Sunday, March 25, 2012

ලංකාවට විරුද්ධව ඡන්දය දුන් චිලීයට දරුණු භූමිකම්පාවක් - පුවතක්

චීලියේ දරුණු භූමිකම්පාවක් ඇති වී ඇති අතර ඉන් සිදුවූ විනාශය පිළිබඳ සංඛ්‍යා ලේඛන ලැබී නැත. මේ පිළිබඳ පුවත අපට සතුටු විය හැකි දෙයක් නොවේ.

මේ පුවතේ මාතෘකාව ද්වේශ සහගතයි. කාගෙවත් ව්‍යවසනයකදී සතුටු වන එක සිංහල බෞද්ධකම නෙමේ. විවිධ බලපෑම් මගින් ඒ ඒ රටවල ඡන්දය ඇමරිකාව මංකොල්ලකෑ බවයි ඇත්ත. මේ ව්‍යවසනය නිසා අසරණ වන්නේ ඒ රටේ අහිංසක මිනිස්සු.

ඒ නිසා අපි කළ යුත්තේ ඔවුන් හා ඇති වාදභේද අමතක කරලා ඔවුන්ට හැකි නම් උදව් වෙන එකයි. අඩු තරමේ ඔවුන් වෙනුවෙන් මෙත් සිත් වැඩිය යුතුයි. ආධ්‍යාත්මිකව දියුණු ජාතියක් මිස අනුන්ගේ දුකේදී සතුටු වන ජාතියක් හදලා වැඩක් නෑ. යුද්ධයේ දී සිදුවූ මිනිස් ඝාතන ගැන දුටු ගැමුණු රජතුමා බොහොම කම්පා වුණා. අපි යා යුත්තේ ඒ මගයි.

අපේ රටට සුනාමිය ඇවිත් උතුර දකුණ විනාශ වුණාම මේ රටේ ජනතාව පක්ෂ ජාති භේද අමතක කරලා හැමෝට ම උදව් කළා. උතුරට විවිධ ද්‍රව්‍ය එකතු කරලා යැව්වා. ඒ ශ්‍රේෂ්ඨ මාර්ගය අපි වඩා වඩාත් ඉස්මතු කළ යුතුයි. ජනතාව ධාර්මික වෙද්දි රටේ පාලකයින්ටත් ධාර්මික වෙන්න සිදුවෙනවා.

ගෙවලයින්ට මළ ප්‍රේතයින්ට දිව්‍ය විමාන පාලනය කරන්න බැහැ. රටේ ජනතාව හැසිරෙන්නේ යක්කු වගේ නම් පාලකයොත් යක්කු වගේ තමා. පාලකයින්ගෙන් පිළිබිඹු වෙන්නේ ජනතාවගේ ආධ්‍යාත්මික දියුණුවයි.

4 comments:

Unknown said...

හි හි ඇයි මේ ලගදි ඇමරිකාවට දරුණු ටෝනේඩෝවක් ඇතිවුනේ...

නාමල් උඩලමත්ත said...

ඇමරිකාවේ විතරක් නෙමේ වෙන රටවලත් ස්වභාවික විපත් ඇති වෙනවා. අපිට දරුණු සුනාමියකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ විතරක් නෙමේ අපිට උදව් වුණු රටවලටත් අනාගතයේ ස්වභාවික විපත්වලට මුහුණ දෙන්න වෙයි. එතකොට කාට හරි තර්ක කළ හැකියි ඒ ලංකාවට සහාය දුන් නිසා කියලා. ඒවා හරි අවිචාරවත් කියවීම්.මම කියන්නේ නෑ මිනිසුන්ගේ හැසිරීම සහ ස්වභාවික විපත් අතර සම්බන්ධයක් නෑ කියලා. පරිසර දූෂණය සම්බන්ධ අවස්ථා නිදසුනක්.

රංචාගොඩ මුදියන්සේ said...

රටේ ජනතාව හැසිරෙන්නේ යක්කු වගේ නම් පාලකයොත් යක්කු වගේ තමා. පාලකයින්ගෙන් පිළිබිඹු වෙන්නේ ජනතාවගේ ආධ්‍යාත්මික දියුණුවයි.
--------------------------------

ඔබතුමා ඔය කියන විධියට බුදුන්වහන්සේ දේශණාකල දසරාජ ධර්මයත් බොරුවක් වෙන්න ඕනෑ. බුදුන්වහන්සේ රාජය පාලකයින් පාලනය කල යුතු ආකාරය ඔය විධියට විග්‍රහකොට නෑ. ඔය බෞද්ධ යයෛ කියාගනිමින් අබෞද්ධ වැඩම කරන රාජපක්ශගේ යක්ශ පාලනය සාධාරණීකරනය කිරීමේ අසාර්ථක උත්සායක්.

නාමල් උඩලමත්ත said...

ආණ්ඩුවේ වර්තමාන ක්‍රියා කළාපය පිළිබඳ මට විවේනයක් තියෙනවා. දූෂණය වංචාව හොර මැරකම් ඉහළ ගිහින්. පතාලය කුඩු දේශපාලකය්නගේ ව්‍යාපර බවට පත්වෙලා. ඒක වෙනම කතා කළ යුතු මාතෘකාවක්. හැබැයි මම ෆොන්සේකා උන්නේහේට ඡන්දේ දීලා ඇන ගෙන ආණ්ඩුවේ හැම දේම විවේචනය කරමින් ආණ්ඩුවට ලංකාවේ විපක්ෂයට බැරි නම් ඇමරිකාව හරි කෙලවනකම් බලා ඉන්න කෙනෙක් නෙමේ.

බුදු බණ බොරු කියලා මම කීවේ නැහැ. දස රාජ ධර්ම ප්‍රතිපත්තිය කියන්නේ පෙරදිග රාජ්‍ය පාලනයේ පරමාදර්ශයක්. ඒ දෙස බලාගෙන වර්තමාන ආණ්ඩුව විවේචනය කිරීම තරම් මෝඩ වැඩක් තවත් නැහැ. දස රාජ ධර්මයෙන් රට පාලනය කරන පාලකයින් බිහිවන්නේ ජනතාව අතරින් මිස දෙව්ලොවින් නෙමේ.

අද තියෙන්නේ එදා වගේ රාජ්‍ය පාලනය ක්‍රමයක් නෙමේ. ජනතාවයි පාලකයින් පත් කරන්නේ. ඉතින් ජනතාව පාර්ලිමේන්තුව ඇතුලු සෙසු පලාත් පාලන ආයතනවලට පත් කරලා එවන්නේ තමන් අතර ඉන්න අයනේ. ඒ අය හොඳ අය වෙන්නේ ජනතාව හොඳ නම් නේ. ජනතාව නරක නම් ඔවුන් ආධ්‍යාත්මිකව පිරිහිලා නම් ඔවුන් පත් කරන පාලකයින් හොඳ වෙන්න විදිහක් නැහැ. රටේ ජනතාවගේ විදිහටයි නායකයින් ලැබෙන්නේ කියලා කතාවක් තියෙනවා. ජනතාව උඳු වපුරලා මුං පතලා වැඩක් නෑ.

 
සිය රට දේ සිරි සැප දේ !