Saturday, November 12, 2011

සිංහල දිසාපති එපා – දෙමළ ජාතික සන්ධානය

මන්නාරමට සිංහල දිසාපති කෙනෙකු එපා යැයි බෙදුම්වාදීහු උඩුබුරති. මේ පිළිබඳ අපට නම් එතරම් පුදුමයක් නැත. මන්නාරම වැනි ‍බහුතර දෙමළ ජනතාවක් ජීවත් වන ප්‍රදේශයක සිංහල දිසාපතිවරයෙකු ගොස් ඒ ජනතාව වෙනුවෙන් සිය රාජකාරිය මැනවින් ඉටු කළ හොත් සිංහල ජනතාව පිළිබඳ සාමාන්‍ය දෙමළ ජනතාව මත මේ බෙදුම්වාදී රැළ පටවා ඇති ප්‍රලාප බිඳ වැටෙනු ඇත. ඊළම පිළිබඳ සිහින පුස් වනු ඇත. සාමාන්‍ය ජනතාව මනාපය නොව පොලු මුගුරුවලින් මුන්ට පහර දෙනු ඇත. එහෙයිනි ඔවුන් මීට විරුද්ධ වන්නේ.

මම හිතන්නේ මේ රටේ සාමය, ජනවාර්ගික සමගිය ඇති කරන්න නම් දැන් අපි එච්චර කල්පනා කරමින් විසඳුම් සෙවිය යුතු නැහැ. මන්ද මේ ඒ කටයුත්ත මේ බෙදුම්වාදී රැළ භාර ගෙන තිබේ. ඒ තිරසාර සාමයක් ඇති කරන්නට නොව රට නැවත බෙදුම්වාදය වෙත තල්ලු කිරීමටය.

දැන් රජය කළ යුත්තේ යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඒ පිළිබඳ TNA හෙවත් ඊළාම් රංචුවේ ප්‍රතිචාරය ලැබෙන තුරු සිටීම පමණි. එවුන් විරුද්ධ ‍වන්නේ කුමකටද එය ජාතික සමගිය රටේ ඒකීයත්වය ශක්තිමක් කිරීමට හේතු වන්නකි. එහෙයින් එය වහාම ක්‍රියාත්මක කළ යුතු ශක්තිමත් කළ යුතු කාර්යයක් ලෙස ප්‍රමුඛතා ලැයිස්තුවේ මුලින්ම ලියාගත යුතුය.

එවුන් පක්ෂ වන්නේ යමක් ද එය වහාම දෙවරක් නොසිතා නතර කළ යුතු භයානක වැඩපිළිවෙළකි. ඒ වැඩපිළිවෙළ තුළ අපට නොපෙනී වුව ද බෙදුම්වාදය, ඊළම පෝෂණය කරන රුදුරු විෂබීජ අන්තර්ගත වී තිබේ. නැතහොත් එය එවන් විෂ බීජ නිර්මාණය කිරීමට හේතුකාරක වන වැඩපිළිවෙළකි.

මේ රටේ තිස් වසරක යුද සමය කෙළවර දැන් සාමයේ අරුනැල්ලෙන් රට තොට අස්වැද්දෙයි. සිංහල දෙමළ හිත්වල පැවති තරහ අමනාපකම් පහවී යයි. මිතු දම් අලුත් වෙයි. සිංහල වෛද්‍යවරු උතුරු නැගෙනහිර ජනතාවගේ සුවදුක් විමසයි. විශ්වවිද්‍යාලවල සිසුහු එකට උගනිති. එය බෙදුම්වාදීයාට නයාට අඳුකොළ පෙනෙන සේ පෙනීම පුදුමයක් නොවේ.

උතුරුට සිංහල දිසාපතිවරු යැවීමෙන් මේ වැඩපිළිවෙළ කෙළවර කළ යුතු නැත. දෙමළ ජනතාවට සේවය කිරීමට සිංහල ගුරුවරු, වෛද්‍යවරු, පරිපාලන නිලධාරීන්, හෙදියන්, ඉංජිනේරුවන් යැවිය යුතුය. TNA ආසිරි ගී මැද කොටි උතුරින් පන්නා දැමු සිංහල ජනතාව නැවත ඒ ප්‍රදේශවල පදිංචි කළ යුතුය.

එපමණක් නොව දැනටමත් දකුණේ සිංහල ජනතාව වෙනුවෙන් ‍සේවය කරන දෙමළ වෛද්‍යවරු, දිසාපතිවරු, පරිපාලන නිලධාරීන්, ඉංජිනේරුවන්, නඩුකාරයින් තව තවත් වැඩි කළ යුතුය. 1983 සක්කිලි UNPකාරයින් විසින් කොල්ල කෑ දෙමළ ජනතාවගේ දේපළ හඳුනාගත හැකි වේ නම් ඒවා වහාම සැබෑ අයිතිකරුවන්ට ලබා දිය යුතුය.

මේ රටේ තිරසාර සාමය ඇති කළ හැක්කේ බෙදුම්වාදී කොටි රංචුව විරුද්ධ වන දේ ක්‍රියාවට නැ‍ගීමෙන් බව ‍ඓතිහාසිකව සනාථ වූ සත්‍යයකි. මොවුහු කොටි යුදමය වශයෙන් පරාජය කිරීමට විරුද්ධ වුහ. රජය යුද කොට කොටි වනසා රට එක්සේසත් කළේය.

එහෙයින් කළ යුත්තේ ජාති ආගම් භේදයකින් තොරව රටේ ඕනෑම තැනක ජීවත් විය හැකි රැකියාව කළ හැකි රටක් අනාගතය උදෙසා ගොඩ නැගීම මිස බෙදුම්වාදීන්ගේ කඳුළු පිසීම නොවේ.

Friday, November 11, 2011

නිවාඩුවට ගෙදර ගිය සිරකරුවන් ආපහු ඇවිත් නෑ

දින 7ක් නිවාඩු ලබා සිය නිවෙස්වලට ගිය සිරකරුවන් 632 දෙදෙනෙකුගෙන් 21දෙනෙක් ආපසු පැමිණ නැතැයි වාර්තා වී තිබේ.

මුලින් ම මේ සිරකරුවන් JVPට හෝ LTTEට සම්බන්ධ අය නොවන බව කිව හැකිය. මන්ද එසේ වී නම් ප්‍රවෘත්තියේ මෙඩිම සරසන්නේ ඒ කොටස බැවිනි.

ඒ අනුව මොවුන් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගේ ලොකු අම්මාගේ සැමියාගේ අයියාගේ බාල නැගණියගේ පුත්‍රයාගේ ලේ ඥාතියෙක්වත් නොවන අය විය යුතුය. එසේ වී නම් මෙසේ පළා ගොස් ඇත්තේ 888/89 සමයේ අපරාධවලට සම්බන්ධවූවන් යැයි පැවසීමට මාධ්‍ය බිය වන්නේ නැත.

එසේම මොවුන් දෙමළ ජාතිකයින්ද නොවිය හැකිය. මන්ද පෙර කී වර්ගයේ නෑකමකින් මොවුන්ට දරුණු ගණයේ කොටි සාමාජිකයින්ය යන ලේබලය ඇලවීම අපේ මාධ්‍යකරුවන්ට මහ ලොකු කජ්ජක් නොවන හෙයිනි.

මෑතදී මහනුවර හිටපු නගරාධිපතිතුමාට ජනාධිපති සමාව යටතේ නිදහස ලැබිණි. ඒ උතුමා සිරබත් කෑවේ සමුළුවකට යන පවසා ආණ්ඩුවේ මුදලින් රට ගොස් සමුළුව මගහැර බිරිඳ සමග සාප්පු සවාරි ගියේ ය යන සුළු චෝදනාවටය.

එතුමා සිය බිරිඳ සමග පිට රට සාප්පු සවාරියක නිරත වීම මේ රටේ බොහෝ දේශපාලකයින්ට ආදර්ශයක් විය යුතු බව මගේ අදහසය. මන්ද බොහෝ දේශපාලකයින් මෙසේ ජනතා මුදලින් පිට රට සාප්පු සවාරි යන්නේ සිය හොර බිරින්දෑවරු සමග හෙයිනි. එහෙයින් මෙරට දුලබ ගණයේ දේශපාලකයෙකු වන එතුමාට මගේ ප්‍රණාමය පුද කිරීමට මම මැලි නොවෙමි.

එසේම තම හෘද සාක්ෂිය නමැති අධිකරණය හමුවේ උක්ත වරදට වරදකරුවන් වන මැති ඇමතිවරු සිරගත කළහොත් වෙනම ඔවුන් සඳහා බන්ධනාගාරයක් වෙන් කිරීමට සිදුවනු ඇත. ඒ බව දත් ජනාධිපතිතුමා පහළ තැනින් ගලන වතුරට කොටු වූ අහිංසකයා මුදා හැරියේ ය.

මේ නිසා මට නම් නිකමට මෙන් හිතුණේ මේ පිරිස ජනපති දෑත ශක්තිමත් කොරන්නවත් හිතුවාදෝ කියා ය. මහින්ද රත්නතිලක සුසන්නත පුංචිනිළමේ මෙසේ සිරගෙට නොගොස්ම ආණ්ඩුව ශක්තිමත් කිරීමේ භාග්‍ය ලද්දෝය.

