Monday, January 11, 2010

මේ ඔබේ වාරයයි

2005 මහින්ද වෙනුවෙන් පෙනී නොසිටි, නැතහොත් රනිල් වෙනුවෙන් පෙනී සිටි බොහෝ බලවේග මහින්ද වටා රොක් වී තිබේ. රටේ බොහෝ විද්වත්හු මහින්දගේ ජයග්‍රහණය වෙනුවෙන් අද එළිපිටම කතා කරති. ඊට හේතු කිහිපයකි.
අප සිතන පරිදි පළමුවැන්න මේ රට පකිස්ථානයක්, බංගලිදේශයත්, මියන්මාරයක් වනු දකින්නට ඔවුන් තුළ ඇති අකමැත්තයි. ප්‍රජාතන්ත්‍රවාදය වළ දමා මර්දනකාරී හමුදා පාලනයක් තුළ එකී රටවල මිනිසුන් ගතකරන ඛේදනීය ජීවිත අප උරුම කර ගත යුතු නැත යන මතවාදයේ ඔවුහු සිටිති.

එමෙන් ම යම් යම් අඩුපාඩු යටතේ වුව 2005 සාපේක්ෂව රට ඉදිරි ගමනක යෙදෙයි. (බලන්න -http://kasapabbatha.blogspot.com/2010/01/blog-post_10.html )ඒ පිළිබඳ සාධනීය ස්ථාවරයක ඔවුහු සිටිති. 2005 ඇ.ඩො. 1 000ට අඩු ඒක පුද්ගල ආදායම අද ඇ.ඩො. 2000කි. 2005 පෙර බටහිර රටවල් පස් පාගන්න එපා යැයි සිය රටවල සංචාරකයින්ට අවවාද කළ ලංකාව අද ලොව වඩාත් සංචාරයට හිතකර පාරාදීස 30 අතරින් අංක එක යැයි නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත කියයි. ඉන් නොනවතින ඔවුහු මේ හිතකර තත්ත්වය උදා වූයේ මහින්ද රාජපක්ෂගේ පාලන ක්‍රමය නිසා බව ද කියන්නට නිර්ලෝභි වූහ.

එපමණක් ද ලොව අංක දෙකේ කොටස් වෙළඳපොළ ලංකාවේ ය. ආසියාවේ අංක එක ලංකාවය. ඉකොනොමිස්ට් සඟරාව පවසන පරිදි ලොව වඩා වේගයෙන් වර්ධනය වන ආර්ථිකයකි; , ලංකාව. ලොව මහ බලවත්තු කඩා වැටෙද්දි අප මෙසේ ඉදිරියට යාමට රටක් ලෙස අප අනුගමනය කළ දේශීයත්වයට නැඹුරු අර්ථ ක්‍රමය පිටුවහල් වූ බව නොරහසකි.

මේ සියල්ල මෙන්ම මහින්ද රටේ සියලු ජනවර්ගවල විශ්වාසය දිනාගත් නායකයා බවට පත්ව තිබේ. සිංහල දෙමළ මුස්ලිම් ඈ විවිධ ජන වර්ගවල නායකයෝ ඔහු වටා සිටිති. ඩග්ලස්, කරුණා, පිල්ලෙයාන්, ෆෙරියල් අෂ්රොෆ්, තොණ්ඩමෑන්, ෆවුසි ඒ පදනම මැනවින් පෙන්වයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය දෙමළ බසින් ඇමතූ ප්‍රථම නායකයා මහින්ද ය. ඔහු උතුරට ගොස් ඒ ජනතාව සිය බසින් ඇමතුවේ ය. ප්‍රභාකරන්ගේ මරණ වරෙන්තුව ඉරා විසි කර ඒ ජනතාවට නිදහස දුන්නේ ඔහුය.

මේ කරුණු සලකා මහාචාර්ය කාලෝ ෆොන්සේකා, මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, මහාචාර්ය මැන්ඩිස් රෝහණධීර,මහාචාර්ය ජගත් වික්‍රමසිංහ, මහාචාර්ය ජයසේන කොට්ටේගොඩ, කථිකාචාර්ය ආරියරත්න කළුආරච්චි, කථිකාචාර්ය ධම්ම දිසානායක, පණ්ඩුල ඇඳගම, ගුණදාස අමරසේකර, ආදී විද්වත්හු මහින්ද දිනවා රට සුරකින්නට පෙළ ගැසී සිටිති. ජැක්සන් ඇන්තනී, මාලනි ෆොන්සේකා, රෝහණ බැද්දගේ, එඩ්වඩ් ජයකොඩි, සේනක විජේසිංහ, ශ්‍රියන්ත මෙන්ඩිස්, අවීන්ද්‍ර රන්දෙනිය, රෝහණ වීරසිංහ සමස්ත කලාකරුවන්ම මෙවර මහින්ද වටා පෙළ ගැසී සිටිති.

එකල එජාපයේ මහබලකොටුවක් වූ හුණුපිටිය ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ මහින්ද දිනවිය යුත්තේ ඇයි ද යන කරුණ විග්‍රහ කරමින් ඉරිදා ලංකාදීපයට ලිපියක් ලියා තිබිණි. එකල එජාපය වෙනුවෙන් පෙනී සිටි රූකාන්ත ගුණතිලක, සනත් නන්දසිරි, අබේවර්ධන බාලසූරිය, උපුල් ශාන්ත සන්නස්ගල අද ඔවුන් වෙනුවෙන් පෙනී නො සිටියි. සමන් ද සිල්වා ප්‍රසිද්ධියේ ම මහින්ද වෙනුවෙන් පෙනී සිටියි. රූකාන්තලා මහින් ගැන බලවත් ප්‍රසාදයකිනි ඉන්නේ.

මේ සියල්ලන්ගෙන්ම නියෝජනය වන්නේ ලංකීය ජන මනසයි. සැබෑ ශ්‍රී ලාංකීය හදවතේ රිද්මයයි. එහෙයින් මහින්ද ජයග්‍රහණය ඉරහඳ මෙන් විශ්වාසය. ඔබ ක්‍රියා කළ යුත්තේ එය විජයග්‍රහණයක් කිරීමට ය. 2005 අප ලද ජයග්‍රහණය සහතික කරගැනීමේ සාඩම්බර පංගුකාරයෙක් වන්නට ය. එහෙයින් 2005 ජනාධිපතිවරණයෙන් රනිල් sms ජනපති කළ සිරස නාලිකාව පන්නයේ කෙප්පවලට ඔබ හසුවිය යුතු නැත. අවමංගලගේ කටකතා කුණු ලොරියට ඔබ හසුවිය යුතු නැත. එසේ රැවටී ඔබේත් රටේත් අනාගතය අපායක් කරගත යුතු නැත.
2002 මුදල් අමාත්‍යංශ ලේකම් චරිත රත්වත්තෙගේ 16 වන චක්‍රලේඛයට අනුව රජයේ කම්කරු තනතුරක් දීම තහනම් කළ එජාපයේ ආර්ථික පිළිවෙත ඉදිරියට ගෙන යන්නට සපථ කර සිටින පුද්ගලයාට ඔබ හසුවිය යුතු නැත. 2004 අයවැයේ යෝජනාවේ කොටසක් මෙසේ ඔබ වෙනුවෙන් සටහන් කරමි.

'අපගේ ඉලක්කය වන්නේ රාජ්‍ය අංශයේ මධ්‍යම හා පහළ ආදායම් ශ්‍රේණිවල සේවකයන් අතරින් 100 000ක් 2004 වන විට ද තවත් 200 000ක් 2006 වන විට ද අඩු කිරීමය. (2004 අයවැය කතාව - 34 පිටුව)'

එදා මෙසේ විනාශ කරහරින්නට උත්සාහ කළ රාජ්‍යය සේවයේ අද ලක්ෂ 12ක් සිටී. 2003 බිලියන 93ක් වූ වැටුප් වැය අද බිලියන 269කි. 2006 රු. 1000ක් වූ ජීවන වියදම් දීමනාව අද 5250කි. 2003 බිලියන 31ක් වූ විශ්‍රාම වැටුප් බිල අද බිලියන 89කි. ඉතින් ඔබ තවත් සිතිය යුතුද? මව්බිම දිනවමු. රට සුබ අනාගතයකට රැගෙන යමු.

9 comments:

Thejan said...

මේ ඇත්ත කී දෙනෙකුට ‍තේරුම් ගිහිල්ලා ද කියලා අපි 27 වෙනකම් බලාගෙන හිඳිමු..


thejan

http://lankanthoughts.blogspot.com

ems said...

කවුද මේවා ඇත්ත කිව්වේ? 2005 මහින්දට නොදුන් අය කොහෙද මහින්ද වටා රොක් වෙලා තියෙන්නේ? ඒකද නුගේගොඩ රැස්වීමට මිනිස්සු 500ක්වත් නෑ කියලා මහින්ද මහත්තයා එන්නේ නැතුව වෙන දිහාක ගියේ?

නාමල් උඩලමත්ත said...

ආ sf බලකායේ වගේ නේද? ජනතාව ඒකරාශි වුණු විදිහ 27 වෙද්දි බලා ගන්න පුළුවන්. ගිය පාර sms ජනාධිපති මේ පාර fece book ජනාධිපති. අනේ සකෝ බල‍ලෝ කිව්වලු.!!

දැන් රටේ ජනතාව තීන්දු කරලා ඉවරයි මහින්ද ජනාධිපති කරන්න. මේ රට හිට්ලර්ට භාර දෙන්න අපේ මිනිස්සු තණ කොළ නෙමේ කන්නේ. 2005 මහින්ද තමන්ගේ පක්ෂයේ නායිකාවවත් නැතිව සටනින් දිනුවේ. එදා මහ ලොකු දෙයක් කරපු කෙනෙක් නෙමේ මහින්ද. අද එහෙමද? මේ රටේ පාලනය ඊළඟ අවුරුදු 6ත් මහින්දට භාර දෙන්න ජනතාව තීරණය කරලා ඉවරයි. ඒ සඳහා කලාකරුවෝ, විද්වත්තු, දේශප්‍රේමී පිරිස් එක් වෙනවා. රනිල්, හකීම්, මනෝ, මංගල, සම්බන්ධන්, ගණ්ඨාර හවුලට මේ රට කනත්තට ගෙනි යන්න ඉඩ දෙන්න බැහැ කියලයි ජනතාව කියන්නේ.

හැබැයි මහින්ද මේ රටේ හමුදාපති කරන්න ඕන කියලා කවුරු හරි කීවොත් අපි ඒකට විරුද්ධ වෙනවා. අත් දෙකම උස්සලා. ඒ වගේම හමුදාපති ජනාධිපති කරන්න කීවමත් අපි විරුද්ධ වෙනවා. ඒ එකිනෙකට වෙනස් අංශ දෙකක්.
රටේ පාලනය පිළිබඳ විශාල දැනුමක් ඇති ආචාර්ය උපාධියක් දරන බරක් ඔබාමත් ජනාධිපති වුණේ වසර 8ක් සෙනෙට් සභාවේ ඉඳලා. අන්න එහෙම එන්න කියන්න හංසයාට. මේක දකුණු ආසියාවේ පළමු සර්වජන ඡන්ද බලය දිනපු රට. ඒ රට පාලනය කරන්න පළපුරුදු නායකයෙක් ඕන.

'ටිකක් බිව්වට කමක් නෑ ' 'මගේ ප්‍රියතම කෑම දඩ මසුයි තලපයි' වගේ තක්කඩි ගොං කතාවලින් එයා ඔප්පු කරනවා ලංකාවේ ජනාධිපති වෙන්න තියා ගමේ පන්සලේ දායක සභාවේ සභාපතිකමටත් එයා සුදුසු නෑ කියලා.

හැබැයි මේ හාදයා අමාරුවේ දාපු එවුන්ට නම් හොඳක් වෙන්න එපා. එදා සැල්වේශන් ආමි කමන්ඩර් කියලා නම් පටබැඳපු එවුන් අද මිනිහාගේ අට ඇරවලා ඔප්පු කරනවා තමන් කුළියට වැඩ කළ ලස්කිඤ්ඤ භටයෙක් විතරයි කියලා. 27 වෙනිදාට හංසයාත් නෑත් අද හංසයා වට කරන් ඉන්න මිනී කාක්කෝ ටිකත් නෑ.
එදාට මේ කවිය කියලා ඔය දෙව්දත් බලකායේ නගුටේ එල්ලිලා දිව්‍ය ලෝකේ යන්න දඟලපු මහත්වරුන්ට හිත හදාගන්න පුළුවන්.

ඉඳ ඉඳ එක වෙහෙර
විඳ විඳ දහම් මනහර
සිඳ බිඳ දුක් සසර
අහෝ! දෙව්දත් නොදුටු මොක්පුර

ems said...

එතකොට අවුරුදු ගානක් ශ්‍රී.ල.නි.ප. හිටපු විජයමුණි සොයිසාව අයින් කරලා එතනට ශෂීන්ද්‍ර රාජපක්ෂව දැම්මේ මොන පළපුරුද්දකටද?අනර්කලී නංගී මන්ත්‍රී වුනේ?
ටිකක් බොන එක ජෙනරාල් කිව්ව අවුල විතරද තියෙන්නේ?එයා ගිහියෙක් කියමුකො.එකතොට අර හාමුදුරුවොත් කිව්වේ ජනාධිපතිට සම්බන්ධනම්,අවුලක් නෑ කියලා?
"මම SF බලකායේ නොවෙමි.එය රජය විසින් ජෙනරාල්ට මඩ ගැසීමට හැදූ වෙබ් අඩවියකි."

නිලන්‍ත said...

2005 රනිල් වටා නොහිටි පිරිසක් නං අද ඔහු වටා රොක්වෙලා ඉන්නව නැද්ද ems? සෝමවංශ, TNA සහ මංගල. මරු හවුල. කොලඹ සහ අවට සුපිරි පැලැන්තිය මහින්ද ගැන යම් ක්‍රෝධයකින් පසුවෙනව වගේ මහින්ද ගමෙන් ආපු මිනිහෙක් නිසා. ඒ බවට යම් ඉඟියකුත් පලවුනා ඊයෙ රූපවාහිනී වැඩසටහනකට ආපු රනිල් වෙනුවෙන් ජනරාල්ට සහයෝගය දෙන W.ජයසිරි මහතාගෙන්. එයා කියනව රනිල් වගේ නෙමෙයි ගිරුවාපත්තුවෙන් කිසිම දේශපාලන උරුමයක් නැති පවුලකින් ආපු මිනිහෙක්ලු මහින්ද.
මේ අවුරුදු 4ට තම දේශපාලන පසුබිම සකස්කිරීම පමනලු මහින්ද කලේ. ඒක මොනතරං අසාධාරන කුහක කතාවක්ද කියල emsටත් තේරෙන්නෙ නැතුව ඇති ඔබත් SF සිහිනයේ ඉන්න බව පේනනිසා. සේරටම රුදාව වෙලා තියෙන්නෙ රාජපක්ෂ නාමය. වෙන කිසිම කියන්න දෙයක් නෑ. රාජපක්ෂ නාමය රටේ හැමතැනටම බද්ධවිගෙන යන එකට මහා ක්‍රෝධයකින් කැගැසීම හැර වෙන කිසිම සාධාරණ තර්කයක් නෑ.
ලංකාව කියන්නෙ බස්නාහිර පලාත විතරක් නෙමෙයිනෙ චූටි බබෝ.
පිට පලාතක සාමාන්‍ය මිනිහෙක් රටේ මුල් පුටුවෙ වාඩිවෙනවට ඔච්චර මොරදෙන්නෙ ඇයි. බටහිරට කොන්ද නමන්නෙ නැති මිනිහෙකුට ඔච්චර අකමැති ඇයි.

ems said...

ඒකම නේන්නම් නිලන්ත මහත්තයෝ මම කිව්වේ?
"ලංකාවේ තියෙන්නේ බස්නාහිර පළාත විතරක් නෙමේ".මම ඉන්නේ ඌවේ.ගම ඇතුගල්පුර.
ඌවට දාපු මහ ඇමති ගැන කතා කළේ අපිට තියෙන අයිතිය නිසා.නැතුව රාජපක්ෂ නමේ අමාරුවක් නෙමේ.එහෙනම් තව රාජපක්ෂලා කොච්චර ඉන්නවාද?එ් අමාරුව තියෙන්නේ මාඹ්‍යවලට.අද විපක්ෂයේ කෙනෙක් කතාවකදී "රාජපක්ෂ" කිව්වොත් ඒක "බීප්" කියලා ඇහෙන්නේ.කවදා වෙච්ච දේවල්ද මේ රටේ?
මං අහන්නේ පළපුරුද්ද කතාව එයාලට විතරක් අදාල නොවෙන්නෙ කොහොමද කියලා විතරයි.
අපි කොළඹ රෝයල් ගිය,හැම් බේකන් චීස් කාපු,සුදු නෝනලාගේ,මහත්තයාලගේ පුත්තු නෙමේ.අපිටත් යමක් තේරෙනවා.ඔයාලට අපිව බබාලා වගේ පේනවට මම මොනා කරන්නද?

නාමල් උඩලමත්ත said...

පලාත් සභා ගැන මගේ වෙනම විවේචනයක් තියෙනවා. පලාත් සභා කියන්නේ මහජන මුදල් ගිලින නිකන් සුදු අලියෙක් විතරයි. ඔය පලාත් සභාවලට පුංචි පහේ ළදරුවෙක් දැම්මත් මට කමක් නෑ. අර රන්ජන් රාමනායක ඒකට හොඳට ගැලපෙනවා. මිනිහට තියෙන්නේ වරප්‍රසාද ටික භුක්ති විඳගෙන මාසේ පඩිය අරන් ඉන්න. ඔය වගේ කසඩ ආයතනයට පඩි ගන්න මොකා ගියත් අපට කමක් නෑ. ප්‍රාදේශීය සභාවකට පලාත් සභාවකට නම් මමත් සරත්ට ඡන්දේ දෙනවා. ඇත්තමයි. සත්තයි. රනිල් පල්ලා.

අනෙක ඌවට සශේන්ද්‍ර දැම්මට ඔයාට විජයමුණි සොයිසාටවත් නැති ඇම්මක්නේ තියෙන්නේ. මාර වැඩක්නේ ඒක. ඉතින් ඔයාට එදා තිබුණනේ ඌවේ බලය යූඇන්පියට අරන් දීලා රාජපක්ෂලාට හොඳ පාඩමක් උගන්වන්න? ඒත් ජනතාවට තියෙන්නේ ඔයාට තියෙන ප්‍රශ්න නෙමේ කියලා ඌවේ ජනතාව ඒ මැතිවරණයේදී පෙන්නුවේ නැද්ද? අනෙක රෝසි සේනානායකට හොඳ නම් අනර්කලීට නරකද?
අනෙක මම කතා කරන්නේ ඔය දෙකයි පනහේ සමූපකාර මැතිවරණ ගැන නෙමේ. මේ රටේ ප්‍රධානියා, සේනාධිනායකයා තෝරන ජනාධිපතිවරණය ගැන. එතනදී අපි ඉතාම වගකීමෙන් අපේ ඡන්දය පාවිච්චි කරන්න ඕන. තුනපහ ගණන් වැඩියි කියලා ජනාධිපතිවරණයේදී ඉඟුරු දීලා මිරිස් ගන්න මේ රටේ ජනතාව සුදානම් නැහැ. මේ රටේ ආසියාවේ ඊළඟ හමුදා ජුන්ටාව පිහිටුවන්න තුන් වේලට තණකොල කනවුන් දැඟලුවට පලක් වෙන්නේ නැහැ. අපේ රටට අවශ්‍ය පළපුරුදු දේශපාලන නායකයෙක්. ඒ පළපුරුද්ද රනිල්ට තියෙනවා. නමුත් එයා නියම බටහිර ගැත්තෙක්. ෆොන්සේකා දේශපාලන ළදරුවෙක්.

1977 ජේ. ආර්.ගේ ඇට අටට රැවටිලා ධර්මිෂ්ට සමාජයක් වෙනුවෙන් ඡන්දය දීලා කරගත්තු ටික ජනතාවට තාම අමතක නැහැ.1980 දහස් ගණනක් මිනිසුන් රස්සාවලින් දොට්ට දාලා, 1983 කළු ජූලිය හරහා දෙමළ තරුණයින් අතරින් ප්‍රභාකරන් කෙනෙක් හැදුවේ කවුද? මේ සියල්ල කළේ අද ආපහු රට අවිච්චියට ඇදන් යන්න දඟලන ජෙනරාල් වටේ ඉන්න මාර සෙනඟ කියලා රටම දන්නවා. 1988-89 කාලේ ජේවීපී තරුණයෝ 60 000ක් මරා දාපූ යූඇන්පිය එක්ක එකගෙයි කන්න ඒකේ මහ එවුන්ට ලැජ්ජ නැති වුණාට ජනතාවට විළිලැජ්ජාව තියෙනවා.
ගිවිසුම් ගැහුවේ නෑ කියලා අනුර කියනවා, ගැහුවා කියලා තුරෙයිරත්නසිංහම් කියනවා. මං අගමැති කියලා රනිල් කියනවා. මංගල ඒක අනුමත කරනවා. සරත් සිල්වා අගමැති කියලා සෝමවංශ කියනවා. දෙමළ ඡන්ද ටික ලැබෙනවා නම් මට අගමැතිකමත් ලැබෙනවා නම් උතුරු නැගෙනහිර ආපහු එක් කොළාට කමක් නෑ කියලා සරත් උන්නැහේ කියනවා. ෆොන්සේක උන්නැහේ හිරේ ඉන්න කොටි 10 000 විනාශ කළ යුතුයි කියලා ඇමරිකාවට ගිහින් කියලා දෙමළ ඡන්ද ලක්ෂ 3 පෙරේතකමේ වහාම ඒ කොටි ටික බුරියානි කවලා නිදහස් කරන්නම් කියනවා ලංකාවට ඇවිත්. උදේ කියලු එක නෑ කියන්න හවසට ආයේ ප්‍රකාශයක් එනවා. මේ මොන දේශපාලන විහිළුද කියලා ජනතාව බලා ඉන්නවා.

නාමල් උඩලමත්ත said...

අනෙක ෆොන්සේකා 2007 තුලාවට ඇවිත් කිව්වනේ. මම දේශපාලනයට එන්නේ නෑහැ. ජානක පෙරේරාට, ලකී අල්ගමට වුණු දේ මම දන්නවා කිවා. මට දේශපාලනය ගැන කිසිම දැනුමක් නැහැ. මම දේශපාලනයට ආවොත් ලෝකයේ අසාර්ථකම දේශපාලයා වෙයි කියලා. ළඟදී කිවා මම ආර්ථිකය ගැන කිසි දෙයක් දන්නේ නැහැ එජාප ආර්ඛික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනවා. මේ රටේ ජනතාව අවුරුදු 2න් එජාප රජය ගෙදර යැව්වේ ඒ තුප්පහි ආර්ථික ක්‍රමයට විරුද්ධව. අහක යන නයි රෙද්ද අස්සේ දාගෙන කෑවෝ කියන්න ඕන නැහැ.
අපේ ප්‍රතිපත්තිය මතට තිත. තිතට මත නෙමේ. සිංහල කියමනක් තියෙනවා ගෙරි මස් කෑවට කමක් නෑ කරේ එල්ල ගෙන කන්න එපා කියලා. මහින්ද වැඩ කරන්නේ මතට විරුද්ධව. මේ වන විට සිගරට් බීම අඩුවෙලා. මත්පැන් බීම අඩුවෙලා. ඒ රටේ නායකයාගේ බලපෑම.

