Sunday, February 22, 2015

ශ්‍රී පවන් අගවිනිසුරු වීමට ජාතිකවාදීන් විරුද්ධ ද?

දෙමළ ජාතිකයෙකු වන කේ. ශ්‍රී පවන් මහතා මේ රටේ අගවිනිසුරු ධූරයට පත්ව තිබේ. මේ ආණ්ඩුව හිටපු අගවිනිසුරු ඉවත් කළ ව්‍යවස්ථා විරෝධි යහ පාලනයටම ඔබින විළි ලැජ්ජා නැති අශිෂ්ටත්වයට මම එරෙහි වෙමි. ශිරාණි බණ්ඩාරනායක ඉවත් කිරීම පසුගිය රජයේ අවශ්‍යතාව අනුව සිදු වුව ද එය ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව ඔස්සේ සිදු කිරීමට තරම් විනයක් ඔවුන්ට තිබිණි. රටට ඒ විනය ප්‍රමාණවත් නැති හෙයින් ගෙන ආ යහ පාලනය දැන් අර අවම විනය ද නැතිව හැසිරෙන ආකාරය බලා සිටීමට ජගුප්සාජනක ය. දැන් අපි අපේ මාතෘකාව වෙත යොමු වෙමු.

මම ශ්‍රීපවන් මහතා අගවිනිසුරු වීම ගැන සතුටු වෙමි. ඔහු අද මේ රටේ අභිමාණවත් හතර වැනි පුරවැසියා. ඔහු මේ රටේ බෞද්ධ සම්ප්‍රදායට ගරු කරමින් මල්වතු අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දැක ආශීර්වාද ලබා ගැනීම ඔස්සේ ඒ මහතා මේ රටේ සංස්කෘතියට හර පද්ධතියට ගරු කරන බව ද ප්‍රදර්ශනය කොට තිබේ. දෙමළ ජනතාව කොන් කරලා මේ ප්‍රශ්නය විසඳිය නො හැකි ය. යමෙකුට සුදුසුකම් ඇත්නම් ජාතිය ආගම කුමක් වුවත් ඒ තනතුර දිය යුතුය. 

එසේ ම ආරුන් තම්බිමුත්තු, විනයාගමූර්ති මූරලිදරන් වැනි අය අප මේ රටේ ප්‍රධාන දේශපාලන ධාරාවට ඔසවා තබා ඔවුන් එහි ප්‍රමුඛ චරිත කළ යුතුය. අපි ලක්ෂ්මන් කදිරගාමර්ලා නැවත බිහි කරගත යුතුය. සුද්දාගේ ඇමරිකාව ඔසාමා බින් ලාඩන්ලාගෙන් ආරක්ෂා කරන බැරක් හුසේන් ඔබාමා පන්නයේ පිරිසක් අපි ද්‍රවිඩ ජනතාව අතරින් නිර්මාණය කරගත යුතුය. ඇත්තට ම ලක්ෂ්මන් කදිරගාමර් මේ රටේ අගමැති ධූරයට පත් කළ යුතු මට්ටමේ සිටි ප්‍රශස්ත දේශපාලකයෙකි. මේ රටේ ඒකීයත්වය ගරු කරන බෙදුම්වාදයට එරෙහි බෞද්ධ සංස්කෘතියට හිමි විය යුතු තැන රැක දෙන දෙමළ නායකයෙකු රනිල් වික්‍රමසිංහ පන්නයේ බෙදුම්වාදී සිංහල නායකයින්ට එරෙහිව රටේ ජනාධිපති තනතුරට පත් කිරීමට වුව ජාතිකවාදීන් වන අප නො පසුබට විය යුතුය. ඒ සඳහා සිංහල ජනතාව සවිඥානක කළ යුතු ය.

අප විරුද්ධ විය යුත්තේ දෙමළ ජාතිකත්වයට නොවේ. දෙමළ වර්ගවාදයටයි. සිංහල ජාතිකත්වයට එරෙහිව පාවිච්චි කෙරෙන දෙමළ ජාතිවාදයටයි. ඒ අතර අපි දෙමළ ජාතිකත්වයේ ආරක්ෂකයින් විය යුතුය. අපි අපේ සිංහල බෞද්ධ සංස්කෘතියට ගරු කරන අතර එය ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන අතර දෙමළ ජාතිකත්වයට ගරු කළ යුතුය. ඔවුන්ගේ සංස්කෘතියේ සැබෑ සතුරා බෞද්ධයින් නොවේ. එහෙත් සැබෑ සතුරා විසින් බෞද්ධයා දෙමළාගේ සතුරා යැයි දැවැන්ත මතයක් නිර්මාණය කර දෙමළ ඔළුවල ගබඩා කර තිබේ. එය අප විසින් උපක්‍රමිකව ආදරයෙන් ජයගත යුතු කඩ ඉමකි. මම හැකි සෑම විට ම දෙමළ ආගමික සංස්කෘතික උත්සවවලට යමි. කෝවිලට යමි. මගේ දෙමළ මිතුරන්ගේ නිවෙස්වලට යමි. ලොව පුරා සිටින දෙමළ මිතුරු මිතිරියන් සමඟ දුක සැප බෙදා ගනිමි. එය මේ රටට ආදරය කරන සෑම සිංහලයෙකු විසින් ම කළ යුතු දෙයකි. ඔවුන් බෙදුම්වාදයෙන් ඈත් කර අපට ළං කර ගැනීම, ඔවුන් ලවා ම බෙදුම්වාදය ප්‍රතික්ෂේප කිරීම, බෙදුම්වාදය දුර්වල කිරීම සඳහා අධිවේගී මාර්ගයකි. 

Saturday, February 21, 2015

දෙයියන්ටවත් නොපෙනෙන දයාගේ අවනඩුව !

දයා ගමගේ පවසන පරිදි නැඟෙනහිර මහ ඇමති ධූරය සිංහලයෙකු දරනවාට රහූෆ් හකීම් කැමති නැත. රහූෆ් හකීම් කැමති වුව ද මුස්ලිම් අන්තවාදය ඊට අකමැති බව පැහැදිලි ය. එම මතයට එරෙහිව ක්‍රියා කළ හොත් හකීම් ද්‍රෝහියා කර මුස්ලිම් ඡන්ද ටික බිලිබා ගැනීමට අසාද් සාලි පන්නයේ ISISලා පෙළ ගැසී සිටිති. මේ නිසා විශාකාවට සිය දුව යවන අතර සෙසු මුස්ලිම් දියණියන් කළු අබායෙන් වැසීමට අනුබල දීමට හකීම් සිදුව තිබේ. මල්වතු අස්ගිරි නාහිමියන් බැහැදැක අටපිරිකර පූජා කර වැඳ නැඟෙනහිරට ගොස් බෞද්ධ විරෝධි ප්‍රකාශ කිරීමට, බෞද්ධ සිද්ධස්ථානවල සිදුවන මුස්ලිම් ආක්‍රමණය සාධාරණීකරණයට සහ අනුබල දීමට ඔහුට සිදුව තිබේ. 

කෙසේ වුව ද එම මුස්ලිම් අන්තවාදය නැඟෙනහිර මහා ඇමති ධූරය දෙමළ සන්ධානයට ලබා දීමට කැමතිය. එහෙත් ජාතික තලයේ දේශපාලනයේ දී තම පක්ෂය වන එජාපයේ දයා ගමගේට ලබා දීමට අකමැතිය. ඒ දයා ගමගේ සිංහල නිසා ය. මේ අනුව නැඟෙනහිර මහා ඇමති ධූරය දැරීමට දයා ගමගේ සතු එකම නුසුදුසුකම සිංහලකමයි. බහුතරයක් සිංහලයන් ජීවත් වන රටේ තත්ත්වය එයයි.

මෙවැනි ප්‍රකාශයක් සිංහලයෙකු විසින් කළේ නම් ඊට එරෙහිවීමට ඇතැම් විට ජිනීවා දක්වා ගෙන යෑමට මේ රටේ බෞද්ධ විරෝධි උගත්තු එක පෙළට සිට ගනු ඇත. එහෙත් ඒහා සමාන ඇතැම් විට ඊටත් භයානක ප්‍රකාශයක් සුළු ජාතියකට අයත් අන්තවාදියෙකු ප්‍රකාශ කළ විට එය නිහඬව අනුමත කරමින් හීන්සීරුවේ එය සුළු ජාතික විඥානය තුළ සාමාන්‍යකරණය වන තුරු සිටීම, හැකි නම් අනුබල දීම මේ ඊනියා බුද්ධිමතුන්ගේ සිරිතයි. ඒ සමස්ත සුළු ජාතීන් ම සිංහල විරෝධීන් වීම ඔස්සේ තම බෞද්ධ විරෝධි මානසික තත්ත්වය ලබන අමන්දානන්දය වෙනුවෙන් විය යුතු ය.

කේ. ශ්‍රී පවන් මහතා අගවිනිසුරු වීම පිළිබඳ ජාතිකවාදීන් විරෝධය පළ කළ බව පවසමින් අසත්‍ය ප්‍රචාර මුදා හරින අවස්ථාවාදී කල්ලි පවා දයා ගමගේ සිද්ධිය පිළිබඳ කිසිවක් නො කියති. ශ්‍රී පවන් මහතා අග විනිසුරු ධූරයට පත්වීම ජාතිකවාදීන් ලද ජයග්‍රහණයක් ලෙස මම සලකමි. දෙමළාට මේ රටේ නිසි තැන නො ලැබෙන බවට ද දෙමළාට දෙමළ වීම නිසා ම ඇති ඊනියා ප්‍රශ්නයක් පිළිබඳව ද නිර්මාල් රංජිත් දේවසිරිලා ගොඩ නඟන තර්කය, ශ්‍රී පවන් මහතා අගවිනිසුරු නැතහොත් මේ රටේ සිව් වැනි පුරවැසියා බවට පත්වීමත් සමඟ පුස්සක් බවට පත්වෙයි. සැබවින් ම ලක්ෂ්මන් කදිරගාමර් මහතා මරා නො දමන්නට ඔහු මේ රටේ අගමැති හෝ ජනාධිපති ධූරයට හෝ පත්වීමේ හැකියාවක් තිබිණි. සිංහල බෞද්ධ විරෝධීන්ගේ පුහු තර්ක බිඳ දැමිය හැක්කේ ආරුන් තම්බිමුත්තු වැනි තරුණයින් මේ රටේ දේශපාලන කේන්ද්‍රයට රැගෙන ඒම තුළිනි. බෙදුම්වාදයට එරෙහි  පරපුරක් දෙමළ සමාජය තුළින් නිර්මාණය කර ගැනීමෙනි. දෙමළ හින්දු ජාතිකත්වයේ සැබෑ සතුරා ඔවුන්ට අවබෝධ කර ගැනීමට අවස්ථාව ලබා දීමෙනි.

අනෙක් අතට සම්බන්ධන් සහ සුමන්තිරන් දෙමළ ජනතාව නියෝජනය කරමින් දශක ගණනාවකට පසු ජාතික නිදහස් උළෙලට සහභාගි වීම මහා ජයග්‍රහණයක් ලෙස සලකන පිරිස ඒ ගැන අපේ අදහස් විමසති. සැබවින්ම අපි ජාතිකවාදීන් ලෙස එය අගය කරමු. එය සුබ පෙර නිමිත්තක් ලෙස දකිමු. ඊට එරෙහි වන උතරේ වර්ගවාදීන්ට එරෙහි වෙමු. එහෙත් ඒ ජයග්‍රහණය සමරන විද්වත්හු කොටි ත්‍රස්තවාදීන් උතුරින් එළවා දැමූ සිංහල ජනතාව නැවත උතුරේ පදිංචි කරවා, බිඳුණු මිතුදම් අලුත් කරනට කිසිවක් නො කරති. ඊට එරෙහි වන දෙමළ වර්ගවාදී මතයට එරෙහි නොවෙති. යුද්ධය නිසා උතුරින් පළා ගිය දෙමළ මුස්ලිම් ජනතාවට නැවත එම ගම්බිම්වලට පැමිණීමට ඇති අයිතිය සිංහල ජනතාවට සිංහල වීම නිසා ම අහිමි කිරීමේ දෙමළ වර්ගවාදයට එරෙහි නොවෙති. එය අප ජීවත් වන යුගයේ අත්දකින මහා ඛේදවාචකයකි.

