බලන්නකෝ ඉතින් එක දවසක් රෑ අර්ජුන් ඇලෝෂියස් කියලා හොල ගෙඩියෙක් මහ බැංකුවට පැනලා සේප්පුවෙි තිබුණු බැඳුම්කර ටික ඔක්කෝම උස්සලා.
ඊට පස්සේ වාර්ෂිකව රුපියයල් බිලියන 5-6 පොරට ගෙවන්නත් වෙලා මහ බැංකුවට. ඒක අවුරුදු 30ක්ම ගෙවන්න ඕන කියලා මහබැංකු අධිපති මාමා පලි නෑනේ. මාමාගේ යාලුවා පලිත් නෑනේ. ඒකයි බෑනාට දඬුවම් දෙන්නේ හොරකමට.
ඕන කිරිඇල්ලෙක් දන්නවානේ අර කිං කැකිල්ලේ නඩුවේ වැස්සට ගේ කඩා වැටුණු එකට වගකියන්න ඕන ගේ හදපු එකාවත්, කලේ හදපු එකාවත්, කුඹල්හල ළඟින් ගිය ගෑනිවත්, ණය ගත්තු මින්හාවත් නෙමෙයි කඩේ මහත මුදලාලි කියලා..
මෝඩ බයියන්ට ඒකවත් තේරෙන්නේ නෑනේ. ඉතින් කොහොමද යහපාලනේ යටතේ රටේ සිදුවන සීඝු සංවර්ධනේ වගේ ලොකු දේවල් තේරුම් ගන්නේ.. මෝඩ බයියෝ පව්..
No comments:
Post a Comment