සමහරුන්ගේ මතය වුයේ කොටි සංවිධානය කිසිදු දිනෙක යුදමය වශයෙන් පමණක් පරාජය කළ නොහැකිය යන්නයි. මේ මොහොත වනවිට එම මතයන් ද කොටි සංවිධානය මෙන්ම නින්දා සහගත පරාජයකට ගොදුරු වී ඇත. නමුත් එලෙස කොටි සංවිධානය යුදමය වශයෙන් පරාජය කළ නොහැකි බව ප්‍රකාශ කළ පුද්ගලයන්ගේ අදහස් මේ මොහොත වන විට පරාජයට පත්වී තිබුණත් ඒ පිළිබඳ කිසිදු ලජ්ජාවකින් බියකින් තොරව එම අදහස් ප්‍රකාශ කළ පුද්ගලයෝ, මේ මොහොත වන විට කොටි සංවිධානය යුදමය වශයෙන් පමණක් පරාජයට පත්වී ඇති බවත්, එය දේශපාලනමය වශයෙන් ද පරාජය කිරීම සඳහා දැන් දේශපාලන විසඳුමක් ලබාදිය යුතු බවත් අවධාරණය කරති.
මෙම පුද්ගලයන් අතීතයේදී කොටි සංවිධානය යුදමය වශයෙන් පරාජය කළ නොහැකි බවට තමන් ඉදිරිපත් කළ මතය සනාථ කිරීම සඳහා විවිධ මතවාදයන් ඉදිරිපත් කළහ. ගරිල්ලා සංවිධානයක් යුදමය වශයෙන් ලෝකයේ කිසිදු රටක පරාජයට පත්වී නොමැති බවත්, රජයේ හමුදාවන් වැටුපට යුද්ධ කරන නමුත් කොටි සංවිධානය තම අයිතිවාසිකම් ලබා ගැනීම සඳහා කැපවීමෙන් සහ ජාතික හැඟීමෙන් සටන් කරන බැවින් හමුදාවට ඔවුන් පරාජය කළ නොහැකි බවත්, කොටි සංවිධානය පරාජය කිරීමට නම් එම සංවිධානය දෙමළ ජනතාවගෙන් හුදකලා කිරීම සඳහා එම ජනතාව පිළිගන්නා දේශපාලන විසඳුමක් ප්‍රථමයෙන් ඉදිරිපත් කළ යුතු බවත්, මොවුහු ප්‍රකාශ කළහ. නමුත් මේ මොහොත වනවිට දෙමළ ජනතාව දිනා ගැනීම සඳහා කිසිදු දේශපාලන විසඳුමක් ඉදිරිපත් නොකොට ජාතික හැඟීමෙන් යුද වදින බව ප්‍රකාශකළ කොටි සංවිධානය පරාජයට පත් කර ඇත. එබඳු වු පසුබිමක් තුළ දැන් දේශපාලන විසඳුමක් ඉදිරිපත් කළ යුත්තේ කුමක් සඳහාද?
දේශපාලන විසඳුමක් ඉදිරිපත් කිරීමට දේශපාලන : ප්‍රශ්නයක් නොමැති වුවත් ඒ සඳහා පෙනී සිටින පුද්ගලයන්ට නම් ඒ සඳහා විවිධ හේතු සාධක ඉදිරිපත් කළ හැක. එම හේතු සාධක අතර දෙමළ ජනතාව මේ රට දේශපාලන බලයේ කොටස්කරුවන් නොවීම, 1956 දී සිංහල පමණක් රාජ්‍ය භාෂාව කිරීම නිසා ඇති වු ගැටලු විසඳී නොතිබීම, මෙරට තුළ සිංහල : බෞද්ධ ආධිපත්‍යයක් තිබීම ආදී වු හේතු සාධක ඒ අතර තිබෙන බව පැහැදිලිය.
එමෙන්ම මේ මොහොත වන විට දේශපාලන විසඳුමක් වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයන් සියලුදෙනාම 13 වැනි සංශෝධනය මගින් ස්ථාපිත කළ පළාත් සභා ක්‍රමය ශක්තිමත් කිරීම වෙනුවෙන් පෙනී සිටින බවද දැක ගත හැක.
මෙලෙස දේශපාලන විසඳුමක් වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයන් වර්තමානයේදී අවධාරණය කරන කරුණු අතීතයේදී ඩී. සුන්දරලිංගම්, ජී. ජී. පොන්නම්බලම්, එස්. ජේ. වී. චෙල්වනායගම්, අප්පාපිල්ලේ, අමිර්තලිංගම් වැනි දෙමළ බෙදුම්වාදී නායකයන් විසින් අවධාරණය කර ඇති බව මෙහිදී පළමුවෙන්ම සඳහන් කළ යුතුය. අද දේශපාලන විසඳුමක් වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයන් ලබා දිය යුතු බව සඳහන් කරන ඊනියා අයිතිවාසිකම් ලබා ගැනීම සඳහා සී. සුන්දරලිංගම්ගේ සිට අප්පාපිල්ලේ අමිර්තලිංගම් දක්වා වු නායකයෝ විවිධ උපක්‍රම අනුගමනය කළහ. සත්‍යග්‍රහ ව්‍යාපාර හර්තාල් පැවැත්වීම් වර්ජනය කිරීම්, සිවිල් නීති කඩ කිරීම් ඒ අතර විය. 1970 න් පමණ පසුව ඉහතින් සඳහන් ඊනියා අයිතිවාසිකම් ලබා ගැනීම සඳහා ත්‍රස්තවාදී ක්‍රියාවන්ද එක්විය. එම කටයුතු සිවකුමාර් වැනි තරුණයන් සහ "දෙමළ නව කොටි" වැනි සංවිධාන විසින් ආරම්භ කරන ලද අතර එහි අග්‍රඵලය වුයේ දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය සහ ප්‍රභාකරන් ය. ප්‍රභාකරන් කොටි සංවිධානය ආරම්භ කළේ සත්‍යග්‍රහ ව්‍යාපාර මගින්, සිවිල් නීති කැඩීම මගින් ලබා ගැනීමට නොහැකි වු ඊනියා අයිතිවාසිකම් ලබා ගැනීම සඳහා ය. චෙල්වනායගම්ගේ සත්‍යග්‍රහ ව්‍යාපාරවලට ඊනියා අයිතිවාසිකම් දිනා දීමට බැරි වු පරිද්දෙන්ම ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදී කොටි සංවිධානයට ද ඊනියා අයිතිවාසිකම් දිනා දීමට නොහැකි වී ඇති අතර ඔහු සහ ඔහුගේ සංවිධානය ද විනාශයට පත්වී ඇත. එබඳු තත්ත්වයක් තුළ සටන් කර ගැනීමට නොහැකි වු ඊනියා අයිතිවාසිකම් ලබාදීම සඳහා දැන් දේශපාලන විසඳුම් ඉදිරිපත් කරන්නේ කුමක් සඳහා ද? කොටි සංවිධානයේ පරාජයෙන් සංකේතවත් වන්නේ ඊනියා අයිතිවාසිකම් දිනා ගැනීමේ සටනේ අයිතිවාසිකම් පරාජයයි. එබඳු තත්ත්වයන් තුළ අසාධාරණ සටනක් කළ සටන්කරුවා විනාශයට පත් වීමෙන් පසු ඡන්ද ඉල්ලා සිටි ඊනියා අයිතිවාසිකම් ලබාදීමට යෝජනා කරන්නේ කුමන පදනමකින් ද?
කොටි සංවිධානය පරාජයට පත් වීමෙන් පසුද ඊනියා දෙමළ අයිතිවාසිකම් ලබාදිය යුතු බවට කරනු ලබන යෝජනාවලින් පැහැදිලි වන්නේ මෙම යෝජනා ඉදිරිපත් කරනු ලබන පුද්ගලයන් තුළ පවත්නා අනවබෝධයයි. ප්‍රභාකරන් නියෝජනය කළ ප්‍රශ්නය ස්ථිර වශයෙන් ම සිංහල පමණක් රාජ්‍ය භාෂාව කිරීම නිසා ඇතිවු ප්‍රශ්නයක් නොවන බව සඳහන් කළ හැක. එසේ නම් මෙම ප්‍රශ්නය කුමක්ද?
සියවස් 3 ක පමණ කාලයක් අප මාතෘ භුමියේ සමහර ප්‍රදේශ යුාේපා ආක්‍රමණිකයන් තිදෙනකු විසින් යටත් කරගෙන සිටියත්, අප මාතෘභුමිය සම්පුර්ණයෙන්ම ඉංග්‍රීසීන්ට යටත් වුයේ 1815 දී ගිවිසුමක් මගිනි. එලෙස 1815 දී ඉංග්‍රීසීන්ගේ යටතට පත් වුයේ සිංහලය නම් වු රටකි. නමුත් ඉන් වසර 133 කට පසු ඉංග්‍රීසීන් ඩොමීනියන් තත්ත්වය තුළ අපට යළිත් බාර දුන්නේ "සිලෝන්" නම් වු රටකි. 1815 දී සිංහලයන් සමග පමණක් අත්සන් තබන ලද ගිවිසුමකින් රට භාර ගත්තත් ඉංග්‍රීසීන් 1948 දී අපට නැවත භාර දුන්නේ සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ, බර්ගර් ඇතුළු විවිධ ජාතීන්ට සහ ජන වර්ගයන්ට අයත් වු රටකි. මෙම තත්ත්වය නිදහස ලෙස භාර ගැනීමට බොහෝ සිංහලයන් සුදානම් නොවීය. එම සිංහලයන් සඳහා ඩී. බී. ජයතිලක, එල්. එච්. මෙත්තානන්ද මහතා ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් නායකත්වය සැපයීය. එහි ප්‍රතිඵලය වුයේ 1956 දී බලයට පැමිණි මහජන එක්සත් පෙරමුණ ආණ්ඩුවයි. එම ආණ්ඩුවත්, බණ්ඩාරනායක මහතාත් බලයට පත් වුයේ බෞද්ධ තොරතුරු කොමිෂන් සභාවේ නායකයන්ට සහ බෞද්ධ භිකෂුන්ට ලබාදුන් පොරොන්දු නිසාය. එම පොරොන්දු අතර වු ප්‍රධාන පොරොන්දුව වුයේ සිංහල පමණක් රාජ්‍ය භාෂාව කරන බවට ලබාදුන් පොරොන්දුවයි. බණ්ඩාරනායක මහතා බලයට ගෙනා ප්‍රධාන පොරොන්දුව වුයේ එම පොරොන්දුවයි. එම පොරොන්දුව ක්‍රියාවට නඟනවාට දෙමළ භාෂාව තම මවු භාෂාව කරගත් මුස්ලිම් ජනතාවගෙන් විරෝධයක් එල්ල නොවුණා පමණක් නොව එවකට සිටිය ප්‍රධානතම මුස්ලිම් නායකයා වු රාසික් ෆරීඩ් මහතා ඊට පකෂව ද කටයුතු කර ඇත. සිංහල පමණක් රාජ්‍ය භාෂාව කිරීම ප්‍රශ්නයක් නම් එම ප්‍රශ්නය දෙමළ භාෂාව පරිහරණය කළ මුස්ලිම් ජනතාවටද ප්‍රශ්නයක් විය යුතුව තිබුණි. නමුත් එය එසේ නොවීය. මුස්ලිම් ජනතාවට සිංහල පමණක් රාජ්‍ය භාෂාව කිරීම ප්‍රශ්නයක් නොවුණත් දෙමළ ජනතාව එම තීරණයට එරෙහි වුහ.. සිංහල පමණක් රාජ්‍ය භාෂාව කිරීමට එරෙහි වු දෙමළ නායකයෝ ඊට එරෙහි වීම, සංශෝධන ඉදිරිපත් කිරීමට සීමා නොවී උතුර සහ නැගෙනහිර යන පළාත් සඳහා වෙනම පාලනයක් ලබාදෙන ලෙසත්, ඉල්ලීම් ඉදිරිපත් කළහ. අද දේශපාලන විසඳුමක මුවාවෙන් ඉදිරිපත් වී තිබෙන්නේ ද මෙම ඉල්ලීමම බව පැහැදිලිය.
මෙහිදී අප සලකා බැලිය යුතු කාරණය වන්නේ මුස්ලිම් ජනතාව ඉල්ලා නොසිටි දෙයක් දෙමළ ජනතාව ඉල්ලා සිටියේ ඇයිද යන ප්‍රශ්නයයි. සිංහල පමණක් රාජ්‍ය භාෂාව කිරීමේ සිට සිංහල ජනතාව තමාට අහිමි වු සිංහල යළි ප්‍රතිස්ථාපනය කිරීම සඳහා ගත් සෑම පියවරකදීම දෙමළ නායකයන් ඊට එරෙහි වුයේ එක් පදනමක සිටය. එම පදනම නම් උතුර සහ නැගෙනහිර පළාත් තම ඓතිහාසික නිජභුමිය යන කාරණයයි. ඩී. සුන්දරලිංගම්ගේ සිට ප්‍රභාකරන් දක්වා වු සියලුම දෙමළ නායකයන් සටන් කළේ සහ කරන්නේ එම පදනමේ සිටය.
එහෙත් උතුර සහ නැගෙනහිර යන පළාත් තුළ ඓතිහාසිකව දෙමළ ඊළමක් නොපැවැති බව මේ මොහොත වනවිටත් සාධක සහිතව ඔප්පු වී ඇත. එච්. ජේ. වී. චෙල්වනායගම් ඉදිරිපත් කළ යෝජනාවල සිට මේ දක්වා ඉදිරිපත් වු සියලුම යෝජනාවලට සිංහල ජනතාව එරෙහි වුයේත් එම පදනමේ සිටය. එමෙන්ම සත්‍යග්‍රහ ව්‍යාපාරයේ සිට කුරුම්බැටිටි මැෂිම බඳු වු සැහැල්ලු ගුවන් යානාවලින් පැමිණ බෝම්බ හෙළීම දක්වා වු සියලු අභියෝගයන් මේ මොහොත වන විට පරාජයට පත් වී ඇත. එලෙස පරාජයට පත්වී ඇත්තේ සිංහල පමණක් රාජ්‍ය භාෂාව කිරීමට එරෙහිවත්, උතුර සහ නැගෙනහිර යනු දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් නිජභුමිය බව පිළිගන්නා ලෙස ඉදිරිපත් වු අභියෝගයත් ය. එබඳු වු ඓතිහාසික ජයග්‍රහණයකින් පසු කළ යුත්තේ ඊනියා දේශපාලන විසඳුම් ලෙස පරාජිතයාගේ ඊනියා අයිතිවාසිකම් ලබාදීම නොව, අභියෝගයට ලක්කරන ලද සිංහල පමණක් රාජ්‍ය භාෂාව කිරීමේ ප්‍රතිපත්තිය යළි ක්‍රියාවට නැඟීම සහ පළාත් සභා ක්‍රමයත් අහෝසි කර දැමීමය.
කළ යුත්තේ එය වුවත්, එම යෝජනාවත් ප්‍රතිකෙෂ්ප කරමින් දේශපාලන විසඳුමක් ඉදිරිපත් කළ යුතු බවට හඬනඟන පාර්ශ්වයට ප්‍රශ්න දෙකක් ඉදිරිපත් කළ යුතුය. සිංහල පමණක් රාජ්‍ය භාෂාව කිරීම ප්‍රශ්නයක් නම් රාසික් ෆරීඩ් මහතා ප්‍රමුඛ මුස්ලිම් නායකයන් සහ එම ප්‍රජාව එම තීරණයට එරෙහි නොවුයේ ඇයි? අපගේ අනෙක් ප්‍රශ්නය වන්නේ, උතුර සහ නැගෙනහිර යනු දෙමළ ජනතාවගේ ඓතිහාසික නිජභුමිය ලෙස පිළිගනිමින් ඉදිරිපත් වු යෝජනා, එම භුමිය තුළ ඓතිහාසිකව දෙමළ ඊළමක් නොපැවති බව සාධක සහිතව ඔප්පු වී ඇති පසුබිමක් තුළ තවදුරටත් වලංගු වන්නේ කෙසේද යන්නයි.
එරික් ගාමිණි ජනප්‍රිය
(දිවයින_09/06/09)
Tuesday, June 9, 2009
Monday, June 8, 2009
පිල්ලේට වෙන රැකියාවක් සොයා දෙමු
ජාතිවාදය යන සංකල්පය ජාත්‍යන්තර තලය මත කොතරම් භයානක ද යන කාරණය හෙළිවන්නේ ශ්‍රී ලංකාවේ යුද්ධය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය වන නවනිතම් පිල්ලේ මහත්මිය හැසිරුණු ආකාරයෙනි. දෙමළ ජාතික කාන්තාවක් වු ඇය දෙමළ ත්‍රස්තවාදීන්ගේ පැත්ත ගනිමින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් පරීකෂණයක් පැවැත්විය යුතු බවට බලකරන්නට පටන් ගත්තා ය. පිල්ලේ මහත්මිය ක්‍රියාත්මක වුයේ ප්‍රභාකරන් යුද්ධය පරදිමින් සිටින අවස්ථාවේදී ය. ආණ්ඩුවේ යුද මෙහෙයුම් නැවැත්වීමට ඇති හොඳම මාර්ගය ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් පරීකෂණයක් පැවැත්වීම බව තේරුම් ගත් පිල්ලේ කොමසාරිස්තුමිය ඒ සඳහා අනුග්‍රහය ලබාගැනීම සඳහා ව්‍යාපාරයක් දියත් කළාය. පිල්ලේගේ උවමනාව අදටත් ඉටු වී නැති අතර එය ඉටුකර ගැනීම සඳහා හැකි සෑම දෙයක්ම කිරීමට ඇය සුදානම් බව පෙනේ.
අමතක කළයුතු නිකම්ම නිකම් චරිතයක් වන පිල්ලේ ගැන අපට හිටි හැටියේ මතක් වන්නේ ඇයි? ඇය සන්නද්ධ අරගල සහ සිවිල් වැසියන් සම්බන්ධයෙන් දරන මතවාදය සහ තක්සේරුව ඇල්ජීරියාව විසින් විවේචනය කර ඇති නිසා ය. ලෝකයේ සියලුම ගැටුම් එක සමාන සේ සලකා වාර්තා සකස් කිරීම පිල්ලේ මහත්මියගේ පුරුද්ද බව ඇල්ජීරියාව කියයි. ඇල්ජීරියාවේ තර්කය ඉතා නිවැරදි ය. පිල්ලේ මානව හිමිකම් වාර්තා සාදන්නේ මෙයට වසර තිහකට පමණ පෙර සමහර ගම්බද රෝහල්වල මුත්‍රා සාම්පල පරීකෂා කළාක් මෙනි. මෙහිදී රසායනාගාරය වෙත මුත්‍රා සාම්පල ගෙනෙනු ලැබේ. ඒවා එකින් එක පරීකෂා කිරීම කරදරයක් බැවින් පරීකෂකයා කාන්තා වාටිටු සහ පිරිමි වාටිටු අනුව මුත්‍රා සාම්පල වෙන් කරගෙන පිරිමි සාම්පල සියල්ලෙහි සීනි වැඩි බවට වාර්තාව ලියයි. සියලු කාන්තාවන් පිළිසිඳගෙන ඇති බව ලියයි. සමහර විට වැරදීමකින් සාම්පලයක් මාරු වී පිරිමින් ද පිළිසිඳගන්නා අවස්ථා තිබේ.
නවනිතම් පිල්ලේ පෙර කී පරම්පරාවේ පරීකෂකවරියකි. කිසියම් ගැටුමක් ගැන වාර්තා කිරීමට පෙර එම ගැටුමේ ස්වභාවය හඳුනාගත යුතු ය. ශ්‍රී ලංකාවේ තිබුණේ බෙදුම්වාදී යුද්ධයකි. නේපාලයේ තිබුණේ ඒ රටෙි ජනයාගෙන් කොටසක් විසින් රාජ්‍ය බලය අල්ලා ගනු ලැබීම පිණිස දියත් කළ කොමියුනිස්ටි විප්ලවයකි. එතැන ජාති භේදයක් තිබුණේ නැත. උතුරු අයර්ලන්තයේ පවතින්නේ ආගමික යුද්ධයකි. එය ප්‍රොතස්තන්ත සහ ක්‍රිස්තියානින් අතර සිදු කෙරෙයි. පකිස්තානයේ පවතින්නේ එකම ආගමේ අන්තවාදී කොටස් සහ එසේ නොවන මධ්‍යස්ථ කොටස් අතර යුද්ධයකි. අප්‍රිකාවේ බොහෝ රටවල ගෝත්‍රික යුද්ධ පවතී. බ්‍රිතාන්‍යයේ සුද්දෝත් කල්ලෝත් හිටි හැටියේ ගුටි කෙළ ගනිති. එය සමේ වර්ණය පදනම් කරගත් ගැටුමකි. උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර පවතින ගැටුම ධනවාදය සහ සමාජවාදය අතර ගැටුමකි.
සියලු ගැටුම්, ගැටුම් වුවද ඒවායේ අන්තර්ගතය වෙනස් ය. සමහර විට ස්වරුපමය වශයෙන් ඒවා එක සමාන වීමට පුළුවන. එහෙත් අන්තර්ගතයේදී ඒවා විවිධ සමාජ සහ සංස්කෘතික පදනම්වලින් සමන්විත වීමට පුළුවන. නවතිනම් පිල්ලේ මේ බව තේරුම් ගත යුතු ය. පලස්තීන, ඊශ්‍රායල් ගැටුම වෙනුවෙන් සාදන වාර්තාව ලංකාවට නො ගැලපේ. එසේම එක්සත් ජාතීන්ගේ මිනිස් අයිතීන් පිළිබඳ මහකොමසාරිස් පදවියට පිල්ලේ නො ගැලපේ.
(දිවයින_09/06/09)
පසුවදන_ජාත්‍යන්තර ආයතනවලට පත් කළ යුත්තේ මධ්‍යස්ථ මතධාරීන් ය. එහෙත් නොවන්නේ ද එයම ය. මේ යන විදිහට බිල් ලාඩන්ගේ අනුගාමිකයෙක් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් විය හැකි ය. එය නොවන්නේ ඔවුන් බටහිරට සතුරු නිසා ය. ලෝකය පිල්ලේ වැනි අන්තවාදී පිල්ලි තව දුරටත් එම ආයතනවල තබා ගැනීමෙන් ලෝකයට දෙන්නේ නරක ආදර්ශයකි. මෙය තව වසර 40ක් පමණ ගිය කල ආසියාව බලවත් වී මෙකී ආයතනවලට මුස්ලිම් අන්තවාදීන් පත්කිරීමට මාර්ගය කැපීමකි. එය අයහපත් තත්ත්වයකි. එහෙයින් ඊට එරෙහිව ක්‍රියා කිරීම ලෝකයාගේ යුතුකමයි.

Sunday, June 7, 2009
උපාධිධාරියා සමාජ යුතුකම ඉටුකොට තිබේද?
විශ්වවිද්‍යාල උපාධියක් ලැබීම තුළින් පුද්ගලයකුට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. ඒ තුළින් ඔහු විශාල ආත්ම තෘප්තියක් ලබයි. තමන් අධ්‍යාපනයේ මෙන්ම උගත්කමේ උච්චස්ථානයකට පැමිණ ඇතැයි යන්න එම ආත්ම තෘප්තියයි. මේ තුළින් විශ්වවිද්‍යාල උපාධිධාරීන් සමාජ පිළිගැනීමට ද ලක්වේ. තම පුතා හෝ දුව විශ්වවිද්‍යාලයට යවන්නට සිහින දැකීම සෑම දෙමවුපියකුගේම ප්‍රාර්ථනය වී ඇත. ඒ සඳහා නොකා නොබී වෙහෙස වෙමින් තම ජීවිකාව සඳහා උපයන සෑම සතයක්ම දරුවන් වෙනුවෙන් වැයකර ඔවුහු විශ්වවිද්‍යාලයට යැවීමට දෙමවුපියෝ උත්සුක වෙති. තම දරුවා විශ්වවිද්‍යාල උපාධියක් ලබාගත් ගමේ හෝ නගරයේ උගතෙකු බව තම මුවින් ප්‍රකාශ කරන්න ලැබීම දෙමවුපියෝ වාසනාවන්ත කොට සලකති.
දෙමවුපියන් මෙන්ම සෑම රජයක්ම විශ්වවිද්‍යාල උපාධිධාරීන් බිහිකරන්නට විශාල වියදමක් දරයි. එක් විශ්වවිද්‍යාල ශිෂ්‍යයකුට ඔහුගේ පාඨමාලා කාලය සඳහා දළ වශයෙන් රුපියල් ලකෂ හයක (රු. 600000./=) පමණ මුදලක් වෙන් කරයි. එලෙසම වාර්ෂිකව විශ්වවිද්‍යාලවලට ගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි කිරීමට ද පියවර ගනිති. විශ්වවිද්‍යාල උපාධිධාරියකු බිහිකිරිම සඳහා රජය වියදම් කරන සෑම සතයකටම සෑම ශ්‍රී ලාංකිකයෙක්ම දායක වෙති.
මෙසේ දෙමවුපියන්ගේ විශාල කැපවීමකින් හා සෑම ශ්‍රී ලාංකිකයකුගේම දායකත්වයෙන් විශ්වවිද්‍යාල උපාධිධාරී උගතෙකු බිහිකරන්නේ ඇයි? ඔහු රටට වැඩදායී පුද්ගලයෙකු වන බැවිනි. රටේ අනාගතය ඔහු මත රුඳී ඇති බැවිනි. සමාජයේ හොඳ නරක තේරුම් ගනිමින් අන් අයට යහපත අයහපත තෝරා බේරා දෙමින් සමාජ අසාධාරණය තුළ දොරගුළු විවර කර සමාජය අන්ධකාරයෙන් බේරාගෙන නිවැරුදි දිශානතියකට යොමු කිරීම ඔහුගෙන් බලාපොරොත්තු වන බැවිනි.
