Sunday, January 10, 2010

පෝඩ මහින්ද වාන්ගෝ හිට්ලර්

දැන් අපි 2005 වසරට හෝ ඉන් ඔබ්බට යමු. ඒ ශ්‍රී ලංකාවේ භූමියෙන් 3/1ක් ද සාගරයෙන් 3/2ක් ද රටට අහිමිව පැවති යුගයකි. මුළු දකුණම එකම මළ ගෙයකි. තැනක බෝම්බයකි. තැනක වෙඩි තැබීමකි. මහ මග, බස්රියේ, දුම්රියේ, පාසැලේ, රෝහලේ, පන්සලේ ,දේවස්ථානයේ මරුවා නිදැල්ලේ හැසිරුණේය. මිනිසුන් කැබලි කර රට ලේ විලක් කර රිසි සේ බිළි ගත්තේ ය. රටේ කොතැන හෝ තරුණයෙකුගේ මළ ගමකි. කොටින්ම මේ රට තුන්බියෙන් ඇළලි ගිය එකම විශාල මහනුවරකි. හමුදා සෙබලෙකු සිටින නිවසක දෙමාපියන් බිරිය දරුවන්හැඬු කඳුලිනි. නිවෙස අසලින් පොලිස් රථයක් ගිය ද අශුභ පුවතක් ගෙන එතැයි හදගිනි ඇවිලෙයි. ඒ සියල්ල මැද ජනතාව නිවැරදි තීන්දුවක් ගෙන මහින්ද ජනපති කරවූහ.
අප පක්ෂ භේදයකින් තොරව අද භුක්ති විඳින්නේ ඒ තීන්දුවේ ප්‍රතිඵලය. අද රටේ යුද්ධයක් නැත. සමහරුන්ට යුද්ධයක් තිබුණු බවක් මතකයේ ද නැත.

එපමණ ද? නැත. එදා ලක්ෂ හයේ රාජ්‍ය සේවක පිරිස අද ලක්ෂ 12කි. උපාධිධාරින් 44 000ට රජයේ රැකියා ලැබිණි. එදා රාජ්‍ය සේවක වැටුප් බර රුපියල් බිලියන 94ක් පමණ විය. අද එය බිලියන 200 ඉක්මවා ඇත. රුපියල් බිලියන 34ක් පමණ වූ විශ්‍රාම වැටුප් ප්‍රමාණය අද රු.බි. 90 ඉක්මවා ඇත. මේ සියලු පහසුකම් අද භුක්ති විඳින්නේ එදා 2002 එජාප රජය දිය කර හරින්නට සැලසුම් කළ රාජ්‍ය අංශය බව අමතක නොකළ යුතුය. තව ද එජාපය රාජ්‍ය අංශයට කාර්යාල කම්කරුවෙකු පවා නොගත් බව ඔබ සිහි කළ යුතුය.

එපමණ ද? නැත. රට වටා විශාල වරාය 5ක් ඉදිවෙයි. ර‍ට පුරා බහුකාර්ය ජල යෝජනා ක්‍රම 10ක් ක්‍රියාත්මක වෙයි. ප්‍රධාන නගර ආවරණය වන පරිදි ගුවන් පාලම් ඉදිවෙයි. රට පුරා මාර්ග පද්ධතිය නවිකරණය වෙයි. ගම්බද බොරලු පාර කොන්ක්‍රීට් පාරක් බවට පෙරලෙයි. මේ සියල්ල හරහා ගලා එන සංවර්ධන අරුණළු රටේ හෙට දවස සුඛිත මුදිත කරනු නියත ය.

එපමණ ද? නැත. වී ගොවියාට රු. 9 000 පොහොර රු. 350ට ලැබෙයි. පුරන් කුඹුරු අස්වැද්දෙයි. තේ සඳහා ඉහළ මිලක් ලැබෙයි. සියලු භවභෝගවලින් රට ස්වයංපෝෂිත වෙයි. එජාපය බටහිර තුප්පහි සංස්කෘතිය කරට ගෙන පිළිකන්නට විසි කළ දේශීයත්වය නැවත පිබිදී එයි. රට ගැන අභිමාණයක් සිතට දැනෙයි. අපේකම අපේ අභිමාණයට හේතුවන යුගයකි.

එපමණ ද? නත. තවත් උපාධිධාරීන් 16 000ට රජයේ රැකියා ලබාදීමට අයදුම්පත් කැඳවා ඇත. රාජ්‍ය සේවක වැටුප් රු. 2500න් ඉහළ දමනු ඇත. පාසැල් ළමුන් සඳහා දිවා ආහාරය නොමිළේ ලැබෙනු ඇත. රටේ ආර්ථික වර්ධන වේගය ජේ. ආර්. යුගයේ ඉහළ තත්ත්වයට පත් වී ඇත. විරැකියාව 9% දක්වා පහත බැස ඇත. උද්ධමනය තනි ඉලක්කමකට ගෙනැවිත් ඇත.

මේ සියල්ල සිදුකර ඇත්තේ තිස් වසරක් පැවිත යුද්ධය කෙළවර කරන අතරය. ලෝකය උග්‍ර ආර්ථික අර්බූදයක පැටලී සිටින අතරය. ලොව බැංකු රක්ෂණ ආයතන කොම්පැනි කඩා වැටෙන අතරය. ලොව පුරා දශ ලක්ෂ ගණනින් මිනිසුන් රැකියාවලින් දොට්ට දමන අතර ය. ජාත්‍යන්තර විවිධ සම්බාධක පනවමින් අප යන ගමන ආපස්සට හැරවීමට වළිකන අතරය. රටේ කිසිදු රාජ්‍ය ආයතනයක් නොවිකුණා රාජ්‍ය ආතයන ශක්තිමත් කරන අතරය. දේශීය කර්මාන්තකරුවා නඟා සිටුවන්නට ක්‍රියා කරන අතරය.

මේ සියල්ල ඔබට අමතක කරවා මහ පොළව නූසුලන බොරු කියන, කටකතා පතුරු වන ද්‍රෝහීන්ට නොරැවටෙන්න. බසයේ දුම්රියේ කාර්යාලයේ අනේක පච ප්‍රචාරය කරන අයට නො රැවටෙන්න. මේ සියල්ල පසුපස ඇත්තේ ඔබ මෝහනයට පත් කර ඔබේ රට ලද ජය මංකොල්ල කෑමට එන මාර සෙනඟ බව වටහා ගන්න. ඔබේ පවුලේ අය අසල් වැසියන් ඒ ගැන දැනුවත් කරන්න. 1977 ජේ. ආර්. සිය මැතිවරණ ප්‍රචාරක රැළි පවත්වන නගරවලට රැස්වන ජනතාවට පෙනෙන්නට කුණු බක්කි අවුස්සන හිඟන මිනිසුන් යෙදවූ බව මතක තබා ගන්න. පන්සල් වටකර කටු කම්බි ගසා, එදිරිවීර සරච්චන්ද්‍රට පහර දී 80 ජූලි වර්ජකයින් නොමරා මරා, 1983 කළු ජුලිය ඇති කර, යාපනේ පුස්තකාලය ගිනිබත් කර මුළු රට තිස් වසරක් ගිනි තැබුවේ ධාර්මිෂ්ට සමාජය උදා කරන්නට ජනතාවට පොරොන්දු වී බව හොඳින් මතන තබාගන්න. ඒ කෙප්පයට රැවටුණු අපට වසර තිහක් අපා දුක් විඳන්නට විය. රෑ වැටුණු වළේ දවල් නො වැටෙමු.

මේ සියල්ල දෙස බලා ඔබ ඔබේ ඡන්දය පාවිච්චි කළ යුතුය. තමා ආර්ථික විද්‍යාව නො දන්නා බවත් එහෙයින් එජාප ආර්ථික ප්‍රතිපත්තිය අනුගමනය කරන බවත් කී අයෙකුට නැවත 2002ට රට රැගෙන යන්නට ඉඩ නො දෙමු. අප අභිමාණයෙන් 2005 ඇරඹු ගමන විජයග්‍රහණයෙන් කෙළවර කරමු. ලැබූ ජය රට බෙදා කොටින්ට බන්දේසියක පුදන්නට ඉඩ නො දෙමු. ගලේ පැහැරූ බළලා මෙන් උදේ එකක් ද හවස එකක් ද උතුරේ එකක් ද දකුණේ එකක් ද දොඩවන හිට්ලර්ලාට රට බිළි නො දෙමු.

