Thursday, January 21, 2010

පාවා දෙනවුන්ගේ මූණට කෙළ ගසනු!

සම්බන්ධන් සමග ජෙනරාල් සහ රනිල් අත්සන් කළ ගිවිසුම ගැන මේ රටේ ප්‍රගතිශීලි ජනාතව චෝදනා කළ කල්හි එජාපය සහ ජවිපෙ 'දිවි පරදුවට තබා රටේ ඒකීයභාවය ආරක්ෂා කර දුන් ජෙනරාල් රට බෙදයි ?' යි පෙරළා ප්‍රශ්න කරති. එහෙත් මෙසේ ජනතාව ප්‍රශ්න අසන්නේ කවුද?

කෙනෙක් එජාපයේ පතාක යෝධයින් වූ ආර්.පේමදාස, ලලිත් ඇතුලත්මුදලි, ගාමිණි දිසානායක ආදින් ඝාතනය කළ කොටි සංවිධානයට 2002 සටන් විරම ගිවිසුමෙන් රට පාව දුන් දොන් ජුවාන් වික්‍රමසිංහය.

අනෙකා ජවිපෙ නායක රෝහණ විජේවීර ඇතුලු සාමාජිකයින් 60 000ක් මරා දැමු එජාපයට සිය පක්ෂය පාවා දුන් සෝමවංශ අමරසිංහය.

යුගයේ දැවැන්ත පාවා දීම් දෙකක පියවරු මැද සුරතලා බවට පත්ව ඇති ජෙනරාල් ගැන ජනතාව තුළ බිය සැක ජනිත වීමේ කවර අරුමයක් ද?

දැන් අපි ජෙනරාල් දෙසට හැරෙමු. විශ්‍රාම යන්න දින 12ක් තිබිය දී ඔහුට හමුදාපති තනතුර ලබා දෙන්නේ ගෝඨාභයගේ නිර්දේශය මත මහින්ද ය. විපක්ෂයෙන් ඔහුට අනේක නින්දා අපහාස කරද්දි ඔහු ආරක්ෂා කළේ රජයයි. මාරාන්තික තුවාල ලැබූ විට සිංගප්පූරුවට යවා ඉහළ වෛද්‍ය ප්‍රතිකාර ලබා දී සුවපත් කළේ රජයයි. ඔහු නිල කාලය තුළ ලංකාවේ ප්‍රථම ජෙනරාල් කළේ රජයයි. මාණ්ඩලික ප්‍රධානි කළේ රජයයි. මිලියන 300ක් පමණ වටිණා ඉඩමක් ද මිලියන 40ක නවීන රථයක් ද දුන්නේ රජයයි. තවමත් ඔහුගේ දියණියන් ඇමරිකාවේ ඉගෙන ගන්නේ ජනපති අරමුදලින් යැවෙන මුදලිනි. මේ සියල්ල ලබා ඔහු කළේ රජය පාව දීමයි.

හමුදාවේ තවත් එක් නිලධාරියෙකු ලෙස විශ්‍රාම යාමට නියමිතව සිටි ෆොන්සේකා යුද වීරයෙක් වූයේ 4 වැනි ඊළාම් යුද ජයෙනි. එහිදි ඔහු සිටියේ සටන් බිමේ නොවේ. රටේ සේනාධිනායක මහින්දගේ නියෝග ඔහු ක්‍රියාත්මක කළේ කොළඹ යුද හමුදා මූලස්ථානයේ සිට ය. නැතහොත් වවුනියාවේ සිට ය. (ඔහුට ප්‍රහාර එල්ල කරන්නට කොටින්ට යුද හමුදා මූලස්ථානයට ඒමට සිදු වූයේ ඒ නිසා ය.) සටන්බිමේ සිට යුද්ධය මෙහෙය වූයේ සේනාංකාධිපතිවරුය. එහිදි කොටි අඩවියේ විශාලතම භූමි ප්‍රමාණයක් නැවත ශ්‍රී ලංකා භූමියට එක් කළේ 58 වැනි සේනාංකයයි. එයට නායකත්වය දුන්නේ ශවේන්ද්‍ර සිල්වා ය.

ඔහු කවුද ? 2002 එවක අගමැති වික්‍රමසිංහගේ ගිවිසුම යටතේ A 9 මාර්ගය විවෘත කළේ ය. එහි දී දකුණේ ජනතාවට උතුරට යාමට අවස්ථාව උදා විය. එකල ඇතැම්හු හකුරු කෑල්ලටත් කොටින්ට බදු ගෙවා උතුරට ගිය අයුරු අපට මතකය. කොටි පොලිසි,උසාවි,නීති විද්‍යාල, මුදල්,මුද්දර ඈ සියල්ලෙන් සමන්විත රාජ්‍යයකි: එකල උතුර. එදා A 9 මාර්ගය විවෘත කරද්දි සියලු දෙනා කොටින්ට අතට අත දෙද්දි උන්ට සිය අත නොපා නිහඬව සිය විරෝධය පළ කළ වීරයා ශවේන්ද්‍රය. 4 වැනි ඊළාම් යුද්ධය යුද බිමේ සිට මෙහෙය වූ ශවේන්ද්‍ර, එවක හමුදාපතිගේ සිය අණ ක්‍රියාත්මක කළ ශවේන්ද්‍ර ජාත්‍යන්තර අධිකරණයට පාව දුන්නේ ෆොන්සේකාය.

තමා වීරයෙක් කළ යුද්ධය යුද බිමේ සිට මෙහෙ වූ තමා යටතේ සේවය කළවුන් පාව දෙන්නෙකු ජනතාව කෙසේ විශ්වාස කරන්න ද? තමා ඉහළට ඔසවා තැබූ ඉණිමගට පයින් ගහන කෘතගුණ නොදත්තකු ජනතාව කෙසේ විශ්වාස කරම් ද? ඡන්දය වෙනුවෙන් අවි නොදරන කොටි සමග එක පෙළට සිට ගත් මිනිසෙකු රටේ ආරක්ෂාව තහවුරු කරතැයි කෙසේ විශ්වාස කරන්න ද? යුද, ගුවන්, නාවික, පොලිස්, සිවිල් ආරක්ෂක ආදී සියලු විරුවන් එකතු වී දේනාධිනායක මහින්ද සහ ගෝඨභයගේ අධීක්ෂණය මත ලද සහ සියලු ජනතා අසීමිත කැපකිරීම් මත ලද යුද ජය යුද හමුදාවට අණ දුන් තමා ලද ජයකැයි උදාම් අනන්නෙකු ජනතාව කෙසේ විශ්වාස කරන්න ද? ඇමරිකාවේ වොෂින්ටන් විහාරයට ගොස් හිරේ සිටින කොටි 10 000 විනාශ කළ යුතු යැයි කියා සතියක් ගිය තැන ඔවුන් නිදහස් කරමියි පවසන්නකු කෙසේ අදහම් ? තමා දේශපාලනයට කිසිදා නොඑනා බවත් ආවොත් ලොව අසාර්ථකම දේශපාලකයා තමා වනු ඇතැයි කියා දේශපාලන වේදිකාවට ගොඩ වී මම කී දේ කරමියි කියා නන්දොඩවන්නෙකු ජනතාව කෙසේ අදහම් ද?

සම්බන්ධන් සමග ගිවිසුමක් අත්සන් නොකළේ නම් රට පාවා නො දේ නම් ඔවුන් කළ යුත්තේ රනිල්, මංගල, හකීම්, මනෝ, සම්බන්ධන්, සෝමවංශ එක මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා රටේ ඒකීයභාවය සුරකින බවට ජනතාවට පොරොන්දු වීමය. එසේම ෆොන්සේකාට සහය දෙන, තමා සහ ෆොන්සේකා අතර ගිවිසුමක් ඇතැයි කියන සම්බන්ධන්ගේ ගෝළයින් වන තුරෙයිරත්නසිංහම්, තංගේශ්වරී, ශිවශක්ති ආනන්දන් ලවා එසේ ගිවිසුමක් නැතැයි යළි ප්‍රකාශ කරවීම ය. සම්බන්ධන් සහ ෆොන්සේකා ගිවිසුමක් ගැහුවා යැයි කියන ශවාජිලංගම්ගෙන් නිදහසට කරුණු විමසීමය.

