Tuesday, October 25, 2016

ෆෝන් එක ශරීරාංගයක්ද?

මම දන්න තරමින් හෑන්ඩ් ෆෝන් කීවාට ෆෝන් එක අතේ අැඟිලි වගේ ශරීරාංගයක් නෙමෙයි. ඒ නිසා යම් අපරාධයක් සිදුවන අවස්ථාවේ ඊට සැක කරන පුද්ගලයාගේ ජංගම දුරකතනය එම ප්‍රදේශයේ තිබූ බවට සාධක නොමැති පමණින් ඔහු නිදොස් කොට නිදහස් කරන්න බැහැ. ඒ විතරක් නෙමෙයි දුරකතනය ඒ අසල තිබූ පමණින් යමෙක් වැරදිකරු කරන්නත් බෑ..
එහෙම නම් ඉතින් පාඨලීගේ අමාත්‍යංශේ වාහනේක පාඨලි වගේම රියදුරා ධර්ම රාජ්ජෙට ගෙහුන් එන ගමන් රාජගිරියේ කොල්ලා යටකරපු වෙලාවේ පාඨලීගේ ජංගම දුරකතනය රාජගිරියේ ක්‍රියාත්මක වූ බව වාර්තා වෙලා තිබුණ නිසා පාඨලි ඒකට වැරදිකරු වෙන්න එපායැ..
එහෙම කරන්න බෑ. පාඨලී වගේම පාඨලීගේ රියදුරාගේ පාඨලීගේ දුරකතනය වගේම දුරකතනය ධර්ම රාජ්ජෙට යන්න තිබුණු හදිසියට මාරුවෙච්චි නිසායි එහෙම වුණේ. ඒ නිසා අර ලසන්ත ඝාතනය කළ බව කියා සිය දිවි නසාගත් හිටපු බුද්ධි අංශ නිලධාරීයාගේ දුරකතනය පදනම් කරගෙනම සමහර රහස් පරීක්ෂක මැති ඇමතිවරු තීන්දු දෙන එක හරි මදියි...
(හැබැයි මේ වෙද්දි රාජගිරියේ දුරකතන සංඥා පිළිබඳ වාර්තා වුණත් cctv දර්ශන වගේ මැකිලා තියෙන්න පුළුවන්. ඒවට තාජුඩීන්ගේ cctv දර්ශනවලට වගේ කල්පැවැත්මක් නෑ. අනිත්‍යයයි..)

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !