Wednesday, November 4, 2009

දෙවියනි ඔබ කොහිද?

අප මේ වැකිය ලියන්නේ කිසියම් ආගමක්‌ කෙරෙහි හටගත් ද්වේෂයකින් හෝ කිසියම් ආගමකට ගැරහීම සඳහා නොවන බව මුලින්ම කියමු. කෙනෙකුට පහර දෙන විට ඔහුගේ ආගමට ජාතියට කුලයට සහ ඔහු හෝ ඇය ආදරය කරන දේට අත නොතැබිය යුතු බව එදා සිටම මේ තීරුව ඔස්‌සේ අපි සඳහන් කර ඇත්තෙමු. එහෙත් උසස්‌ ආගමික නායකයන්, වක්‌තෘවරුන්, දෙවියන් යනාදීන් ඇපයට තබා තම අරමුණ ඉටු කර ගැනීම සඳහා කටයුතු කරන්නට ගොස්‌ එයින් මිනිස්‌ ජීවිත හානි වූ විට ඒ සම්බන්ධයෙන් අපගේ මතය සඳහන් කරන්නට අපට අයිතියක්‌ තිබේ. අද අප පාවිච්චි කරන්නේ ඒ අයිතියයි.

විහාරමහා දේවි උද්‍යානයේ පැවැති යාඥ මෙහෙයකට පැමිණි රෝගී කාන්තාවන් දෙදෙනකු රෝගය උත්සන්න වීමෙන් ක්‌ලාන්තව ඇද වැටී රෝහල් ගත කළ විට මිය යැමේ පුවතක්‌ ඉකුත් සඳුදා (02 දා) වාර්තා විය. රූපවාහිනී නාළිකා ඔස්‌සේද පෙන්වන ලද මේ සිද්ධියට නිසි ප්‍රචාරය දැනටමත් ලැබී තිබේ. මේ යාඥ මෙහෙයේ අරමුණ දේව හාස්‌කමින් රෝග සුව කිරීම බව කියනු ලැබේ. මේ සිද්ධියට අමතරව බත්තරමුල්ලේ කොස්‌වත්ත ප්‍රදේශයේ පවත්වන ලද මෙවැනිම යාඥ මෙහෙයකට සහභාගි වූ කාන්තාවක්‌ ඒ මෙහෙය අතරතුරදී වෙවුලන්නට පටන්ගෙන රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියාය. එයද 02 වැනිදා දිවයිනේ පළවිය.

ලෙඩ සුව කර ගැනීමට දොස්‌තරවරයකු හෝ වෙද මහතකු වෙත නොගොස්‌ විවිධ දේවගැතිවරුන් සහ පූජකයන් සමග යාඥ කරමින් සිට මියගිය සංඛ්‍යාව ඉකුත් වසර 05 තුළ සැලකිය යුතු ආකාරයෙන් ඉහළ ගියේය. ඒ මළමිනී ගොඩට ගෙන ඒවා එකින් එක ගැන මරණ පරීක්‌ෂණ පැවැත්වීමේ අදහස අප තුළ නැත. රෝගයක්‌ වැළඳුනු විට දෙවියන්ට බෙහෙත් අවශ්‍ය නැත. (නැතහොත් දෙවියන්ට රෝග වැළඳෙන්නේ නැත.) එහෙත් මනුෂ්‍යයන් වූ අපට රෝගයක්‌ වැළඳුනු විට බෙහෙත් අත්‍යවශ්‍යය. රටපුරා රෝහල්, වෛද්‍ය මධ්‍යස්‌ථාන සහ සායන දහස්‌ ගණනක්‌ ආණ්‌ඩුවේ වියදමින් පිහිටුවා ඇත්තේ මේ කාරණය පිණිසය. ඒ අතර විශ්ව ශක්‌තියෙන් ලෙඩ සුව කිරීම, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් මගින් ලෙඩ සුව කිරීම, මළයාලි වශී ගුරුකම් සහ භෞතික නිර්වචනවලට අසු නොවන ක්‍රම මගින් ලෙඩ සුව කිරීම මේ දිනවල යහමින් දැක ගත හැකිය. යාඥ මගින් ලෙඩ සුව කිරීමද මෙවැන්නකි. මෙයද අතට හසු නොවෙයි. මෙහි බෙහෙත් නැත. ශුද්ධ වූ ජලය, මතුරන ලද තැඹිලි වතුර යනාදිය මෙයට අඩංගුය. ලෙඩා පණ අදින විට පවා ඔහු රෝහලකට රැගෙන නොගොස්‌ දිගින් දිගටම යාඥ කිරීම මෙහි ලක්‌ෂණයකි. අන්තිමේදී ලෙඩා මළ විට ඔහුගේ හෝ ඇයගේ ආත්මය දෙවියන් විසින් රැගෙන යනු ලැබ ඇතැයි ප්‍රකාශයට පත් කරනු ලැබේ. එහෙත් මිනිය කපා බැලූ විට හෙළි වන්නේ උත්සන්නවූ රෝගයට ප්‍රතිකාර නොකළ බැවින් මරණය සිදු වී ඇති බවය.

විද්‍යාවට සියලු දෙයම හසු කර ගත නොහැකි බව අපි පිළිගනිමු. මරණින් මතු ජීවිතය, ගන්ධබ්බ කාලය, ආත්මවාදය වැනි කරුණු අදටත් අභියෝගයට ලක්‌ කළ නොහැක. එහෙත් කෙනකු අසනීප වූ විට හාස්‌කම් පිළිබඳ අවදානමක්‌ නොගෙන ලෙඩා රෝහල්ගත කරන්නේ නම් ඔහුට තවදුරටත් ජීවත්වීමට හැකි වනවා ඇත. යාඥ මෙහෙයකදී කෙනෙකු මියගිය විට එය එම මෙහෙය සිදුකළ ආගමික නිකායටද ඉතා නරක ලෙස බලපායි. විහාරමහා දේවි උයනේදී මෙන්ම බත්තරමුල්ලේ කොස්‌වත්තේදී වූ මරණවලින් පෙනී යන්නේ දේවගැතිවරුන් සහ බැතිමතුන් සහභාගි වුවද එම යාඥ මෙහෙයට දෙවියන් ඊට සහභාගි වී නැති බවය. දෙවියනි ඔබ කොහිද?

(දිවයින - 09/11/05)

ටිප්පණිය - ලංකාව පුරා මේ ආකාරයේ විවිධ ආගමික කල්ලි අහිංසක නූගත් මිනිසුන් ගොදුරු කර ගනිති. ඉන් බහුතරය බෞද්ධයින් බව නොකියා ම බැරි ය. රටේ අතිබහුතරය බෞද්ධයින් වුව ද නායකයින් බොහෝ දෙනා ජාතික ඇඳුම ඇඳ අතේ පිරිත් නූල් බැන්ද ද ඊට එරෙහිව ගත් ක්‍රියාමාර්ගයක් නැත. සිදුවන්නේ ඒ අහිංසක මිනිසුන්ගේ කරමතින් උන් සුරලොව ගොස් ඒ හිණි මගට පයින් ගැසීම පමණි. ජනතාව සිය සංස්කෘතිය ද ආගම ද පෞඪත්වය ද අහිමි කර ගනිමින් ඒ නරා වළේ ම පැසවති. ඔවුන් දෙවියන්ගේ බැල්ම වැටෙන මානයෙන් බොහෝ ඈත ය.

4 comments:

Unknown said...

සහතික ඇත්ත.. මේ අය ලෙඩ සුව කරනවාය කියල කරන්නෙ ‍‍‍බෞද්ධයින් අන්‍යාගමි කරනය‍‍‍‍‍....

බලන්න මුන් මේ අන්‍යාගමික කරනයට අල්ල ගන්නෙ දුප්පත් නූගත් මිනිස්සු. මේකෙදී මැ‍රුණු දෙන්නා එක්කෙනෙක් අම්බලන්‍ගොඩ අනිත් අය මාතලේ.

මෙහෙම ඈත පිටිසර ගම් වල මේ මිෂනාරි ත්‍රස්තවාදය ‍පතුරව‍න්නෙ අපේ රටේ දුප්පත් බෞද්ධයන්ව මිෂනාරි අන්‍යාගමික කරල ඔවුන්ව ‍බෞද්ධ විරෝධී කරල මේ පුංචි රටෙන් මේ උතුම් බෞද්ධ දර්ෂනය සදහටම තුරන් කරන්න.

ඒකට මේ මිෂනාරි පාදිලි හැත්තටයි උන්ගෙ ගෝල බාලයින්ටයි පිටරටවලින් හොදට සල්ලි දෙනව.

මෙන්න ඒ නිව්ස් එක ස්වර්ණවාහිණිය‍ට තර්ජනය කරල මේක දාන්නත් එපා කියල

http://www.youtube.com/watch?v=NaM8JM30QRo&

http://www.srideshaya.com/sriblog/?p=265

නාමල් උඩලමත්ත said...

මේක අවසානය නෙමෙයි. ඊනියා ආගමික සහජීවනයක් ගැන කතා කරන ආණ්ඩුව තව කොච්චර කල් මිනිමරුවන්ට රටේ ජනතාව බිලිගන්න ඉඩ දේවි ද?

කොච්චි මිරිස් said...

dudes.....before that try to establish democracy and human rights in the country.

නාමල් උඩලමත්ත said...

පිටරට එවුන්ගේ මානව අයිතිවාසිකම් ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම තමා මේ රටේ හෙනේට හිටියේ. ඔය හැම අයිතිවාසිකමක් ම මේ රටේ ඔනෑවටත් වඩා තියෙනවා. ඒ නිසා තමා එක එක කුපාඩින්ට පුළුවන් වෙලා තියෙන්නේ තැන් තැන්වල අන්තවාදී ආගමික ගුබ්බෑයම් පටන්ගෙන මේ විදිහට රට බිලිගන්න. තමන්ගේ නිදහස අනෙකාගේ නිදහසට බාධාවක් වනවා නම් ඊට කලින් ඒ නිදහස අවසන් වෙනවා කියලා තේරුම් ගන්න බූරුවෙකුට වඩා හිතන්න පුළුවන් මොලයක් තියෙන්න ඕන කියලා නම් මම පිළිගන්නවා.

 
සිය රට දේ සිරි සැප දේ !