය. ඔහුට හමුදාව පාලනය ගැන කිසිදු අවබෝධයක් නැතත් වසර 40ක දේශපාලන අවබෝධයක් තිබේ. විවිධ දේශපාලන මතවාද දරණ හමුදා සෙබලුන් මැනවින් පාලනය කිරීමට ඒ දැනුහ අවශ්‍ය ය. අනෙක් අතට කිසියම් අවස්ථාවක සාම සාකච්ඡා සඳහා හමුදාවට පෙරමුණ ගැනීමට සිදුවුවහොත් ඒ සඳහා අවශ්‍ය වෙන්නේ කෙහෙම්මල් හමුදා දැනුම නො ව දේශපාලන දැනුමයි. එමෙන්ම ඊළාම් යුද්ධය අවසන් කිරීම සඳහා දේශපාලන තීන්දුව ගත්තේ එවකට සිටි හමුදාපති බැවින් ඒ සඳහා දේශපාලන දැනුම අනීවාර්ය බව සක්සුදක් සේ පැහැදිළිය.

මහින්ද හමුදාපතිකමට සුදුසු යැයි කීම වඩා සාධාරණීකරණය කරන්නට ජනතාව නැඟු ප්‍රබල තර්කය නම් ඔය හමුදාපති ධූරය ගැළවීමේ හමුදාවටත් සුදුසු නැති ඕනෑම පඟර නැට්ටෙකුට කළ හැකි බව ය. අනෙක යුද්ධය ඕනෑම ගොනෙකුට කළ හැකි කජ්ජකි. ඒ බවට මංගල සමරවීර සහ ලක්ෂ්මන් කිරිඇල්ල සාක්ෂි ය. එවන් දෙකේ පනහේ වැඩකට අණදීමට මහලොකු යුද දැනුමක් අවශ්‍ය නැත. අනෙක

ඔය යුද්දේ දරුණු විදිහට ගිය අන්තිම සතියේ හමුදාපති හිටියේ චීනයේ. උන්නැහේ සිය පවුල සමග සිටියේ චීන මහාප්‍රාකාරයේ, ඔලිම්පික් ගම්මානයේ සොඳුරු සිරි නරඹමිණි. සෙබලු එකා පිට එකේ මැරී වැටෙද්දි, ලක්ෂ ගණන් ජනතාව කොටි අතහැර හමුදාව පැත්තට එද්දී, ප්‍රභාකරන් සෙත්තාපොච්චි වෙද්දී හමුදාපති රටේවත් නැත. එහෙයින් ඒ වැනි තණතුරකට මහින්ද සුදුසු බව තව කෙනෙක් කීවේ ය.

4 වෙනි ඊළාම් යුද්ධය ඇරඹුණු දා සිට හමුදාපති යුදබිමේ පස්පෑගුවේවත් නැත. ඒ නිසා හමුදාපති යනු යුදමය දැනුමක් අවැසි තනතුරක් නොවේ. සියලු කරුණු සලකා බැලූ අපි හමුදාපති තණතුර සඳහා වසර 40ක දේශපාලන දැනුමක් ඇති මහින්ද සුදුසු යැයි යෝජනා කරමු.

මහින්ද හමුදාපති කිරීමේ මේ මෙහෙයුම ගැන ඔබේ අදහස් සුබ අනාගතයක් සඳහා රටට ඉතාම වැදගත් වනු ඇත.

ටිප්පණිය - ඇතැම්හු මහින්ද දේශපාලනය මිස හමුදා පාලනය පිළිබඳ කිසිවක් නොදන්නා හෙයින් හමුදාපති තණතුරට සුදුසු නැතැයි කියති. 'මේ මිනිහා තුවක්කුවක් අල්ලන්නවත් දන්නේ නෑ'. 'වඳුරාට දැලි පිහිය දුන්නා වගේ තියේවී මිනිහට හමුදාව භාර දුන්නොත්'. 'නිකන් කොටි අතින් වෙඩි කාලා මැරෙයි' ආදී නොයෙක් කතා කීවේ ඒ පිළිබඳ අදහස් දැක්වූ ජනතාව ය. 'කටුස්සගේ කරෙ රන් බැන්දා වගේ තියේවි 'පියදාස අයියා ඔලොක්කුවට සිනාසෙමින් කීවේ ය. 'බූරුවා උගේ වැඩක් බලා ගන්න ඕනෑ' යැයි තව කටහැකරයෙක් කීවේ ය. ගමේ සියදෝරිස් ආතා "මළ හත්තිලව්වේ මේ කරන්න යන නස්පැත්තිය මොකක්ද?. අර ෆොන්සේකාට ජනාධිපතිකම දුන්නා වගේ තියේවි. මූට හමුදාපතිකම දුන්නොත්" කියා දෑත කම්මුලේ ගසා ගසා ගත්තේ ය.

8 comments:

Anonymous said...

හොඳ ලිපියක්. කියන්න ඕනෙදේ ලස්සනට කියලා තියෙනවා...

බ්ලොග්කාරයා said...

