Tuesday, March 27, 2012

ජාත්‍යන්තරය හා හැප්පී වැඩක් නෑ, කතාකර බේරාගන්න – කිරිඇල්ල

රටට කෙළවෙනවා නම් එජාපය ආණ්ඩුවට පූර්ණ සහාය ලබා දෙන බව අපි දන්නවා. එදා යුද්දේ කරද්දිත් ඒක නවත්තලා නෝර්වේ මග පෙන්වීම මත සටන් විරාම ගිවිසුම ආරක්ෂා කරමින් සාමයට යන්න කියලා කියපු එවුන්ට මොනවාද කියන්න බැරි. මේ ආණ්ඩුවේ එවුන්ට වඩා කිරිඇල්ලලා හොඳට දන්නවා මේ ආණ්ඩුවේ ආයුෂ තීරණය වන්නේ දේශප්‍රේමි බලවේග ආණ්ඩුව සමග සිටීම හෝ නොසිටීම මත කියලා. ඒ නිසායි නියම නිලේ අල්ලලා පහර ගහලා තියෙන්නේ. ඔන්න කනවා නම් නියම ලනුව.

මේ රටට ආදරය කරන මිනිස්සු එදා ඉඳලා එජාපය හඳුන ගත්තේ අධිරාජ්‍යවාදයේ මෙරට අතකොලුව විදිහටයි. ඒ අදහස නැවත සනාථ කරනවා කිරිඇල්ල උන්නැහේලා. සුද්දෝ මොනවා ද කියන්නේ ඒක තමා හරි. එදා සුද්දෝ ලංකාව අතෑරලා යද්දි බලය පවරලා ගිය කළු සුද්දන්ගේ දරු මුනුබුරෝ තමා අද එජපයේ ඉන්නේ. උන්ට ඕන ආයේ සුද්දා ලවා හරි තම පක්ෂයට බලය ගන්න.

1987 ඉන්දියාව අපට බලහත්කාරකම් කළා වගේ ම මෙවර ඇමරිකා කළේත් තුප්පහි වැඩක්. කරන්න පුළුවන් සියලු ජඩ වැඩ කරලත් යන්තම් එක වැඩි ඡන්දයයි ගත්තේ. ඒත් ඊශ්‍රායලයට එරෙහිව ගෙනා යෝජනාවලදී ඊශ්‍රායලයට පක්ෂ වුණේ ඇමරිකාව විතරයි. රටවල් 36ක් විරුද්ධයි. දැන් ඊශ්‍රායලය කියනවා මේක හරි අසාධාරණයි. අපි ඉවත් වෙනවා කියලා. ඇමරිකාව අගයන සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය අනුව දැන් බල කළ යුතුයි ඊශ්‍රායලයට අති බහුතරයක් රටවල කැමැත්තට හිස නමා පරීක්ෂණවලට ඉඩ දිය යුතු බවට. එහෙම නොකර ඇමරිකාවට බැහැ අපට බලපෑම් කරන්න.

අපට ඇමරිකාව එක්ක හැප්පෙන්න කිසිම උවමනාවක් නැහැ. අපට අවශ්‍ය අපේ පාඩුවේ ඉන්න විතරයි. අපි අනිත් රටවල වැඩවලට ඇඟිලි ගහන්න යන්නෙත් නැහැ. ඒ නිසා ස්වාධීන රටක් විදිහට අපට පාඩුවේ සිටින්න නිදහසක් තිබිය යුතුයි. ඒ අහිංසක අයිතිවාසිකමත් අපෙන් උදුර ගන්න ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් හදනවා නම් තවත් නිවට වී පලක් නැහැ. ඒ නිවටකම අප අගාධයට තල්ලු කරනු ලද හැකි ජයක් නැහැ.

ඒ නිසා අපේ නිදහසේ ජීවත්වීමේ අයිතිය විනාශ කරන්න උත්සාහ කරනවා නම් ඊට විරුද්ධව නැගී සිටිය යුතුයි. ඒ සඳහා ආධ්‍යාත්මික සටනකට සුදානම් විය යුතුයි. ඒ සඳහා අවශ්‍ය ශක්තිය අපට බුදු දහම සහ සංස්කෘතික උරුමය විසින් ලබා දී තිබෙනවා. ඇමරිකාව ඉතිහාසයේ දරුණුතම පරාජය ලැබුවේ බෞද්ධ රටක් වන වියට්නාමයේ දී. ඔවුන් ඒ පරාජය කොතරම් මානසිකව ඇද දැම්මා ද කිවහොත් මේ සිද්ධිය ඉතිහාස කෘතිවලින් ද ඉවත් කළා.

එහෙත් කිරිඇල්ලලා ප්‍රමුඛ එජාපය දැන් උත්සාහ කරන්නේ ජාතිය නැවතත් 1505ට දක්කා ගෙන යාමට බව සක්සුදක් සේ පැහැදිලියි. උන්ගේ පැවැත්ම ඇත්තේ අධිරාජ්‍යවාදී සපත්තුවලට පෑගෙමින් ඉඳුල්කන පරාධීන ජාතියක් සිටින යුගයක බව අපි හොඳින් දනිමු.

2 comments:

රංචාගොඩ මුදියන්සේ said...

එදා සුද්දෝ ලංකාව අතෑරලා යද්දි බලය පවරලා ගිය කළු සුද්දන්ගේ දරු මුනුබුරෝ තමා අද එජපයේ ඉන්නේ. උන්ට ඕන ආයේ සුද්දා ලවා හරි තම පක්ෂයට බලය ගන්න.
-----------------------------------

එදා සුද්දෝ මේ රට දාලා යනකොට බාරදීල ගිය කලු සුද්දන් සෙට් එකෙන් එක්කෙනෙක් තමයි සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනයික. එයාට මිනිස්සු කිව්වේ රෙද්ද අස්සේ මහත්තයා කියලා. මොකද බොරුවට උඩට සුදු රෙද්ද ඇන්දට යට කලිසම් කෝට් පිටින් හිටියේ.

ඔය රෙද්ද අස්සේ කලු සුද්දා එක්ක තමයි අපේ ජනපති උතුමාගේ තාත්තා ශ්‍රි.ල.නි.ප හදන්න ආවේ..

රෙද්ද අස්සේ සොලමන් මහත්තයා යූ ඇන් පී එක දාලා ශ්‍රිලනිප හදන්න කඩාගෙන ආවේ මොකද දන්නවාද? යූ.ඇන්.පී එක අධිරාජ්‍යවාදී සුද්දන්ට කත් අදින පක්ශයක් නිසා හෙම නොවෙයි, තනතුරු වලියක් නිසා. එයා සිංහල බෞද්ධකම තොරොම්බල් කරේ අද මහින්ද රාජපක්ශ සිංහල බෞද්ධකම තොරොම්බල් කරන විධියටම තනිකරම චන්ද දිනාගැනීමේ උපක්‍රමයක් විධියටයි...

නාමල් උඩලමත්ත said...

මම කතා කළේ රෙද්ද අස්සේ මහත්තයා හරි මහත්තයාගේ දූ හරි ගැන නෙමේ. එක්සත් ජාතික පක්ෂය කියන පතෝල මැස්ස අටව ගත්තේ එවකට ප්‍රබලතම දේශපාලන ව්‍යාපාරය වුණු සම සමාජ පක්ෂයට බලය ඒම වළක්වන්න මිසක් වෙන එකකට නෙමේ. ඇවිත් සුද්දා කියපු විදිහට කරන් ගියා. බණ්ඩාරනායක පක්ෂයෙන් ගියේ බලය සඳහා වෙන්න පුළුවන්. හැබැයි ඔහුට සිද්ධ වුණේ එවකට මතු වෙමින් තිබු අධිරාජ්‍ය විරෝධී ප්‍රවණතාවට නායකත්වය දෙන්නයි. කලිසම ඇඳගෙන ඔහුට එළියට එන්න බැරිවුණා. මොකද ඔහුත් මෙහෙය වුණේ ජාතික බලවේගය විසින් මිස නැට්ට අනුව බල්ලා නොවේ.

2005 මහින්ද බලයට ආවෙත් මේ රටේ දේශප්‍රේමී බලවේගයට නායකත්වය දෙමින්. හැබැයි කවුරු හරි හිතනවා නම් මේ බලවේගය නිර්මාණය කළේ මහින්ද කියලා, ඒක ඒ මනුස්සයාගේ දේශපාලන දුප්පත්කම. ඇත්තට ම සිද්ධ වුණේ රටේ 1977 සිට ගිය ලිබරල්වාදී බටහිර පරිභෝජනවාදී ක්‍රමයට විරුද්ධව මතු වුණු සංස්කෘතික පුනරුදය 2005 වෙද්දි උච්චස්ථානයට ඇවිත් එය බලයට පත්වීම. ඒ බලවේගය විසින් මහින්ද මෙහෙයවනු මිස නැට්ට විසින් බල්ලා මෙහෙවනු නොවේ.

එදා වගේ ම අදත් කිරිඇල්ල, රවි කරුණායක, රනිල්, ජයලත් පෙනී සිටින්නේ බටහිර සහ ඇමරිකාව වෙනුවෙන්. මොවුන් රටේ විපක්ෂය මිස ආණ්ඩුවේ විපක්ෂය නෙමේ. යුද්ධ කරන්න ඕන ගොනෙකුට පුළුවන් කියපු එවුන්ගේ හාම්පුතා වන ඇමරිකාව මොන යුද්ධය ද දිනුවේ? ගිය තැන හත්පොළේ ගා ගෙන යන්නේ? බලගතු අවි තිබුණාට යුද්ධ කරලා දිනන්න බෑ කියලා ඇමරිකාව තමා ඔප්පු කළේ. ඕන ගොනෙකුට නීතිඥයෙක් වෙන්න පුළුවන් කියලා ඔප්පු කළේ කිරිඇල්ල සහ රනිල් වික්‍රමසිංහ.

 
සිය රට දේ සිරි සැප දේ !