Thursday, January 7, 2010

එම්බා ලාල් කාන්තය තොපට කශේරුකාවක් තිබේ ද?

ඊයේ දිනය ඉදිරි මැතිවරණයේ දිශානතිය තිරණය කළ තීරණාත්මක දවස විය. මෙතෙක් කවර පාර්ශවයකට ඡන්දය දිය යුතුදැයි සිතාගත නොහැකිව සිටි ජනතාවගේ දෑස් ඇරුණේ ඊයේ ය. ඒ ද්‍රවිඩ සන්ධානය සිය තීරණය ප්‍රකාශ කිරීමත් සමග ය.

ද්‍රවිඩ සන්ධානය යනු කලක් කොටි සංවිධානයේ ඔඩොක්කු කුක්කන් ලෙස ක්‍රියා කළ පිරිස බව ජනතාව දනියි. මේ කුක්කෝ පිරපාහරන්ගේ ගැම්ම ගෙන එකල හැසිරුණු ආකාරය අපට මතකය. යුද්ධය ආරම්භ කළ සමයේ හමුදාව වන්නියට යාමට සිතයි නම් මිනී පෙට්ටි 40000ක් සුදානම් කළ ගත යුතු බව කීවේ මින් එකෙකි. ඉන්දියාවට බරහිර රටවලට දුවමින් පරදින කොටි රැළ රැක ගන්නට විවිධ උද්ඝෝෂණ කළේ මොවුන් ය. ලොව පුරා යමින් ලංකා රජයට එරෙහිව පොළව සතරට පැලෙන පට්ට පල් බොරු කියමින් නොයෙක් සම්බාධක පනවන්නට වළිකෑවේ මොවුන්ය.

නන්දිකඩාල් කළපුවේ මහ කොටියා මිය යද්දි හඬා වැටුණු මේ හපුට්ටෝ ඒ සටනට නායකත්වය දුන් නායකයා සමග බද්ධ වෛරයෙන් පෙළෙයි. ඔවුන් ඒ සඳහා කළ යුත්තේ ඒ නායකයා පරාජය කිරීමට සතුරාට සහය දීම ය. යුද්ධයට නායකත්වය දුන්නේ ෆොන්සේකා නම් ඔවුන් තෝරා ගත යුතුව තිබුණේ මහින්දය. එහෙත් මේ රටේ සිටින ඇතැම් මොට්ටයින්ට නොවැටහුණ ද යුද්ධය ද සාමය ද යන්න තීරණය කරන්නේත් එය කොතැනින් නවත්වනවා ද යන්න ගැන තීරණය කරන්නේත් දේශපාලන නායකත්වය බව ඔවුන් හොඳින් දනියි. රාජ්‍ය නායකයාට අවැසි විණි නම් කිලිනොච්චිය අසල කඳවුරු ලා ගෙන සිටින්නැයි පෙර කල මෙන් හමුදාවට අණ කරන්නට හැකියාව තිබිණි. එහෙත් මහින්ද එසේ නොකළේ ය. එහෙයින් ඔවුන්ගේ තරහා ඇත්තේ මහින්ද සමග ය.

එසේ නොමැති නම් මීට මාස කිහිපයකට පෙර මේ සිංහලයින්ගේ රට බවත් සෙසු ජාතීන් සිංහලයින් යටතේ සිටිය යුතු බවත් කී කෙනෙකුට මොවුන්ට සහය දිය හැකි ද ? මාස කිහිපයකට පෙර ඇමරිකාවට ගොස් එහිදී සිරගතව සිටින කොටි ත්‍රස්තයින් 10 000 විනාශ කළ යුතු යැයි කී කෙනෙකුට කුමන සහයක් දිය හැකි ද? ඒ සියල්ල අමතක කර ෆොන්සේකා දිනවීමට එක් වන්නේ එදා මහින්දගේ නායකත්වයෙන් රට ලැබු විශිෂ්ට ජයග්‍රහණය ආපසු හැරවීමට ය. එයින් පළි ගැනීමට ය. එහෙයින් මේ කොටි රැළ ෆොන්සේකා වෙනුවෙන් පෙනී සිටීම සහ ඒ වෙනුවෙන් විවිධ හේතු කියාපෑම අපට නම් පුදුමයක් නොවේ. එය අපට ප්‍රශ්නයක් ද නොවේ. අපට ප්‍රශ්නය වන්නේ ඔවුන් මහින්දට සහය දීමට එක් වුණා නම් ය. කෙසේ වුව ද ඔවුන්ට බොරු පොරොන්දු දී ඡන්ද ටික ගරා ගන්නට මහින්ද සිතුවේ නැත. එහෙයිනි ඔහු ප්‍රසිද්ධියේ ම කීවේ තමා කිසි දිනක යළි උතුරු නැගෙනහිර එක් නො කරන බව. ඒ රුවන් ප්‍රකාශයට අපි සිරස නමා ආචාර කරමු.

උතුරට ගොස් අද ද්‍රවිඩ ජනතාවට නැවත ඊළාම් සිහින විකුණන කුහකයින් වහාම හදුනා ගත යුතුය. බටහිර රටවලට අවැසි ලෙස යුද රහස් එළි කරන කුහකයින් ජනතාව හදුනා ගත යුතු ය. උතුරු නැගෙනහිර යළි එක් කළ යුතු යැයි කියන ද්‍රොහීන් නියෝජනය කරන පිළ ජනතාව හදුනා ගත යුතුය. එදා උතුර දකුණෙන් වෙන් කළ මිනිහා අද කතා කරන්නේ කුමන කටින්දැයි සොයා බැලිය යුතු ය. උතුරේ කොටි සනසන්නට එකී පරයින් කියන කතා දකුණේ සමහන් කරමින් මේ විජාතික ගුබ්බෑයමට ජාතිකත්වයේ ව්‍යාජ සළුපිළි පොරවන එළඹෙන මහ මැතිවරණයේ දී මකබෑවෙන දේශපාලන පිශාචයින් රැළ ජනතාව හදුනා ගත යුතුය.

ඒ සියල්ලට ම වඩා මේ තුප්පහි රොඩී ගුබ්බෑයමේ ළැග සිටින ලාල් කාන්ත වැනි මිනිසුන් නැවත සිය හෘද සාක්ෂිය තමාගෙන් ම ප්‍රශ්න කළ යුතුය. ජනතාව තමා පාර්ලිමේන්තුවට පත් කර යැව්වේ මේ මහා පාප කර්මයට දායක වී තමාට ඡන්දය දුන් එකාගේ හත්මුතු පරම්පරාව ද අපායට ඇද දමන්න‍ට දැයි සිතා බැලිය යුතු ය. එම්බා ලාල් කාන්තය තොපට කශේරුකාවක් තිබේද? තොප හැර තවත් කශේරුකා ඇතිවුන් ඔතැන තවත් ලැග සිටීද? එය තොපට තරම් නොවේ. එහෙයින් වහා තමන් අදීන මිනිසුන් බව දක්වව්!

මට පෙර කොටි කියා ගෙන එන අයියාගෙන් රට පරිස්සම් කර ගත යුතු ය. රනිල්, හකීම්, මනෝ, මංගල, සම්බන්ධන්, සෝමවංශ හවුල මේ වළි කන්නේ නැවත ඔබේ දෙපා මුළට යුද්ධය ගෙන ඒමට බව සිහි කළ යුතුය. බස්රියේ, වැඩපළේ, මග තොට, පන්සලේ පල්ලියේ බෝම්බ පුපුරමින් අප ගත කළ මහා භීම සමය ඔබට මතක නැතැයි අප නොසිතමු. මේ හංස වේසයෙන් එන්නේ මාරයා බව තරයේ මතක තබා ගන්න. ඒ යුගය නැවත උදා කර ගෙන ඒ බෝම්බවලට ඔබේ කිරි කැටි දරුවා බිළි දෙනවා ද?

දැන් ජනතාවට ඉතාම පැහැදිළිව රටට ආදරය කරන රට වෙනුවෙන් පෙනී සිටින නායකයා තෝරා ගත හැකි ය. තුප්පහි ද්‍රෝහි හවුල වමනය කරන අභූත දූෂණ චෝදනා මරු වළවල් මග හැර යන්න. යුද ජයග්‍රහණය වෙනුවෙන් එහි ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින්න. රටේ අභීවෘර්ධිය වෙනුවෙන් එකාවන්ව පෙළ ගැසෙන්න.

10 comments:

ems said...

දෙමළ සන්ධානය අද ප්‍රකාශ කර තිබුණේ කොන්දේසි විරහිතව ෆොන්සේකාට සහාය දෙන බවයි.එහෙත් අද "දිවයින" පුවත් පතේ මෛත්‍රීපාල සිරිසේන ඇමතිවරයා කියා තිබුණේ "දෙමළ සන්ධානයේ බහුතර සහය මහින්ද රාජපක්ෂට" බවයි.(http://www.divaina.com/2010/01/07/news26.html)
එසේනම් මේ කියන්නේ බහුතර කොටින්ගේ කැමැත්ත රාජපක්ෂට බව නොවේද? තවද දැනටම ඔරිජිනල්ම කොටි වූ අය රාජපක්ෂ ආණ්ඩුවේ සිටිති.මහින්ද-ඩග්ලස් ගිවිසුම ගැනද මහින්ද වචනයක්වත් නොකියයි.
එහෙයින් මේවා රට හිනස්සන විහිළු කතාය.

නාමල් උඩලමත්ත said...

මහින්ද ඩග්ලස් ගිවිසුම ගැන ඔහු කිසිවක් නොකිවාට උතුරු නැගෙනහිර යළි කිසිදා එක් නොකරමියි මහින්ද කීවේය. එහෙත් එය මහින්ද ඩග්ලස් ගිවිසුමේ ඇතැයි කියති. එසේ නම් ඒ ගිවිසුමෙන් කවර පලයක් ද? අනෙක් අතට ඩග්ලස් කොටි පරදන ආණ්ඩුවේ සිටියේ ය. ඔහු ඊට සහය දුන්නේ ය. අනෙක් කොටිද එසේ ය. ඒ ඇතැම් කොටි දැන් ඒකීය ලංකාව වෙනුවෙන් පෙනී සිටීම මව්බිමේ ජයග්‍රහළුණයකි.

TNA බහුතර මතය වූයේ මේ ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාට ම සහය නොදිය යුතු බවය. එහෙත් සම්බන්ධන් ඇතුලු එය පාලනය කරන ලොව පුරා විසිරී සිටින ඊළාම්වාදීන්ට ඕනෑ වූයේ මහින්දගෙන් පළි ගන්නට ය. එහෙයින් එදා එජාපය සමග එක ගෙයි කමින් යුද්ධයට එරෙහි වූ වික්‍රමබාහුටත් සහය නො දී ඊට වඩා බලපෑමක් කළ හැකි ෆොන්සේකාට සහය දුන්නේ ය. එය තවමත් මෙරට පිට රට ඉතිරිව සිටින කොටි හපුවන්ගේ අනුදැනුම මත නිල වශයෙන් ගන්නා ලද තීරණයකි. ඒ කියන්නේ TNA නිල සහය ලැබෙන්නේ ෆොන්සේකාට ය. උතුරු නැගෙනහිර යළි එක් කරන, දැනට හිරේ සිටින කොටි බුරියානි කන්ට දී ගෙදර අරින ෆොන්සේකාට ය. ගෝඨාභය ශවේන්ද්‍ර ජාත්‍යන්තර යුද අධිකරණයට පාවාදුන් ෆොන්සේකාට ය. පරංගියා කෝට්ටේ ගිය පාරෙන් ඪළමට පාර කියන ෆොන්සේකාට ය. කෙසේ වුව ද රනිල්, හකීම්, මනෝ, මැගී ආදීන් කොටි සුරතලුන් බව අන් හැමට හොඳින් දන්නේ සම්බන්ධන් ය. එහෙයින් කොටි, කොටි හවුලට යාමේ පුදුමයක් අපට නැත. ඔහුට ඇස් දෙක පියාගෙන වුව ෆොන්සේකාට සහය දීමේ ගැටළුවක් නැත. සිය සගයෝ රොක් වන්නේ එක පෙරමුණට බව ඔවුහු මැනවින් දනිති.

2002 උතුරු නැගෙනහිර කොටින්ට ලියා දුන් එජාපය, මේ රජය ගෙන ගිය යුද්ධය නැවැත්වීමට එදා දෙව්දෙත්තර භූමිකාව රඟපෑ එජාපය ඉදිරිපත් කරන අපේක්ෂකයාට ද්‍රවිඩයින් අතර සිටින ඊළාම්වාදීන් සහය දැක්වීම අරුමයක් නොවේ. ඒ අපේක්ෂකයා සරත් ෆොන්සේකා වුවාට ඔවුන් විපිළිසර නොවන්නේ ඔහු සිය අල්ලේ නැටවිය හැකි රූකඩයක් බව ඔවුන් අවබෝධ කරගත් හෙයිනි. එය මුළ ලොවම අද දන්නා හෙයිනි.

ද්‍රවිඩ සන්ධානයේ සහය මේ ආණ්ඩුවට ලැබෙන්නේ ඍජුව නො ව වක්‍රව බව තේරුම් ගැනීමට මොළේ කළඳක් තිබීම සහ ඒ මත වාඩි නො වීම ප්‍රමාණවත් ය. මෙතෙක් කොටි සංවිධානය විසින් පාලනය කළ TNA එක දෙකට තුනට කැඩී ගොස් තිබීම ආණ්ඩුවට වාසි ය. ඒ තව දුරටත් ද්‍රවිඩ ජනතාව පාලනය කිරීමේ ආධිපත්‍ය ඔවුන් අතින් ගිලිහී ගොස් ඇති හෙයිනි. එහෙයින් ද්‍රවිඩ ජනතාව තමන් සිතු ලෙස පාලනය කරමින් ඔවුන් හරක් මෙන් එහෙ මෙහෙ දක්කන්නට ඔවුන්ට තවත් ඉඩ නොලැබෙනු ඇත. ඒ අනුව TNA එක කැඩී යාමෙන් එහි කොටසක් ශිවාජිලිංගම් වටා රොක් වීමෙන් තව පිරිසක් ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාට ම විරුද්ධවීමෙන් ආණ්ඩුවට වාසියක් අත්වෙයි.

Variable "X" said...

//මහින්ද ඩග්ලස් ගිවිසුම ගැන ඔහු කිසිවක් නොකිවාට උතුරු නැගෙනහිර යළි කිසිදා එක් නොකරමියි මහින්ද කීවේය//
බබා වෙන්න එපා.උතුරු නැගෙනහිර දෙමල ජනයාගේ සාම්ප්‍රදායික නිජබිම කියල ඒකට ස්වයංපාලන බලය දෙනව කියල නිල වශයෙන් අත්සන් කරල මහින්ද ඩග්ලස්ට පොරොන්දු වෙලා තියෙනව.දෙමල සන්ධානෙයි ජෙනරලුයි අතර එහෙම කිසිම ගිවිසුමක් හෝ නැහැ.අත්සන් කරපු දේ ගැන කතා කරල ඉන්න.වෙන දේවල් හිතින් හද හද කියන්න ඉස්සර.

//අනෙක් අතට ඩග්ලස් කොටි පරදන ආණ්ඩුවේ සිටියේ ය//
ඒක අදාල නැහැනේ.ඩග්ලස් එක්ක අත්සන් කරපු ගිවිසුමෙන් තිම්පු මූලධර්ම පිලිගත්ත එකනෙ ප්‍රශ්නෙ.මොකෝ බේදුම්වාදයට විරුද්ධ සිංහල වීරයා ඒ ගැන කියන්නේ?

//එජාපය ඉදිරිපත් කරන අපේක්ෂකයාට ද්‍රවිඩයින් අතර සිටින ඊළාම්වාදීන් සහය දැක්වීම අරුමයක් නොවේ//
ඔයා දන්න කෙහෙල්මල.අඩුම තරමින් උතුරෙ දෙමල මිනිහෙක් එක්ක කතාකරල තියෙනවද?
ඊලාම්වාදි මතධාරින් ( වෙනම රාජ්‍යයක් අන්තවාදිව ඉල්ලන අය ) දෙමල සමාජයේ සුලුතරයක්.සිංහල අපේක්ෂකයො දෙන්නම එපා කියල මැතිවරනෙ වර්ජනය කරන්නෙ ඒ අය.2005 චන්දේ ඊලාම්වාදින් වර්ජනය කලෙත් ඒ පදනමින්.
මෙතන සිංහල නායකයෙක්ට සහය දෙන්න දෙමල අය ඉදිරිපත් වීම සාධනීය දෙයක්.මේ අය කොටි තර්ජන කාලෙ කොටින්ට අවනත වුන නමුත් ඇත්තටම සම්බන්ධන් වගේ අය ඊලාම්වාදින්ට වඩා මධ්‍යස්ථ මතධාරින් විදිහටයි සැලකෙන්නෙ.ඊලාම්වාදින් මැතිවරනය වර්ජනය කරන අතර සාපේක්ෂව මධ්‍යස්ථ මත දරන අය සිංහල අය එක්ක එකගතාවෙකට එන්න ඕනෙ කියල කල්පනා කරල තියෙනව.
මෙයාල මහින්ද එක්කත් සාකච්ඡා කලා.කිශෝර් මහින්දට උදවු කරන එක කොටි උදවු කිරීමක් නෙමෙයිද?බැරි වෙලාවත් මෙයාලා මහින්දට උදවු කරන්න තීරනය කලා නම් ඔයා කසාපබ්බතේ ලියන්නේ "දෙමල සන්ධානය ඒකීයභවය පිලිගනී" කියල.ඔයාගෙ නිල්පාට ලේ කකියනව ඇති සුලු ජාතින් මහින්දව අත් ඇරල යනකොට.

Anonymous said...

මේ ගිවිසුම් මේ පුද්ගලයන් සියල්ලන්ම අවස්ථාවාදීන් බව ඇයි නොත්රෙන්නේ..මේ අය වෙනුවෙන් තර්ක කරගැනිමට හෝ පෙනීසිටීමට වඩා අපට වෙන වැඩක් කරගන්න බැරිද?

Dasun Wanaguru said...

ඉතිහාසය අපිට සරදම් කරනවා සහෝදරයා
ජ.වි.පෙ එදා ත්‍රස්තවාදයට විරුද්දව කොන්ද කෙලින් තියන් හිටියා.
ඒත් අද කොටි ඒජන්තයන් එක්ක එක පෙලට හිටගන්න තරම් ඔවුන්ගේ කශේරුකාව පණ නැති වෙලා....

ජනතාව හැටියට අපිට ඒ පිලිපද තියෙන්නේ ලොකු දුකක්.

නාමල් උඩලමත්ත said...

අනේ මේ ඔයා හිතුවද අපි ග්‍රීන් කාඩ්කාරයෝ කියලා. නැත්නම් උතුරේ මිනිස්සු එක්ක කතා කරලා තියෙනව ද අහවි ද? උතුරේ විතරක් නෙමේ ලංකාවේ හැම පැත්තම නියෝජනය කරන මිනිස්සු අපි ඇසුරු කරනවා. සම්බන්ධන් මධ්‍යස්ථමතවාදියෙක් නම් ප්‍රභාකරනුත් මධ්‍යස්ථමතවාදියෙක් වෙන්න ඕන. උතුරු නැගෙනහිර දෙමළ අයගේ විතරයි කියන එවුන්ගේ මධ්‍යස්ථකම මොකක්ද?

"උතුරු නැගෙනහිර දෙමල ජනයාගේ සාම්ප්‍රදායික නිජබිම කියල ඒකට ස්වයංපාලන බලය දෙනව කියල නිල වශයෙන් අත්සන් කරල මහින්ද ඩග්ලස්ට පොරොන්දු වෙලා තියෙනව.දෙමල සන්ධානෙයි ජෙනරලුයි අතර එහෙම කිසිම ගිවිසුමක් හෝ නැහැ." අනේ මේ එන්න එපා ඔයා තොත්ත බබා වෙන්න. එහෙම ගිවිසුමක් ගැහුවා නම් ඇයි TNA එක ෆොන්සේකා ළඟට ගියේ. එයාලගේ එකම ඉල්ලීම ඉතින් ඒකනේ. එහෙම ගිවිසුමක් ඩග්ලස් එක්ක ගැහුවා නම් ඇයි මහින්දට බැරි TNA එකටත් ඒ ගිවිසුමේ පිටපතක් දීලා උතුරේ ඡන්ද ටික සාක්කුවට දාගන්න. මොකද ඩග්ලස් යුද්ධයට සහය දීම අදාල නොවන්නේ? එයා යුද්ධයට සහය දීම විතරක් නෙමේ මනෝ ගනේෂන්, TNA එක, එජාපය, රහුෆ් හකීම් එදා යුද්ධය අතරමග නතර කරන්න කරපු සියලු දේශද්‍රෝහී තක්කඩි වැඩ එදාට වඩා අදට අදාළයි. අයාලේ ගිය ජවිපෙ 2007 අයවැය පරද්දල ආණ්ඩුව බිම දාලා යුද්ධය අතරමග නතර කරන්න කළ සක්කිලි කුමන්ත්‍රණය අදටත් අදාලයි.

සාකච්ඡාවලට ආපු ද්‍රවිඩ සන්ධානයේ මන්ත්‍රිවරු 12ක් ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාටම විරුද්ධයි. ආවේ 18ක් විතර. එතකොට බහුතරය මොකක්ද? ඒ අය නියෝජනය කරන්නේ සැබෑ ජනතා මතය නම් අති බහුතරය තවමත් ඊළාම්වාදීන් බව තේරුම් ගන්න O/L ගණන් පාස් වීම ප්‍රමාණවත්.

අනෙක මේ අය එන්නේ සිංහල නායකයට සහය දෙන්න නෙමේ. තමන්ගේ අපේක්ෂා නියෝජනය කරන අපේක්ෂකයා දිනවන්න. මිනිහෙක් සිංහල වෙන්නේ උප්පැන්නයෙන් නෙමේ. ජාතිකත්වයෙන්. ඔයා කියන විදිහට වික්‍රමබාහුට ඡන්දය දීමෙනනුත් පැහැදිළි වෙනව ද්‍රවිඩ ජනතාව සිංහලයට ඡන්දය දුන්නා කියලා. මනස්ගාත දොඩවන්න එපා. ෆොන්සේකාට ඊළාම්වාදීන් සහය දීමෙන් පේන්නේ ඔහුත් වික්‍රමබාහු වගේ ම ඊළම වෙනුවෙන් පෙනී සිටිනවා කියලා TNA එක දන්නවා කියලා. ඊලමට යනව නම් යන්න මේ පාරෙන් එන්න කියලා අද ‍ෆොන්සේකා ඔවුන්ට කියනවා.
අන්න ටින් ටින් සිල්වා කියලා තිබුණා ජෙනරාල් සහ TNA අතර එකඟතාවක් ඇති වුණා කියලා. එකඟතා කියන්නේ ගිවිසුම්නේ. "එහිදී 13 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය බලාත්මක කිරීම, අධි ආරක්‍ෂිත කලාප ඉවත් කර එම භූමිවල හිමිකරුවන් යළි පදිංචිකරවීම යන ඉල්ලීම් සඳහා ජෙනරාල් ෆොන්සේකා ගෙන් ටී. එන්. ඒ. පක්‍ෂයට යහපත් ප්‍රතිචාර ලැබුණු බව ද ටිල්වින් සිල්වා මහතා කීවේය.
" මේක ඇත්තටම ලිඛිතව අත්සන් කළ ගිවිසුමක්. තව ඒකේ තියෙනවා කොටි 10 000ක් නිදහස් කරන්න. එදා ඇමරිකාවේ ගිහින් මේ කොටි විනාශ කළ යුතු යැයි කියූ මිනිහා අද කියනවා නිදහස දෙනවා කියලා. එදා වගේ ම අදත් TNA නිල වශයෙන් කරන්න උත්සහ කරන්නේ ද්‍රවිඩ ජනතාව වෙත විනාශ ගෙන දෙන්න. ඒක තේරුම් ගන්න ඕන අපි.

මගේ ලේ නිල්පාට ද කියලා අනේගතේ දැනගන්න පුළුවන්. හැබැයි මගේ ලේවල කොටි ලේ කියලා කවුරුත් දන්නවා. මගේ ඇගේ කොටි පුල්ලි නෑ කියලා කසාපබ්බත කියවන ඔයත් හොඳට ම දන්නවා. මගේ ලේ කකියන්නේ ආයේ අපේ රට අපායට ඇද දාන්න මේ හැත්ත වළිකනවා දැක්කම සහ උන් පස්සේ යන මෝඩයෝ දැක්කම. මේ අය සහ ගමරාල එක්ක දිව්‍ය ලෝකේ ගිය අතර වෙනසක් නෑ කියලා 26 තමා තේරෙන්නේ.

නාමල් උඩලමත්ත said...

ඒ විතරද දසුන්, එදා උතුරු නැගෙනහිර වෙන් කරන්න මේ රටේ ජනතා අභිලාෂය වෙනුවෙන් අධිකරණයට ගිය ජවිපෙ. අද ඒක යළි එක් කළ යුතුය කියන රංචුවේ හොරි කහනවා. එදා මානෙල් මල් ව්‍යාපාරය හරහා රටේ රණ විරුවාගේ ආරක්ෂාවට ජනතාව පෙළ ගැස්සු ජවිපෙ අද ශවේන්ද්‍රලා, ගෝඨාභයලා පෝරකයට පාවාදුන් අළුගෝසුවාගේ සපත්තු ලොවිනවා. මුළු ජාතිය යුද්ධය වෙනුවෙන් ලැහැස්ති කරලා ඒ යුද්ධය වෙනුවෙන් රටේ කොල්ලෝ 26 000ක් ජීවිත පූජා කරලා ගත්තු නිදහස එක්සේසත් කරපු රට අම්බලන්ගොඩ පිළිමතලාවෙට ලවා කොටියට බන්දේසියක තියලා පූජා කරන්න උඹලා අද පෙළගැහෙන්නේ කොහොම ද කියලා අහන්න ඕන. ලාල්කාන්තලාගෙන් අහන්න ඕන උඹලගේ ඇගේ දුවන්නේ මොන ලේ කියලා. තව කල් තියෙනවා එයාලට ඇස් පාදගෙන නිවැරදි වෙන්න. රටේ නියම ජාතික බලවේගය වෙනුවෙන් පෙළ ගැහෙන්න. මව්බිම දිනවන්න.

Variable "X" said...

/උතුරු නැගෙනහිර දෙමළ අයගේ විතරයි කියන එවුන්ගේ මධ්‍යස්ථකම මොකක්ද?//
ඔවු ඔවු එහෙම කියන අය අන්තවාදීන්.එතකොට මේක සිංහල රට කියන ඔයාලා කවුද?ඔයාලාත් ඒ වගේම අන්තවාදීන්නෙ.හි හී.අනුන්ගේ අන්තවාදිකම ගැන කතා කරන්න ඉස්සර තමුන්ගේ අන්තවාදිකම තේරගෙන එන්න.
සම්බන්ධන්ලා මධ්‍යස්ථවාදීන් කියන්නෙ ඒ අය එක්සත් රාජ්‍යයක් ඇතුලෙ විසදුමකින් සෑහිමට පත්වෙන අය හින්ද.ප්‍රබාකරන් ( මේ පාර වෙනම ඉල්ලන සිවාජිලිංගම් )අන්තවාදි වෙන්නෙ
ඒ අය වෙනම රටකින් මෙහා වෙන කිසි දේකට එකග නැති හින්ද.උතුරු නැගෙනහිර නිජබිම් කතාව නොකියන කිසිම දෙමල දේශපාලකයෙක් නැහැ හලෝ.ඩග්ලස් ගෙ ඉදල ආනන්ද සංගරිගේ ඉදල හැමෝම නිජබිම් සංකල්පෙ ඉන්නෙ.ඒකෙන් මධ්‍යස්තෙ මනින්න බැහැ.නිජබිම වෙනුවෙන් වෙනම රාජ්‍යයක් ගන්නව වෙනුවට ස්වයංපාලනයකින් සම්බන්ධන්ල සැහිමට පත්වෙනවා.අනික එයාල ප්‍රචන්ඩ දේශපාලනයේ යෙදෙන අය නෙමෙයි.ඒකයි එයාලව මධ්‍යස්ත මතදරයන් විදිහට දෙමල සමාජය "තුල" පිලිගැනෙන්නෙ.
(ඔයාගෙ සිංහල ඔන්ලි මනසට හැම දෙමලම අන්තවාදියෙක් වුනාට දෙමල සමාජය ඇතුලෙ එයාල මධ්‍යස්ත අය විදිහට සැලකෙන්නෙ)
ඔහේ දෙමල අය එක්ක කතා කරල නැති බව ඔහේගේ ඔය කතාවලින් හොදට තේරෙනවා.

ඊපිඩිපි ගිවිසුම ගැන ඇහුවම කටේ උත්තර නැහැ නේද?
http://www.lankatruth.com/index.php?option=com_content&view=article&id=4027:president-promises-tamil-homeland-for-epdp-support-&catid=35:local&Itemid=50

ඔහොම එකගතාවයක් නැහැ කියල මේ වෙනකම් රජය කියල නැහැ.ඕකෙ මොනවද තියෙන්නෙ?
1 වෙනි වගන්තිය 13 වෙනි සංශෝධනේ පූර්න වශයෙන් බලාත්මක කරල බලය බෙදීම ආරම්භ කරන්න.
10 දෙමල අයගේ නිජබිම කියල උතුරු නැගෙනහිර පිලිගන්න
හදිසි නීතිය ඉවත් කරන්අධි ආරක්ෂිත කලාප අයින් කරන්න
සිංහල වීරයා මොකෝ මේ ගැන කියන්නෙ?බැසිල් ඉන්දියාවට ගිහින් පොරොන්දු වුනේ නැද්ද ජනාධිපතිවරනෙට පස්සෙ 13 ක්‍රියාත්මක කරනව කියල?අනේ ඔයාගේ දේශප්‍රේමි නායකයා ඔයාටත් හොරෙන් ගිවිසුම් ගහල එකගතාවයන්ට ඇව්ල්ල ඔයාලට කොකා පෙන්නලා නේද?සිංහල චන්ද ටික නැතිවෙයි කියල ඕවා රටට කියන් නැහැ.
මෙහෙම එකගතාවයක් නැහැ කියල ඊපිඩිපි එකවත් රජයවත් කියල නැහැ.
තමන් අතර කිසිම ලිඛිත ගිවිසුමක් නැති බව සම්බන්ධනුත් ෆොන්සේකාත් පැහැදිලිව කියල තියෙනවා.තමන් ෆොන්සේකාට සහය දීමේ පදනමත් සම්බන්ධන් පැහැදිලි සිංහලෙන් පැහැදිලි කලා.බොරු කිව්ව කියල ඒ මනුස්සයට ලැබෙන ප්‍රතිලාභයක් නැහැනෙ.අනුනගේ මගුල් ගැන ඔයා කතාකරන්නෙ ඔයාගෙ සිංහල බෞද්ධ නායකයා බලය බෙදන්න,උ/නැගෙනහිර ඒකාබද්ධ කරන්න ඉන්දියාවටයි ඊපිඩිපි එකටයි අනුමැතිය දීල තියෙන තත්වයක් තුල.

//අනේ මේ එන්න එපා ඔයා තොත්ත බබා වෙන්න. එහෙම ගිවිසුමක් ගැහුවා නම් ඇයි TNA එක ෆොන්සේකා ළඟට ගියේ. එයාලගේ එකම ඉල්ලීම ඉතින් ඒකනේ. //
ඕක මගෙන් අහන්නැතිව එදා ප්‍රවාත්ති සාකච්චාව බැලුව නම් හොයාගන්න තිබ්බ උත්තර.
උපක්‍රමික වෙනස්කම් තිබුනට හැම මධ්‍යස්ත දෙමල දේශපාලකයෙක්ගේම අදහස මේ වෙලාවෙ එකයි.ඒ තමයි තමන්ගෙ ජනතාවට මොකක් හරි සහනයක් දිනාගන්න එක.ඩග්ලස් මහින්දව විශ්වාස කරනකොට සම්බන්ධන්ට මහින්ද විශ්වාස නැහැ.සරනගාගත කදවුරු වල මිනිස්සු හිරකරගෙන,චෝදනා නැති දෙමල අය අවුරුදු ගනන් හිරේ තියාගෙන චන්දෙ කාලෙට මූනිච්චමට යාපනේ ඇදිරි නීතිය ඉවත් කිරීම වගේ ටොපි දෙන ඔයාගෙ මහරජා ඔයාල ලොක්කෙක් වුනාට දෙමල අයට ඔය රජාව පේන්න බැහැ.යුද්දෙ ඉවරවෙලත් තමුන්ට සලකපු හැටි ඒ අය දන්නව.ඒ හින්ද ඔයාගෙ ලොක්කට වඩා එයාල ෆොන්සේකාව විශ්වාස කරනවා.
ඒ එකගතාවේ ඇවිල්ල තියෙන්නෙත් අවතැන් අයගේ ප්‍රශ්නේ,අධි ආරක්ෂිත ප්‍රශ්නය වගේ මානුෂික කාරනා උඩ.
දේශපාලන විසදුමක් ගැන කිසිම කතාවක් වුනේ නැහැ කියල සම්බන්ධන්‍රත් කියනව.ෆොන්සේකාත් කියනවා.මේ ගැන රිපෝට් කරපු ( ආන්ඩුවේ බත්බැල මාධ්‍ය හැර) අනිත් හැම මාධ්‍යක්මත් කියනවා.ඔයාල විතරක් මෙන්න උ නැගෙනහිර එකතු කරන්න එකග වුනෝ කියල බෙරිහන් දෙනවා.ඔයාගේ හිතේ මනස්ගාත තිබුනට අපි මොනව කරන්නද?

//ආවේ 18ක් විතර. එතකොට බහුතරය මොකක්ද?//
දෙමල සන්ධානේ 3ට කැඩිල.ඒකෙ බහුතරය ඉන්නෙ අපි එක්ක කිව්වෙ ඔයාලගේ දේශප්‍රේමි මහලේකම් සිරිසේන.එතකොට "ඊලාම්වාදී' බහුතරය ඉන්නෙ ඔයාගෙ ලොක්ක ගාවනේ.හික් හික් හික්

//ජෙනරාල් සහ TNA අතර එකඟතාවක් ඇති වුණා කියලා. එකඟතා කියන්නේ ගිවිසුම්නේ//
ඔයා මාර සිංහල බෞද්ධයා වුනාට භාෂා දැනුම නම් ටිකක් හදාගන්න වෙයි.එකගතා කියන්නෙ ගිවිසුම් වලටද?ගිවිසුම නැති එකගතා ඇතිවෙන්න බැරිද?ජවිපෙ එජාපෙ සරත් එක්ක එකගතාවෙක ඉන්නවා.ඒත් ගිවිසුමක් තියෙනවාද?

//මේක ඇත්තටම ලිඛිතව අත්සන් කළ ගිවිසුමක්. තව ඒකේ තියෙනවා කොටි 10 000ක් නිදහස් කරන්න. //
ඔයා නිකම් ගිවිසුමේ සතය පිටපත ඇහෙන් දැකල වගේ කතාකරන්නෙ.ඔය ගිවිසුම ගැන විස්තර තියෙන නිව්ස් ලින්ක් එකක් පොඩ්ඩකට දානවද අපිටත් බලාගන්න.(ආන්ඩුවේ පච හොරනෑ වලින් හැර ස්වාධින එකකින්?)නිකම් කටට එන කොන්දේසි කියල අපිටත් පුලුවන් නැතිනම් බ්ලොග් ලියන්න.

Variable "X" said...

//ඒ විතරද දසුන්, එදා උතුරු නැගෙනහිර වෙන් කරන්න මේ රටේ ජනතා අභිලාෂය වෙනුවෙන් අධිකරණයට ගිය ජවිපෙ//
එහෙම ගියාම නැහැ නැහැ ඒක එකට තියෙන්න ඕනෙ කියල උසාවිය ඉදිරියේ කිව්වෙ දේශප්‍රෙමි සිංහල බෞද්ධ මහින්දගේ ආන්ඩුව.මොකෝ ඒ ගැන කියන්නේ?
මේ චන්දේදි උ නැගෙනහිර එකතු කිරිමක් ගැන කිසිම කතාවක් නැහැ.ඔය කවුරු කවුරුත් එකතු වෙලා තියෙන්නෙ වෙනස්කම් පැත්තක දාල අවම ප්‍රජාතන්ත්‍රවාදි වෙනස්කම් ටිකක් දිනාගන්න.උ නැගෙනහිර ප්‍රශනේ ආර්ථික අර්බුදය - මේ කිසිම එකක් ගැන මේ කැමපේන් එකේ කතානොකෙරෙන්නේ ඒව උඩ ජවිපෙට එජාපෙට එකට ඉන්න බැරි නිසා.මේ කැම්පේන් එක රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මහරජාගේ පාලනේට විරුද්ධව ගෙනියන සටනක්.ඒකට තමන්ගේ වෙනස්කම් මොහොතකට අමතක කරල සුලු ජාතින්‍රත් සහය දෙනවා.ඒ අය එකග වෙලා තියෙන කාරනා තියෙනවා.ඒ ගැන කතා නොකර එයාලගේ න්‍යාය පත්‍රයේවත් නැති දේවල් ගැන කතා කරන්නෙ තමන්ගේ බංකොලොත්කම වහගන්න නේද?

