Wednesday, October 26, 2016

බුදු දහට හිමි තැන අහිමි කරන හැටි

බුදුදහමට ව්‍යවස්ථාවෙන් හිමිව ඇති ප්‍රමුඛත්වය ඉවත් කිරීම මෙරටින් බුදුදහම අතුගා දැමීමේ එක් පියවරකි. එය කළ හැකි ක්‍රම දෙකකි.
1. බුදුදහමට සුරක්ෂිත කොට පෝෂණය කළ යුතු බව කියැවෙන ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තිය වෙනස් කිරීම.
2. එම වගන්තිය වෙනස් නොකර වෙනත් වගන්ති ඔස්සේ සෙසු ආගම්වලටද බුදුදහමට ව්‍යවස්ථාවෙන් හිමි තැනට සමාන තැනක් ලබාදීම.
මේ ක්‍රම දෙකෙන්ම සිදුවන්නේ බුදුදහමට ව්‍යවස්ථාවෙන් හිමිව ඇති ප්‍රමුඛත්වය අහිමි කිරීම බව මෝඩ සිංහලයින්ට ඇරෙන්න අබැටක මොළයක් ඇති ඕන කිරිඇල්ලෙකුට තේරුම්ගැනීම අපහසු නැත.
ජනාධිපතිවරයා ව්‍යවස්ථාවෙන් බුදුදහමට හිමි ප්‍රමුඛත්වය අහිමි නොකරමියි සිංහනාද කරන්නේ මේ අතරින් පළමුවැන්න කිරීම පහසු නොවන නිසා සහ දෙවැන්න ඔස්සේ මෝඩ සිංහලයා නැවත රවටමින් එය කිරීම පහසු නිසා පමණක් නොවේ.
මේ ක්‍රමය ඔස්සේ බුදුදහමට ඇති ප්‍රමුඛත්වය අහිමි කර එය සෙසු ආගම්වල තත්ත්වයටම ඇද දැමීම මගින් තමන් බුදුදහමට ඇති ප්‍රමුඛත්වය අහිමි නොකළ බවත් සෙසු ආගම්වලට අයිතිවාසිකම් ලබාදීම පමණක් කළ බවත් එසේ ලබාදීමට එරෙහිවන්නා උග්‍ර ජාතිවාදියෙකැයි හංවඩු ගසා නෙල්සන් මැන්ඩෙලා වැනි පොරකට ඇඳීමටද ජනාධිපතිවරයාට අවස්ථාව ලැබෙන නිසාය.
එවිට එහි හිලව්වට ජාතියන්තර ප්‍රජාව යැයි කියන ලෝකය යැයි කියන බටහිර ක්‍රිස්තියානි රටවල් සහ සංවිධාන විසින් නොබෙල් හෝ ඒ හා සමාන ත්‍යාග මස් කටුවක් එතුමා දෙසට විසි කරනු ඇත.
එවිට මෝඩ සිංහලයින්ට නොබෙල් ලැබුණු එකම රාජ්‍ය නායකයා එතුමා යැයි ආඩම්බර විය හැකිය. තමන් ජාතියන්තරේම ජය ගත්තේ යැයි මහින්දට බැණ අඬ ගසන අතර එතුමාට කිව හැකිය..
ඒ සම්මානය ලබාදී ඇත්තේ තම ජාතියේ ගෙලට තොණ්ඩුව දමා පහළට තල්ලු කිරීමට මොහොතකට පෙර බව වේගයෙන් පහළට ඇදී යන අතර සුළඟෙහි පහස විඳින අමන සිංහලයාට නම් නොවැටහෙනු ඇත..බුදුදහමට එරෙහිව
16/10/22

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !