Tuesday, January 5, 2016

සිසුන්ට පහර දීම විපක්ෂයේ බොරුවක්....!

එදා මහින්ද රාජපක්ෂ රෙජිමය මේ රටේ යුක්තිය සාධාරණය ඉල්ලා සිටි සරසවි සිසුන්ගේ ඔලු කටු පළා අත පය කඩා මර්දනය කළ ආකාරය දැක්වෙන පැරණි වීඩියෝ මේ දිනවල ශුද්ධ වූ යහ පාලන ආණ්ඩුව අපකීර්තියට පත් කිරීම සඳහා ප්‍රචාරය කරන ආකාරය දැකගත හැකි ය. යහ පාලන ආණ්ඩුව පත් කළ මේ රටේ උගත් බුද්ධිමත් තණ කොළ නොකන ජනතාව මෙවැනි ප්‍රචාරවලින් රැවටිය නොහැකි බව මෝඩ බයියන් තේරුම් ගත යුතු ය. ඒ ගැන අපට ඇත්තේ කනගාටුවකි.

යහ පාලන පංචවිධ ක්‍රියාවලියත් සමඟ තම දුවා දරුවාට හොඳ අනාගතයක් අත්වන බව උගත් දෙමාපියෝ දනිති. එමෙන් ම දහම් බේබි ජිනීවා ගොස් ෆේස් බුක් එකේ සටහන් කළේ ඊළඟ වාරේ රටේ තව තරුණ පිරිසක් එවැනි සමුළුවලට රැගෙන යන බව. ඒ අවස්ථාව ලැබෙන්නේ චතුරිකා සිරිසේනට, චතුර සේනාරත්නට, රඛිත රාජපක්ෂට හෝ හිරුණිකා ප්‍රේමචන්ද්‍රට නොව මේ රටේ සාමාන්‍ය ජනතාවගේ උගත් බුද්ධිමත් දරුවන්ට ය.
එහෙයින් බලය අහිමි වී වියරු වැටී බොරු වපුරන මාධ්‍ය සංදර්ශනවලට නොරැවටී යහ පාලනය විශ්වාස කරන්න. බයියන්ගේ මෝඩ සංදර්ශනවලට නොරැවටෙන්න. ඔබේ රූපවාහිනියේ ප්‍රවෘත්ති විකාශය නතර කර යහ පාලන වීඩියෝ බැලීමට හුරුවන්න. මෙලොව සත්‍යයක් ඇත්නම් ඒ සියල්ල එම වීඩියෝවල ගැබ්ව තිබේ.
දිනූ දේ රැක ගන්නට එන්න
රැකගමු අපි දිනු දේ එන්න.....

October 30, 2015 

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !