"සාහිත්‍ය කන්ඩද?" මේ ප්‍රශ්නය විටින් විට විවිධ පුද්ගලයන් විසින් විවිධ කාරණා අරභයා අසන ලද්දකි. මේ ප්‍රශ්නයට උත්තරය ස්‌ථිර වශයෙන්ම නැත යන්න ය. සාහිත්‍යය අනුභව කළ නො හැක. පොත් කියෑවීමෙන් බඩ නොපිරේ. එයින් විලි වසා ගැනීම ද කළ නොහැක. සාහිත්‍යය ප්‍රවාහන මාධ්‍යයක් ලෙස යොදා ගැනීමට නොහැකි නිසා එය ගමන් බිමන් යැම සඳහා යොදා ගැනීමට ද නො හැක. මේ නිසා හොඳ පොතකට වඩා කබල් බයිසිකලයක් වටිනා අවස්‌ථා තිබේ. එහෙත් සෑම වසරකම සැප්තැම්බර් මාසයේදී සාහිත්‍ය උත්සවය පැවැත්වීමත් සමඟම සාහිත්‍යය පිළිබඳවත් සාහිත්‍ය උත්සවයේ හොඳ නරකත් කුණාටුවක් මෙන් පැතිර යයි. එක්‌සත් ජනතා නිදහස් සන්ධාන ආණ්‌ඩුවේ පළමුවැනි සාහිත්‍ය උත්සවය අනුරාධපුරයේදී පවත්වන ලදී. එහිදී විමල් වීරවංශ කළ කතාවක අඩු පාඩු තිබීමෙන් මහත් සේ සංවේගයට පත් වූ විද්වත්තු සිය දිවි නසාගන්නා තත්ත්වයට පත්වූහ. ඊළඟ සාහිත්‍ය උත්සවය මාතරදී පැවැති අතර ධාරාණිපාත වැසි ඇදහැළීම නිසා උත්සවයේ ප්‍රාසාංගික පැත්ත අසාර්ථක විය. මෙවර පොළොන්නරුවේදී පැවැති සාහිත්‍ය උත්සවය අඩුපාඩුවලින් ගහණ වූ බව දැනගන්නට තිබේ. උත්සවය ආරම්භයේදී ජාතික කොඩිය එසැවීමට අමතක වීම, ප්‍රාදේශීය මාධ්‍යවේදීන් පොළොන්නරුවේ හෝටලයකට ගෙන්වා ආණ්‌ඩුව ගණනේ මත්පැන් පානය කරන්නට දීම වැනි කාරණා නිසා අවුල්කාරී තත්ත්වයක් මතුවී තිබේ.
පෙර කී සාහිත්‍ය උත්සව තුනම දැන් ඉතිහාසයට එක්‌වී ඇති බැවින් ද සාහිත්‍ය උත්සවය සංවිධානය කිරීමේ වැඩි බර කරට ගත් පියසිරි විඡේනායක ඇමැතිතුමාට පහරදීමේ කොන්ත්‍රාත්තුවක් අප විසින් භාරගනු ලැබ නැති බැවින් ද ඉදිරියේදී පැවැත්වෙන සාහිත්‍ය කලා මහෝත්සවයන්ට පසුගිය ඒවායින් පාඩම් ගන්නා ලෙස ඉල්ලමින් අපේ කතාවේ ඉතිරි කොටසට එළැඹෙමු. මේ රටේ අධ්‍යාපනයේ පිරිහීම ගමන් ගත්තේ 1970-77 සමගි පෙරමුණු ආණ්‌ඩු කාලය තුළය. එහෙත් මේ රටේ සාහිත්‍ය කලාවේත්, රංග කලාවේත්, ගීත කලාවේත් සිනමාවේ ස්‌වර්ණමය යුගය එකී 1970-77 යුගයට ය. මේ රටේ ලියෑවුණු හොඳම නවකතා, විශිෂ්ටතම කවිපොත් සහ සියයට සියයක්‌ම නිවැරැදි පරිවර්තන පොත් පළවුණේ ඒ කාලයේදී ය. (අප එසේ කියන්නේ මෙකල ඉංගිරිසියෙන් සිංහලයට නැඟෙන ඇතැම් පරිවර්තන කෘතියක් නැවත ඉංගිරිසි බසට පරිවර්තනය කළොත් එකී මුල් කෘතියට සම්පූර්ණයෙන්ම වෙනස් කෘතියක් උපදිනා බැවිනි.) ගීද මෝපසාංග් සිට ප්‍රාන්ස් කෆ්කා දක්‌වා ද, කාටාසිං ඩුග්ගාල්ගේ සිට ටී. සිවසංකර් පිල්ලේ දක්‌වාද, පැබ්ලෝ නෙරූදගේ සිට චිනුවා අචිබි දක්‌වා ද වූ උත්තම ලේඛකයන්ගේ පරිවර්තන බිහිවීම ද ජයසේන ජයකොඩි, සෝමවීර සේනානායක වැනි ලේඛකයන් පහළ වීමද මේ යුගයේදී සිදුවිය. ශ්‍රී ලංකාව බිහි කළ හොඳම කවියකු හා විචාරකයකු වූ විමල් දිසානායක කවි පොත් ලියුවේත්, සරත් අමුණුගම සාහිත්‍යය ගැන ලියුවේත්, ඒ. වී. සුරවීර හා ආර්. ආර්. සමරකෝන් පොත් ලියා සම්මාන ලද්දේත් මේ කාලයේදී ය. එකල අද මෙන් ප්‍රකාශන සමාගම් 1001 ක් තිබුණේ නැත. වැඩිම වුණොත් ප්‍රකාශන සමාගම් 10 ක් තිබෙන්නට ඇති. එහෙත් අදට වඩා සාහිත්‍ය නිර්මාණ පොත් එදා තිබුණේය. අද බහුලව ඇත්තේ පොත් පමණකි. සාහිත්‍යය සඳහා 1977 න් පෙර මුද්‍රණය කළ පොත් කියෑවිය යුතු ය.
මෙතැනදී මෙකල හොඳ නිර්මාණ බිහි නොවන බවට තක්‌සේරුවක් අප තුළ ඇතැයි ලේඛක මහත්වරුන් සහ ප්‍රකාශක සමාගම් කලබල විය යුතු නොවේ. අප කියුවේ පවත්නා තත්ත්වයේ සාමාන්‍යයයි. මේ රටේ කලාවට හා සාහිත්‍යයට පහර දීමේ කොන්ත්‍රාත්තුවක් අප භාරගෙන නැත. අපට අවශ්‍ය යහපත් දේ බිහිවනු දැකීමය.
(දිවයින - 09/09/08)
ටිප්පණිය - නිර්මාණකරුවා ද අදාළ සමාජයේ කොටසකි. එසේ නැතිව ඔහු හුදු ඕතපාතිකයෙකු නොවේ. එහෙයින් කිසියම් යුගයක සාහිත්‍යය එම යුගයේ කදිම පිළිඹුබුවකි. රසික රසඥතාව ඉන් මැනගත හැකි ය. එකල 'පෙර දිනයක මා පෙම් කළ යුවතිය' ගැන ගැයූ පෙම්වතා 'එක පාර මා මරන්න' යැයි අද ගයයි. එදා සමාජය ආදරයෙන් වැළඳ ගත් දෙයෙහි පරස්පරය අද සමාජය වන්දනා කරයි. ගැටළුව එය පිරිහීහක් වීම ය. ඊට හේතු සොයමින් අතීතයට දොස් තැබීමට වඩා එම අගාධයෙන් ගොඩ එන මං සොයනු වටියි. බයිසිකලය කයට ය. පොත මනසට ය. මේ දෙක ම සම ලෙස මිනිසාට අවැසිය යන දැනුම සමාජගත කිරීම වැදගත් ය.
Monday, September 7, 2009
Wednesday, September 2, 2009
චැනල් 4 සහ සෝල්හයිම්
තුවක්‌කුවක් අතින් ගත් මිනිසකු තවත් මිනිසුන් දෙදෙනකුට වෙඩි තබන වීඩියෝ පටයක් මේ දිනවල බ්‍රිතාන්‍යයේ චැනල් 4 නමැති රූපවාහිනි සේවාව ඔස්‌සේ ප්‍රදර්ශනය කරනු ලැබේ. මේ රූප පෙළ ඉතා අපැහැදිලි ය. කෙසේ වුවද මේ දර්ශනවල පැහැදිලි එකම කාරණය වන්නේ වෙඩි පහරට ලක්‌වන මිනිසුන් දෙදෙනාගේ සිරුරේ සම සුදු පැහැති බව පමණි. බ්‍රිතාන්‍ය රූපවාහිනිය කියන්නේ තුවක්‌කුව අතින් ගත් මිනිසා යුද හමුදා සෙබළකු බවත් වෙඩි කන මිනිසුන් දෙදෙනා කොටි සාමාජිකයන් දෙදෙනකු බවත් ය. පළමු කොට මේ කතාව පල් බොරුවකි. වෙඩි කන කොටි දෙදෙනාගේ සම සුදු පැහැ නම් ස්‌ථිර වශයෙන්ම ඔවුන් සුදු කුලී හේවායන් දෙදෙනකු විය යුතු ය. දැන ගන්නට ඇති පරිදි මේ රාජෙද්‍ර`හී, ජාතිෙද්‍ර`හී දර්ශන පෙළ සපයා, රට බෙදනු දැකීමට කැමැත්තෙන් සිටි "සිංහල කොටි සංවිධානයක්" බවට කට කතාවක් පැතිර යයි. අපේම එකා අප නසන්නට හදන විට පිට එකා මොනවා කළාම මොකද? සුදු සම ඇති යුරෝපීය හා ස්‌කැන්ඩිනේවියානු ජාතීන්ට අයත් කුලී හේවායෝ ලොව පුරාම යුද ගැටුම්වලට කුලියට ආත්මය සපයති. එල්.ටී.ටී.ඊ. සංවිධානය පැවැති කාලයේදී දෙමළ නොවන ජාතීන්ට අයත් කුලී හේවායන් සහ ගුවන් නියමුවන් එම සංවිධානය වෙනුවෙන් කුලියට වැඩ කළ බව ඉතා ප්‍රසිද්ධ කාරණයකි. අප හා බද්ධ වෛරයකින් පසුවන බ්‍රිතාන්‍යය, නෝර්වේ වැනි රටවල් අපට පහර දීම සඳහා මෙම අවස්‌ථාව පාවිච්චි කරති.
ප්‍රභාකරන් ඝාතනය වී, කොටි සංවිධානය දූවිලි බවට පත් වී, දෙමළ ඩයස්‌පෝරාවට උන්හිටි තැන් නැති වී, කේ. පී. කූඩු වී සිටින මෙකල බලවත් ශෝකයෙන් හා වේදනාවෙන් සිටි නෝර්වේ රටේ ජාත්‍යන්තර සම්බන්ධතා සංවර්ධනය පිළිබඳ ඇමැති එරික් සෝල්හයිම් (මෙය කැබිනට් ඇමැති තනතුරක්‌දැයි නො දනිමු.) පෙර කී වීඩියෝව දැකීමෙන් බලවත් සතුටට පත් වූ බවත් පෙනෙන්නට තිබේ. ශ්‍රී ලංකාව තුළ යුද අපරාධ සිදු වී ඇති බවත්, මිනිසුන් දුසිම් ගණන් මැරුම් කා ඇති බවත්, මිනිසුන් අතුරුදන් වී ඇති බවත් කියන ඔහු මේ ගැන පරීක්‍ෂණයක් පවත්වන ලෙස එක්‌සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලයි. ඊළමට, ප්‍රභාකරන්ට සහ කොටි සංවිධානයට මෙවැනි ඉරණමක් අත්වේ යෑයි ඔහු සිහිනයකින්වත් සිතුවේ නැත. කෙසේ හෝ ඊළම ලබා දෙන බවට ඔහු ප්‍රභාකරන්ටත්, වෙනත් බලවත් රාජ්‍ය කිහිපයක වෙසෙන දෙමළ කණ්‌ඩායම්වලටත් පොරොන්දු විය. මේ සියලු දෙනා ඔහුට මුදල් දෙන්නට ඇති බවට අප තුළ සැකයක් තිබේ. එහෙත් සැකයේ වාසිය විත්තියට නිසා අවශ්‍යතාව පරිදි එම සැකය නැති කර ගැනීමට අප සූදානම් ය. කෙසේ වුව ද සෝල්හයිම් කරන චෝදනා ගැන විමසා බැලීම වැදගත් ය. ශ්‍රී ලංකාව තුළ මිනිසුන් දුසිම් ගණන් මියගිය බව වැරදි සංඛ්‍යාත්මක දත්තයකි. පසුගිය වසර 30 තුළ කොටි ත්‍රස්‌තවාදය නිසා මිනිසුන් දුසිම් ගණන් නොව දස දහස් ගණනින් මිය ගියහ. ප්‍රේමදාස මහතා ජනාධිපතිව සිටි කාලයේදී කොටින් සමඟ සටන් විරාමයක් ඇති කර ගත්තේ ය. හිටි ගමන් මේ සටන් විරාමය නිමාවට පත් කළ කොටි නැගෙනහිර පළාතේ සියලුම පොලිසි වසා දමා ඒවායේ සිටි පොලිස් නිලධාරීන් සහ කොස්‌තාපල්වරුන් අත්අඩංගුවට ගෙන එක් තැනකට රැස් කර වෙඩි තබා මැරූහ. එසේ මරා දැමීමට පෙර ඔවුන්ගේ මිනී වළවල් කපන ලෙස ඔවුන්ටම අණ කරන ලදී. ඒ වළවල් ඉදිරිපස එක පෙළට සිටුවන ලද නිරායුධ පොලිස් නිලධාරීන්ට වෙඩි තබා මරණ ලදී. මේ සිද්ධිය ද තමන් විසින් කළ හැම මෙහෙයුමක් මෙන් ම වීඩියෝගත කිරීමට කොටි පියවර ගත්හ. සමහර විට විස්‌කි වීදුරුවක් අතැතිව බදින ලද මාළුවකු කමින් සෝල්හයිම් ද මේවා නරඹන්නට ඇති. අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ නමස්‌කාර කිරීමට 1985 දී ගිය බොදුනුවන් සමූහයක් කොටින් විසින් සංහාරය කරනු කොටින් විසින් ම වීඩියෝගත කරනු ලැබ අන්තර්ජාලයට මුදාහැර ඇත.
සෝල්හයිම් කියන පරිදි මිනිසුන් අතුරුදන් වූ බව ද සැබෑවි. යුද්ධයට ගිය සිය සැමියා නැවත ගෙදර එන තුරු බලා සිටින බිරියන් දහස් ගණන් මේ රටේ වෙසෙති. උතුර - නැගෙනහිර වනයට මෙයට වසර කිහිපයකට පෙර දර කැඩීමට ගිය වැසියන් සිය ගණනක් තවමත් පැමිණ නැත. ඔවුන් දර කැඩීමට ගියේ ඇමේසන් වනයට නොව මුලතිව් කැලයට ය. මේ කැලය මැදින් යන අයට අදටත් මිනී ඇටසැකිලි දකින්නට ලැබේ.
මේ රටේ යුද අපරාධ සිදු වූයේ සටන් විරාම ගිවිසුම පැවැති කාලයේදී ය. මේ සටන් විරාමයට සෝල්හයිම් ද සම්බන්ධ ය. එ බැවින් යුද අපරාධ සිදු කිරීමට කොටින්ට සහාය දීම ගැන එරික් සෝල්හයිම් ද විත්ති කූඩුවට ගෙනා යුතු ය. සෝල්හයිම් නැතිව යුද අපරාධ නඩුවක් නැත.
(දිවයින - 09/09/03)
ටිප්පණිය - මෑත දී මාධ්‍ය ලේබලයට මුවා වී ත්‍රස්තවාදය රෝපණය කළ පුද්ගලයෙකුට මේ රටේ අධිකරණය සිර දඩුවම් නියම කළේ ය. එම චූදිතයාට එක්තරා සංවිධානයක් සම්මානයක් ලබා දුන් අතර තවත් රටවල් කිහිපයක් ප්‍රකාශ නිකුත් කර තිබේ. ඒ සියලු රටවල් සහ සංවිධාන සිය ක්‍රියා කළාපය මගින් මේර ටේ ජනතා ස්වාධිපත්‍ය සමච්චලයට ලක් කර තිබේ. බල්ලෙකු පය සැපූ කල පෙරළා ශිෂ්ටයෝ බල්ලා සපා නොකෑව ද ඊට නිසි ප්‍රතිකර්මයක් කළ යුතු ය. දඩාවතේ යන බල්ලන්ට බෙහෙත් විදිමින් කාලය නාස්ති කරනවාට වඩා අපට බෙහෙත් විදගෙන පරිස්සම් වීම ම යෙහෙකි.

Tuesday, September 1, 2009
බෙදුම්වාදයේ විෂබීජ හා ඊළාම් මළකඩ
දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ගෙන යන වැඩපිළිවෙළට සිය පක්‍ෂයේ පූර්ණ සහාය ලබා දෙන බව දෙමළ සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතා බී. බී. සී. ය සමග ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. අපි ඒ පිළිබඳව ඔහුටත් ඔහුගේ සංවිධානයටත් ප්‍රශංසා කරමු.
දෙමළ ජනතාව නියෝජනය කරමින් පාර්ලිමේන්තුව තුළ සිටින නියෝජිතයන් ලෙස ඔවුන් මෙම ප්‍රශ්නයේ ඉතා වැදගත් පාර්ශ්වයක් බව කිසිවෙකුට ප්‍රතික්‍ෂේප කළ නොහැකිය. සිංහල, දෙමළ මිත්‍රත්වය බිඳදමා එය ජාතිවාදී උමතුවක් ලෙස සිය ජනතාව අතරට රැගෙන ගිය වේළුපිල්ලේ ප්‍රභාකරන් ජීවත්ව සිටි දිනවල ඔහුගේ රූකඩයක් බවට පත්ව සිටි එම සන්ධානය දෙමළ ජනතාවගේ විමුක්‌තිය ප්‍රභාකරන්ගෙන්ම ලබා ගත යුතුය යන මුලාවට වැටී සිටි පිරිසකි.
අද දෙමළ සන්ධානයට සිය හෘදය සාක්‍ෂියට එකඟව මෙම ප්‍රශ්නය දෙස බැලීමට බාධාවක් නැති බව අපගේ විශ්වාසයයි. මන්ද යත් එදා ඔවුන්ගේ හිසට උඩින් ලඹ දුන් ෆැසිස්‌ට්‌වාදී භීෂණය අද අවසන්වී තිබේ. දැන් ඔවුන්ට මේ ප්‍රශ්නය පිළිබඳ අලුත් ඇසකින් බැලීමටද හැකිය.
ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංස්‌කෘතික, දේශපාලන යනාදී සියලු ක්‍ෂේත්‍රයන් පමණක් නොව සිංහල, දෙමළ, මුස්‌ලිම් ආදී සියලු ජනවර්ගයනුත් විනාශ මුඛයට රැගෙන ගිය තිස් අවුරුදු ත්‍රස්‌තවාදය සමග අලඡ්ජි ලෙස බැඳී සිටි බටහිර රටවල් හා මාධ්‍ය ආයතන ද විය. විශේෂයෙන් බටහිර මාධ්‍යත්a ඔවුන් සමගම සිටි අල්ජසීරා වැනි ආයතනත් ප්‍රභාකරන්ට දැක්‌වූ පක්‍ෂපාතිත්වය අපට මතකය.
රජයේ ආරක්‍ෂක හමුදා පිළිබඳව වැරැදි හා ද්වේෂ සහගත චිත්‍ර ලොවට රැගෙන යැමට මේ ආයතන ක්‍රියාත්මක වූ බවට ඉතිහාසය සාක්‍ෂි දෙයි. ආසියාවේ නවෝදය නොඉවසන බටහිරයෝ අදත් එයට ගිනි තැබීම සඳහා විවිධ මං සොයති. නොබෝදා චැනල් ෆෝ මෙරට හමුදාව ගැන විකෘති මෙන්ම අසත්‍ය වැඩසටහනක් ප්‍රචාරය කිරීමෙන් තහවුරු වන්නේ තවමත් ඔවුන්ගේ අරමුණ ත්‍රස්‌තවාදයට අනුබල දීම බවය.
කෙසේ හෝ දැන් ඔවුන් ප්‍රභාකරන්ගේ ඇටසැකිලිවලට පණ දීමටත් ත්‍රස්‌තවාදයේ බීජ තැන් තැන්වල වැපිරීමටත් නොඉවසිල්ලෙන් සිටින බවද පැහැදිලිය. දැන් මේ සියලු දෙනාම පාහේ බලා සිටින්නේ අවතැන් වූවන් රඳවා සිටින කඳවුරු දෙසය. කඳවුරුවල දෙමළ, ජනතාව පීඩාවට පත් කරන බවටද ඔව්හු මැසිවිලි ද නඟති.
ප්‍රභාකරන් ඝාතනය වීමෙන් පසු කේ. පී. හෙවත් කුමරන් පද්මනාදන් ඔසවා තබා යළිත් කොටි සංවිධානය අටවා ගැනීමට ගත් දීන ප්‍රයත්නය ද ව්‍යර්ථ විය. දැන් තවත් කොටි හිස් සොයනු විය හැකිය. එය මේ රට විනාශ කළ හැකි මාර්ගය බව ඔව්හු දනිති. ඒ හා සමඟම සරණාගතයන් දඩමීමා කර ගැනීමටද ඔව්හු වෑයම් කරති.
මේ සරණාගත කඳවුරුවල සිටින්නාහු සියල්ලෝම අහිංසක දෙමළ වැසියෝ නොවෙති. ඔවුන් අතර කොටි කාඩරයෝ ද වෙනත් කොටි සහායකයෝද ඇතුළු විවිධ පිරිස් සිටිති. සරණාගත කඳවුරුවල බලය මේ කොටි වලිගවලට ලබා ගැනීමේ අදිසි වෑයමක් පිළිබඳව ද නොබෝදා වාර්තා විය.
මේ කඳවුරුවල සිටින ලක්‍ෂ තුනකට ආසන්න පිරිසකගේ දෛනික මූලික ඕනෑ එපාකම් ඉටු කිරීම පවා ඉතා දුෂ්කර කාර්යයකි. රජය දරන වෑයම විවේචනයට බොහෝ අය සිටිති. කඳුළු සලන අය ද සිsටිති. ඒවාට ගොස් තතු විමසීමට නොදෙතැයි රණ්‌ඩු කරන අය ද සිටිති. එහෙත් මේ බොහෝ දෙනකුගේ අවංක අදහස ඒ ජනතාවට යහපත් ජීවන තත්ත්වයක් ලබාදීමම නොවේ. ඒ හා බැඳුණු තවත් අරමුණු ද වේ.
ත්‍රස්‌තවාදය පරාජය කළ නොහැකි යෑයි කී අයද මෙහි වූහ. අද ඔව්හු සිය නන්නත්තාර වීම් අමතක කර හමුදා ජයග්‍රහණ ගැන අත්පුඩි ගසති. හමුදාව කුලී කාරයන් ලෙස හැඳින් වූ අයද වූහ. අද ඔව්හු හමුදාවට මල්දම් පළඳවති. මේ අනුව මෙම සරණාගත ප්‍රශ්නය ද රජය බුද්ධිමත්ව විසඳිය යුතුය. ඒ සඳහා අවංකව උදව් දෙන අයට අවස්‌ථාවක් ලබාදීම වැරැදි නැත. එහෙත් කිඹුල් කඳුළු හෙළන අය ගැන ප්‍රවේශම් විය යුතුය.
දෙමළ සන්ධානයට මෙහිදී ප්‍රධාන භූමිකාවක් ලබාගත හැකිය. ඒ ඔවුන් මෙම ප්‍රශ්නයට අවංකව විසඳුමක් ලබාදීමට සූදානම් වන්නේ නම් පමණි. කුමක් හෝ පොටක් පාදා කොටි ඔසවා තැබීමට මාන බලන කිසිවකුට මෙහිදී ඉඩ දිය යුතු නැත.
සරණාගත කඳවුරු තුළ තිබෙන යම් යම් ප්‍රශ්න නිසා ඒවා තුළ රජය ගැන අප්‍රසාද හැඟීම් ද තිබීම සාධාරණය. ඒa වාසිය අතට ගෙන එම සරණාගත ජනතාව පාලනය කිරීම අතට ගැනීමට සමහරු යටිසූත්තර සාදතියිsද හෙළිවී තිබේ. රජය ඒ නිසා බුද්ධිමත්ව හා වගකීමකින් යුතුව මේ ජනතාව ඔවුන්ගේ ගම්බිම්වලට යෑවීමට පියවර ගත යුතුය.
ප්‍රභාකරන් විසින් දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරුන්ගේ හිස්‌වල හා මනසෙහි ද තැන්පත් කරන ලද බෙදුම්වාදී විෂබීජ හා ඊළාම්වාදයේ මළකඩ මුලිනුපුටා දමා, සිය ජනතාවගේ ප්‍රශ්න රජය හා එක්‌ව විසඳා ගැනීමට දෙමළ සන්ධානය සූදානම් වන්නේ නම් කොතරම් යහපත්ද? අපගේ ප්‍රාර්ථනාව ද එය එසේ වනු දැක්‌මයි.
(දිවයින - 09/09/02)
ටිප්පණිය - උදා වී ඇති නව දේශපාලන පරිසරය පිළිබඳ අපි සතුටු වන්නෙමු. මේ සහයෝගය ලැබෙන්නේ අවංක චේතනාවෙන් බවත් ඊළාම් සිහින රාජ්‍ය පිළිබඳ අවසන් බලාපොරොත්තුව ද අතහැර බවත් අපි තවදුරටත් විශ්වාස කරමු. ඒ පිළිබඳ විමසිල්ලෙන් සිටීමේ වගකීමක් රජයට ඇතැයි අපි සිතමු. දුර සිටින සතුරාට වඩා ළඟ සිටින මිතුරාගෙන් පරිස්සම් වීම අපහසු ය. එමෙන් ම මිතුරු වෙසින් ළඟ සිටින සතුරාගෙන් පරිස්සම් වීම ඊටත් වඩා අපහසු ය.

Subscribe to:
Posts (Atom)