රාල මොකද නිස්සද්ද කියලා කීප දෙනෙක් අහපි. කිව්ව ම මොක ද මම අපේ ගමේ ගියා නොවැ. වැඩි විස්තර පස්සේ බැරුවයැ. මෙන්න ලංකාවේ අලුත් ම ලාභදායි කර්මාන්තය ගැන විස්තර ටිකක්.
කරුණාගේ සහ පිල්ලෙයාන්ගේ නම් සඳහන් කරමින් ධනවතුන් බියපත් කර රුපියල් කෝටි ගණන් කප්පම් ගත් පුද්ගලයකු ගැන දැනගන්නට තිබේ. දෙමළ ජාතිකයකු වන මේ මහතා ආදුරුප්පු වීදියේ පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබ දැනට හිර කුඩුවේ යකඩ කුරු ගණන් කරමින් සිටින බව දැනගන්නට ඇත. ඔහු පොලිසියට හසුවන විට පිටකොටුවේ දෙමළ ජාතික ධනවතකුගෙන් කප්පම් ගැනීමට සුදානම්ව සිටියේ ය. මේ රටේ සිවිල් පුරවැසියෝ ජාති භේදයකින් තොරව කරුණා සහ පිල්ලෙයාන් කෙරෙහි පරාන බියක් දක්වති. ඒ භීතිය මුදල් බවට පත්කිරීමේ ශාස්ත්‍රය සමහරුන් විසින් ප්‍රගුණ කරනු ලැබ තිබේ. එල්. ටී. ටී. ඊ. සංවිධානය කප්පම් කර්මාන්තය සම්බන්ධයෙන් ජාත්‍යන්තර කීර්තියක් උසුලයි. ඔවුහු ශ්‍රී ලංකාව තුළ පමණක් නොව කැනඩාව, එංගලන්තය, ප්‍රංශය වැනි රටවල සිටින අයගෙන් පවා කප්පම් එකතු කරති. කරුණා සහ පිල්ලෙයාන් කොටි සංවිධානයට ඉතා ඉහළින් සම්බන්ධ වී සිටි දෙදෙනෙකි. අද ඔවුන් ටී. එම්. වී. පී. නමින් දේශපාලන සංවිධානයක් පිහිටුවාගෙන ඇතත් දෙදෙනා අතර පවත්නා විවිධ අර්බුද, එම සංවිධානයට අයත් පුද්ගලයන් නාඳුනන තුවක්කුකරුවන් විසින් ඝාතනය කරනු ලැබීම වැනි කාරණා නිසා මේ දෙදෙනා සියයට සියයක්ම ප්‍රජාතන්ත්‍රවාදයට පිවිස ඇති බවක් පිළිගැනීමට ජනයා තුළ මැලිකමක් ඇත. විශේෂයෙන් ම මේ රටේ මුල්‍ය ද්‍රවශීලතාවයෙන් හෙවත් නෝටිටු කොල සහ රත්තරන් ලෙස ඇති වත්කම්වලින් වැඩි හරියක අයිතිකරුවන් වන දෙමළ සහ මුස්ලිම් ව්‍යාපාරික ප්‍රජාව තුළ ඒ බිය විශාල වශයෙන් ඇත. එයට හේතුව ඔවුන් නිරන්තරයෙන් කප්පම් ඉල්ලනු ලැබීමට භාජනය වීම ය. සිංහල පාතාලයට අමතරව සිටින දෙමළ පාතාලය සහ මුස්ලිම් පාතාලය මෙවැනි ව්‍යාපාරිකයන් පැහැරගෙන ගොස් ගෙල කපා වෙඩි තබා මැරු අවස්ථා බහුල ය.
ඕනෑම බලවත් කෙනකුගේ නමක් විකුණා මුදල් එකතු කිරීමේ ව්‍යාපාරය කොටි ත්‍රස්තවාදයත් සමඟ රට තුළ පැතිර ගියේය. ඒ අතර යුරෝපීය රටවල සිටින කොටින් ඒ රටවැසියන්ගෙනුත් කප්පම් එකතු කරන බවට ලැබුණු ආරංචි නිසා කප්පම්කරුවන්ගේ තත්ත්වය වඩාත් ශක්තිමත් විය. ප්‍රභාකරන්ගේ නම විකුණා රුපියල් කෝටියක් ගැනීම ඉතා සුළු දෙයක් වු අතර එසේ කප්පම් එකතු කරන බවක් ප්‍රභාකරන් හෝ කොටි සංවිධානය දැන නො සිටින්නට ඇත.
අන් අයගේ නම් විකුණා අහිංසක අසරණ මිනිසුන්ගෙන් මුදල් එකතු කිරීමේ ව්‍යාපාරය මේ මොහොතේදීත් සිදු කෙරේ. වරායට සේවකයන් දැමීම සඳහා අදාළ ඇමැතිතුමාගේ නම විකුණා මුදල් ගැරීම, අධ්‍යාපන ඇමැතිගේ නම විකුණා සල්ලි එකතු කිරීම, විවිධ කොන්ත්‍රාත් ලබාදීම සඳහා බලවත් දේශපාලනඥයන්ගේ නම් විකිණීම ඉතා විශාල වශයෙන් කෙරෙන ජාවාරමකි. ඒ ඒ දේශපාලනඥයන්ගේ හා ආයතන ප්‍රධානීන්ගේ ලිපි ශීර්ෂ සහ මුද්‍රා අත්සන් යනාදිය මේ ජාවාරම්කාරයන් සතුව ඇත. මෙයද එක්තරා ආකාරයක කප්පම් එකතු කිරීමකි. ඉන්දියාවේ ජීවත් වු ප්‍රකට කප්පම්කාරයකු හා ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ට මුදල් සැපයු ඩාවුඩ් ඉබ්‍රාහිම් නමැත්තකු කලකට පෙර ඉතා ඉහළින් ක්‍රියාකාරී විය. ඔහු කෝටිපතියකු වු අතර සුඛෝපභෝගී ජීවිතයක් ගත කළේ ය. අද ඔහු ආ ගිය අතක් නැති අතර පසුගියදා ඉන්දියාවේ මුම්බායි නුවර හටගත් බෝම්බ ප්‍රහාරයට ද ඔහුගේ සම්බන්ධයක් ඇති බව හෙළි විය. ඔහුගේ නමින් ද ඔසාමා බින් ලාදින්ගේ නමින් ද තවමත් විවිධ රටවල කප්පම් එකතු කෙරේ. මේ භයානක තත්ත්වය මර්දනය කිරීමට මුළු මහත් දකුණු ආසියාව වහා පියවර ගත යුතු ය. නැතහොත් ඉදිරි වසර කිහිපය තුළ ඒ ඒ රටවල ආර්ථිකය කප්පම්කරුවන් අතට පත්වනු ඇති අතර ඒ ඒ රටවල ඒ ඒ මහ බැංකුවල අධිපතින් ලෙසින් කප්පම්කාරයා බැගින් ද මුදල් ඇමැතීන් ලෙසින් කප්පම්කාරයා බැගින් ද පත් කිරීමට සිදුවනවා ඇත.
Tuesday, December 9, 2008
Thursday, December 4, 2008
ජී. එස්. පී. තීරකයා කවරෙක්ද?
පෙරමුණේ රාලට බොරු කියන්න කිසි උවමනාවක් නැත. උදේ 6ට පමණ පත්තර කොලුවා සීනුව නාද කරනු තුරු මට නින්ද ගිය බව සැබෑ ය. දනිපනි ගා නැඟිට නින්දෙන් වාගේ පත්තර අරන් ආවෙමි. එහා ගෙදර බළලා ඒ අස්සේ කාමරයට රිංගගෙන ය. ඌ ඇඳ මුල්ලේ සිට 'ඥාව්' "ඥාව්' ගාන්නට විය. ඌට පමණක් නොව පෙරමුණේ රාළට ද නැතිබැරිකම් ඇත. ඒත් මේ රාල කාගෙන්වත් ඉල්ලන් කන්නේ නැත.
එහෙත් අපි රටක් ජාතියක් ලෙස දැන් හිඟා කෑම ආඩම්බරයෙන් සලකමු. අපේ හොඳ ම නායකයා ලෝකේ වටේ ගොස් වැඩියෙන් ම හිඟාකන එකා ය. අපට කොහෙන් හෝ සහනාධාර නොලැබේ නම් අපි හාමතේ මැරේ යයි දැන් ජනතාව සිතති. මේ මොන තරම් අවාසනාවක්දැයි රාළට දිනකට සිතෙන්නේ වරක් දෙවරක් නොවේ. මේ කතාව ඒ ගැන ය. කියවල ම බලමුකෝ?
සුනාමිය විසින් අපෙන් ගන්නා ලද දේ මෙන්ම අපට දෙන ලද දේ ද තිබේ. අපෙන් ගන්නා ලද දේ අතර මනුෂ්‍ය ජීවිත, දේපළ, වෙරළාසන්න යටිතල පහසුකම් සහ රටේ ආර්ථිකය වෙයි. අපට ලැබුණ දේ අතර විදේශීය සහනාධාර, ජාත්‍යන්තර අනුකම්පාව, ජී. එස්. පී. ප්ලස් පහසුකම යනාදිය වෙයි. ජී. එස්. පී. ප්ලස් යනු යුරෝපය විසින් වෙනත් රටවලින් ඇණවුම් මිලට ගැනීමේදී සුනාමියෙන් හානියට පත් වු රටවල නිෂ්පාදනය කරන ඇණවුම්වලට ප්‍රමුඛත්වය ලබා දීම ය. මේ නිසා සුනාමියෙන් හටගත් ආර්ථික අමාරුකම්වලට පිළිසරණක් ලැබෙන බව මේ පහසුකම තීරණය කිරීමට පුරෝගාමී වු රටවල් කල්පනා කරති. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය වන බවටත් ඒ නිසා ජී. එස්. පී. සහනය නො ලැබෙන බවටත් මේ දිනවල කට කතා පැතිර යමින් පවතී. ජී. එස්. පී. සහනය ලබා දුන්නේ සුනාමි සහනාධාරයක් හැටියට බවත් එම සහනය ප්‍රදානය කිරීමේදී මානව හිමිකම් උල්ලංඝනය වීම කොන්දේසියක් හැටියට සඳහන් නො කෙරුණු බවත් සඳහන් කරන්නේ මේ කාරණය පිළිබඳව අනාගතයේදී ඇතිවිය හැකි සංවාදවලදී පාඨකයාට ප්‍රයෝජනවත් වනු පිණිස ය.
මෙහිදී මේ රටේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිළිබඳව කෙටි විග්‍රහයක් කිරීම වැදගත් ය. ශ්‍රී ලංකාව තුළ යුද්ධයක් පවතී. රට තුළම කෙරෙන බෙදුම්වාදී යුද්ධයක් වුවද මේ යුද්ධය ක්‍රමවේදය, දේපළ හානි, ජීවිත හානි යනාදිය පැත්තෙන් සලකා බලන කල රටවල් දෙකක් අතර කෙරෙන යුද්ධයක් හා සමාන ය. යුද්ධයක් කෙරෙන්නේ මල් වටිටි සහ සෙමර (පවන් සැලීමට ගන්නා චාමර) වලින් නොව බෝම්බ, රොකටි වෙඩි, උණ්ඩ යනාදියෙනි. මෙහිදී වෙඩි වදින කවර පාර්ශ්වයක වුවද මානව හිමිකම් උල්ලංඝනය වෙයි. රටේ නීත්‍යානුකුල යුද හමුදාව ත්‍රස්තවාදියාට වෙඩි තැබු විට ඔහුගේ මානව හිමිකම් උල්ලංඝනය වෙයි. ත්‍රස්තවාදීයා යුද හමුදාවට වෙඩි තැබු විට යුද හමුදාවේ මානව හිමිකම් උල්ලංඝනය වෙයි. මෙය යුද්ධයක් තුළදී නො වැළැක්විය හැකි තත්ත්වයකි. මේ සඳහා ඉතා සරල ජාත්‍යන්තර උදාහරණයක් ගනිමි. එක්දහස් නවසිය අනු ගණන්වලදී ඉරාකය විසින් කුවේටය ආක්‍රමණය කරන ලදී. එවිට කුවේටයේ මානව හිමිකම් උල්ලංඝනය විය. ඊළඟට ඇමරිකාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය ප්‍රමුඛ යුරෝපා රටවල් සමුහයක් (අපට ජී. එස්. පී. සහනය සැපයු උදවිය) ඉරාකයට බෝම්බ දමා එරට කුඩු පටිටම් කළේ ය. එවිට ඉරාකයේ මානව හිමිකම් උල්ලංඝනය විය. එය යුද්ධයේ ස්වභාවයයි. ත්‍රස්තවාදී කණ්ඩායමක් ශ්‍රී ලංකාව දෙකඩ කරන ලෙස ඉල්ලා තුවක්කු ගෙන වෙඩි තබන විට හා බෝම්බ පුපුරුවන විට පෙරළා වෙඩි තැබීම හැර වෙන යමක් ඉතිරි වන්නේ නැත. වැදගත්ම කාරණය නම් යුද හමුදාව අතින් සිල්ලර මටිටමින් මානව හිමිකම් උල්ලංඝනය වන විට කොටි හමුදාව තොග වශයෙන් මානව හිමිකම් උල්ලංඝනය කිරීම ය. ඔවුහු සිය හමුදාවට තරුණ ගැහැනු ළමයින් බලෙන් බඳවාගෙන දුෂණය කර යුද බිමට යවති. තුවක්කුවටත් අඩු උසකින් යුතු පිරිමි ළමයින් යුද පෙරමුණට යවති. මේ ළමයි ගෙවල්වලින් පැහැරගත් අය වෙති. කවර මවක්වත් පියෙක්වත් සිය කුඩා පුත්‍රයා හෝ දියණිය යුද බිමට යවන්නේ නැත. එල්. ටී. ටී. ඊ.ය තම ළමා හමුදාව පෙරමුණට යැවීමෙන් මුලින්ම ඒ ළමයින්ට වෙඩි කෑමට සලස්වනු ලැබේ. ඊළඟට ඒ දරුවන්ගේ මළසිරුරු ජාත්‍යන්තර එන්. ජී. ඕ. කාරයන්ට පෙන්වා යුද හමුදාව මානව හිමිකම් කඩකරන බව කියති.
ජී. එස්. පී. ප්ලස් සහනය ලබා දී ඇත්තේ වසර තුනකට ය. එය තවදුරටත් දීර්ඝ කිරීම හෝ කෙටි කිරීම හෝ අත්හිටුවීම එය ලබා දුන් රටවල රාජකාරියකි. එහෙත් සියලු දෙනා මතක තබා ගත යුතුව ඇත්තේ ජී. එස්. පී. නැති කාලයේ ද මේ රට ජීවත් වු බවයි. ඉදිරියේදී ද ජී. එස්. පී. නැති වුවහොත් කිසිදු රටවැසියකු සිය දිවි නසා ගන්නේ නැත. කලක් මේ රටේ ප්‍රධාන ආදායම වුයේ අපනයන භෝග හා මැණික් ය. පසු කාලයේදී ඒ වෙළෙඳපොළ බිඳ වැටුණේය. එහෙත් කිසිදු රටවැසියෙක් එය නිමිත්ත කරගෙන වස පානය කළේ නැත. එල්ලී මළේ ද නැත. ජී. එස්. පී. සහනය හොඳ බව ඇත්ත. එහෙත් ඒ වෙනුවෙන් රටේ ඒකීයත්වය සඳහා ගෙන යන යුද්ධය හෝ ප්‍රතිපත්ති පාවා දිය යුතු නැත. ජී. එස්. පී. නැති වුණොත් ඒ තැන ගැනීමට වෙනත් වාණිජ ක්‍රමවේදයක් පැමිණීමට ඉඩ තිබේ. ඒ ස්වභාවධර්මයයි. සමහර ප්‍රශ්න කාලය විසින් ද තවත් සමහර ප්‍රශ්න ස්වභාවධර්මය විසින් ද විසඳනු ලැබේ. ජී. එස්. පී. ප්‍රශ්නය ස්වභාවධර්මය විසින් විසඳනු ලැබීමට බොහෝ දුරට ඉඩ තිබේ.
(දිවයින 08/12/05)

Wednesday, December 3, 2008
ආසියාවේ හොඳ ම මාධ්‍යවේදියාට කන්දෙමු
තාම උදේ පාන්දර ය. කුකුළා හැඬලුවා පමණි. පත්තර බෙදන කොලුවා තාම ආවේ නැත. උදේ පාන්දර පින්න නිසා එළියට පහළියට යන්න ද බැරි ය. කම්මැලි කම යන්නත් එක්ක කුමක් හෝ කියවන්න ඕනයයි සිතූ මම ඇඳ යටට අත දැම්මෙමි. මේ එහි පත්තර කරදහියක තිබූ මසුරන් කතුවැකියෙකි. පෙරමුණේ රාළ කිව්වට කියවලම බලමුකෝ ආයුබොවන්ඩ.
ආසියාවේ හොඳ ම මාධ්‍යවේදියා ලෙස එන්. රාම් මහතා පත් ව සිටී. එන්. රාම් යනු ‘ද හින්දු’ පුවත්පතෙහි ප‍්‍රධාන කතුවරයා ලෙස ද ‘ෆ්රන්ට්ලයින්’ සඟරාවෙහි කතුවරයා ලෙස ද කීර්තිමත් වෘත්තීය භාවයක් හිමිකරගත් ජ්‍යෙෂ්ඨ පත‍්‍රකලාවේදියෙකි.
සමාජ විශ්ලේෂකයකු හැටියට ද දේශපාලන විචාරකයකු හැටියට ද රාම් මහතා ප‍්‍රකට ය. ආසියාවේ දේශපාලනය පිළිබඳ උනන්දුවක් ඇති බොහෝ විද්වත් හු රාම් මහතා ගේ ලිපි - ලේඛනවලට ආකර්ෂණය වෙති.
වයස අවුරුදු විසිදෙක තරම් වූ තරුණ අවදියේ ම ඇමෙරිකාවේ කොලොම්බියානු විශ්ව විද්‍යාලයයෙන් පුවත්පත් කලාව පිළිබඳ ගෞරව උපාධියක් හිමිකරගත් රාම් මහතා ශිෂ්‍ය අවදියේ ම වාම දේශපාලනයට යොමු වූ බව කියැ වේ.
1967 – 1968 කාලයේ ඇමෙරිකන් ශිෂ්‍ය ව්‍යාපාරය තුළ මතු වූ බොහෝ විරෝධතාවල පෙරමුණ ගත් කි‍්‍රයාකාරිකයකු ලෙස ද ඇතැම් හු එන්. රාම් හඳුන්වති.
පසුකලෙක ඉන්දියාවේ ‘බෝෆෝස්’ අවි ගනුදෙනුව පිළිබඳ තොරතුරු හෙළි කරමින් රට දේශපාලන වෙනසකට යොමු කළේ ඔහු බව ද කියැ වේ.
ශ‍්‍රී ලංකාවේ අප එන්. රාම් මහතාට කන්දිය යුත්තේ මන් ද? එම තර්කයට අදාළ ප‍්‍රධාන සාධක දෙකක් තිබේ. පළමුවැන්න ඉතා නිවැරැදි ව හා විචක්ෂණශීලි ව මෙරට ත‍්‍රස්තවාදය විග‍්‍රහ කිරීමට රාම් මහතා සමත් ව තිබීම ය.
දෙවැන්න ආසියාව තුළ සමාජයට වගකියන ජනමාධ්‍ය කලාවක් ස්ථාපිත කිරීම සඳහා රාම් මහතා යොමු වී සිටීම ය. මේ ප‍්‍රවාහ දෙක තුළ ම එන්. රාම් මහතා දැවැන්තයෙකි.
ශ‍්‍රී ලංකාවට බෙහෙවින් ඇලුම්කරන ඔහු මෙරට ත‍්‍රස්තවාදය සම්බන්ධයෙන් ඉතා නිවැරැදි විග‍්‍රහ ගණනාවක් ඉදිරිපත් කර තිබේ. ත‍්‍රස්තවාදයෙන් ජනවාර්ගික ගැටලුවට කිසිදු විසැඳුමක් නො ලැබෙන බව ඔහු ප‍්‍රකාශ කළේ කොටි ත‍්‍රස්තවාදය මෝරා වැඩෙමින් තිබූ අවදියේ ම ය.
එමෙන් ම ත‍්‍රස්තවාදයට උපකාර කිරීම සඳහා බලවත් රටවල් ඉදිරිපත් නො විය යුතු බව ද ඔහු අවධාරණය කළේ ය. ඔහු එය ඉන්දියාවට ද කියා සිටියේ ය.
රාම් මහතා 1992 දී ඉතා වැදගත් ප‍්‍රකාශයක් කළේ ය. එනම්; ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව සාකච්ඡා මේසයට ගෙන ඒම සඳහා බලපෑමක් කළ යුතු ය යන පදනමෙහි සිට එල්. ටී. ටී. ඊ. සංවිධානයට මුදල් ආධාර දී ම, අවි පුහුණුව ලබාදීම හා රැකවරණය ලබාදීම වැනි පහසුකම් සැලයීම බෙහෙවින් වැරැදි සහගත කි‍්‍රයා බව පෙන්වාදීම ය. එහෙත් එම වැරැද්ද ඉන්දියාව එක් වරක් කළ බව ද ඔහු පෙන්වා දුන්නේ ය. (මදුරාසියේ පළවන සුබමංගලා සඟාව)
කොටි සංවිධානය විමුක්ති හමුදාවක් නො වන බවත් ශ‍්‍රී ලංකාවේ වන්නි පළාතෙහි පවතින්නේ පලස්තීන ගැටලුව හා සැසඳිය හැකි තත්ත්වයක් නො වන බවත් රාම් මහතා කියා තිබේ. ඔහු කොටි සංවිධානය සම කරන්නේ කාම්බෝජයේ පොල්පොට්වාදීන්ට හා පීරු රටේ ෂයිනින් බාත් ගරිල්ලන්ට ය.
ශ‍්‍රී ලංකාවේ අවතැන්වූවන් පිළිබඳ ප‍්‍රශ්නයක් ඈඳ්‍රගනිමින් තමිල්නාඩු මහ ඇමැති කරුණානිධි මහතා අල්ලන්නට ගිය අඩව්ව දැඩි ලෙස විවේචනය කරමින් මෙරට යථා තත්ත්වය ඉන්දියාව හමුවේ තබන්නට රාම් මහතා මහත් පරිශ‍්‍රමයක් දැරී ය. එහි ප‍්‍රතිඵලයක් ලෙස හින්දු පත‍්‍ර කාර්යලයට ප‍්‍රහාරයක් එල්ල විය.
