යාපනය අතීතයේ හැඳින්වූයේ නාගදීපය යනුවෙනි. දිවයිනේ උතුරේ ප්‍රදේශය වාසභූමිය කරගෙන විසූ සිංහලයෝ භාරත චෝල රාජ්‍යයේ බලපෑම් වැඩිවත් ම දකුණට ක්‍රමයෙන් රට මැදට සංක්‍රමණය වූහ. කලින් කල විවිධ ආක්රමණිකයින් උතුර පාලනය කළ ද ඒ දකුණේ ප්‍රධාන රාජ්‍යයට යටහත්වය. එසේ නොවන හැම විට ම ඊට පහර දීමට සිංහල රජවරු පසුබට නොවීය.
එහෙත් යටත්විජිතවාදී ආක්‍රමණ සමග තේසවළාමේ නීතිය සම්පාදනය කර (1707) යාපනය දෙමළ නිජබිම බවට පත්කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කෙරිණි. එදා සිට බොහෝ ද්‍රවිඩ නායකයෝ ආක්රමණිකයා ලබා දුන් විවිධ වරප්‍රසාදවලට ආශාවෙන් ඔවුන්ට පක්ෂව කටයුතු කළහ.
සුද්දා රට හැර යන විට රටේ පාලනය රදළ දෙමළ පවුල් කිහිපයකට පවරා යාමට ගත් උත්සාහය අසාර්ථක වූ තැන උතුරේ වෙනම රාජ්‍යයක් හදා ගැනීමේ උවමනාව පහළ විය. මන්ද බහුතර සිංහලයින් නියෝජනය කරන ආණ්ඩුවක් යටතේ තමන් පෙර විඳි වරප්‍රසාද නොලැබෙන බව ඔවුහු දත්හ. එයට අවශ්‍ය පසුතලය තේවසලමේ නීතිය විසින් තනා තිබිණි.
රජය විරෝධාර හමුදා යවා 2009 වෙල්ලමුල්ලිවයිකාල් කලපුවේ ගිල්වා දැමුයේ ඒ සිහිනයයි. එහෙත් එවන් සිහින යළි නොදකින්නට කළ යුතු දෑ මේ රජය තවමත් කර නැත. මුලින් ම කළ යුත්තේ තේසවලාමේ නීතිය අහෝසි කිරීමයි. උතුරේ බිම් තමන්ට පමණක් අයිතිය යන මිත්‍යාවට නෛතික වටිනාකමක් දීම භයානකය. එය අහෝසි කළ පසු සිංහල දෙමළ මුස්ලිම් ඕනෑම අයෙකුට උතුරේ ඉඩම් මිලයට ගත හැකිය. එවිට උතුර අපේ යැයි ඔවුන්ට කිසිවෙකුට කිව නොහැකිය.
එසේ නොකිරීම නිසා සිදුව ඇත්තේ මිත්‍යාවේ ගිලී සිටින අන්තවාදීන්ගේ බල පුලුවන් කාරකම්වලට යාපනයේ සරසවියට ගිය සිංහල සිසුන්ට මුහුණ දීමටය. එමෙන් ම 1980 දශකය පමණ වන විට යාපනයේ 40 000ක් සිහලයෝ විසූහ. කිලිනොච්චියේ පමණක් 35 000ක් සිංහලයින් විසූ අතර සිංහල මහා විද්‍යාලයක් තිබිණි. එහෙත් 1987 යාපනේ අවසන් සිංහලයින් පිරිස ද ත්රස්තයෝ මරා දැමූහ. එහෙයින් දැන් කළ යුත්තේ නැවත ඒ ජනතා අදාළ මුල්බිම්වල පදිංචි කිරිමය. ඒ ජනතාව තවමත් යුද අනාථව තැන් තැන්වල ජීවත් වෙති.
එසේම දකුණේ සිටින අහිංසක දෙමළ ජනතාවට කිසිදු හිරිහැරයක් නොවන්නට රජය වගබලා ගත යුතුය. එනම් 1983ක් යළි උදා නොවන්නට වගබලා ගත යුතුය. මන්ද එවැන්නක සම්පූර්ණ වාසිය යන්නේ බෙදුම්වාදයට බව අවබෝධ කරගත යුතුය. අපි උතුරේ අන්තවාදයට මෙන් ම ඊට පොහොර දමන දකුණේ අන්තවාදයට ද විරුද්ධ විය යුතුමය. එය කළ හැක්කේ රජය අතීසාරයට අමුඩ නොගසා රෝග නිධානයට බෙහෙත් කළ හොත් පමණි.

5 comments:
Has it happened recently?
kadupul...
සමාවෙන්න. මට ඔබේ ප්රශ්නය පැහැදිලි නෑ.
Sorry! What I meant was that whether the Sinhalese students of Jaffna University has been asked to worship Prabhakaran's portrait recently or has it happened sometime back when Prabhakaran was living?
නැහැ කඩුපුල් මම කතා කළේ මේ ගිය මාසේ පිරපාහරන්ගේ උපන් දිනේ දවසේ වුණු දෙයක් ගැන. නොවැම්බර් 27 තමා මේක වෙලා තියෙන්නේ. කොටි අවතාර තවමත් රටේ හොල්මන් කරනවා.
Post a Comment