එහෙත් වර්තමානයේ මෙම බලාපොරොත්තු විශ්වවිද්‍යාල උපාධිධාරී උගත්තු විසින් ඉටු කරනු ලබත්ද, මගේ සේවා කාලය තුළ විශ්වවිද්‍යාල උපාධිධාරී උගත්තු විශාල ප්‍රමාණයක් ඇසුරු කොට ඇත්තෙමි. සෑම උපාධිධාරියෙක්ම තමා උපාධිධාරියෙකු වු නිසාම මහත් ආත්මාභිමානයකින් මෙන්ම ආඩම්බරයකින් ද ඉපිල සිටිති. තමා ගණිත උපාධිධාරියෙක්, විද්‍යා උපාධිධාරියෙක්, කළමනාකරණ උපාධිධාරියෙක්, වාණිජ උපාධිධාරියෙක් හා කලා උපාධිධාරියෙක් ලෙස ඔවුහු තම තමන්ට ආවේනික එම තත්ත්වයන් විඳගනිති. මේ තුළ ගණිත උපාධිධාරීන් වු සමහර උපාධිධාරීන් තම උපාධිය උසස් ලෙසත්, තමා අන් උපාධිධාරීන්ට වඩා උගතෙකු ලෙසත් සිතීමට පුරුදු වී සිටිති. එලෙසම අනෙක් සමහර උපාධිධාරීහු ද තමාගේ උපාධියට සාපේකෂව අන් උපාධි එලෙස ඇගැයීමට ලක් කරති. මේ අතර උපාධි නොගත් අය ඉදිරියේ තමා වීරයකු, සියල්ල දත් අයෙකු ලෙස සැලකීමට සමහර උපාධිධාරීහු පුරුදුවී සිටිති. එහෙත් විශ්වවිද්‍යාලයට ඇතුළු වීමට වරම් ලැබෙන්නේ අතලොස්සකට බව ඔවුහු කල්පනා නොකරති. ශ්‍රී ලාංකික අධ්‍යාපන කෙෂ්ත්‍රය තුළ පවත්නා පහසුකම් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් උසස් පෙළ සමත් සියල්ලටම විශ්වවිද්‍යාලයට ඇතුළුවීමට දොරගුළු විවර වන්නේ නැත. 2008 වර්ෂයේ උසස් පෙළ සමතුන්ගේ සංඛ්‍යාව 131000 කි. එයින් විශ්වවිද්‍යාලයට ඇතුළුවීමට අවස්ථාව හිමිවුයේ 21000 කට පමණි. මෙම 131000 කම විශ්වවිද්‍යාල උපාධිධාරීන් නොවුයේ ඔවුන් ඒ සඳහා හැකියාවක් නොතිබු අය නිසාද? කොහෙත්ම නැත. ඒ සඳහා අවශ්‍ය පහසුකම් නොතිබු නිසාවෙනි. ඇතැම් විට මේ කණ්ඩායම් තුළ විශ්වවිද්‍යාලයට තේරුණ අයට වඩා දකෂ අය සිටිය හැකිය. තවද ලෝකයේ විශිෂ්ටයන් දෙස බැලීමේදී ඔවුන් වැඩි දෙනෙක් විශ්වවිද්‍යාල උපාධි ලබාගත් උපාධිධාරීහු නොවෙති. එබැවින් අප එම මානයෙන් මිදිය යුතුය.
වර්තමාන විශ්වවිද්‍යාල උපාධිධාරීන්ගෙන් සමහරු අසාධාරණය. බොරුව, වංචාව හා නොහික්මුණ ඒකාධිපතිත්වය හමුවේ මුනිවත රකිති. තමන්ට ලැබෙන වරප්‍රසාද, උසස්වීම් මෙන්ම රුකියාව කරන අංශයේ ස්ථාවරත්වය අහිමි වේ ය යන ජුගුප්සාජනක බිය මෙයට හේතු වී ඇත. එහෙත් තමන් විශ්වවිද්‍යාලය තුළ රඟ දැක්වු මාක්ස්වාදී, ලෙනින්වාදී මෙන්ම සර්ව සාධාරණ සුබවාදී රංගනයන් පිළිබඳව මතක් කරන්නේ උජාරුවෙනි. ඉහත සඳහන් කළ සමාජයේ පැවැත්මට හානිකර වු ක්‍රියාදාමයන්ට විශ්වවිද්‍යාලය තුළ හඬ නැගු ආකාරය පිළිබඳව පම්පෝරි ගසති. විශ්වවිද්‍යාලවලින් පිටවී
රුකියාවක් ලබා ගත්තායින් අනතුරුව තමන් පමණක් හෙවත් මමත්වය යන සංකල්පය කරපින්නා ගත් අමුතුම ජාතියේ මාක්ස්වාදියකු බවට විශ්වවිද්‍යාල උපාධිධාරියා පත්වීම අභාග්‍යසම්පන්න තත්ත්වයකි. මෙසේ ඇල්මැරුණු නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම තුළින් තම ආයතනය, සමාජය මෙන්ම රට ද පරිහානියට පත්වන්නේ ය. මමත්වය තුළ තමා ලබන සුඛවිහරණය තාවකාලිකය.
ඇතැම් උපාධිධාරීන් තමන්ගේ උගත්කම උපයෝගී කර ගෙන සමාජයේ හොඳ පුද්ගලයකු ලෙස වැජඹෙමින් අන් අය මෝඩයාට ඇන්දවීමේ කලාවක නිරතව සිටිති. පුද්ගලයකු ඇති තැන හොඳින් මුණපුරා හිනාවෙන, හොඳින් කතා කරන ඇතැම් උපාධිධාරීහු පුද්ගලයා නැති තැන ඔහුගේ මුළු ආත්මය විනාශ කිරීමට උගුල් අදිති. උදව් උපකාර කරති. තමන් පමණක් නිවැරුදි යැයි සිතා අනෙක් සියලු දෙනා නිර්දය ලෙස විවේචනය කරති. උසස්වීම් ලබා ගැනීමට එකිනෙකා පරයා උගත්කම වළපල්ලට දමා කටයුතු කරති. උගත්කම ප්‍රයෝජනයට ගනිමින් අන් අය මුලාවට පත් කරමින් සමිති සමාගම්වල නිලතල දරමින් තමන් අන් අය ගැන හිතන ශිකෂාකාමී අයෙකු බව පෙන්වීමට වෙර දරති. අතලොස්සක් දෙනා වැන්දඹු කාන්තාවන් හා සමාන බව ප්‍රකාශ කරන්නේ දැඩි පිළිකුලෙනි. (පැරුණි ව්‍යවහාරයට අනුව) තමා හා තම දරු පවුල රුකුනොත් ප්‍රමාණවත්ය යන සිතුවිල්ලේ සිට සෑම දෙයක්ම කිරීමට ඇතැම් උපාධිධාරීහු පෙළඹී සිටිති. ටිබෙටි ජාතික එස්. මහින්ද හිමියන්ගේ කවි දෙපදයක මෙසේ සඳහන්ව ඇත. එය වර්තමාන ඇතැම් උපාධිධාරීන්ට මනා ලෙස ගැලපේ.
ජීවත් වුණත් මැරුණත් උන් මට මොකද
මාවත් මගේ අඹුවත් රුකුනොත් මදිද"
මෙහි දෙවන කවි පදය වර්තමානයට අනුව,
මාවත් මගේ දරු පවුලත් රුකුනොත් මදිද යනුවෙන් වෙනස් වීම කාලෝචිත යැයි සිතමි.
තමාගෙන් සමාජයට ඉටුවියයුතු යුතුකම් මොනවාද යන්න ඔවුහු නොසිතති. රට විසින් තමා උගතෙකු කළේ ඇයි ද යන්න ඔවුන් කල්පනා නොකරති. සමාජයේ සිදුවන අසාධාරණය, බොරුව, වංචාව, කපටිකම ඉදිරියේ ඔවුන් මුනිවත රකිමින් තමාගේ වාසියට ඒවාට හුමිටි තියමින් කටයුතු කරන ආකාරය දකින විට ඇතිවන්නේ දැඩි පිළිකුලකි. තමාගේ වරප්‍රසාද අහිමි වේ යැයි සිතා නිහඬව සිටීමට ඔවුන් පුරුදුව සිටිති. ඉතින් සමාජයක් මෙන්ම තම ආයතනය යහමඟට ගැනීමේ මෙහෙවරට විශ්වවිද්‍යාල උපාධිධාරියාගෙන් ඉටුවිය යුතු යුතුකම ඔබ ඉටුකර තිබේද?
අයාලයේ යන සමාජය දෙස මුනිවත රුකීම සඳහා විශ්වවිද්‍යාල උගතෙකු බිහිකිරීමේ හරය කුමක්ද? කවදා හෝ සමාජය යහමඟට පැමිණෙන තෙක් නිහඬව සිටීම විශ්වවිද්‍යාල උපාධිධාරියාගේ උගත්කම ලෙස සිතීමට ඔවුහු පුරුදුව සිටිති. අපේ ඉතිහාසය දෙස දෙනෙත් හැර බලන්න. ඉතිහාසයේ දිවි දුන් සියලු වීරවරයෝ අධිරාජ්‍යවාදය ඉදිරියේ ජීවිත පුජා කළේ තම මාතෘ භුමිය, තම භාෂාව, ආගම, ජාතිය ආරකෂාකර ගැනීම උදෙසාය. ඔවුන්ගේ එම ජීවිත පුජාවෙන් අප අද සුවසේ ජීවත් වන්නෙමු. එපරිද්දෙන්ම වර්තමානයේ රට හමුවේ ඇති ත්‍රස්තවාදය ජය ගැනීමට කොපමණ පිරිසක් ජීවිත පුජාවෙන් උරදී සිටිද්ද. තව පිරිසක් තම පෑන මෙහෙයවමින්ද, ඇතැමෙක් වාග් ප්‍රහාරවලින්ද, තම රට ආරකෂා කිරීමට කැප වී සිටිති. අඩුම තරමේ රටේ තීරණාත්මක මොහොතක රට ආරකෂා කිරීමට
නිවැරුදි තීරණයක් ගෙන තම ප්‍රජාතන්ත්‍රික අයිතිය පාවිච්චි කිරීමට තරම්වත් ඇතැම් විශ්වවිද්‍යාල උපාධිධාරීහු ප්‍රඥාගෝචර නොවුහ. ඔබ නියම උගතකු නම් එසේ විය නොහැකිය. එහෙත් ඒ යුතුකම ඉටුනොකර තම වාසිය සඳහා තමන් එසේ තීරණ ගත්තෙකු බව රඟපෑමට උපාධිධාරියා අතිශුරය. එහිදී ඔබේ උගත්කම ඉදිරියට පැමිණේ. අතීතයේදීත්, වර්තමානයේදීත් රටට ආදරය කළ හා කරන අය ප්‍රශ්න විසඳෙන තුරු ඇස්කන් පියාගෙන සිටියේ නැත. එසේ නිහඬව සිටියා නම් අපට කියා රටක් තිබේද. ඉතින් උපාධිධාරී උගත් මහත්වරුනි, නිසි අවස්ථාවේදී සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිට තම රටට යුතුකම ඉටු කිරීමට ඔබ ඉදිරිපත් විය යුතුයි නේද. ඔබ උගතකු බවට පත් කළේ එබැවිනි. එසේ නැතිව මමත්වය තුළ ජීවත් වන උගතෙකුගෙන් රටටවත්, ඔබටවත්, සමාජයටවත් ආයතනයකටවත් යහපත් නොවන්නේය.
මම ඇසුරු කළ විශ්වවිද්‍යාල උපාධිධාරී උගතුන් නියැදියක් ලෙස ගතහොත් සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියම ශෝකාන්තයක් යැයි මට සිතේ. උගත්කම පමණක් ලබා ගන්නා ශීලයෙන් පිරිහුන උපාධිධාරියකු රටට බිහිකරන්නට අද විශ්වවිද්‍යාල පෙරමුණ ගෙන ඇතැයි යන්න මගේ උපකල්පනයයි. ශීලය යනු හොඳ නරක තේරුම් ගනිමින් සමාජයේ යහපත උදෙසා කටයුතු කිරීමේ යහපත් ගුණාංගවලින් හෙබි, සංවර ගති පැවතුම්වලින් යුක්ත වු පරිසරයයි. මෙවන් පරිසරයක් විශ්වවිද්‍යාල උපාධිධාරීන් ඔවුන්ගේ ජීවිතවලට උරුම කරගෙන තිබේද, නැත යන්න මගේ පිළිතුරයි. විශ්වවිද්‍යාල උපාධිධාරීන්ගෙන් අතලොස්සක් මෙම ගුණාංගයෙන් පෝෂණය වී සිටිති. එම අතලොස්ස නිසා රටේ අනාගතය තීරණය වී ඇත. ඔබ හොඳින් දන්නා "ගුණ නැන බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු" යන කවි පදය දෙස බලන්න. නැණ පමණක් ප්‍රමාණවත් නැත. ගුණයද අවශ්‍යය. නැණ හා ගුණ යන දෙකෙන්ම පෝෂණය වීම ශීලයයි. ඉතින් දැන්වත් රටේ යහපත උදෙසා සමාජයේ යහපත උදෙසා විශ්වවිද්‍යාල උපාධිධාරීන් වන ඔබලා වෙනස් විය යුතු කාලය එළඹ තිබේ. මහින්ද හිමියන්ගේ ඉහත සඳහන් කවි දෙපදය අනුව පමණක් ජීවත් නොවී සමාජයේ, රටේ යහපත උදෙසා සෘජුව කටයුතු කිරීමේ දිශානතියකට උපාධිධාරියා තල්ලු විය යුතුය. නැතිනම් දෙමවුපියන් මෙන්ම රටේ පුරවැසියන් ඔබගෙන් බලාපොරොත්තු වු සමාජ යහපත ඔබගෙන් ගිලිහී යනු ඇත. විද්වතුන්ගේ අදහස අනුව අධ්‍යාපනය තරම් භයානක කටුක අමිහිරි දෙයක් ලෝකයේ තවත් නොමැත. එය භයානක වන්නේ හැදියාව කියන දේ අධ්‍යාපනය තුළ නොමැති වු විටයි. හැදියාව අධ්‍යාපනය සමඟ එකතු වු විට ලැබෙන උගත්කම ශ්‍රේෂ්ඨ දෙයක් බවට පත්වෙනවා. හැදියාව, සදාචාරය, ආගම දහම යන දේවල් නොදෙන අධ්‍යාපනය තරම් භයානක දෙයක් මේ තුන් ලෝකයේම නැත. ගුණධර්ම නොදන්නා නිසා නුගත් මිනිස්සු පොඩි වැරුද්දක් කරන විට එවැනි උගත්තු ලොකු වැරදි කරනවා.
මේ රටේ මහා පරිමාණ වංචා බොහෝමයක් සිදුකර තිබෙන්නේ ඉහළ අධ්‍යාපනයක් ලැබු අයයි. මොකද නුගතාට වඩා උගතාට එය සැලසුම් කර විධිමත්ව කිරීමේ හැකියාව ඇති බැවිනි. හොඳ නරක, ආගම, දහම සදාචාචාර ගැන දන්නා උගතුන් මෙවැනි දේට යොමු වන්නේ නැත. උපාධි කොපමණ තිබුණත් හැදියාවක් නැත්නම් ඒ පුද්ගලයාගෙන් රටට, සමාජයට ප්‍රයෝජනයක් වන්නේ නැත. විභාග සමත් වන්නේ උපාධි ගන්නවත්, රස්සාවක් කරන්නවත් නොවෙයි. කොටින්ම අපි ඉගෙන ගන්නේ අධ්‍යාපනය ලබන්නේ මේ සමාජයේ යහපත් පුරවැසියෙක් ලෙස ජීවත් වීම සඳහායි.
ඒ අනුව විශ්වවිද්‍යාල උපාධිධාරීන් කෂණික පරිවර්තනයකට පත්වීම අත්‍යවශ්‍යය. නැතිනම් උගත්කම කරපින්නා ගත් මෙම සමාජයට, ආයතනයට යහපතක් නොකළ විශ්වවිද්‍යාල උපාධිධාරී පරඬැලක් බවට ඔබ අවසානයේ මෙලොවට පස් වී යනු ඇත.
ඉතින් මෙම ලිපිය සියලුම විශ්වවිද්‍යාල උපාධිධාරීනට අදාළ වන්නේ නැත. එහෙත් 75% ක් පමණ වන විශ්වවිද්‍යාල උපාධිධාරීන්ට මෙය අදාළ වනු ඇත යන්න මගේ අදහසයි. ඉතිරි 25% නිසා අපේ රටේ අනාගතය දැනට යහමඟට තල්ලු වෙමින් තිබේ. 75% ක් වන ඔබලාගේ දායකත්වය මේ වෙනුවෙන්, සමාජය වෙනුවෙන් ආයතනය වෙනුවෙන් වෙන් කළොත් ලස්සන පිරිපුන් රටක් අනාගතයට ඉතිරි නොවන්නේද?
ඩබ්. සෙනෙවිරත්න
(දිවයින_09/06/08)
පසුවදන_උපාධිධාරියෙක් බිහිකිරීමට අප සමාජය විශාල පිරිවැයක් දරා ඇත. එහෙයින් සමාජයේ සෙසු තරුණයින්ට සාපෙක්ෂව ඔහුට වඩා වැඩි යුතුකම් කොටසක් සමාජයට ඉටුකරලීමට වගකීමක් ඇත. නැත්නම් තමන් ලබාගත් ණය නැවත සමායට ගෙවීමේ පැහැර හැරිය නොහැති යුතුකමක් උපාධිධාරියාට ඇත. ඔබ, ඔබේ ඥතියා උපාධිධාරියෙක් නම් ඒ සමාජ වගකීම නොපිරිහෙලා ඉටු කළේදැයි අවංකව සිතා බලන්න. රට ත්‍රස්තවාදයෙන් ගලවා ගැනීමේ මෙහෙවර හමුවේ ඔබේ හැසිරීම ඒ සඳහා භාවිත කළ හැකි ය.

Subscribe to:
Posts (Atom)