ඇතැම් නගරවල දෙමළ අන්තවාදීන් විසින් පුවත්පතෙහි පිටපත් දහස් ගණනක් වීදිවල පුළුස්සා දැමිණි. අලෙවි නියෝජිතයන්ට තර්ජන එල්ල විණි. එහෙත් රාම් මහතා ගේ පෑන මේ කිසිවකින් නැවතුණේ නැත. අවසානයේ සත්‍යය ජය ගත්තේ ය. රාම් මහතා ගේ මතවාදය ද ජය ගත්තේ ය.
මේ ජ්‍යෙෂ්ඨ පත‍්‍රකලාවේදියා ගේ මතයට අනුව ශ‍්‍රී ලංකාවේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව උතුරේ ප‍්‍රශ්නය සම්බන්ධයෙන් කි‍්‍රයාත්මක වන ආකාරය නිවැරැදි ය.
ත‍්‍රස්තවාදය ශ‍්‍රී ලංකාවට පමණක් නො ව අසල්වැසි ඉන්දියාවට ද බලවත් තර්ජනයෙකි. ත‍්‍රස්තවාදය මුලිනුපුටා දැමීම සඳහා කි‍්‍රයාත්මක වීමට ඉන්දියාවට මෙන් ම ශ‍්‍රී ලංකාවට ද අයිතියක් තිබේ. ඒ අතර ම දෙමළ ජනතාව ගේ ගැටලු විසැඳීම සඳහා දේශපාලන යෝජනාවලියක් කි‍්‍රයාත්මක විය යුතුය.
ඉන්දියාවේ මධ්‍යම ආණ්ඩුව, ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව මෙන් ම රාම් මහතා ද එය පිළිගනී. දැන් මේ රට තුළ සත්‍යය ලෙස ම සිදුවන්නේ එය යි.
මේ තත්ත්වය තේරුම් නො ගෙන ත‍්‍රස්තවාදය වර්ධනය කිරීමේ පසුබිමක් ඇති කළහොත් එහි භයානක ප‍්‍රතිඵල ශ‍්‍රී ලංකාවට මෙන් ම ඉන්දියාවට ද අත්විඳින්නට සිදු වේ. රාම් මහතා ගේ සියලු දේශපාලන විග‍්‍රහ ඉහත කී කාරණය හා බැඳී පවතී.
එන්.රාම් මහතා ගේ ජනමාධ්‍ය භාවිතය දෙසට යොමු වුවහොත්, පුවත්පත් කලාවේ වෘත්තීයභාවය රැකෙන ප‍්‍රධාන සාධක තුනක් ඇතැයි ඔහු කියයි. පළමුවැන්න පාඨකයා ගේ විශ්වසනීයභාවය රැකීම ය.
දෙවැන්න ප‍්‍රවෘත්ති සම්බන්ධයෙන් විශ්ලේෂණය කිරීම හා ඊට අදාළ නිවැරැදි නිගමනයක් ලබාදීම ය. තෙවැන්න ආකර්ෂණීය පිටු සැලැසුම් ඉදිරිපත් කිරීම ය.
ඇමෙරිකන් පුවත්පත් කලාව ගත්ත ද, බි‍්‍රතාන්‍ය පුවත්පත් කලාව ගත්ත ද, අප‍්‍රිකානු හා ලතින් ඇමෙරිකානු පත‍්‍රකලාව ගත්ත ද ඉහත කරුණු තුන පුවත්පත් කලාවේ උසස් ගුණාංග ලෙස සැලකේ.
එන්. රාම් මහතා ගේ නිවැරැදි දේශපාලන දෘෂ්ටිය මෙන් ම ඔහු භාවිත කරන සමාජ වගකීම් සහිත පත‍්‍රකලා න්‍යාය ද අප විසින් නැවත – නැවත අධ්‍යයනය කළ යුතු ව තිබේ. ශ‍්‍රී ලංකාවේ ජනමාධ්‍ය පදනම ඔහුට සම්මානයක් ප‍්‍රදානය කිරීම බෙහෙවින් පැසසිය යුතු කාරණයෙකි.
(දිනමිණ-09/10/31)

Subscribe to:
Posts (Atom)