Tuesday, January 5, 2016

6% සටන ජයගනී!

1948 සිට නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිලාභ ලැබූ සියලු ලාංකේය ජනතාවගේ නිශ්චල සහ චංචල දේපළවල වටිනාකම ද 2015 අයවැයෙන් අධ්‍යාපනය සඳහා වෙන් කළ මුදල් ලෙස සලකා ගණනය කළේ නම් ගරු මුදල් ඇමතිතුමාට ඉතා ම පහසුවෙන් ම දළ ජාතික නිෂ්පාදනයෙන් අධ්‍යාපනය සඳහා වෙන් කළ මුදල 10 005.4%ක් බව කීමට තිබිණි. එසේ වූයේ නම් 6% විද්වතුන්ට කෙතරම් සතුටු විය හැකිව තිබිණි ද?

උගත් බුද්ධිමත් ජනතාව මෙලෙස සතුටු කිරීමට මැදමුලනේ මරාට නොහැකි වූ බව කිව යුතු ම ය. මරා මහ ලොකුවට පාසල් ගොඩනැඟිලි, ක්‍රීඩාංගණ, විද්‍යාගාර ඉදි කළ ද එහි අගය වාර්ෂික අයවැයට එක් කිරීමට තරම් බුද්ධියක් හෝ හැකියාවක් ඔහුට නොතිබිණි. එසේ ගණනය කිරීම නව ලොව පිළිගත් ක්‍රමවේදය බව පැහැදිලි කියාදීමට පාඨලිතුමා වැනි බුද්ධිමතුන් ඔහුගේ ආණ්ඩුවේ සිටියේ ද නැත. ඒ අතින් බලන කල මරා අමු මෝඩයෙකි.

කෙසේ වුව ද ඊළඟ අයවැයේ දී මා පෙර සඳහන් කළ පරිදි අයවැයේ අධ්‍යාපනය සඳහා වෙන් කරන මුදල ගණනය කිරීමට ගරු මුදල් ඇමතිතුමාට ශක්තිය, ධෛර්යය, වාසනාව සහ හොඳ කැල්කියුලේටරයක් ලැබේවා. 2015 අයවැයෙන් අධ්‍යාපනය සඳහා වාර්ෂිකව වෙන් කරන සැබෑ මුදල අඩු කර ගැනීම සඳහා දිවිහිමියෙන් සටන් කොට ඒ සිහිනය සැබෑ කරගැනීමට දායක වූ සැම ද ඔවුන්ගේ දෙමාපියන් ද ගුරුවරුන් ද ගෞරවයෙන් සිහිපත් කරමි.

November 24, 2015 · 

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !