Tuesday, June 29, 2010

ඊළමේ සිංහල හඬ

පහුගිය දිනක මම බීබීසී සංදේශය වැඩසටහනට සවන් දුනිමි. එවිට එම සංවාදයේ මුල් කොටස විකාශය වී තිබිණි. නිවේදක රජයේ උතුරු නැගෙනහිර පුනරුත්තාපන වැඩසටහන් ජපන් විශේෂ නියෝජිත යශුෂි අකාශි පසසා ඇතැයි කී විට අදාළ පුද්ගලයා කීවේ, යශුෂි අකාශි ගම්බිම්වලට නොගිය බවත් ඔහුට රජය පෙන්වූ දේවල් බලා එසේ නිගමනය කළ නොහැකි බවත් ය. කොටින් ම උතුරේ පුනරුත්තාපන වැඩ කිසිවක් රජය කර නැත යන්න ඔහුගේ අදහස විය. මම එකවර ම සිතුවේ මේ නම් කොටි රූකඩ ටීඑන්ඒ කාරයෙක් බව ය. එහෙත් එතරම් චතුර ලෙස ඔවුන්ට සිංහල කතා නොකළ හැකි බව සිහි වූ මම විපිලිසර වීමි. වැඩසටහන අවසන ඔහු ජවිපෙ විජිත හේරත් බව ඇසූ මම ගැල් ගැසුනෙමි.

ඊට පසු එක්සත් ජාතීන්ගේ මහ (ලොකු) ලේකම් මූන් කී බෑන් මෙරට යුද අපරාධ සෙවීමට කමිටුවක් පත් කිරීම ගැන ජවිපෙ ටිල්වින් සිල්වා මහත් ප්‍රසාදයෙන් කතා කළේ ය. එය ඔවුන් සලකා ඇත්තේ තමන් ලද වරප්‍රසාදයක් ලෙස ය. මෙසේ රටට හිතකර ප්‍රකාශයක් වෙත් නම් එය ප්‍රතික්ෂේප කර රටට අහිතකර ප්‍රකාශවලට අත් පොළසන් දී විසිල් ගැසීම අද ජවිපෙ දේශපාලනය වී තිබේ. මේ කටයුත්ත එදා කළේ ටීඑන්ඒකාර‍යෝ ය. ඒ හඬ සිංහල බසින් ලොවට ගෙන ගියේ වික්‍රමබාහු කරුනාරත්න, සුනන්ද දේශප්‍රිය ආදි ත්‍රිවීල් වමේ පක්ෂ සහ නිදහස් මාධ්‍ය ව්‍යාපාරික ප්‍රජාව ය. අද මේ සියල්ලෝ ඉතිහාසයේ කුණු බක්කියට විසි වී ගොස් හමාර ය. ඒ හඬ නිහඬ වූ තැන දැන් ජවිපෙ බෑඟිරි තළයි.

ඊළාම්වාදී දෙමළ ඩයස්පෝරාවේ හඬ සිංහලට නැගීමේ තුප්පහි වැඩේ අද ජවිපෙ භාරගෙන ඇත්තේ ඉතිහාසේ කුණු බක්කියේ සිට ම ය. ඔවුන් කුණු බක්කියට විසි වූයේ 2005 පසු ගත් අමන දේශපාලන තීන්දුවලට පිං සිදුවන්නට ය. මේ රටට ආදරය කරන පිරිසක් තවමත් ජවිපෙ බිම් මට්ටමේ සිටිති. ඔබේ නායකත්වය ඔබ මේ ගෙන යන්නේ දේශපාලන කනත්තට ය. මේ නායකත්වයට ඔබ යුෂ උරා විසි කළ හැකි උක් දණ්ඩක් පමණි. එහෙයින් අවදියෙන් සිටින්න. සැබෑ සතුරා හඳුනාගන්න. දුර සිටින සතුරාට වඩා මිතුරු වෙසින් ළඟ සිටින සතුරාගෙන් පරිස්සම් වන්න. ඊළමේ සිංහල හඬට එරෙහිව නැගී සිටින්න.

5 comments:

මාරයාගේ හෝරාව said...

ජවිපේ පළමුවෙන් දේශපාලන ව්‍යාපාරයක් විය.
අද වන විට එයින් දේශපාලනය අතහැරී ව්‍යාපාර පමණක් ඉතිරිව ඇත.

නාමල් උඩලමත්ත said...

මාරයාගේ හෝරාව
ඔව් බැලු බැල්මට එහෙම පේනවා. හැබැයි මේ දේශපාලන නොවන ව්‍යාපාරය තුළ තියෙන්නේ බෙදුම්වාදයට අනියමින් සහය දෙන දේශපාලනයක්.ජවිපෙ දැන් පිරිහිලා ජනමතයට කිසිදු බලපෑමක් කළ නොහැකි තත්ත්වයට ඇද වැටිලා නිසා ඒක අපට ඉස්සර වගේ ලොකුවට නොපෙනෙන්න ඇහැකි.
ඒත් බෙදුම්වාදයට උඩගෙඩි දීපු රවී කරුණානායක වැන්නන් සහ ජවිපෙ මං ඉහත දැක්වු සිද්ධිවලට දක්වපු ප්‍රතිචාර සසඳලා බලන්න. කරුණායක දැන් ජාතික ඇඳුමට රිංගලා පුල්ලි වහගෙන වැල යන අතට මැස්ස ගහන්න හදනවා.තමන් ජාතිකත්වයට පක්ෂයි කියලා රට රවටන්න හදනවා. ඊට එරෙහිව එදා හඬ නඟපු ජවිපෙ දැන් ටිකින් ටික පුල්ලි මතු වෙනවා. මේකේ දේශපාලනයක් තියෙනව. හැබැයි රටට නම් හිතකර එකක් නෙමේ. එහෙම නෙමේද?

Sunanda said...

@ namal

aasawakata A 9 paren ehata gihin thiyenawada?a minissu gatha karanne thirisanuntath antha jeevitha kiyala dannawada?oyala mehe saneepeta blog liya liya ITN eken uthura surapurayak kiyala kiyana katha ahagena fun eke innwa.eth athatha a polowa pagapu kenekge bada papuwa dala yanawa a minissu gewana jeevithe dekkama.mama me ehe giya kenek widihata kathakaranne.puluwan nam A 9 paren eha jaffna yaddi gihin balanna kochchra tragedy ekakda kiyala a jeevitha.

bedumawadeta uda gedi denne a minissunge prashna novisada IIFA walata koti ganan yata karana moda deshapalakayo.anduwa hariyata a minissunta wedak karala nethnam wedak kre ne nokiya boruwata kara kiyana kiyalada kiyanne?

Unknown said...

මචං කල්යානි,

මාත් ඔය A9 පාරෙන් 'එහාට' ගිය කෙනෙක්. ඒ විතරක් නෙමේ B68, B75 පාරවල්වලිනුත් 'එහාට' ගිය කෙනෙක්. හැබැයි මට නම් ඔයාට හම්බවෙච්ච ජාතියෙ මිනිස්සු දකින්න ලැබුණෙ නැහැ. ඒ මිනිස්සු ජීවත් වෙන්නෙ අමාරුවෙන් තමයි. ITN එකේ පෙන්නනවට වඩා අමාරුකම් ඒ මිනිස්සුන්ට තියෙනවත් තමයි. නමුත් ඒ මිනිස්සු ගත කරන්නෙ තිරිසනුන්ටත් අන්ත ජීවිත කියන එක තනිකරම අතිශයෝක්තියක්. ඒ විතරක් නෙමේ ඒ මිනිස්සුන්ට කරන අගෞරවයක්. ඔයාට හොඳටම ශුවර්ද ඔයා A9 පාරෙන් එහාට ගියේ යුද්ධෙ ඉවර උනාට පස්සෙ කියල. ඒ මිනිස්සු කොටි පාලනේ තියෙන කාලෙනම් ගතකරල තියෙන්නෙ තිරිසනුන්ටත් අන්ත ජීවිත තමයි. හැබැයි දැන්නම් එහෙම නෙමෙයි.

එහෙම නැත්තම් සමහරවිට ඔය ගොල්ලො මෙච්චර කල් හිතං ඉන්න ඇත්තෙ යුද්ධෙ තියෙන කාලෙත් ඒ මිනිස්සු සනීප ජීවිත ගතකලා කියල වෙන්න ඇති. ඔය ගොල්ලො ඒ කාලෙ කොළඹට වෙලා සාම කොඩි වන වන සාම භාවනා කර කර යුද්ධෙ නවත්තන්නය කියල හමුදාවට බලපෑම් කලෙත් ඒ මිනිස්සුන්ගෙ සැප ජීවිතවලට බාධාවෙයි කියල හිතල වෙන්න ඇති. දැං එක පාරටම ඒ මිනිස්සු සරණාගත් කඳවුරුවල ක‍ටු මැටි ගෙවල් වල ඉන්නව දැක්කහම ඔය ගොල්ලන්ට ශොක් එකක් වගේ දැනෙනව ඇත්තෙ ඒ නිසා වෙන්න ඇති. සමහරවිට යාපනෙන් පන්නපු මුස්ලිම් සහ සිංහළ මිනිස්සු ඔයිටත් වඩා දුක්බර ජීවිත ගත කරමින් සරණාගත් කඳවුරු වල අවුරුදු පහළොව විස්ස හිටි බව ඔයාල දන්නෙ නැතුව ඇති. වෙලාවක් ලැබුනොත් ඒ concentration camps වලටත් ගිහිං බලන්න. ඒ විතරක් නෙමේ පුළුවං නම් A5, A25, A31 වගේ පාරවලිනුත් 'එහාට' ගිහිං බලන්න. එතකොට ඒ පැතිවල ඉන්න මිනිස්සුත් තිරිසනුන්ට සාපේක්ශව කොතනද ඉන්නෙ කියල ඔයාටම තීරණය කරන්න පුළුවං වෙයි.

- මීට හිතාදර ගංගානි.

නාමල් උඩලමත්ත said...

kalyani,
ඔයාගේ ලොකු ම දුර්වලතාව තමයි අපි තමා මහ පොළවේ ජීවත්වෙන්නේ. අපි තමා දෙමළ ජනතාවගේ දුක දන්නේ කියලා හිතන එක. මම A 9 වලින් එහාට ගියා ද කියලා ඔයා ඇහුවට ඔයා A 9 වලවත් ගිහින් නෑ කියලා තමයි මට හිතෙන්නේ. මම යුද්දෙට පස්සේ තමා යාපනේට ගියේ. හැබැයි ඊට කලින් තන්තිරිමලේ ඔස්සේ කොටි අඩවියට ම අපි ගියා. ඒ දවස්වල කොටි අණසක සහිත ප්‍රදෙස් ආශ්‍රිත ගම්මානවල මිනිස්සු විඳපු අන්තිම කටුක ජීවිත අපි දැක්කා. අපි යාපනේ ගියා ම දවස් 3ක් හිටියේ දෙමළ සහෝදරයින්ගේ ගෙවල්වල. ඒ අය අපිට සැලකුවේ එයාලගේ ම සහෝදරයෝ වගේ. දැන් සහමරු අපේ හොඳ යාලුවෝ. ඒ අය තිරිසන් ජීවිත ගත කරනවා කියලා ඒයාලට අපහස කරන්න එපා. ඔයාගේ බඩ පපුව අද දන්නේ එදා කොටි දෙමළ ජනතාවට රජසැප දුන්නා කියලා හිතාන වෙන්න ඇති. ඒකෙන් පේනවා ඔයාගේ මානසිකත්වය.

තිස් වසරක් අහිමිව තිබුණු නිදහස දැන් එයාලට තියෙනවා. ඒ අය හරි අභිමාණයෙන් ජීවත්වෙන්නේ. එයාලා අපායේ හිටියේ කොටි ඉන්න කාලේ මිස දැන් නෙමේ. යුද ජයග්‍රහණය ඔයාලට එදා දරාගන්න බැරි වුණා. ඒ නිසා තාම එක දෙක කරලා තියනවා. ඒ අයට ප්‍රශ්න තියෙනවා. ඒවා විසඳන්න ඕන. රනිල් කොටි එක්ක ගිවිසුම ගැහුවා වගේ තිස් වසරක් ඔඩු දුවපු ප්‍රශ්න එක දවසින් විසඳන්න බෑ.

මේ ආණ්ඩුවත් සාම බයිල ගගහා කොටි දොළ පිදේනි දුන්නා නම් ඒක දෙමළ ජනතාවගේ අයිතින් සුරකින ආණ්ඩුවක් කියලා කියන්න තිබුණා.

මගේ ලිපිය ආරම්භයේ ම කියලා තියෙනවා මම බීබීසි එකේ මේ පුවත ඇහුවේ කියලා. මම සාමාන්‍යයෙන් ටීවී බලන්නේ නෑ. රජයේ මාධ්‍ය පවතින රජයට පක්ෂයි කියලා නොදන්නේ දේශපාලන අතදරුවෝ විතරයි. හැබැයි ඔයා බලන කොටි නාළිකාවලට වඩා නම් රජයේ මාධ්‍ය හොඳයි.
Gangani ,
ඔයා එක්ක මම එකඟයි. රටට අවශ්‍ය යමක් දිහා නිවහල්ව බලන්න පුළුවන් අය මිසක්, රටට විරුද්ධ ද්‍රෝහියෝ ආණ්ඩුවට විරුද්ධ වන න්‍යායෙන් රටට විරුද්ධව, රටේ සමගියට විරුද්ධව ගෙන යන මතවාද ගිරව් වගේ ලියන්න කියන්න පුළුවන් මණ්ඩුකයෝ නෙමෙයි. මේ අයට හැමදාම රටට විරුද්ධ වෙන්නයි වෙන්නේ. මොකද තමන් දරන්නේ, පුනරුච්චාරණය කරන්නේ රටේ හතුරන්ගේ මතවාද කියලා මේ අයට මේ ආත්මයේ නම් තේරුම් ගන්න බැහැ.

 
සිය රට දේ සිරි සැප දේ !