Saturday, December 17, 2011

දෑ හිතැති විද්වතුන්ගේ වගකීම සහ TNA කොටි රංචුව

අද ආණ්ඩුවේ ඇතැම් කටයුතු පිළිබඳ අපට සතුටු වෙන්න බැහැ. ඒවා අපට අද විවේචනය කරන්න වෙනවා. එස්.එල්.ගුණසේකර මහතා ආණ්ඩුව පිළිබඳ දිවයින පුවත්පතට විවේචනාත්මක අදහස් පළ කරලා තිබුණා.

ඔන්න දැන් කියන්න පුළුවන් එස්.එල්.ගුණසේකර විපක්ෂයට කඩේ යනවා කියලා. ආණ්ඩුවෙන් මුකුත් නොලැබුණු නිසා දැන් බනිනවා කියලා. මොකද තමන්ගේ බඩ වෙනුවෙන් දේශපාලනය කරන එවුන් හිතන්නේ එහෙම. ඒ වගේ පර හැත්ත හැම තැනම නිසා සාමාන්‍ය මිනිස්සු හිතන්නේ එහෙම.

ඒත් මේ රටේ ජනතාව තේරුම් ගන්න ඕන මේ ආණ්ඩුවේ සමහර අය කරන වැඩ වැරදියි. සමහර හොඳ වැඩ කරන්නෙත් කරන්න පුළුවන් තක්කඩිම විදිහට. රට වෙනුවෙන් ක්‍රියාත්මක කළ යුතුව තිබූ එළවළු පළතුරු බහාලුම් වැඩපිළිවෙළ හොඳ උදාහරණයක්.

ඊට පස්සේ මේ පංචතන්ත්‍රයේ රජතුමා ආරක්ෂා කළ වඳුරා වගේ එතුමා වටේ ඉන්න කේවට්ටයෝ ටික රටේ පොදු කක්කුසියක් හැදුවොත් ඒකට නම තියනවා "මහින්ද රාජපක්ෂ කක්කුස්සි සංකීර්ණය"කියලා.මේවා මෝඩ වහේලාට චූන් වුණාට ජනතාව තුළ ආණ්ඩුව සහ ජනාධිපතිතුමා කෙරෙහි ඇති ප්‍රසාදය බිඳ වැටෙනවා.

අද මේ ආණ්ඩුවට සාධනීය විවේචනයක් අවශ්‍යයයි.ඒ සඳහා විපක්ෂය කළ යුතු කාර්යභාරය අද සිදුවන්නේ නෑ. ඒ නිසා ආණ්ඩුවට සහාය දක්වන අයට ම එහි වරදානවලට බිලි නොවුණු අයට ලොකු වගකීමක් තියෙනවා මේ ආණ්ඩුවේ වැරදි නිවැරදි කරගන්න. වරද පෙන්වා දෙන්න. ගුණදාස අමරසේකර, එස්.එල්.ගුණසේකර, ගෝමින් දයාසිරි වගේ අය මේ සඳහා පෙරමුණ ගතයුතුයි.

TNA මන්ත්‍රී කෙනෙක් ආයෙමත් කියලා පොලිස් බලතල, ඉඩම් බලතල ඕන කියලා. කාටද? දෙමළ ජනතාවටද? නෑ. ඔය පළාත් සභාවලට දීපු බලතලවලින් ජනතාවට ලැබුණු දෙයක් නෑ. ලැබෙන දෙයකුත් නෑ. සිදුවන එකම දෙය බෙදුම්වාදී දිශානතිය කරා රට ආපහු ගමන් කිරීම පමණයි. ඒ නිසා ඒ සඳහා අංශු මාත්‍රයක හෝ සහයක් දීමේ අයිතියක් ආණ්ඩුවට නැහැ. ඒ සඳහා ජනතාව ආණ්ඩුවට බලය දීලාත් නැහැ.

අවුරුදු 30ක් කොටි යුද්ධ කළෙත් ඔය ටික ගන්න තමයි. යුද්ධය අවසන් වුණේ නෑ. අසාධාරණ ඉල්ලිම් ඉල්ලමින් කරපු ත්‍රස්තවාදය දේශමාමක ජනතාව පරාද කළා. පරාද කළේ ඔය තුප්පහි ඉල්ලීම්. ඒ නිසා මේ ගැන නැවත කතා නොක යුතුයි.

අද මේ රටේ දෙමළ ජනතාවට ඉන්න ලොකු ම හතුරා තමයි මේ කොටි රූකඩ රෑණ. මුන් සමග සාකච්ඡා කිරීමෙන් කිසිම පලක් නැහැ. දෙමළ ජනතාවට තියෙන පරිපාලන ප්‍රශ්න විසඳිය යුතුයි. ඔවුන්ට සිය බසින් තම පළාත්වල වැඩ කරන්න ඉඩ ලබා දිය යුතුයි.

දකුණු ඉන්දියාවේ දෙමළ මංකොල්ලකාරයෝ උතුරේ ජනතාවගේ මාලු අස්වැන්න මංකොල්ල කෑම වහාම නතර කළ යුතුයි. ඒ වගේ ම අහිංසක හිංදු ජනතාව අන්තවාදී රංචු විවිධ වරදාන ලබා දෙමින් උන්ගේ ආගම්වලට හරවා ගැනීම වැළැක්විය යුතුයි.

දෙමළ ජනතාවට ගෞරවනීය ලෙස ජීවත්වීමේ අයිතිය ලබා දිය යුතුයි. ඒ අයට වැදගත් විදිහට සැලකිය යුතුයි. ආදරය කළ යුතුයි. එකම ජාතියක් ලෙස එක රෑණක් ලෙස ජාතික අභිලාෂයක් මුදුන් පමුණුවා ගැනීමට එක රෑණේ පියඹා යායුතුයි. ඒ සඳහා අද ඇති විශාලතම ගැටලුව මේ බෙදුම්වාදී රංචුවයි. මේ බල‍ලෝභී පාහරයින්ගෙන් සිදුවන ජාතික අපරාධය වළක්වාලීම ආණ්ඩුවේ වගේ ම සමස්ත ජ්‍නතාව‍ේග පරම වගකීමයි.

3 comments:

දේශපාලුවා said...

නාමල් මම මේ කොමෙන්ට් එක LCN එකෙත් දැම්මා, මට බොහොම කනගාටුයි, විචාර ශීලී බ්ලොග්කරුවෙක් වෙලා හිටපු ඔබ ආවේග ශීලීත්වයට යට වුනාට, නමුත් ඔබ දකින දෙ කියන්න ඔබට අයිතිය තියනවා ඒක විවෙචනය කරන්නත් අපට අයිතිය තියනවා.
මම යථාරතවාදීව දාන කොමෙන්ට් නිසා මට දැන් පහර පිට පහර වදිනවා ආන්ඩුවට කඩේ යනවා, රජයේ නිලධාරියෙක් , බහුජාතික සමාගම් වල ඒජන්තයෙක් අපවාද ගොඩයි, නමුත් මගේ විවෙචනය කරුනු මත පදනම්වූවක් මිස ආවේගය මත පදනම් වූවක් නෙමෙයි, කවුරුහරි මම දකින කරුනු වැරදියි හරි ඒ කරුනු වලට වඩා වෙනත් කරුනු වල බලපෑම වැඩියි කියලා පෙන්වා දෙනතුරු කොතරම් ජන ප්‍රසාදයක් නැතිවුනත් මම දරන මතය මම දරනවා.

ගුනසේකර මහත්තයාගේ කතාවේ තියන ප්‍රදානතම වැරැද්ද තමයි ආන්ඩුව කරන වරද මොකක්ද කියලා පෙන්නලා දීලා නැති එක, නිකන් අඩා වැටිලා විතරයි.
ආන්ඩුව සුපිරිසිදු, සර්වසම්පූර්න නැතිබව මම පිලිගන්නවා, නමුත් එහෙම ආන්ඩු තියෙන්නේ මොන ලෝකෙද? ආන්ඩුවක වැරදිත් තියනවා හොදත් තියනවා, ආන්ඩුවක් හොද වැඩියෙන් වැරදි අඩුවෙන් කරනවා නම් ඒ තත්වයත්, හොද අඩුවෙන් , වැරදි වැඩියෙන් කරනවා නම් ඒ තත්වයත් නොවලහා ජනතාවට හෙලිකිරීම තමයි බුද්ධිමතුන්ගේ වගකීම.

මොනවද මේ ආන්ඩුව කරන වැරදි? දෙමල සංධානය සමග සාකච්චා කිරීමද? මාර වැඩක්නේ, ඒ ප්‍රදෙශවල ජනයා ඒ අයව නියෝජනය කරන්න ඡන්දෙන් පත්කරලා එව්ව කටිටිය, ඒ අය ජාතිවාදීන් වෙන්න පුළුවන්, අපි ඒ අයට අකමැතිවෙන්න පුළුවන්, ඒ අය ඉල්ලන දේ සම්පූර්නයෙන්ම අසාධාරන වෙන්න පුළුවන්, ඒ අය කළු වෙන්න පුළුවන් නමුත් ඒ ප්‍රදෙශවල බහුතරජනතාව පත්කරලා එවපු අය කියනවානම් මෙන්න මේකයි අපි දන්න විදිහට ප්‍රශ්නේ මෙන්න මේකයි අපේ විසදුම කියලා අපි ඒ අයත් එක්ක සාකච්චාකරන්න ඕන.

කරලා ඒ ජනතාවට පෙනන්න ඕන ඔයගොල්ලෝ එවපු නියෝජිතයෝ මේ වැඩේ කරන්නෑ ඒ ගොල්ලෝ මස් රාත්තලම ඉල්ලනවා, ඒ නිසි ඊලග පාර චන්දෙදි වැඩේ කරන්න පුලුවන් කට්ටියක් එවන්න කියලා.
මේවට කල් යනවා තමයි නමුත් මේ ප්‍රශ්න එක රැයින් විසදන්න බැහැ.

ආන්ඩුවට විවිධ ජාවාරම් වලට සම්බන්ධ අය එකතුවෙලා ඇති, නමුත් එහෙම නැත්තේ මොන රටෙද? අනික අපි පසුගිය කාලේ දැක්කා වගේ, කාටවත් අත තියන්න බැරි සොත්ති උපාලිලා, බැද්දගානේ සංජීවලා මේ කාලෙ ඉන්නවද?

පාතාලය රට වසාගෙන පිලිලයක්වගේ පැතිරෙනවද? විරුද්ධ පක්ෂයේ අයට කොඩියක් දාගන්න බැරි, පෝස්ටර් එකක් අලවගන්න බැරි කාලයක්ද? එහෙම කියන අය පසුගිය වකවානු වල තිබුනු වාතාවරනය නොදන්න අතදරුවෝ වෙන්න ඕන, නැත්තම් මැරිලා ඉපදිච්ච අය, මේ ගැන ගුනසේකර මහත්තයාත් වැඩිය කතා නොකර සිටීමෙන් පේනවා ඒ යථාර්තය වටහාගෙන ඉන්නේ කියලා.

පාතාලයක් නැති, ජාවාරම් බිස්නස් කාරයෝ සම්බන්ධ නැති ආන්ඩුවක් එනකම් බලන් ඉන්න එක අර ගෝඩෝ උන්නැහැ එනකම් (Waiting for Godot) බලා හිටියා වගේ වෙනවා සිංහල කතාවක් කියනවානම්, එළුවගේ බිජ්ජ වැටෙනකම් පිටිපස්සෙන් ගිය බල්ලා වගේ වෙනව.

සංසන්දනාත්මකව බැලුවම මේ ආන්ඩුවේ වැඩකටයුතු වලට බලපෑම් කිරීමට හැකියාවක් පාතාලයට නැතිබව පේනවා, වෙන ආන්ඩුකාලේ පාතාල මැරයෝ පොලිස් ස්ථානාධිපතිගේ පුටුවේ වාඩිවෙලා සැරයන් වරුන්ට නියෝග දීලා තියනවා, අවංකව කතාකරන්න, ඒ වගේ පාතාලයක්ද අද තියෙන්නේ? එක රැයින් ප්‍රශ්න විසදන්න බැහැ, වැරදි තිබ්බත්, ඉස්සරට වඩා හොදයි ඒ වගෙම හොද පැත්තට යන බවත් පේනවා, ගමන හෙමින්නම් තල්ලුවක් දෙමු.

යටිතල පහසුකම් දියුනු කිරීම, බඩු මිල වැනි ආර්ථික කරුනු ගැන ගුනසේකර මහත්තයා කතා නොකර හිටියානම් හොදයි, මොකද අපි ආදරේ කරන කෙනෙක්, වයසට යාම නිසා මොලේ අවුල්වීම දැක්කම පුදුම කලකිරීමක් ඇතිවෙනවා.

රට නය බරින් මිරිකිලා නැහැ, අපේ නය දල ජාතික නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට ගත්තම 80%යි, ඉන්දියාවේ 50% ඇමරිකාවේ 60% එන්ගලන්තයේ 75%ය් සින්ගප්පූරුවේ 100% ජපානයේ 200%, අපි අසාමාන්‍ය තැනක නැහැ, අනික නය නොගෙන යටිතල පහසුකම් දියුනු කරන්න බැහැ, ගුනසෙකර මහත්තයා මේක හොදට දන්නවා සම්පූර්නයෙන්ම වැරදි ප්‍රකාශයක්. මම වැරදිනම් කරුනාකරලා සාක්ෂි ඇතිව පෙන්නලා දෙන්න .

දේශපාලුවා said...

රටේ මිනිස්සු අමාරුවෙන් ජීවත් වෙනවා කියන එක ගුනසෙකර මහත්තයා පොලේ දී ලබපු පුද්ගලික අත්දැකීමක් විතරයි , ඒවා අපිට වැඩක් නැහැ, මේ වගේ විද්වතෙක් එක්ක සාකච්චාකරන්නේ එයා පොලේ දකින දේ අහගන්න නෙමෙයි, කරුනු කාරනා ඇතිව ඔහුදරන මතය දැනගන්නයි.

ජනාධිපතිවරන කාලේ හැමෝම කිව්වේ පොන්සෙකා දිනනවා කියලා, නමුත් සමීක්ෂන නිවැරදිව කිව්වා රාජපක්ෂ 60%ක් අරගෙන ජයගන්නවා කියලා අන්න ඒ වගේ තමයි ගුනසෙකරගේ කතාව, අනේ අපොයි කරුනු කාරනා ඇතිව කතාකල විද්වතෙකුට ගිය කලක්, අනේ සංසාරේ කිව්වලු.

ලෝකෙ ඕනෑම රටකට ගිහිල්ලා පොලකට ගිහිල්ලා මිනිස්සුන්ගෙන් අහන්න බඩුමිල ගැන ගුටි නොකා එන්න පුලුවන් වුනොත් ලොකු දෙයක්, පාරිභොගිකයෝ කිසි දිනක සතුටු වෙන්නේ නැහැ, ඒක රටේ ආර්ථිකට්ය ගැන තීරනයක් ගන්න හොද දර්ශකයක් නෙමෙයි, ඒ සදහා දර්ශක ආර්ථික විද්‍යාඤයෝ නිපදවලා තියනවා ඒවා සර්ව සම්පූර්න නොවෙන්න පුලුවන් නමුත් එක එක් කෙනාගේ පුද්ගලික අත්දැකීමට වඩා හොදට වැඩකරනවා, ඒවායෙන් පේනවා රටේ ආර්ථික ප්‍රගතියක් ඇතිවෙනවා කියලා, හෙමින් වෙන්න පුලුවන්, නමුත් ප්‍රගතියක්.

දකුනු අප්‍රිකාවේ නෙල්සන් මැන්ඩෙලා ජනාදිපති ඡන්දය දිනපු දා ජයග්‍රාහීව ජනතාව අමතත්දී කිව්වේ මොකක්ද "ඔන්න හෙට උදේ ඉදන් බෙන්ස් කාර වල යන්න බලාපොරොත්තු වෙලා ඉන්න එපා" කියලයි.

මේ රටේ ජාතිකත්වය අගයන බුද්ධිමතුන්ගේ වගකීමත් ඒකයි, අද ආන්ඩුවට බැනීම බුද්ධිමතුන්ගේ විලාසිතාවක් වෙලා, සමාජයේ පොරක් වෙන්න ආන්ඩුව පතුරු ගහන්න ඕන, මොනතරම් යථාර්ත වාදීද, කරුනු කාරනා සමග සංගතද කියලා බැලිලක් නැහැ හරිම කනගාටුයි, බුද්ධිමතුන් ඔවුගේ වගකීම පැහැර හැරලා. ලෙනින් කිව්වා "සමාජය සංවර්ධනය කිරීමේ පනිවිඩය සමාජය වෙත ගෙනයා යුත්තේ මධ්‍යමපාන්තික බුද්ධිමතුන්" කියලා.

ඒ වගේ අද අපේ රටේ ජාතික වාදී බුද්ධිමතුන්ගේ වගකීම, මේ ආන්ඩුවේ වැඩ කටයුතු දෙස තුලනාත්මකව බැලීමයි, සර්ව සම්පූර්න තත්වය සම්ග සන්සන්දන්ය කරලා වැඩක්නැහැ.

නාමල් උඩලමත්ත said...

ඔබේ අදහස්වලටත් ඒ අදහස් දැරීමේ ඔබේ අයිතියටත් මම ගරු කරනවා. හැබැයි මේ ආණ්ඩුවේ පවතින වැරදි නොදැක සිටීම හෝ ඒ වැරදි පෙර ආණ්ඩුවල මීට වඩා තිබුණා කියලා හරි ඒවා සාධාරණීකරණය කිරීම ආණ්ඩුවේ පැවැත්ම කෙරෙහි අහිතකර විදිහට බලපානවා. ඒ කලින් පැවති ආණ්ඩු ජනතාව ගෙදර යවලා මේ ආණ්ඩුව පත් කළේ ආයේ අඩු මාත්‍රාවකින් හරි ඒ දුර්ගුණ ම දකින්න නෙමේ.

වෙන රටවල තත්ත්ව හා සසඳනවාට වඩා රටක් විදිහට අප යා යුතු ජය කණුව කරා රට රැගෙන යන්න මේ ආණ්ඩුවට සාධානිය විවේචනයක් අවශ්‍යයි.

TNA එක එක්ක තව අවුරුදු 100ක් සාකච්ඡා කළත් පලක් නෑ. අන් බෙදුම්වාදය අත්හරින තුරු ඒ සියල්ල ගඟට කපන ඉනි. ලිහලා බලපු මල්ල ආයේ ඔබලා බලලා පලක් නෑ.

මගේ විවේචනයේ අරමුණ මේ ආණ්ඩුව ආරක්ෂා කිරීම විනා සතුරාට උදව් කිරීම නෙමේ. ගුණසේකර මහත්තයා වුණත් එහෙමයි. ආණ්ඩුවට ප්‍රශස්ති ගයන්න වන්දිභට්ටයෝ ඕන තරම් ඉන්නවා. හොඳ නරක දෙකට ම බනින්න අපේ ගොන් විපක්ෂය ඉන්නවා. අපේ වගකීම හොඳ දේට හොඳයි කියලා නරක දේ විවේචනය කිරීම. ඒකයි අද අවශ්‍යය.

දැන් බලන්න අර නෙළුම් පොකුණ රඟහල. ඒක අපේ රටට ලැබුණු ලොකු දායාදයක්. ඇයි ඒක මේ රටේ විශිෂ්ට කලාකරුවෙක් නමින් නම් කරන්න බැරි. එහෙම කළා නම් කොච්චර හොඳද? මම රඟහලේ අගය දන්නවා. ඒ වගේ ම ඒක අපේ රටේ කලාව වෙනුවෙන් කැපවුණු කලාකරුවෙකුගේ නමින් නම් කළා නම් එහි අගය දෙගුණ වෙනවා. ලෙස්ටර්,තිස්ස,කේමදාස,සරත්චන්ද්‍ර,අමරසේක වගේ නමක් නේද ඒකට දාන්න ඕන. එහෙම වුණාමයි මේකට මහා අභිමාණයක් ලැබෙන්නේ.

 
සිය රට දේ සිරි සැප දේ !