අප එරෙහි වන්නේ මෙලෙස සිංහලයාට හිමි එකම රටේ ම සිංහල වීම නිසා ම සිදුවන මෙවැනි අසාධාරණකම්වලටය. නැගෙනහිර දයා ගමගේට මහා ඇමති විය නොහැක්කේ ද උතුරින් පළවා හැරි සිංහල ජනතාවට නැවත සිය ගම්බිම්වල පදිංචි වීමේ අයිතිය නො ලැබෙන්නේ ද ඒ ගොරතර වර්ගවාදය නිසා ය. මේ අසාධාරණයට ඔවුන් ලක් වන්නේ ජාතියෙන් සිංහල වීම නිසාම ය. අප එරෙහි වන්නේ මෙලෙස සිංහල ජාතියට එරෙහිව දෙමළ මුස්ලිම් වර්ගවාදය භාවිත කිරීමට ය. එසේ නොමැතිව අපි දෙමළ ජාතිකත්වයට එරෙහි නොවෙමු. ඔවුන්ගේ සංස්කෘතිය නිදහසේ බුක්ති විඳීමේ අයිතියට ගරු කරමු. 

මුස්ලිම් 36%ක් ජීවත් වන නැඟෙනහිර 23%ක් වන සිංහල ජනතාව නියෝජනය කරන සිංහලයෙකුට මහා ඇමති වි නොහැකි නම් 10%ක සුළුතර මුස්ලිම් ජනතාවක් ජීවත් වන බහුතර සිංහලයින් 75%ක් ජීවත් වන රටක රහූෆ් හකීම්, රිෂාඩ් බදූර්දීන් ඇමති තනතුරු දරන්නේ කෙසේ දැයි අපි ප්‍රශ්න කරමු. දෙමළ ජනතාවගෙන් 50%ක් පමණ දකුණේ බහුතර සිංහල ජනතාව සමඟ ජීවත් වන රටක උතුරේ බහුතර දෙමළ ජනතාව සමඟ සිංහලයින්ට ජීවත්වීමට අයිතියක් නැත්තේ ඇයි දැයි අපි ප්‍රශ්න කරමු. වර්ගවාදයට එරෙහි වීම යනු මෙවැනි අකටයුතුවලට එරෙහි වීම මිස ගෙදර ඇති සිංහල මුව හමට තඩි බෑම නොවේ.  


Friday, February 13, 2015

18 නුගේගොඩ රොද බඳිමු!

මගේ ප්‍රකාශය
යහ පාලන සුදු නංගි පෙන්නා රටට ස්වං පාලන කැත මැහැලිය ලබා දුන් පාලනයට එරෙහි වෙමු. අසාද් සාලි ඇතුළු අන්තවාදී කල්ලිවල එරෙහිව මුහමඩ් මුසාමීල් වැනි ලාංකික මුස්ලිම්වරුන් සමඟ පෙළ ගැසෙමු. රට වෙනුවෙන් අපේ පරම්පරාවේ යුතුකම ඉටු කරමු.

Asitha G Punchihewaගේ පිළිතුර
මමත් මුලින් කොමෙන්ට් දැම්මේ මේක ගැන අසාත් සාලි පරද්දන්න එන්න කියලා. එත් මේක දකිනකොට හිතෙනවා රාජපක්ස අසාත් සාලිට ගෙවලා මේක කියව ගත්තා කියලා මෝඩ සිංහලයෝ නුගේගොඩට ගෙන්වාගන්න. සතා ෂුවර් නෑ. මහින්දත් තම්බියෙක්ම තමයි. එකනේ කලීෆා පට්ටම ලැබුනේ. එකනේ ඉස්ලාමිය ත්‍රස්තවාදියෝන්ට මිලියන ගණන් සල්ලි දුන්නේ අපේ රටේ එවුන් නියන්ගෙන් පීඩා විඳිද්දී, එකනේ බැසිල් සහෝදරයා එක්ක රිෂාඩ් විල්පත්තු ඉඩම් කොල්ල කෑවේ, එකනේ මොට්ටාගල දෙබෑ කරාට පස්සෙවත් මොනවත් නොකළේ, එකනේ ලංකා බැංකුවත් ෂරියා කලේ, එකනේ හලාල් නැවැත්තුවේ නැත්තේ, එකනේ හාමුදුරුවරු ගිනි තියාගද්දීත් ගව ඝාතනේ නැවැත්තුවේ නැත්තේ, එකනේ නාමල් බේබි වගේම හම්බයොත් හොර පාරේ නීති විද්‍යාලෙට යද්දී මොනවත් නොකළේ, එකනේ අපේ ගෑනු හම්බ අරාබි පොලු වලින් කාලා මරෙද්දීත් මොනවත් නොකළේ. ඕකගේ ජාති ආලය ව්‍යාජ එකක්. එකත් අසාද් සාලි වගේම තම්බියෙක්. යන්න එපා රටට ආදරේ එකෙක් 18 වැනිදා නුගේගොඩට

මගේ පිළිතුර
අරාබියට ගෑණු පටවන්න පටන් ගත්තේ යූඇන්පී ආණ්ඩුව මිස මහින්ද නෙමේ. මහින්දගේ කාලේ තමා දකුණු කොරියානු රැකියා රටට මහා පරිමාණයෙන් ලැබුණු බව නම් ඇත්ත. අනෙක් අතට මහින්ද සමඟ ඉඳගෙන මුස්ලිම් අන්තවාදය ව්‍යාප්ත කළ සියලු අන්තවාදී කල්ලි අද ඉන්නේ රනිල් සමඟ මිස මහින්ද සමඟ නෙමේ. මහින්ද මුස්ලිම් අන්තවාදයට එරෙහිව දැඩි පියවර ගත යුතුව තිබුණා. එහෙම කළා නම් මුස්ලිම් අන්තවාදයට එරෙහි සමාජමතය බොදු බල සේනාව වැනි සංවිධාන නිසා හුදු මුස්ලිම් විරෝධි මතයක් බවට පත් නො වෙන්න ඉඩ තිබුණා.

ඒ වගේ ම මං අහන්න කැමතියි දැන් රනිල් වික්‍රමසිංහ සුදානම් ද මහින්ද සමයේ සිදු වුණු අසිත අයියා කියපු වැරදි නිවැරදි කරන්න? ඔහු සුදානම් ද හලාල් තහනම් කරන්න? ගව ඝාතන තහනම් කරන්න රනිල් සුදානම් ද? රිෂාඩ් බදූර්දීන් කොල්ල කෑ විල්පත්තු ඉඩම් ටික පවර ගන්න රනිල් සුදානම් ද? ඔහු සුදානම් ද නැගෙනහිර බෞද්ධ උරුමය නඟා සිටුවන්න? ලංකා බැංකුවවේ හලාල් අයින් කරන්න රනිල් සුදානම් ද? හකීම් නීති විද්‍යාලයේ සිංහල සිසුන්ට කළ අසාධාරණකම් නිවැරදි කරන්න රනිල් සුදානම් ද? මේ මුකුත් වෙන්නේ නෑනේ. 

