Sunday, March 11, 2012

මට මඩ ගහන්න හදනවා – ජෝන් සෙනෙවිරත්න

කහවත්ත මිනිමරුම ගැන තමන් කිසිවක් නොදන්නා බවත් මිනිමරුවන් අත් අඩංගුවට ගැනීමට එරෙහිව තමා කිසිවක් නොකළ බවත් සිය ලේකම්වරයා මෙය දැනගත් වහා ඉවත් කළ බවත් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමති පවසා තිබේ. මේ තොත්ත බාබා ඇමතිතුමා සිය ලේකම්වරයා තනතුරෙන් ඉවත් කළ පමණින් ප්‍රශ්නය විසඳේද?

යකෝ මේක මාර කතාවක්නේ. සම්බන්ධීකරණ ලේකම් කියන මිනිහා දැන් අවුරදු 20ක් මෙයා එක්ක වැඩ. සම්බන්ධීකරණ ලේකම්ගේ පුතාට ජොබ් එක දුන්නේ මෙයා. ඌ බන්ධනාගාරයට කුඩු ඇදලා හිරේ. එතකොට ලේකම්ගේ මල්ලි කසිප්පු පෙරනවා කුඩු විකුණනවා ගංජා ගහනවා. මෙයා බාබා. මුකුත් දන්නේ නෑ. මිනී මැරුම වෙලාත් මිනිමරුවා කවුද කියලා පලාත ම දැන ගෙනත් සති ගාණක් මිනිමරුවා නිදැල්ලේ හිටියේ අර කසි කබල් ප්‍රාදේශීය සභා මන්ත්‍රීගේ බලයට ද? ප්‍රදේශීය සභා මන්ත්‍රී කෙනෙකුට පුළුවන් ද මේ රටේ පොලිසියට ඒ තරම් බලපෑම් කරන්න?

අවුරුදු 20ක් තිස්සේ ගරු ඇමතිතුමාගේ දේශපාලන හෙවනැල්ලට මුවා වී මේ සුනඛ රංචුව කෙතරම් ජඩකම් මැරකම් කරන්නට ඇද්ද? රටට කෙතරම් කුඩු පොවන්නට ඇද්ද? ඇමතිතුමා බන්ධනාගාර රැකියාව දුන් කුඩුමුදලාලි කෙතරම් කුඩු ඇතුළට අදින්න ඇද්ද? සම්බන්ධීකරණ ලේකම්ට ලබා දුන් කැබ් රථයේ කෙතරම් කුඩු නිල බලය පෙන්වා පලාත පුරා ප්‍රවාහනය කරන්න ඇද්ද? ඒ උතුමා මේ සියලු පව් මැදින් ගොස් 'මතට තිත' ප්‍රතිපත්තිය වෙනුවෙන් කෑ ගසන්නට ඇත.

තමන්ගේ සම්බන්ධීකරණ ලේකම්ගේ වතගොතවත් නොදන්න මිනිහෙක් තමා මේ රටේ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමති. අර කාලකන්නි මූසලයෝ තුන්දෙනා ලංකාවෙද නැද්ද? ස්වදේශ කටයුතු කියන්නේ පිට රට වැඩද? දැන් ලංකාවේ පාතාල කුඩු බිස්නස් කරන මැරයෝ ස්ත්‍රී දුෂකයෝ ඔක්කෝම ඉන්නේ පාර්ලිමේන්තුවේ පළාත් සභාවේ. නැත්නම් ප්‍රාදේශීය සභාවල. උන් ඒවයේ ඉඳ ගෙන ප්‍රභූ ආරක්ෂාව යටතේ සියලු බලු වැඩ කරනවා. මොවුන්ට දේශපාලන රැකවරණ දෙන අයට ඇත්තේ දේශපාලන ප්‍රතිරූපයක් නොව මිනීමරු පතාළ කුඩු ප්‍රතිරූපයක් බව රටට නම් අරුමයක් නොවේ.

මතට තිත කියලා ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ගහලා ඡන්දේ අර ගෙන රටටම කුඩු බෙදන කුඩුකාරයෝ සම්බන්ධිකරණ ලේකම්වරු කර ගෙන තව කුඩුකාරයෝ බන්ධනාගාරයට දාලා කැබිනට් ඇමතිකම් දරන්න පුළුවන් පුදුම රටක් මේක. දැන් මේ රටේ තියෙන්නේ කුඩුපාලනය මැරපාලනය පතාලපාලනය මිසක් දේශපාලනය නම් නෙමේ. ප්‍රධාන පක්ෂ දෙකේ ම ඉන්නේ නීතියෙන් වහන් වෙන්න පක්ෂවලට රිංගපු දරුණු අපරාධකාරයෝ, පතාලකාරයෝ සහ උන්ගේ කර මතින් දේශපාලනය කරන මැරයින් ය. ඌරෙකුට මඩ ගැසීමෙන් අත්වන සෙත කුමක්දැයි මගේ මිතුරෙක් මගෙන් ඇසුවේ ඇමතිතුමාගේ උක්ත ප්‍රකාශය දැකලා ය.

2 comments:

මාතලන් said...

ඌ බබා.. මට දුක මේවා ගැන අලි පාටියේ උනුයි ජෙප්පොයි කටවල් වහගෙන ඉන්න එක. උන්ටත් ගානක් යනවද දන්නේ නෑ. එහෙනම් ළොකෙන් උතුම් රටට අබ සරණයි.

නාමල් උඩලමත්ත said...

ඔව්, ජවිපෙ දැන් වැලේ වැල් නැතිව හිඟමනට වැටිපා හිටියත් එයාලාට මේ ගැන කතා කරන්න පුළුවන්. 1994 පස්සේ ජවිපෙ ආ ගමන තුළ මැරයෝ කුඩුකාරයෝ පතාළකාරයෝ හිටියේ නැහැ. හුඟක් විනය තිබුණු පක්ෂයක්.

නමුත් ඉතින් එජාපයට නම් මේ ගැන කටක් අරින්න බැහැ. උන් තමා කුඩු පතාළය හොරකම මේ රටේ ප්‍රධාන ව්‍යාපාර බවට පත් කළේ. උන් කවදා හරි බලයට එන දවසට මුලින් ම ඒ පැත්තට පනින්නේ අද මහින්දට වළ කපන මේ ජඩයෝ ටිකම තමා.
මොකද මුන්ට සහ මුන් යටතේ නඩත්තු වන පතාළයට අවශ්‍ය දේශපාලන රැකවරණය සඳහා උන් අලුත් ආණ්ඩුවට සෙට් වෙන්න ම ඕන.

එහෙම නොවුණොත් නීතිය අකුරට ක්‍රියාත්මක වෙනවා. හිරේ යන්න වෙනවා. ඉතින් කවුද කැමති නැත්තේ හිරේ නොයා ආණ්ඩුවට සෙට් වෙලා ඇමතිකමක් අරගෙන සුපුරුදු ජීවිතේ ගත කරන්න.

 
සිය රට දේ සිරි සැප දේ !