Sunday, December 4, 2011

සාකච්ඡා හරියන්නේ නෑ – TNA

ඔයාලා කතා කළේ පලාත් සභා බලතල වැඩි කරලා ඊඝමට පලාත් සභෘ හරහා යන විදිහක් ගැනනේ. ඒ සාකච්ඡා සාර්ථක වෙන්න විදිහක් නැහැ. ඒක සාර්ථක වෙන්න දෙන්නත් බැහැ. ප්‍රභාකරන් යන්න හැදු ගමන වෙන පාරකින් යන්නයි මේ අය හදන්නේ. ඒකට අත්වැල් ගායනා කරන්න මේ ආණ්ඩුවට කිසි බලයක් නැහැ. එහෙම වුණොත් ආණ්ඩුවට අනිච්ඡාවත සංකාරා. මේ මර උගුලින් ගැලවීම පිළිබඳ මගේ උණුසුම් සුබ පැතුම් ආණ්ඩුවට.

කළ යුත්තේ ලබා දී ඇති බලතලත් අහෝසි කර පලාත් සභා නමැති සුදු අලියා ද අහෝසි කිරීමය. පලාත් සභාවකට දෙන සෑම බලතලයක් ම ඊළම තනන්නට ලබා දෙන අල්ලසක් වේ. එහෙයින් ම එසේ දෙනවුන් දේශද්‍රෝහියෝ වෙති. ලංකාවේ සුළු ජාතීන්ට මහ ජාතීන්ටත් නැති බලතල දිය යුත්තේ ඇයි?

අපි කිසි විටක ඉඩම් හෝ පොලිස් බලතල ඉල්ලා නැත. එසේ ඉල්ලන්නේ කොටි සහ කොටි අවතාර ය. එහෙයින් මේ අළු යට ඇවිලෙන කොටි ගිනි පුපුරු නිවා වනසා දමනු මිස ඒවාට රොඩු බොඩු එක් කිරීම ආණ්ඩුවේ වගකීම නොවේ.එවන් දේශද්‍රෝහී ක්‍රියාවක් කොට මේ ආණ්ඩුව සියතින් සිය ගෙළ සිඳ නොගනු ඇතැයි අපි උදක්ම බලාපොරොත්තු වෙමු. මේ ආණ්ඩුවේ පැවැත්ම තීරණය කරන ප්‍රධාන සාධකය බවට පත්ව ඇත්තේ කොටි ත්‍රස්තවාදයට බෙදුම්වාදයට එරෙහිව එකසරව නැගී සිට අභිතව සටන් කිරීම බව ආණ්ඩුවට අවබෝධ වෙත්වා!

හම්බන්තොට ඉහත්තාවේ ජීවත් වෙන දුප්පත් සිංහල මිනහෙකුට නැති යාපනේ ජීවත් වන දෙමළ මිනිසෙකුට ඇති ප්‍රශ්නය මොකක්ද? මොකුත් නැහැ. හැබැයි බෙදුම්වාදය ඔස්සේ තමන් බලතල අරගෙන පර්චස් 10 හරි රජ වෙන්න බලා ඉන්න සිංහල දෙමළ ඕනෑම ජාතිවාදියෙකුට අර මිනිස්සු දෙන්නා ම තමන්ගේ පටු අරමුණ වෙනුවෙන් පාවිච්චි කරන්න පුළුවන්. මේ දෙන්නාගේම දුප්පත්කමට ප්‍රශ්නවලට හේතුව ආණ්ඩුව කියලා කියන්න පුළුවන්.හැබැයි ඇත්ත කාරණාව වෙන එකක්.

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !