Tuesday, January 5, 2016

කොටි පැටව් සමරමින් අලුතින් පටන් ගමු!!!

ඊයේ දිනයේ ඊනියා දේශපාලන සිරකරුවන් නිදහස් කරන්න යැයි රජයෙන් ඉල්ලා ලිපියක් ලියා රේල්ලුවට පැන දිවිනසාගත් ඊළාම් පැටවා වෙනුවෙන් ශෝකය පළ කොට අද දින උතුරේ පළාතේ සියලුු පාසල් වසා දමා තිබේ. ඒ සියලු සිරකරුවෝ ත්‍ර‍ස්තවාදීන් සහ ත්‍ර‍ස්තවාදී සැකකරුවන් විනා දේශපාලන සිරකරුවන් නොවේ.

මේ දිවි නසා ගැනීමට විරත්වයක් ආරෝපණය කරමින් පාසල් සිසුන්ට නිවාඩු ලබා දීම ඔස්සේ උතුරේ ජනතාවට මෙන් ම ළමා තරුණ පරපුරට උතුරේ දේශපාලකයින් ලබා දෙන පණිවුඩය කුමක් ද? ඊට එරෙහිව නපුංසක ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ගය කුමක් ද?

සිරිමා මැතිනිය ජේ. ආර්. ජයවර්ධනට ප්‍ර‍මුඛ එජාපයට භාර දුන්නේ සම්පූර්ණ ශ්‍රී ලංකාවකි. එහෙත් නැවත එජාපය බටහිරින් ආනයනිත චන්ද්‍ර‍ිකාට ද චන්ද්‍ර‍ිකා මහින්දට ද භාර කළේ රටේ භූමියෙන් 1/3ක් ද මුහුදින් 2/3ක් ද අහිමි ලොව දරුණුතම ත්‍ර‍ස්ත සංවිධානය මිනි කඳු ගැසූ මරණය හැර අනාගයක් දැකිය නොහැකි විශාලා මහනුවරකි.

මහින්ද වසර 30ට පසු උතුරේ ළමයින්ට සයනයිට් කරල, ටී 56 සහ අත්බෝම්බය වෙනුවට පොත සහ පෑන ද සමස්ත ජාතියට අභයදානය ද ලබා දුන්නේ ය. 2009 පසු එළඹුණු ඒ යුගය ඛේදනීය ලෙස අවසානය කරා එළඹෙන අයුරු අපට බලා සිටීමට සිදුව ඇත.

දැන් මේ සුදානම එදා ජේ. ආර්. පටන් ගත් තැනින් නැවත ආරම්භ කිරීමට ද? මේ දෙව්දත් පාලකයින් අපගේ මාතෘ භූමියෙන් ද ජනතාවගෙන් ද මෙලෙස එළව එළවා පළිගැනීමට මේ රට ඔවුන්ට කර ඇති වරද කුමක් ද?

November 27, 2015 ·

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !