Sunday, December 4, 2011

සාකච්ඡා හරියන්නේ නෑ – TNA

ඔයාලා කතා කළේ පලාත් සභා බලතල වැඩි කරලා ඊඝමට පලාත් සභෘ හරහා යන විදිහක් ගැනනේ. ඒ සාකච්ඡා සාර්ථක වෙන්න විදිහක් නැහැ. ඒක සාර්ථක වෙන්න දෙන්නත් බැහැ. ප්‍රභාකරන් යන්න හැදු ගමන වෙන පාරකින් යන්නයි මේ අය හදන්නේ. ඒකට අත්වැල් ගායනා කරන්න මේ ආණ්ඩුවට කිසි බලයක් නැහැ. එහෙම වුණොත් ආණ්ඩුවට අනිච්ඡාවත සංකාරා. මේ මර උගුලින් ගැලවීම පිළිබඳ මගේ උණුසුම් සුබ පැතුම් ආණ්ඩුවට.

කළ යුත්තේ ලබා දී ඇති බලතලත් අහෝසි කර පලාත් සභා නමැති සුදු අලියා ද අහෝසි කිරීමය. පලාත් සභාවකට දෙන සෑම බලතලයක් ම ඊළම තනන්නට ලබා දෙන අල්ලසක් වේ. එහෙයින් ම එසේ දෙනවුන් දේශද්‍රෝහියෝ වෙති. ලංකාවේ සුළු ජාතීන්ට මහ ජාතීන්ටත් නැති බලතල දිය යුත්තේ ඇයි?

අපි කිසි විටක ඉඩම් හෝ පොලිස් බලතල ඉල්ලා නැත. එසේ ඉල්ලන්නේ කොටි සහ කොටි අවතාර ය. එහෙයින් මේ අළු යට ඇවිලෙන කොටි ගිනි පුපුරු නිවා වනසා දමනු මිස ඒවාට රොඩු බොඩු එක් කිරීම ආණ්ඩුවේ වගකීම නොවේ.එවන් දේශද්‍රෝහී ක්‍රියාවක් කොට මේ ආණ්ඩුව සියතින් සිය ගෙළ සිඳ නොගනු ඇතැයි අපි උදක්ම බලාපොරොත්තු වෙමු. මේ ආණ්ඩුවේ පැවැත්ම තීරණය කරන ප්‍රධාන සාධකය බවට පත්ව ඇත්තේ කොටි ත්‍රස්තවාදයට බෙදුම්වාදයට එරෙහිව එකසරව නැගී සිට අභිතව සටන් කිරීම බව ආණ්ඩුවට අවබෝධ වෙත්වා!

හම්බන්තොට ඉහත්තාවේ ජීවත් වෙන දුප්පත් සිංහල මිනහෙකුට නැති යාපනේ ජීවත් වන දෙමළ මිනිසෙකුට ඇති ප්‍රශ්නය මොකක්ද? මොකුත් නැහැ. හැබැයි බෙදුම්වාදය ඔස්සේ තමන් බලතල අරගෙන පර්චස් 10 හරි රජ වෙන්න බලා ඉන්න සිංහල දෙමළ ඕනෑම ජාතිවාදියෙකුට අර මිනිස්සු දෙන්නා ම තමන්ගේ පටු අරමුණ වෙනුවෙන් පාවිච්චි කරන්න පුළුවන්. මේ දෙන්නාගේම දුප්පත්කමට ප්‍රශ්නවලට හේතුව ආණ්ඩුව කියලා කියන්න පුළුවන්.හැබැයි ඇත්ත කාරණාව වෙන එකක්.

Thursday, December 1, 2011

ප‍්‍රභූ ආරක්‍ෂකයන්ට අධිවේගය නොමිලේ . . .

"මේක ආරම්භයක් විතරයි අපේ හාමුදුරුවනේ. ඊළඟට කැබිනට් ඇමතිවරුන්ට, ඊළඟට ඇමතිවරුන්ට නොමිලේ යන්න දෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, පලාත් සභා මන්ත්‍රීවරුන්ට අපි ඊළඟට චාන්ස් එකක් දෙනවා. නගර සභා, මහ නගර සභා මන්ත්‍රීවරු, ප්‍රාදේශීය මන්ත්‍රීවරු ගැන වුණත් මම නොසලකා ඉන්නේ නැහැ. මම එදා කීවා වගේ අදත් කියනවා මම ඔබේ පාලකයා නොව සේවකයායි. සේවකයෝ නොමිලේ අධිවේගයේ නොගිහින් මේ රට ආසියාවේ ආශ්චර්ය කරන්නේ කොහොද? මේ රටට සේවය කරන්න නේද සේවකයෝ දහදුක් විඳගෙන වැඩ කරන්නේ? එහෙම නේද අපේ හාමුදුරුවනේ ...

ඒ නිසා ඔබ තමුන්නාන්සෙලා මේ රට ආරක්ෂා කරන ජනතාව විදිහට පොඩ්ඩක් ඉවසලා ඉන්න ඕනෑ. අපි අපේ ජනතාවටත් නොමිලේ අධිවේගී මාර්ගය බලන්න දෙනවා මීටර් 100ක් ඈතින් ඉඳගෙන. ඒ වගේ ම නියමිත ගාස්තුව ගෙවන්න පුළුවන් හැම ශ්‍රී ලාංකිකයෙකුට ම කිසිම ජාති ආගම් භේදයකින් තොරව හිතේ බයක් හැකක් නැතිව මේ අධිවේගී මාර්ගයේ යන්න අවශ්‍ය සියලු ම පහසුකම් අපි රජයක් විදිහට ලබා දෙනවා කියලාත් මම අද ඉතාම අඩම්බරෙන් කියනවා. "

ඕං ඔහොම මේ හැම එකාගේ ම ගෙදර ඉන්න බල්ලොත් ඕකේ නිකං තමා යන්නේ ඉස්සරහට. අපිට කොයින්ද පූසෝ මාලු අපි යනවයැ මූදු. අපිට ඉතින් සල්ලිත් නෑ වාහනත් නෑ. පතාළේ යාළුවෙක්වත් හිටියා නම් ප්‍රභූ ආරක්ෂකයෙක් වෙන්න තිබ්බා. අපි ආශ්චර්යය බල බල සුපුරුදු ගාලු පාරේ යනවා. එක අතකින් ඕකුන් නොයන පාරක යන්න ලැබීමත් සතුටක්නේ. හැබැයි මගේ පොඩි ආසාවක් තියෙනවා හිතේ කොනක. එකම එක පාරක් හරි ඔය පාර දිගේ ගාල්ලට යන්න. ඒ මේ මගේ රට නිසා. අද ඉඳලා ම මං කැටේකට සත පනහ රුපියල දානවා. කැටේ පිරුණාම අධි වේගය දිගේ ගාලු යනවා. ඔව් වාතයේ වේගයෙන් ඉගිල්ලිලා යනවා, මිටෙන් හළ කුරුල්ලෙක් වගේ.

යාපනයේ සරසවියේ සිංහල සිසුන් ලවා ප‍්‍රභාකරන්ගේ පින්තූරයට වන්දවලා

යාපනය අතීතයේ හැඳින්වූයේ නාගදීපය යනුවෙනි. දිවයිනේ උතුරේ ප්‍රදේශය වාසභූමිය කරගෙන විසූ සිංහලයෝ භාරත චෝල රාජ්‍යයේ බලපෑම් වැඩිවත් ම දකුණට ක්‍රමයෙන් රට මැදට සංක්‍රමණය වූහ. කලින් කල විවිධ ආක්‍රමණිකයින් උතුර පාලනය කළ ද ඒ දකුණේ ප්‍රධාන රාජ්‍යයට යටහත්වය. එසේ නොවන හැම විට ම ඊට පහර දීමට සිංහල රජවරු පසුබට නොවීය.

එහෙත් යටත්විජිතවාදී ආක්‍රමණ සමග තේසවළාමේ නීතිය සම්පාදනය කර (1707) යාපනය දෙමළ නිජබිම බවට පත්කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කෙරිණි. එදා සිට ‍බොහෝ ද්‍රවිඩ නායකයෝ ආක්‍රමණිකයා ලබා දුන් විවිධ වරප්‍රසාදවලට ආශාවෙන් ඔවුන්ට පක්ෂව කටයුතු කළහ.

සුද්දා රට හැර යන විට රටේ පාලනය රදළ දෙමළ පවුල් කිහිපයකට පවරා යාමට ගත් උත්සාහය අසාර්ථක වූ තැන උතුරේ වෙනම රාජ්‍යයක් හදා ගැනීමේ උවමනාව පහළ විය. මන්ද බහුතර සිංහලයින් නියෝජනය කරන ආණ්ඩුවක් යටතේ තමන් පෙර විඳි වරප්‍රසාද නොලැබෙන බව ඔවුහු දත්හ. එයට අවශ්‍ය පසුතලය තේවසලමේ නීතිය විසින් තනා තිබිණි.

රජය විරෝධාර හමුදා යවා 2009 වෙල්ලමුල්ලිවයිකාල් කලපුවේ ගිල්වා දැමුයේ ඒ සිහිනයයි. එහෙත් එවන් සිහින යළි නොදකින්නට කළ යුතු දෑ මේ රජය තවමත් කර නැත. මුලින් ම කළ යුත්තේ තේසවලාමේ නීතිය අහෝසි කිරීමයි. උතුරේ බිම් තමන්ට පමණක් අයිතිය යන මිත්‍යාවට නෛතික වටිනාකමක් දීම භයානකය. එය අහෝසි කළ පසු සිංහල දෙමළ මුස්ලිම් ඕනෑම අයෙකුට උතුරේ ඉඩම් මිලයට ගත හැකිය. එවිට උතුර අපේ යැයි ඔවුන්ට කිසිවෙකුට කිව නොහැකිය.

එසේ නොකිරීම නිසා සිදුව ඇත්තේ මිත්‍යාවේ ගිලී සිටින අන්තවාදීන්ගේ බල පුලුවන් කාරකම්වලට යාපනයේ සරසවියට ගිය සිංහල සිසුන්ට මුහුණ දීමටය. එමෙන් ම 1980 දශකය පමණ වන විට යාපනයේ 40 000ක් සිහලයෝ ‍විසූහ. කිලිනොච්චියේ පමණක් 35 000ක් සිංහලයින් විසූ අතර සිංහල මහා විද්‍යාලයක් තිබිණි. එහෙත් 1987 යාපනේ අවසන් සිංහලයින් පිරිස ද ත්‍රස්තයෝ මරා දැමූහ. එහෙයින් දැන් කළ යුත්තේ නැවත ඒ ජනතා අදාළ මුල්බිම්වල පදිංචි කිරිමය. ඒ ජනතාව තවමත් යුද අනාථව තැන් තැන්වල ජීවත් වෙති.

එසේම දකුණේ සිටින අහිංසක දෙමළ ජනතාවට කිසිදු හිරිහැරයක් නොවන්නට රජය වගබලා ගත යුතුය. එනම් 1983ක් යළි උදා නොවන්නට වගබලා ගත යුතුය. මන්ද එවැන්නක සම්පූර්ණ වාසිය යන්නේ බෙදුම්වාදයට බව අවබෝධ කරගත යුතුය. අපි උතුරේ අන්තවාදයට මෙන් ම ඊට පොහොර දමන දකුණේ අන්තවාදයට ද විරුද්ධ විය යුතුමය. එය කළ හැක්කේ රජය අතීසාරයට අමුඩ නොගසා රෝග නිධානයට බෙහෙත් කළ හොත් පමණි.
 
සිය රට දේ සිරි සැප දේ !