ආ .. ඔයාට බීප් කියලා ඇහුණ ද? ඇත්ත තමා මේ රටේ කවදාවත් මෙහෙම මැතිවරණ තිබ්බේ නෑ. මුලින්ම කළේ විපක්ෂ නායිකාවගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම, විජේ හිරේ දැමීම, ජනාධිපතිවරණ අපේක්ෂක හෙක්ටර්ගේ ඡන්දෙත් හොරට දැමීම, මැතිවරණ සිතියම හැකිලීම, දිනලා විපක්ෂයට පහර දෙන්න තමන්ගේ මැරයින්ට අවසර දීලා පොලිසියට සතියක් නිවාඩු දීම. ජේවීපි එක කලේ රෑට ඇවිත් ඡන්ද කාඩ් ටික අරන් යෑම. අන්න එහෙම මැතිවරණ කරපු රටේ මේ තත්ත්වය ඔයාට පුදුම ඇති.

ඔයා කොහෙද කියලා මම දන්නේ නැහැ. ඌව කියන්නේ අභිමාණවත් ඉතිහාසයක් තියෙන ඉසව්වක්. වසල කතා කියලා ඒ අතීත මුතුන් මිත්තන්ට අපහස නොකිරීම අද පරම්පරාවේ වගකීමක්.

2005 ජනාධිපතිවරණයේදී මහින්දට විරුද්ධව රනිල්ට පක්ෂව ප්‍රබල භූමිකාවක් රඟ දක්වපු වික්ටර් අයිවන් ගිය සතියේ රාවය පත්තරේ කියනවා මේ රටේ නායකයෝ 100ක් නොකරපු විශිෂ්ට මෙහෙවරක් මහින්ද කළා කියලා. ත්‍රස්තවාදය විනාශ කළ සටනේ ප්‍රධාන සෙන්පතියා මහින්ද කියලා කියන්නත් වික්ටර් අයිවන් ලෝභවෙලා තිබුණේ නැහැ. ඒ තමන් පුද්ගලිකව කුමන මතවාද දැරුවත් ඇත්ත දකින්න තරම් ඔහු අදීන වුණු නිසා.

අපි රෝයල් ගියේ නෑ. හැම්බේකම් චීස් බටර් කෑවෙත් නෑ. හැබැයි කාපු අය ගැන අපේ හිතේ කහටකුත් නෑ. ගමේ කොස් පොලොස් පලා කාලා අපි හැදුණේ. අපේ මුල් තියෙන්නේ ගම්වල. ඒ නිසා අපි හොඳට දන්නවා කළ යුත්ත. මම ගාල්ලේ සරත් ගාල්ලේ. මහින්ද හම්බන්තොට. ඒත් මේක දකුණු පලාත් සභා මැතිවරණය නෙමේ. එතනදී අපට වැදගත් දේශපාලන දර්ශනය, ප්‍රතිපත්තිය, පළපුරුද්ද, සංස්කෘතික හැදියාව, දක්ෂතාව වගේ දේවල් මිස. ගෝත්‍රික සාධක නෙමේ. බටහිරට කොන්ද නොනමන නායකයෙක්.

නාමල් උඩලමත්ත said...

රජය විසින් මඩ ගැසිය යුත්තේ වැදගත් සමාජ පිළිගැනීමක් ඇති රටේ ගෞරවාදරයට පාත්‍ර වන කලාකරුවන්, විද්වතුන් ඇසුරු කරන පිරිසුදු චරිතයකටය. රට පාවා දුන් කිළිටි දෑත් හිමි වර්තමාන දොන් ජුවාන් වික්‍රමසිංහ ප්‍රමුඛ ද්‍රෝහී මාර සෙනග පිරිවරා ගෙන අසූචි වළක පිස්සු කෙළින විට මඩ ගසා කුමටද? එතුමා විසින් රිසි සේ දහදුරාවේ කිමිදෙන බවකි අප නම් දකින්නේ.

 
සිය රට දේ සිරි සැප දේ !