වන්නියේ දෙමළ ජන ඝනත්ත්වය වෙනස් කිරීමේ අරමුණින් කිලිනොච්චිය සහ මුලතිව් ප්‍රදේශවල 30% ක සිංහල ජනගහනයක් පදිංචි කිරීමට ආණ්‌ඩුව කටයුතු කරන්නේ යෑයි දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පවසයි. ඔහු මේ බව සඳහන් කර ඇත්තේ තමිල්නාඩුවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි මන්ත්‍රී කණ්‌ඩායමක් සමඟ ය. ආණ්‌ඩුව මේ ප්‍රදේශවල බෞද්ධ ස්‌ථූප ඉදිකරගෙන යන බව ද ප්‍රේමචන්ද්‍රන් කියා තිබේ. ප්‍රේමචන්ද්‍රන් මේ ප්‍රකාශ මගින් සමාජයේ ඉතා සංවේදී ස්‌ථාන දෙකක් ස්‌පර්ශ කර ඇත. පළමුවන ස්‌ථානය වූ කලී ජාතිවාදයයි. දෙවැනි තැන, ආගම් වාදයයි. මේ දෙකම ගිනි ඇවිලෙනසුළු ආධ්‍යාත්මික මර්මස්‌ථානයන් ය. දෙමළ ජනයා වාසය කරන ප්‍රදේශවල සිංහල ජනපද අලුතින් පිහිටුවන විට දෙමළ ජනයාගේ හිත් රිදෙයි. මේ ප්‍රකාශවල අරමුණ උතුරු නැගෙනහිර දෙපළාත් නැවත වරක් ගිනි තැබීම බව අපගේ අදහස ය. අපගේ අදහස තවදුරටත් විස්‌තර කිරීමට පෙර සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ගැන සහ ඔහු අයත් දේශපාලන මතවාදය ගැන පිරික්‌සා බැලීම වැදගත් ය.
සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් සාමාජිකත්ත්වය දරන දෙමළ ජාතික සන්ධානය වූ කලී ප්‍රභාකරන්ගේ සහ කොටි සංවිධානයේ දේශපාලන අංශය ලෙස කටයුතු කළ දේශපාලන පක්‍ෂයයි. ප්‍රභාකරන් වන්නියට වී මිනී මරණ විට කොළඹ සිටි දෙමළ ජාතික සන්ධානය කළේ එම සංහාර සහ මනුෂ්‍ය ඝාතන සාධාරණීකරණය කිරීම ය. රට කැඩීම සිය න්‍යාය පත්‍රයේ ප්‍රමුඛස්‌ථානයේ තබාගත් දෙමළ ජාතික සන්ධානය සිය අරමුණ ඉටුකර ගැනීම සඳහා ස්‌වදේශික මෙන්ම විදේශික මට්‌ටමින් ද ක්‍රයාත්මක විය. වන්නිය යනු එදා සිටම සිංහල බෞද්ධයන් පදිංචිව සිටි, එකී සිංහල බෞද්ධයන්ට වන්දනාමාන කිරීම සඳහා වෙහෙර විහාර සහ ස්‌ථූප පිහිටුවා තිබූ ප්‍රදේශයකි. එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදය ආරම්භ වීමත් සමඟ වන්නියේ සිංහල ජනයා සංහාරය කිරීම ඇරඹිණ. ඊළඟට වන්නියේ සිටි සිංහලයෝ පණ බේරාගැනීම සඳහා වන්නිය අත්හැර දමා ආරක්‍ෂිත ප්‍රදේශවලට පැන එන්නට පටන් ගත්හ. මෙසේ පැමිණීමේදී ගෙවල් සහ විහාරස්‌ථාන කරතබාගෙන පැමිණීමට නොහැකි බැවින් ඒවා අත්හැර දමා එන ලදී.
ත්‍රස්‌තවාදීහු මේ වෙහෙර විහාර පොළවට සමතලා කළහ. වන්නියේ නැවත සිංහලයන් පදිංචි කරනවා නම් එය ස්‌ථිර වශයෙන්ම කළ යුතු දෙයක් වන්නේ ඒ භූමියට ඇති අයිතිය සිංහලයන් සතුව තවමත් ඇති නිසා ය. බිමට සමතලා කෙරුණ වෙහෙර විහාර ද නැවත ඉදි කළ යුතුම ය. ඒවා ඉදිකිරීමට හෝ සිංහලයන් තම මුල් බිම්වල පදිංචි කිරීමට හෝ විරුද්ධ වීමට කාටවත් නොහැකි බව තරයේ කියමු. එසේම දෙමළ ජනයා ද එහි පදිංචි කළ යුතුය. කොළඹ, නුවර හා මාතර සිටින දෙමළ ජනයා මෙන් නිදහස් ජීවිත ගතකිරීමට වන්නියේ සිටින දෙමළ ජනයාට ද හැකිවිය යුතු ය. ඒ අතර ඒ අයිතිය රටේ හැම තැනකම සිංහලයන්ටත්, මුස්‌ලිම් හා බර්ගර් ජාතිකයන්ටත් තිබිය යුතුය.
සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මේ සූදානම් වන්නේ කේළාම් කියා නැති කරදර ඇති කිරීමටයි. කොටි සංවිධානයේ බළල් අතක් වන ඔහු නැවතත් මේ රට තුළ බෙදුම්වාදය ඉස්‌මතු වනු දැක්‌මේ ආශාවෙන් පෙළෙන බව පැහැදිලි ය. කොටි සංවිධානය විනාශ වීමෙන් බොහෝ දෙනකුට ආදායම් මාර්ග අහිමි විය. එසේ ආදායම් අහිමි වූ අය ඒ ආදායම් නැවත උපදවා ගැනීමට තැත් කරති. ප්‍රේමචන්ද්‍රන් තමිල්නාඩු මන්ත්‍රීවරුන්ට කියූ කතාව ගැන අපට කීමට ඇත්තේ එපමණ ය. මිනිසුන් එදා වේල සඳහා මෙපමණ බොරු කිව යුතු නැත.
(දිවයින - 09/10/13)
ටිප්පණිය - සුරේශ් ප්‍රේමචන්ද්‍ර කියු කතාවෙහි වරදක් මට නම් නොපෙනෙ. එදා සිට ම කොටියා සමග එක්ව බෙදුම්වාදය වෙනුවෙන් පෙනී සිටි ඔහු මෙන් ම බොහෝ ඊලාම්වාදීන් සිතා සිටින්නේ උතුරු නැගෙනහිර දෙමළ නිජබිම බව ය. එහෙත් සැබෑව නම් මේ සියලු ඊලාම්වාදීන් අසල්වැසි 'දෙමළ රාජ්‍යය' හෙවත් තමිල්නාඩුවෙන් ලංකාවට පැමිණි අය බව ය. එය ශත වර්ෂ ගණනක් තිස්සේ සිදු වූවකි. අප කියන්නේ ඔවුන්ට උතුරු නැගෙනහිර ජීවත්වීමට අයිතියක් නැති බව නම් නොවේ. එහෙත් මේ කොටසේ අපේ පමණ යයි කීමට බිම් අඟලක් මේ රටේ ඔවුන්ට නැත. කොටියා විසින් උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් පළවා හැරි සිංහල මුස්ලිම් දෙමළ ආදී සියලු වැසියන් සිය මුල් ගම්බිම්වල නැවත පදිංචි කළ යුතු ය. එවිට එම ජනතාව සුපුරුදු ලෙස සමගියෙන් ජීවත් වනු ඇත.
Monday, October 12, 2009
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment