Tuesday, June 8, 2010

දොන් ජුවාන් පුරන් අප්පුට ඇඳීම

අයිෆා සිනමා උළෙලට ඉන්දිය නළු නිළියන් සහභාගී වීමට එරෙහිව කොටි හිතවාදීන් මහා සංග්‍රාමයක් ඇරඹුවේ ය. එය ගින්නක් සේ පැතිරෙන විට මෙරට විපක්ෂය සුපුරුදු පරිදි ඒ ගින්නෙන් සුරුට්ටු පත්තු කළේ ය. ඒ ගින්නේ එළියෙන් දේශපාලන සූදු කෙළියේ ය. අයිෆා සිනමා උළෙලට අමිතාබ් බච්චාන් ඇතුලු ඇතැම් නළු නිළියන් සහභාගී නොවීම පිළිබඳ කොටි හිතවාදීන් සමග මෙරට විපක්ෂය සිය සතුටු බෙදා හදා ගත්තේ ය. මේ කාලකන්නි සතුට මුන් ලබන්නේ රටට එරෙහිව කඳවුරු බැඳ සිටින සතුරන් සමග බව තේරුම් ගන්නේ කවදා ද?

මෑත කාලයේ මෙරට විපක්ෂය ක්‍රියා කළේ රටේ විපක්ෂය ලෙස මිස ආණ්ඩුවේ විපක්ෂය ලෙස නම් නොවේ. පහුගිය යුද සමයේ එය නතර කිරීමට කොටි හිතවාදීන් හා කරට කර සටන් කළේ මෙරට අමන විපපක්ෂයයි. දැන් යුද වීරයින් වන්නට දඟලන හිටි හැටියේ ජාතික ඇඳුමට බැස හැංගිමුත්තන් කෙළින අය එදා ක්‍රියා කළ හැටි රටට අමතක නැත. විස්කා සමාගම කොන්දේසි කඩකළේ යැයි අයිෆා උළෙලට රජය වියදම් කළ කෝටි 110 යළි උදුරා ගන්නැයි කෑ ගසා පුරන් අප්පුට පණ පොවන රනිල් වික්‍රමසිංහයෝ එදා තමා රහසේ මහ කොටියා සමග අත්සන් කළ ඊනියා සාම ගිවිසුම කොටි කීතු කීතු කරද්දි ගොළුවෙකු බිහිරෙකු මෙන් සිටියා රටට අමතක නැත.

කෙසේ වුව ද ආණ්ඩුවට මේ විපක්ෂය ආශීර්වාදයකි. මේ අමන විපක්ෂය කිසි විටෙකත් ජනතාව ආණ්ඩුවෙන් ඈත් කිරීමට ක්‍රියා නො කරයි. ජනතාව තමන් වෙත දිනා ගැනීමට ක්‍රියා නො කරයි. සිය වැරදි හදා නොගනි. එළුවාගේ මොකක් ද එක හැලෙන තුරු පස්සෙන් යන හිවලෙකු සේ නරිවාදන් දෙසමින් විපක්ෂය ඔහේ ඉබාගාතේ යයි. රටට එරෙහි බලවේග සමග එකගෙයි කන මෙරට විපක්ෂය දකින ජනතාව, ආණ්ඩුවේ යම් යම් වැරදි තිබුණත් ඒවා අමතක කොට යළි යළි ආණ්ඩුව ආරක්ෂා කළ යුතුය යන අදහසට එල්බ ගනිති.

2 comments:

මාරයාගේ හෝරාව said...

සහතික ඇත්ත..
නැත්තං ඔය අයිෆා එක අල්ල ගනීද මෙ භාණ්ඩ මිල සංශෝදන අතහැරලා..

පුලස්ති said...

http://pulasthigetheeruwa.blogspot.com/2010/06/blog-post_08.html

නාමල් අයියා සංස්කෘතියට හරි ආදරේ කෙනා විදිහට අයිපා එකයි සංස්කෘතියයි ගැනත් මොනා හරි කියන්නකො ආන්ඩුවෙ මාධ්‍ය ප්‍රකාශක කියන ඒව ඒ විදිහටම නොලිය.දොන් ජුවන් ( මගේ නෙමේ නම ඔයාගෙ) සීගිරියේ අඩ නිරුවත් ගෑනු දාල සංචාරකයො ගෙන්න ගන්න කරපු "දේශද්‍රෝහි" වැඩෙයි මේකෙයි වෙනසත් ඒ ගමන්ම කියමුද?

 
සිය රට දේ සිරි සැප දේ !