4 comments:

රොකියා | Udara said...

මේව ගැන සමහර මිනිස්සුන්ට කොච්චර තේරුම් කෙරුවත් නොතේරෙන එකනෙ මෙතන තියන ලොකුම ගැටලුව. සමහරුන්ට තේරුනත්, නොතේරුන වගේ ඉන්නව. මෙතනදි වෙලා තියෙන්නෙ, හුදෙක්ම පලි ගැනීමක් පමනයි. තමන්ගේ පුද්ගලික වාසි මත තමගෙ ආත්මගරුත්වය පාව දෙනව. ප්‍රබකරන්ගෙ අම්මට තාත්තට වුවත්. පේන්නැද්ද පබාට වෙච්ච දේ. ආර්ථික විද්යාව ගැන කඳුලක් නැති මනුස්සයෙක් , බලයට පත්වුනු ගමන්ම රුපියල් 10,000 කින් පඩි වැඩි කරනවලු. හරියට පාන් 3.50 ට දුන්නා වගෙ. හොකොමද දෙන්නෙ කියල ඇහුවොත් කියන්නෙ පස්සෙ අහල කියන්නම් කියල.මම ලංකාවෙ මාසයක නිවාඩුවකට ගිය මොහොතේ මට දැනුනෙනම් ලංකාව සැම අතින්ම දියුනු වෙමින් පවතිනව කියල. ඒක ලංකාවෙ ගුවන් තොටුපලේ ඉඳලම හැඟෙන දෙයක්. මිනිසුන් තීරනය කල යුතුයි, බඩ ද රටද, දරුවන්ගෙ අනාගතයද කියල.

iPhone said...

ඔබ කියන විදිහට සියල්ලම කර ඇත්තේ මහ රජානෝය නමුදු අද මුලුරටේම සහල් හිගයකි තවද එන්නත් ලබා දුනහොත් එය මරුවාට අත වැනීමකි.මේවාට වග කියන්නේ කවුද?යුධ ජය පමනක් මහරජුගේය.ඉතින් අපට සුභ අනාගතයක් කොහින්ද?

නාමල් උඩලමත්ත said...

මෙහි කියා ඇත්තේ යුද්ධය ගැන පමණක් ද? යුද්ධයට වඩා දේවල් මෙහි අප දක්වා ඇත. රජයේ අසාර්ථන අංශ නැතැයි අපි තර්ක නොකරමු. එහෙත් 2005 සාපේක්ෂව රට බොහෝ ඉදිරියට ගොස් ඇත. එය ඇස් ඇති ඕනෑම කෙනෙකුට පෙනෙනු ඇත. එහෙත් වෛරයෙන් වැසී තිබීම එය නොපෙනි යාමට බාධාවක් විය හැකිය.

නාමල් උඩලමත්ත said...

රටේ සහල් හිඟයක් ඇත. ඵලය මිස හේතුව නොවේ. මැතිවරණ එන විට මෙසේ විවිධ හිඟ මවා පා ඡන්ද මංකොල්ල කෑමට මුදලාලිලා හරි දක්ෂය. එකල රටේ බඩු මිල පාලනයට, හදිසි බඩු හිඟයක් ඇති වීම වැළැක්වීමට සතොස නැමති ආයතනයක් තිබිණිත. 1977 බලයට පත් රජය කළේ සතොස විනාශයට මං තැනීම ය. 2002 බලයට පත් රනිල් රවී කරුණානායක ලවා සතොස මුදලාලිලාට වික්කේය. මේ සියල්ල කළ ද්‍රෝහීන් ආණ්ඩුවට චෝදනා කර ජනතා ඇසට වැලි ගසා ඡන්ද මංකොල්ලයට සැරසෙයි. 2005 මේ රට වෙනුවෙන් පෙනී සිටි ජනගඟ දැන් මහා සමුදුරක් වී රට වටා වැඟි සිටියි. එහෙයින් තව දුරටත් ද්‍රෝහීන්ට බේබද්දන්ට මස් වැද්දන්ට රැවටෙන්නට ජනතාව සුදානම් නැත.

 
සිය රට දේ සිරි සැප දේ !