//රටේ නියම ජාතික බලවේගය වෙනුවෙන් පෙළ ගැහෙන්න. මව්බිම දිනවන්න//
මවුබිම දිනවන්න නම් මිනිස්සුනගේ බදු සල්ලි ටිකටත් පගා ගහන ජරා පාලනේ ගෙදර අරින්න ඕනෙ.භික්ෂුන් වහන්සේව බොරු චෝදනා මත සිරගත කරන මජර පාලනේ ගෙදර හරින්න ඕනෙ.දුවලට අමෙරිකාවේ සාද දාන ගමන් මිනිසුන්ගේ බඩගින්නට නැසූකන්ව ඉන්න තක්කඩි පාලනේ ගෙදර යවන්න ඕනෙ.හරියට සෞඛ්‍ය ප්‍රතිපතතියක් හදාගන්න බැරිව රෝගින් මරුමුව යවන අසාර්ථක පාලනේ ගෙදර අරින්න ඕනෙ.
ඒකට නාමල් මහත්තයා 26 වෙනිද ගිහින් හංසය ඉදිරියේ කතිරය ගහල මහින්ද රජතුමාව පන්නලා දාන්න.එතකොට මවුබිම දිනයි.

නාමල් උඩලමත්ත said...

මේ රට සිංහලයින්ගේ රට පමණ යැයි අප කිසි විටක කියා නැත. එසේ කීවේ අද ක්‍රිෂ්ණ දෙවියන් බවට පත්ව සිටින ඊළාම්වාදීන් දණ්ඩ නමස්කාර මේ ෆොන්සේකා බව ජනතාවට අමතක නැත.
තමා කිසි දිනක උතුරු නැගෙනහිර එක් නොකරන බව මහින්ද ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ මෑතක දී ය.
තමා ෆොන්සේකට සහය දෙන්නේ මහින්ද පරාද කිරීමට බව කීවේ සම්බන්ධන් ය. ඒ අනුව සැබෑ යුද වීරයා මහින්ද බවත් සරත් යනු ඔහුගේ අණ ක්‍රියාවට නැංවූ අයෙකු පමණක් ලෙස ඔවුන් සිතන බවත් පැහැදිලිය.
රනිල් ෆොන්සේකා ගිවිසුමක් අත්සන් කළ බව කීවේ තුරෙයිරත්නසිංහම් නම් TNA මන්ත්‍රී ය.

ගිවිසුම ගැන කියන ලංකා ට්රුත් යනු ජවිපෙ සම්බන්ධ අඩවියක් බව කිව යුතු නැත.
සම්බන්ධන් ෆොන්සේකා ගිවිසුම ගැන මේ තැන්වල තොරතුරු ඇත.
http://asiantribune.com/news/2010/01/07/fonseka-%E2%80%93-tna-agreement-north-east-re-merger
http://beta.thehindu.com/news/international/article76689.ece
ද්‍රවිඩ ජනතාව මධ්‍යස්ථ මතවාදීව් යැයි පවසන්නේ කවුද යන්න අපට අදාළ නැ. ප්‍රභාකරන්ගේ සියලු ඝාතන සාධාරණීකරණය කළ ඒ වෙනුවෙන් හඬ නැඟු අය මධ්‍යස්ථවන්නේ කෙසේ දැයි ජනතාව සිතා බැලිය යුතුය. මසකට පෙර හිරේ සිටින කොටි 10 000 මරා දැමිය යුතු යැයි කී මේ සිංහලයාගේ රට බවත් සෙසු අය ඔවුන්ට අවශ්‍ය ලෙස සිටිය යුතු බවත් කී පුද්ගලයා අද කොටි සුරතලා වීම නම් අපට පුදුමයක් නොවේ.
'කාර් කියන්නේ වාහනනේ' කී කල 'ආ කාර් විතර ද වාහන කියන්නේ ?' කියා පෙරලා අසන්නන් අනුන්ගේ භාෂා දැනුම සොයන්න පෙර තමන්ගේ ඔළුව පරික්ෂා කර ගත යුතු ය.
අපි ඒකීය රට වෙනුවෙන් පෙනී සිටිමු. ඊට විරුද්ධ වන්නන් සමග අපට දේශපාලන ගනුදෙනු නැත. ඒකීයභාවය පිළිගන්නා සිංහල දෙමල මුස්ලිම් ඕනෑම අයෙකු මේ රටේ සියලුම තණතුරුවලට සුදුස බව අපි තරයේ විශ්වාස කරමු.
හංසයාට ඡන්දය දීමෙන් නැවත ලෝකයට හිට්ලර් කෙනෙකු තැනීමේ මහා පාපයට අත ගසන්නට අපට බැරිය. එහෙයින් එදා සිට ද්‍රෝහී පාර්ශවය නියෝජනය කළ ඔබට ම ඒ සඳහා ද මා නොකැඳවන මෙන් ඉල්ලා සිටිමි.
එදා යුද්ධයට විරුද්ධ වෙමින් කොටි වෙනුවෙන් පෙනී සිටි පාර්ශවයට ෆොන්සේක ගිය පමණින් ඒ රැළ දේශප්‍රේමී වන්නේ නැත. අශූචි වළකට සිංහයෙක් පැන්න කල අශූචි වළට සිංහානුභාවය ලැබෙන්නේ නැත. වන්නේ සිංහයා බලු වීම පමණි.

 
සිය රට දේ සිරි සැප දේ !