එසේ ම නැවත එජාප ආණ්ඩුවක් ආවොත් (රටේ අවාසනාවට) රනිල් වික්‍රමසිංහ මහතාගේ දෑත ශක්තිමත් කොරන්නද අද ආණ්ඩුවේ සිට පිස්සු කෙළින අය පොරකනු ඇත. එහෙයින් මේ වැදගත් දේශපාලන සම්ප්‍රදායට ඇඟිල්ල දිගු කරන්නට ප්‍රධාන පක්ෂ දෙකේම බැතිමතුන්ට බැරිය. එහෙත් රට දැය සමය පක්ෂය කොට ගත් එකෙක් වේ නම් ඔහුට ඒ වෙනුවෙන් කතා කළ හැකිය.

Tuesday, November 8, 2011

සරසවිවලට ගන්නා කලා සිසුන් අඩු කරනවා – එස්.බී.

එස්.බී. දිසානායකගේ බොහෝ වැඩකටයුතු සහ අදහස් පිළිබඳ මට පැහැදීමක් නැහැ. ඒ වුණාට එයා එක්ක මට පෞද්ගලික ප්‍රශ්නයක් නැහැනේ. ඒ නිසා මම මේ අදහසට එකඟ වෙනවා.

දැන් කැම්පස් එන්නේ ඉගෙන ගන්න නෙමේ රැකියාවට සුදුසුකම් හදාගන්න. 99%ක් සිසුන්ගේ එකම පැතුම ඩිග්‍රිය පෙන්නලා පැන්ෂන් තියෙන රජයේ රැකියාවක් ගන්න එක. නැත්නම් උසස් රැකියාවක් කරන එක. ඒ කියන්නේ උපාධිය කියන්නේ රැකියා සුදුසුකමක් තත්ත්වයට පිරිහෙලා.

අනිත් ක්‍ෂ්ත්‍රවලට කෙසේ වෙතත් කලා විෂය ධාරා හැදෑරිය යුත්තේ ඥාන ගවේෂණය සඳහා. භාෂා, දර්ශනවාද, ආගම් හදාරලා මේ අය හොයන රැකියා ගන්න බැහැ. අවසාන වශයෙන් අදාළ විෂය ධාරාවලට මේ අයගෙන් ලැබෙන දේකුත් නෑ. ඒ නිසා කළ යුත්තේ මෙයමයි.

ඇත්තට ම ශාස්ත්‍ර පීඨවලට එන්න ඕන යම් විෂය ක්‍ෂ්ත්‍රයක් ඉහළට ඉගෙනීමේ අවශ්‍යතාව ඇති අයයි. ඒ අයට අවශය පහසුකම් ලබා දිය යුතුයි. එහෙම නැතිව ගුරුවරුයි ලිපිකරුවොයි බෝ කරන්න ශාස්ත්‍ර පීඨ ඕන නැහැ. කොහොමත් කැම්පස් ගුරුවරුන්ට වඩා පීඨ ගුරුවරු දක්ෂයි. හැබැයි වැඩි ලකුණු අරන් කැම්පස් ගිය අය තමා අදක්ෂ ගුරුවරු වෙන්නේ.

හැම එකට ම විරුද්ධ වන විරුද්ධ පක්ෂය සහ එල්ලෙන්න වැල් නැති ජවිපෙ මේකෙ එල්ලේවි. මෙයාලාට පෙළපාලි යන්න, පොලිසිය එක්ක ගැටුම්වලට යවන්න පුළුවන් පිරිස් නිෂ්පාදනය කරන තිඹිරි ගෙය තමා ශාස්ත්‍ර පීඨ. ඒ නිසා එහෙයියෝ බෝ කරන එක අඩු කරනවාට ජවිපෙ විරුද්ධ වෙනවා සිකුරුයි. අනෙක ඉතිහාසයේ තමන් ගනිපු එකම ඥානවන්ත තීරණ දෙකත් අත්වැරදීම් කියලා අනුර කුමාර උන්නැහේ ළඟදී කීවානේ. (2004 සන්ධානගත වී ආසන 41ක් දිනා ගැනීම සහ 2005 ජනවරම ගොඩනැගීමට නායකත්වය දීම)

මීටත් වඩා හොඳයි කොරියන් විභාගය රට පුරා තියලා කොරියා යැව්වා නම්. මොකද අවශ්‍යතාව සල්ලි නම් එය තමා විකල්පය. නිකරුනේ අවුරුදු 2ක් ගත කරලා මාසෙකට 20 000-25 000ක ජොබ් එකක් කරනවාට වඩා නරකද කොරියන් ගිහින් 150 000-200 0000ක් හොයා ගන්න එක මාසෙකට.


 
සිය රට දේ සිරි සැප දේ !