මහින්දට වඩා රනිල් මුස්ලිම් අන්තවාදයට ඉඩ දෙන නිසා තමා සියලු මුස්ලිම් කල්ලි මහින්දය විරුද්ධව රනිල් ළඟට ආවේ. ඒකට රනිල් කෘතගුණ සැලකුවේ ඉතිහාසයේ ප්‍රථම වරට මේ රටේ මුස්ලිම් ආගමික අමාත්‍යංශයක් පත් කරලා. අඩු තරමේ මහින්ද මේ මේ මුස්ලිම් අන්තවාදී වැඩ කළා කියලා රනිල්ට කටක් අරින්න පුළුවන්ද? බෑ. මහින්දට වඩා දේවල් බලාපොරොත්තුවෙන් තමා මේ මුස්ලිම් කල්ලි රනිල් ළඟට ආවේ. අරලිය ගහ මන්දිරේ මහින්ද 140 වාරයක් විතර අඛණ්ඩව පවත්වපු පෝදා ධර්ම දේශනාව අවලංගු කළ රනිල්ගෙන් මේ රටේ බෞද්ධයින් කිසි දෙයක් බලාපොරොත්තු නොවිය යුතුයි. ඊට වඩා හොඳයි ඉබ්බන්ගෙන් පිහාටු පතන එක.

අනෙක් අතට අද අපට තියෙන ලොකුම ප්‍රශ්නය රට දෙකඩ වීම වැළැක්වීම. රනිල් සම්බන්ධන් හකීම් පාඨලි බෙදුම්වාදී කල්ලියෙන් රට ගළවා ගත යුතුයි. ඒ සඳහා අප බලවේගයක් නිර්මාණය කර ගත යුතුයි. මොකද මේ වෙද්දී හොරා හොරා කියලා මහින්ද එළවලා රට පාලනය කරන්නේ චාල්ස් ඥානකෝන්ලා. ඥානකෝන් කලින්දා ෆේස්බුක් එකේ දාන එක ඊට පස්සෙන් ද කැබිනට් මණ්ඩල තීරණ විදිහට එළියට එන තැනට රට ඇවිත්. 

රටේ අධි ආරක්ෂිත කළාප අයින් කරනවා. මුහුදු මුර සංචාර සීමා කරනවා. ඉන්දියාවෙන් ඇවිත් යාපනේ දෙමළ ධීවරයාගේ මාලු ටික අල්ල ගෙන යනවා. මාර්ග බාධක අයින් කරනවා. උතුරේ පිහිටි හමුදා කදවුරු අවට අධි ආරක්ෂිත කළාප ඉවත් කිරීම නිසා අපේ සෙබලුන්ගේ ජීවිත අනවශ්‍ය අවදානමකට ගොදුරු වෙනවා. ඒ සියල්ල එහෙම කරලා ජනාධිපති බුලට් ෆෘෆ් එකට බැහැලා ගමන් බිමන් යනවා. තමන් වටේ ඉන්න හතුරු කල්ලියෙන් සිදුවිය හැකි අනතුර නිසා එතුමා එහෙම කරනවා නම් ප්‍රශ්නයක් නෑ. නමුත් ඒ හතුරු කල්ලිය මේ රටේ අනාගතය අනතුරේ හෙළන තුරු අපට බලා ඉන්න බෑ. ඇමතිකමට රට පාවදීලා ගල් ලෙන බින්ඳා කියන හිවල්ලු දැන් කසාය බීපු ගොලුවෝ වගේ මුණිවත රකිනවා. 

ඒ නිසා මේ අවධානයම තේරුම්ගත යුතුයි රටේ ජනතාව. මහින්දගේ අඩුපාඩු තිබුණා. නමුත් මුන් වගේ මහින්ද රට පාව දුන්නේ නෑ. ඒ කාලේ රට පාලනය කළේ මහින්ද මිස විදෙස් කොටි කල්ලි නෙමේ. දැන් බෙදුම්වාදීන්ගේ සියලු මනදොල සපුරමින් රට අගාධයට අරගෙන යනවා මේ යම පාලනය. ඒ නිසා රටට හිතැති සියලු දෙනා මේ මොහොතේ සියලු භේද ඉවතලා එක්විය යුතුයි.
 
සිය රට දේ සිරි සැප දේ !