එවන් සුළු දෙයක් කළ නොහැක්කේ ද්‍රෝහී ගිවිසුමක් රටට බෙදන ගිවිසමුක් අත්සන් කළ නිසා නොවෙ ද? එහෙයින් ජනතාව මේ ද්‍රොහී හවුල පරාජය කරන්නට අදිටන් කරගත යුතුය. පාවා දෙනවුන්ට ඡන්දය නොව මූණට කෙළ ගැසිය යුතුය.





7 comments:

Thejan said...

මෙය ලංකා ඉතිහාසයේ විශාලතම පාවා දිම වනු ඇත. එමෙන්ම ‍ෆොන්සේකාගේ විධායක ජනාධිපති ධූරය අහෝසි කරන පොරොන්දුව ඉතිහාසයේ ලොකුම බොරුව බවට ඉතිහාසගත වනු ඇත.

නාමල් උඩලමත්ත said...

ඔහු මේ පොරොන්දු කඳු ගසන්නේ තමා පරදින බව දන්නා හෙයිනි. ඒවායේ ප්‍රායෝගිකත්වය ගැන ඔහු නොසිතන්නේ එහෙයිනි. ඒ සියල්ල 26 වෙනිදා දක්වා පමණි. අවාසනාවට මෙවර ඔහු බොරු කියූ බව අපට සනාථ කළ නොහැකි වනු ඇත. මන්ද ඔහු පරදින හෙයිනි. මම දිනුවා නම් ඒ සියල්ල ඉටු කරන බව ඔහු කියනු ඇත. එය එසේ ම බව ඔහු වටා සිටින කල්ලිය කියනු ඇත.

අනේවාසික said...

ලංකාවේ ඡන්දදායක අතිමහත් බහුතරය ගැන මගේ අදහස නම් - ඔය MR, SF දෙපිලට සහය දක්වන්නෝ එක්කෝ මෝඩයෝ, නැත්තං කට්ටයෝ.

අනේවාසික.
http://anewasika.blogspot.com/

නාමල් උඩලමත්ත said...

හරි හරි ඔයා කියන්නේ මම ඒ දෙකට ම නෑ. ඒ නිසා මම බුද්ධිමත් කියලා නේද? අපේ සුබ පැතුම්! සුබ අනාගයක්!

මිගාර said...

සරත් ෆොන්සේකා රනිල්ගේ ඉත්තෙක් බවට පත්වි ඇත. එනිසා රනිල්ගේ න්‍යාය පත්‍රය ක්‍රියාවට නැගීමට ඔහුට සිදු වී ඇත

Variable "X" said...

emilkanthan ekka badagena raja putha gahapu poto eke pawadeema gena moko kiyanne ethakota?:)

නාමල් උඩලමත්ත said...

ඕන කෙනෙකුට පුළුවන් ඔය වගේ දේවල් computerවලින් කරන්න. ඒත් පාවදීම් කියන්නේ රටේ විනාශය වෙනුවෙන් කටයුතු කිරීම. උදා-
2002 දොන් ජුවාන් වික්‍රමසිංහගේ පාවාදීම
මනෝ ගනේෂන් පොංගු තමිල් වේදිකාවේ නැඟ ඊළාම් සිතියම පෙරටු කරගෙන කොටින්ට කඩේ යාම
රහූෆ් හකීම් කොටි වෙනුවෙන් පෙනී සිටීම
tna කොටි රැළට ඡන්දය වෙනුවෙන් රට පාව දීම
ශවේන්ද්‍ර සිල්වා යුධාධිකරණයට පාව දීම
මෙන්න තියෙනවා පාවදීම්. කාගේ හරි poto එකක් පෙන්නලා පාව දුන්නා කියනවාට වඩා මේවා ගැන හිතුවොත් නරක ද? ලොකු කැක්කුමක් ඇත්නම්?

 
සිය රට දේ සිරි සැප දේ !