Saturday, July 16, 2022

කුරුන්දි වෙහෙර තහනම්...

 අරගලයක් කරල ගෝඨාභය පන්නල දාන්න එකතු වුණ අපේ ජාතිකවාදී මිත්රයින්ට පුරාවිද්ය උරුමය පිළිබඳ උනන්දු මිත්රයින්ට ඉදිරියට ගොඩක් වැඩ තියෙයි.

පොලිසිය සහ පුරාවිද්යා දෙපාර්තමේන්තුව සම්බන්ධ කරගෙන ජනාධිපති මන්දිරේ රැකගත්තා වගේ රටේ අනතුරට ලක්වෙන උතුරු නැගෙනහිර පුරාවිද්යා උරුමයන් රැකගන්න අපේ මිත්රයින් ඉදිරයට එන බව මගේ විශ්වාසයයි.
ඒ සඳහා අරගලයට නායකත්වය දුන්න දැන උගත් භික්ෂූන් වහන්සේලත් එකතු කරගන්න පුළුවන්. පිටකොටුවේ වගේ සත්යග්රහ, උපවාස කල්මුණේ, මුලතිව්, කිලිනොච්චි, යාපනේ, කදුරුගොඩ සංවිධානය කරන්න පුළුවන්. මුස්ලිම් ව්යාපාරිකයින්ගේ මුදලින් ගෝඨාගෝගම වගේ අරගල බිම් උතුරු නැගෙනහිර හදන්න පුළුවන්.
ඒ සටන පෙරේදා මුලතිව් අධිකරණය ගලවා ඉවත් කරන්න නියෝග දුන් කුරුන්දි රජ මහ විහාරයෙන් ම පටන් ගන්න පුළුවන්. ඒ විහාරය ක්රි.ව. 100-103 අතර රජ කළ ඛල්ලටනාග රජ දවස කළ බව තමයි, මහාවංශය කියන්නේ.
ඉතින් 69 ලක්ෂයක් එකතු වෙලා පත් කළ තමා බහුතර සිංහල බෞද්ධ ජනතා ඡන්දයෙන් පත්වූ බව ප්රකාශ කළ ජනාධිපති පළවා හැරි බලවේගය එකතු කරගෙන මේ උරුමය රැකගන්න එක ඒ හැටි කජ්ජක් නෙමෙයි.
හැබැයි මේකට උත්තරේ උතුරු නැගෙනහිර දෙමළ නිජබිම බවත් එහි ඉදිකළ විහාරාරාම, කෝවිල් මත ඉදිකළ බවත් දැනට බෞද්ධයන් නැති පළාතකට බෞද්ධ පන්සල් අවශ්ය නැති බවත් නම් අපි ඒ පිළිතුරත් නිවැරදි පිළිතුරක් විදිහට භාර ගන්නවා.
මොකද 2015 විතර හෙළ උරුමය සමග ඉඳලා යහපාලනාණ්ඩුව එකතු වුණ අය ගුරුකන්ද විහාරයේ නාහිමියන්ගේ දේහය ආදාහනයට ඉඩ නොදෙන කොට නැගෙනහිර විශාලතම දාගැබ ඩෝසර් කරල මිරිස් වවන කොට දුන් පිළිතුර වුණෙත් ඒකමයි.

Wednesday, July 13, 2022

අජිකත්වයට එරෙහි වව්!

 පහුගිය ටිකේ ආණ්ඩුවේ ඇමැති මන්ත්රී නිවාස දේපළ ගිනි තියද්දි, මන්ත්රීවරයෙක් බල්ලෙක් මහ පාරේ වගේ මරද්දි, හිටපු අමාත්ය කුමාර වෙල්ගමට ගහද්දි, විපක්ෂ නායකට ගාලු මුවදොර දී ගහද්දි, හිටපු ඇමැති රාජිතට ගාලු මුවදොර දී ගහද්දි, හිටපු ඇමැතිවරු වන සරත් වීරසේකරට විමල් වීරවංශට බැනල පන්නද්දි ජනතාව බෙදිලා එක ජවනිකාවට හිනාවෙනවා. විසිල් ගහනවා. හුරේ දානවා. එදා ගාලු මුවදොරදී සජිත්ට ගහපු ජගත් මනුවර්ණලාගේ වසන්ත සමරසිංහට අද එතන දි ම ගහනවා.

තමන්ගේ එකාට ගහන කොට සද්ද නැතිව ඉන්නවා. තම දේශපාලන ප්රතිවාදියාට ගහන්න ජනතාව වියරුවට පත් කොට යොමු කළ අයටත් දැන් ගහනවා. අරගලකාරයෝ දෙකට බෙදිලා ගහගන්නවා. බෙලි කපා ගන්නවා. මේ සියල්ල අපට හිනාවෙන්න නෙමෙයි, අඬන්න දේවල්. අපි බුද්ධිමත් කියල විශ්වාස කළ අයත් ඉතා ම කනගාටුදායක විදිහට එහි ගොදුරු වෙලා.

මේ සියලු ජවනිකා රඟ දැක්වෙන්නේ අරාජිකත්ව වේදිකාවේ. නීතිය වල් වැදිලා කැලෑ නීතිය රජ වෙලා. මේ හැම ප්රහාරයකින් ම ප්රජාතන්ත්රවාදය මිය යනවා. ප්රචණ්ඩත්වය ත්රස්තවාදය පෝෂණය වෙනවා. රටේ ආරක්ෂක හමුදාව තීරණාත්මක විදිහට මේ භයංකාර අරාජිකත්වය පාලනයට යොමු විය යුතුයි.
නැත්නම් පොලිසි හමුදා කඳවුරු හමුදා වටලන්න සහ ඒවායේ ආයුධ පැහැර ගන්න පුළුවන්. ඊට පස්සේ ඒ අයුධවලින් එකිනෙකා ගහ මරා ගෙන මහා විනාශයක් වෙන්න පුළුවන්. හමුදා ප්රධානීන්ගේ සහ අධිකරණ විනිසුරුවන්ගේ නිවාස වටලලා ඒ පිරිස් ප්රාණ ඇපයට ගන්න පුළුවන්.
ඒ නිසා මේ අරාජිකත්වය පාලනය කර ගැනීමට පක්ෂ පාට භේද නොතකා ජනතාව එකතු විය යුතුයි. සිය දේශපාලන අනාගතය ගොඩනඟා ගන්න මේ අරාජිකත්වය යොදා ගන්න හදන අයට ම අනාතයේ එහි වන්දිය ගෙවන්න වෙන්න පුළුවන්.
ආගමික නායකයින් වෛරය වෙනුවට මෛත්රීයත් ඉච්ඡාභංගත්වය වෙනුවට බලාපොරොත්තුවත් අඳුර වෙනුවට ආලෝකයත් ජනතාවට දේශනා කළ යුතුයි.
අපි දැන් ඉන්නේ ලිබියාවට සිරියාවට ඉරාකයට වංගු දෙක තුනක් පිටිපස්සෙන්. ප්රජාතන්ත්රවාදය විශ්වාස කරන සියලු දේශපාලන පක්ෂ වගේ ම නායකයෝ මේ වෙලාවේ ඊළඟ ඡන්දේ ජයග්රහණය ගැන හිතල හරාකිරි කරගන්නේ නැතිව, ඊළඟ ඡන්දේ තියන්න රටක් ඉතිරි කරගන්න එකතු විය යුතුයි. ඒ සඳහා ප්රාඥාව ලැබේවා!

Sunday, July 10, 2022

අනුර කුමාර් ආණ්ඩුවක්....!

 2015 ගාමිණී වියන්ගොඩ බුද්ධ දේශනාවක් ප්රංශ බසින් උපුටා දක්වමින් රටට දේශනා කළේ ගෙයින් එළියට පැන කරන දේ පිළිබඳ නොසිතා ගිනිගත් ගෙයින් එළියට පනින ලෙසය.

එදා මැතිවරණයෙන් ද මෙදා අරගලයෙන් ද ජනතාව ගිනිගත් ගෙයින් එළයට පැන ඇත. මැතිවරණයක් පැමිණෙන තුරු නොසිටින ලෙසත් ජනතාව සූදානම් නම් තමන් සූදානම් බවත් මාස හයෙන් රට හදන බවත් කී අනුර දිසානායකලා ද පාර්ලිමේන්තුව තුළ අර්බුදයට විසඳුම් නැතැයි කී කුමාර් ගුණරත්නම්ලා ද දැන් එකතු විය යුතුය.
එකතු වී රට පාලනය කිරීමේ ක්රමවේදයක් නිර්මාණය කර ගැනීමට මූලිකත්වය ගතයුතුය. මෙම දෙපාර්ශ්වයට රට ගොඩගත හැකි යැයි මම නොසිතුව ද හැකි යැයි සිතන පිරිසක් ද ඇත. "දුන්න හැම එකාම රට කෑවා. ජවිපෙටත් එක පාරක් දීලා බලමු." යැයි කියන්නෝ එමටය.

එහෙයින් රාජ්ය පාලනය මෙම දෙපාර්ශ්වය භාරගත යුතුය. සෙසු පක්ෂ ඔවුන්ට අවශ්ය සහය ලබාදිය යුතුය. අනුරලට පාර්ලිමේන්තුවේ සිටින හොඳ යැයි ඔවුන් සිතන පිරිසක් ආණ්ඩුවට සම්බන්ධ කරගත හැකිය.
අවශ්ය නම් කේ.ඩී. ලාල්කාන්ත, සුනිල් හඳුන්නෙත්ති, රංජන් ජයලාල්, නාමල් කරුණාරත්න, කුමාර් ගුණරත්නම්, දුමින්ද නාගමුව, පුබුදු ජයගොඩ ඇතුළු පිරිසට ඉඩ දී 225න් පිරිසක් ඉවත් විය යුතුය.
ඊළඟ ආණ්ඩුව ආඬි හත් දෙනාගේ කැඳ හැලියක් බවට පත් නොකර තමන්ගේ කොටස නොමසුරුව ආණ්ඩුව නම් බඳුනට දැමීමට අනුරලා කුමාර්ලා තීන්දු කළ යුතුය.
එසේ නොකර වර්ජන, විරෝධතා ඔස්සේ පත්වන ආණ්ඩුවක කකුලින් ඇදීම ද රට අරාජික වන්නට ඉඩ හැරීම ද ඔවුන් කෙරෙහි පවතින ජනප්රසාදය නාය යාමට හේතු වනු ඇත. බල්ලා පිදුරු කන්නෙත් නෑ.. කන ගොනාට දෙන්නෙත් නෑ ..කියා කතා හදන්නට ද ඉඩ දිය යුතු නැත.
 
සිය රට දේ සිරි සැප දේ !