රටේ ඉන්න ද්‍රෝහියෝ හඳුනාගන්න කාලය ඇවිත්. ඔය පාමංකඩ කතා, ඔනෙම ගොනෙකුට කතා, ගැලවීමේ හමුදා කතා...ඕකුන් තමා රට කෑවේ, දැන් තව අපේකෂකයෙක් වෙනුවෙන් පෙනී හිටින්නෙත්.

කළ යුතු දේ පැහැදිලියි. සුබ අනාගතයක්!

Vindy said...

නියමයි.

Kulendra said...
This comment has been removed by the author.
razor lk said...

ado nodanna katha nokiya hitapan...sarath chineta giye siri naramannada ballo???? thota hena gahanawa tho kiyana boru walata...thoge thathata aanduwen hambawena commision eka nethi wei kiyala tho methana blog daagena keegahanawa...mama es dekenma dekka umbalage sanwedeee nayakayage weda kida... umbalage amathiyane secratry lath eee gena hondata dannawa..unma kiyanawanam thawa mona kathada.....

rata adarenam as arala, oya daagena inna pata kannadi galola balapan...thawa tika dawasaking umbalage anduwe 5 denek SF sahaya dennawa ekata UNP eken giya eka amathi kenekuth innawa..

නාමල් උඩලමත්ත said...

razor lk,

බුදු අම්මෝ. ඇයි ඔයාට ඔච්චර තරහ යන්නේ? හරියට ලංකාදීප පත්තරේ අර දයාසීලි ලියනනගේ ගේ ලිපිය දැකපු රනිල් වගේනේ ඔයා.

හරි ෆොන්සේකා චීනෙට ගියේ මොකට ද? බුද්ධගයාව වදින්න ද? අයිෆල් කුළුණ බලන්න ද? ම්..ම්... නැත්නම් ෆැන්ඩෝ දඩයමේ ගියා ද දඩමස් හොයා ගෙන? පොඩි අඩියක් ගහන්නවත් ගියා ද? මට නම් තේරෙන්නේ නෑ මොකට ගියාද කියලා. ඔයා ඉතින් හරියට කියලත් නෑ. ඔයාට කිව්ව ද මොකට ද ගියේ කියලා?

හරි හමුදාවේ වැඩකට ගියා නම් අනෝමයි, දූලා දෙන්නයි, මාමාගේ සුදු බෑනයි මොකට ද යන්නේ? අපි නම් පවුලම එක්කාසු කරන් ඔහොම යන්නේ වට වන්දනාවේ. හත්තිලව්වේ මේ වසර 30ක යුද්ධයේ අන්තිම මොහොතෙ එහෙම යනව ද? අනෙක එතුමා යුද හමුදාවේ විතරක් නෙමේ නාවික හමුදාවේ, ගුවන් හමුදාවේ අණ දෙන නිළධාරියා. පොලිසියට, සිවිල් ආරක්ෂකෙට විතරක් නෙමේ රට සේනාධිනායකටත් අණදීපු නිළධාරියා.

අනෙක අවු. 15ක් කොම්පියුටර් ගහපු මුකුත් නොදන්න ගෝඨා වගේ අය ඉද්දි මීට වඩා වගකීමෙන් නේද එතුමා වැඩ කරන්න ඕන. අනෙක අපි කවුරුත් දන්නවා එතුමා හමුදාපති විදිහට මුළු කාලය ම උතුරෙන් නැගෙනහිරට නැගෙනහිරින් උතුරට දිව්වා මිසක් සිරිකොතට ඇවිත් යන්න දවසක් තිබ්බේ නෑ. ඒ වගේ කාර්යබහුල මනුස්සයා චීනෙට ගියා කියලවත් හිතන්න බෑ.

හරි හරි එතුමා චීනෙට ගියෙත් නෑ. එහෙම ගමනක් චීනේ කොම්පැණියක් සංවිධානය කළෙත් නෑ. දවස් 7ක චාරිකාවකට එතුමා පවුල පිටින් ගියෙත් නෑ. ඒ ට්‍රිප් එකේ කාලසටහනේ චීන මහා ප්‍රාකාරය, ඔලිම්පික් ගම්මානය බලන්න තිබුණෙත් නෑ. එක උණ්ඩයෙන් ශත 25ක් බෑණාට ගියෙත් නෑ. සෙල් උණ්ඩෙකින් 2500ක් ගැහැවෙත් නෑ. ඔය ඔක්කොම වැඩ කළේ එදා රට බේරගන්න යද්දි කකුලෙන් ඇද්ද මහින්ද? එදත් ෆොන්සේකාගේ ආරක්ෂාවට හිටියේ මංගල, රවි, කිරිඇල්ල, හකීම්, රනිල්,සම්බන්ධන් සහ ඔයා.

හා ...දැන් හරිනේ ඔයාට සතුටුයිනේ?

Gayan said...

ali, koti, nari, hansayo okkoma satthune. un kathakaranneth e widihatama thama. boruwata ke gahanna witharay danne. therumak ne.

sudeerax said...

අපේ රටේ මිනිස්සුන්ට මෙක තෙරෙන්නෙ නෑති එකනෙ පුදුමෙ

 
සිය රට දේ සිරි සැප දේ !