අප මේ රටේ ගව ඝාතනයට විරුද්ධ යැයි කී කල ඇයි කුකුළා කළු ද? ඌරා කැතද? කියා උගත්තු අපෙන් පෙරලා අසති. මෙය හුදු ආගමික කාරණාවක් නොව සංස්කෘතික කාරණාවක් බව අවබෝධ කර ගැනීමට මේ උගතුනට නොහැකිය. සැබෑම කාරණාව ආගම සහ සංස්කෘතිය වෙනම වෙනම අවබෝධ කර ගැනීමට තරම් මොවුන් තීක්ෂණ නොවීමය.
කුකුළා කළු දැයි ප්‍රශ්න කරන උගතුන්ගෙන් මට ඇසීමට ප්‍රශ්නයක් ඇත. විවිධ වර්ගයේ බල්ලෝ ලංකාවේ සිටිති. ලංකාවේ බල්ලන්ට (උන් අපේ නිසා වල් බල්ලන්ය.) අමතරව විවිධ වර්ගයේ රට බල්ලන් ඒ අතර වේ. චීන්නු සහ කොරියානුවෝ බලු මස් රස කර බුදිති. එය ඉතා ප්‍රණීත ආහරයකියි ඔවුහු කියති. ඉතින් ඔබ බලු මස් නොකන්නේ ඇයි? ඔබේ සංස්කෘතික පරමාදර්ශය වන බටහිර රටවල මිනිසුන් බලු මස් නොකන්නේ ඇය?
ඇයි බල්ලා කළු ද?
ඔය වෙන පාට බල්ලෝ ඉන්නේ.
ඇයි බල්ලා කැත ද?
ඇයි ඔය ලස්සන මයිල් දිග, කොට බල්ලෝ. උස බල්ලො, බිං බල්ලෝ. දිග බල්ලෝ, කොට බල්ලෝ. එක එක තාලේ බල්ලෝ ඉන්නේ.
ඔබ බලු මස් නොකන හේතුව අවබෝධ කරගත හැකි නම් ඔබ බුද්ධිමතෙකි. නැත්නම් උගතෙකි. උගතාගේ සහ බුද්ධිමතාගේ වෙනස මේ දෙවැන්නාට අවබෝධ කරලීම කිසිදා කළ නොහැකි දෙයකි.
මතක තබාගත යුතු වැදගත්ම කාරණාව ඔබේ වෘත්තිය කියාපාන්නේ ඔබ උගතෙකු බව මිස බුද්ධිමතෙකු බව නොවේ. ඔබ කිසියම් විභාගයක් සමත්ව ඒ වෘත්තියට අදාළ කටයුතු කිරීමට සුදුසුකම් ලබා ඇත. එහෙයින් දොස්තර කෙනෙකුට වඩා කොන්දොස්තර කෙනෙකු බුද්ධිමත් විය හැකිය. එහෙත් මේ දෙදෙනාගෙන් උගතා දොස්තර බවට විවාදයක් නොමැත.
Monday, June 3, 2013
Subscribe to:
Post Comments (Atom)
14 comments:
අපි බලු මස් නොකෑවට. කන චීන්නුන්ටයි, කොරියන් කාරයින්ටයි අපේ විරෝධතාව පෙන්නල තියෙනවනෙ..
පොඩි හුටප්පරේකට තියෙන්නෙ අපි විරුද්ධ උනා කියල උං දන්නෙ නැති එක. මොකද අපේ බුකි ගිණුම උං බලන්නෙ නැහැ. අනික උන්ට සිංහල තේරෙන්නෙත් නැහැ..
ඉතිං අපි ඒකට මක් කරන්නද..!!!!
ලංකාවේ උගත්තු බලු මස් නොකන්නේ ඇයි?"
හරි සරලයි උත්තරේ. මෙහෙ ගන්න තැනක් නැ
හැබැයි ලංකාවේ හුඟක් උගත්තු බල්ලෝ වගේ කාගන්නවා
From FB.
Aŋil LäsäŋtĦã දොස්තර කෙනෙකුට වඩා කොන්දොස්තර කෙනෙකු බුද්ධිමත් විය හැකිය
From FB.
Priyan R. Wijebandara ගොන් පාට්!
From FB.
Buddhika Ranchagoda ඔය බුරු කතා කියන්නේ ඕල්කොට් බෞද්ධයෝ..!
From FB.
Ranga M. Weerakkody නියම කතාව
From FB.
Amila Pathirana
තමන්ගේ සංකෘතියට අනුව යමක් හොදය හෝ නරකය කියා තීරණයකර අ අනුව වෙනත් සංස්කෘතියක අයට අ හොඳ නරක වලට අනුව ජීවත් වන්න යි කීම මම නම් දකින්නේ වැරද්දක් විදියට.
From FB.
Namal Udalamatta
ලොව කිසිදු සංස්කෘතියකට සියලු දෙනා තෘප්තිමත් කළ නොහැකිය. චීනෙකුට එංගලන්තයේදී සිය ප්‍රියතම බලු මස් නොලැබෙන අතර සුරා සොඬෙකුට ඉරානය වැනි රටක සුරාව නොලැබේ. එය සියලු සංස්කෘතිවලට පොදු දහමකි. සංස්කෘතිය මගේ නොවේ. ඔබේ ද නොවේ. එය පෞද්ගලිකත්වය ඉක්මවා ගිය පොදු ජන විඥානයට අයිති දෙයකි. අපට කළ හැක්කේ ජීවත් වන රටේ බලපවත්වන සංස්කෘතිය අනුව ජීවත්වීම පමණි. චීනෙට ගියාම චිනෙක් විදිහට ඉන්න යැයි ද වවුලාගේ මගුල් ගෙදර ගියා නම් එල්ලිලා ඉනු යැයි ද අපේ ගැමියන් කී උපහැරණවල ඇත්තේ ඒ දැනුමයි. හැබැයි සිංහල බෞද්ධයෙක් ඇමරිකාවට ගිහින් කීවොත් අපේ සංස්කෘතිය අනුව හටු කියලා ඌ තරම් මෝඩයෙක් ලොවේත් නැහැ. ඒ වගේම තමා ලංකාවට ඇවිත් ඇමරිකාවේ විදිහට ඉන්න ගියාමත්. ලංකාවේ කිසියම් ආගන්තුක සංස්කෘතියක් පැල කරන්න හැදුවාමත්. හරියට ගලේ පොල් හිටෙව්වා වගේ තමා.
From FB.
Amila Pathirana
ඔය කියන විදියට රටක තිබිය හැක්කේ එකම සන්කෘතියක්. රටක සංස්කෘති කීපයක් තියන්න පුළුවන්. දකුණේ සිංහල මනුස්සයාගේ සංස්කෘති යඊ උතුරේ දෙමල මනුස්සයාගේ සංස්කෘතියි අම්පාරේ මුස්ලිම් මනුස්සයාගේ සන්ස්ක්රුතියි වෙනස් .
"සිංහල බෞද්ධයෙක් ඇමරිකාවට ගිහින් කීවොත් අපේ සංස්කෘතිය අනුව හටු කියලා ඌ තරම් මෝඩයෙක් ලොවේත් නැහැ.@ කියල කිව්වා ඔබට ලංකාවේ විදිද සංස්කෘති වල මිස්සු එහෙමෙහෙ යනවා කියල අමතක උනාද?
From FB.
Namal Udalamatta
රටක එක සංස්කෘතියකට වඩා තියෙන්න පුළුවන් කියන අදහස තමා බහු-සංස්කෘතිය කියන්නේ. ඒක තව දුරටත් පිළිගත හැකි සංකල්පයක් නෙමේ. කොටින්ම යල් පැනපු අදහසක්. සාමාන්‍යෙයෙන් ලෝකයේ සිද්ධ වෙන්නේ cultural assimilation කියන එක. ඒක සිංහලට දාන්න පුළුවන් සංස්කෘතික ස්වීයකරණය කියලා.
සෑම සමාජයකම එක් ප්‍රධාන සංස්කෘතියක් තියෙනවා. ඒ සංස්කෘතිය තුළ පවා විවිධ උප ප්‍රභේද තියෙනවා. සෙසු සංස්කෘති ප්‍රභේදවලට සිද්ධ වෙනවා ඊට අනුගත වෙන්න. ඇතැම් විට එවන් උප-සංස්කෘති මුළුමනින්ම ප්‍රධාන සංස්කෘතියට අවශෝෂණය වෙනවා. වැදි සංස්කෘතිය මෙලෙස ප්‍රධාන සංස්කෘතියට වේගයෙන් අවශෝෂණය වෙනවා. ඔවුන් දළඳා සමිඳුන්ට කරන මී පැණි පූජාව එකී සංස්කෘතික බලපෑමට නිදසුනක්. එය හැම විටම වෙන්නේ නැහැ. ලංකාවේ හින්දු සංස්කෘතිය සහ මුස්ලිම් සංස්කෘතිය ඒ සඳහා නිදසුන්. ඒවාට පවතින්න බැහැ කිසියම් දුරකට ප්‍රධාන සංස්කෘතියට අනුගත නොවී. මේ ටික නිදසුනකින් පැහැදිලි කිරීම පහසුයි.
මුස්ලිම් සංස්කෘතික රටවල කාන්තාවක් අනාචාරයේ හැසිරීම ප්‍රසිද්ධියේ ගල් ගසා මරා දැමිය හැකි වරදක්. ඒත් ඒක ලංකාවේ කරන්න බැහැ. සෞදි අරාබියේ ඉස්ලාම් ආගම මාරු කළොත් මරලා දානවා. නමුත් ලංකාවේ එහෙම බැහැ. කුරානය අනුව ඉස්ලාම් කාන්තාව හිස වසා සිටිය යුතුයි. එහෙත් ප්‍රංශයේ ඉන්න ලක්ෂ 10ක් වන මුස්ලිම්වරුන්ට ඒ සඳහා අවසර නැහැ. රුසියාවේ මුස්ලිම් පාසැල් ළමුන්ට පර්දාව දාන්න බැහැ. ඉස්ලාම් බැතිමතා සිකුරාදාට පල්ලි යන්න ඕන. හැබැයි ජපානයේ හෝ ඩෙන්මාර්කයේ මුස්ලිම් පල්ලි හදන්න බෑ. ඕස්ට්‍රේලියාවේ ප්‍රසිද්ධියේ යාතිකා ගයන්න බැහැ. මුස්ලිම් අය හලාල් කන්න ඕන. හැබැයි ඉන්දියාවේ හලාල් නෑ. ඒ කියන්නේ ඔවුන්ට සම්පූර්ණයෙන් සිය සංස්කෘතිය ක්‍රියාත්මක කරන්න නම් එය ප්‍රධාන සංස්කෘතිය මුස්ලිම් වන රටකට යායුතුයි. නැත්නම් තමන් සිටින රට තුළ සිය සංස්කෘතිය ව්‍යාප්ත කොට ප්‍රධාන සංස්කෘතිය යටපත් කොට ඉස්මතු විය යුතුයි. ඔවුන් ඇෆ්ගනිස්ථානය, ඉරානය, බංගලිදේශය, මාලදිවයින, ඉන්දුනීසියාව වැනි රටවල අනුගමනය කළේ මේ දෙවන ක්‍රමය. හැබැයි දැන් ඒ ක්‍රමය එතරම් පහසු නැහැ.
මේ ටික ඇති මං හිතන්නේ රටක ප්‍රධාන සංස්කෘතියක් ඇති බවත් සෙසු උප-සංස්කෘතිවලට ඊට අනුගත විමට සිදුවන බවත් අවබෝධ කරගන්න. ඇමරිකාවට ගිහින් අපේ සංස්කෘතිය අනුව ඉන්න කියලා පලක් නැහැ. ඒ දෙරටක ප්‍රධාන සංස්කෘති දෙකක්. හැබැයි ඒ සම්බන්ධය නෙමේ රටක ප්‍රධාන සංස්කෘතිය සහ උප-සංස්කෘති අතර තියෙන්නේ. අපිට අනුගත වෙන්න වෙනවා අපි ගිය රටේ සංස්කෘතියට. අර බොදු බල සේනා හාමුදුරුවරු ඇමරිකාවේ ගිහින් බුරියානි වැළඳුවා කියලා පහුගිය ටිකේ මේ ටික අවබෝධ කරගන්න බැරි අය. ඇමරිකාවේ ගොහින් ඒ රටේ තියෙන කෑම නොකා මොනා කන්න ද?
From FB.
Amila Pathirana
ඔය කියන විදියට බුදු හාමුදුරුවොත් බවන කරන්න කලින් යාග හෝම බිලි පූජා තියන්න ඇති පවතින ප්‍රදාන සංස්කෘතියට අනුව?
From FB.
Namal Udalamatta
මම කියන්නේ නැහැ ඔයා මං කියන දේ පිළිගන්න කියලා. ඔයාට ඕන මතවාදයක් දරන්න ඇහැකි. ඔයා සිද්ධාර්ත උපන් සමාජ දේශපාලන පසුබිම කියවලා තියෙනවා ද? සිද්ධාර්ත සමාන කරන්න පුළුවන් ද නූතන මස් වැද්දන්ට? කිසියම් යුගයක පහළ වු සුවිශේෂි චරිතයක් අරගෙන ඒ යුගයේ පැවති පොදු ජන ජීවිතය නිර්ණය කරන්න බැහැ.
සිද්ධාර්ත කියන්නේ බුද්ධත්වය පතා පෙරුම් පුරාගෙන ආ සුවිශේෂි චරිතයක්. ඔහු සිය ගිහි ජීවිතය ගත කළේ එවකට භාරත සංස්කෘතිය වෙච්චි හින්දු නැතහොත් එහි ප්‍රාථමික වෛදික සංස්කෘතිය තුළ. ඔහු එකල භාරතයේ ප්‍රචලිතව පැවති ප්‍රධාන විමුක්ති මාර්ග දෙක එනම් අත්ථකිලමතානුයෝගය සහ කාමසුඛල්ලිකානුයෝගය අනුගමනය කළා මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කොට බුදු බව ලැබීමට පෙර.
බුද්ධ චරිතය විමසිල්ලෙන් හැදෑරුවොත් පේනවා එවකට ඉන්දියාවේ මුල්බැස පැවති සංස්කෘතියට උන්වහන්සේට පවා අනුගතවීමට සිදුවූ බව. පන්සිල් පවා එවකට භාරතයේ තිබූ දෙයක්. බුදුන් කළේ එය අනුමත කිරීම පමණයි. වස් සමාදන් වීම වුණත් එහෙමයි. එහෙම නොකර පවතින්න බැහැ. අනෙක් අතට සියවස් කිහිපයකින් බුදු දහම නැවත මහා හින්දු සංස්කෘතිය තුළට අවශෝෂණය වෙනවා. හින්දු දහමේ එන දස අවතාරවලින් එකක් බවට බුදුන් පත් වෙනවා. මම කැමතියි විද්වත් සංවාදයකට. අමිල ඔයා, මම කියන දේවල් පිළිගන්න එපා. ඒ ගැන පොඩ්ඩක් හිතලා බලන්න. ඒ ඇති.
ඔබ බලු මස් නොකෑමට හේතුව කෙටියෙන් කිවහොත් සුද්දා බලු මස් නොකැමය. නැතහොත් අපට ඒ, පුරුදු නොකිරීමය. බොහෝ බටහිර වැසියන් සිය බලු සුරතලා සලකනුයේ පවුලේ කෙනෙකු ලෙසිනි. එවන් සතෙක් මරාගෙන කෑමට තරම් ඔව්හු තිරිසන් නොවෙති. බැරිවෙලාවත් අප යටත් කර ගන්නා විට සුද්දා බලුමස් කකා සිටියේනම් අද ලංකාවේ බලුමස් ප්‍රනීත අහරෙකි. අපගේ බටහිර වෙදුන්, පෝෂණවේදීන්, අනුකාරක පුස්සන් ආදීන් බලුමසේ පෝෂණ ගුණ ගැන පත්‍රිකා පල කරනු ඇත. බලුමස් නොකා වෙන මස් කන සිංහල බෞද්ධයන්ගේ කුහකකමට හා බලුමස් කෑමේ සිය (ඊනියා) අයිතියට බාධා කරන සිංහල බෞද්ධයන්ගේ අධිපතිවාදී ගෝත්‍රික මානසිකත්වයට එරෙහිව පිටු පුරා ලිපි පලවෙනු ඇත. සුද්දන් වෙනුවට චීනුන් ලංකාව ඇල්ලුවේ නම් මේ අය අද බලුමස් නයිමස් ගැරඩිමස් වල රසට සිහල බොදුනුවන් සමග සටනේය.
lankacnews.com/sinhala/main-news/96136/#comment-542867
Post a Comment