Monday, December 12, 2011

උතුරට, නැගෙනහිරට දෙමළ බසින් වැඩකළ හැකි පොලිස් නිළධාරීන්- වාසුදේව

මේ රටේ පල්ල හැලිච්චි කොමියුනිස්ට් මාක්ස්වාදීන් දෙස සමාජය වපරැහෙන් බැලීම පුදුමයක් නෙමේ. මොකද මේ රට බෙදා පාලනය කිරීමේ සුද්දාගේ ක්‍රියාදාමය ඉදිරියට ගෙනි යන්න උන් බෝ කරපු ඇම්බැට්ටයෝ ටික තමා මේ.

හැබැයි උන්දැලා බෝතල් කළ වතුර නොබී අධිරාජ්‍යවාදයට බනිනවා රූපවාහිනියට ඇවිත්. දෙමළ ජනතාවට තමන්ගේ බසින් වැඩ කිරීමේ අයිතියට අපි ගරු කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසිය යුතුයි. ඒ නිසා රාජ්‍ය සේවයට දෙමළ භාෂා දැනුම විශේෂ සුදුසුකමක් කිරීම වගේ ම මේ විදිහට දෙමළ භාෂාව දන්න පොලිස් නිලධාරීන් බඳවා ගැනීමත් වැදගත්.

ඒ අය සිංහල දෙමළ මුස්ලිම් වෙන්න පුළුවන්. හැබැයි මේ අය සමස්ත රටේ පොලිස් නිලධාරීන් විදිහට ක්‍රියා කරන අය විය යුතුයි. බෙදුම්වාදයට පක්ෂපාති අය මේ සේවා සඳහා බඳවා නොගත යුතුයි. එහෙම වුණොත් අතීතය ආපහු වර්තමානය බවට පත් වීමේ අවදානමක් තියෙනවා. කොටි උතුරු නැගෙනහිර පොලිස් නිලධාරීන් 600 ගණන් මරා දමද්දි ඒ සඳහා කොටින්ට ඔත්තු සැපයූවේ බෙදුම්වාදයට පක්ෂපාතී දෙමළ පොලිස් නිලධාරීන් බව අමතක නොකළ යුතුයි.

ඒ වගේ ම දෙමළ දන්නා සිංහල පොලිස් නිලධාරීන් ද උතුරට යැවීම ඉතා වැදගත්. ඒ වගේ ම ඒ ජනතාවට ආදරයෙන් සලකන ඔවුන්ගේ අනන්‍යතාවට ගරු කරන වැදගත් මිනිසුන් මේ රාජකාරී සඳහා යැවීම වැදගත්. දකුණට දෙමළ පොලිස් නිලධාරීන් යැවීමත් වැදගත්.

අප දන්නා පමණින් දැනටමත් දෙමළ පොලිස් නිලධාරීන් 600ක් පමණ ද කොස්තාපල්වරු 1500ක් පමණ ද පොලිසියට බඳවා ගෙන තිබේ. එය ඉතා වැදගත්ය. පොලිසිය යනු තමන්ගේ ආයතනයක් ලෙස දෙමළ ජනතාවට හැඟෙන්න නම් එය කළ යුතුය. වසර 30ක් සිවිල් නීතියක් නොමැති පරිසරයක සිටි පිරිසකට සිවිල් නීතිය හඳුන්වා දීමේ දී එය ඉතා වැදගත්ය.

2 comments:

දේශපාලුවා said...

නාමල් LCN මගේ කොමෙන්ට් දාන්නැහැ, ඔයා ගේ ප්‍රශ්නවලට දාපු පිලිතුරු දාන්නැහැ, බලන් යනකොට LEN දෙමල ජාතිවාදී නඩයට වඩා වෙනසක් නැහැ

නාමල් උඩලමත්ත said...

අපිට අද වැඩ කරන්න වෙලා තියෙන්නේ විවිධ පරමාර්ථ අනුව වැඩ කරන අය එක්ක. හුඟක් අය ළඟ තමන්ගේ පරමාර්ථ තියෙනවා. මේ අය එක්ක වැඩ කරද්දි ප්‍රශ්න ඇති වෙනවා. අපි මේ හැම තැනකින් ම ඔලුව බේර ගෙන රට වෙනුවෙන් යමක් කරන්න බලමු. විශේෂයෙන් එයාලාගේ පරමාර්ථ අපට නොගැලපෙන්න පුළුවන්. හැබෙයි ඒවා රටට හානිකර නොවේ නම් අපි නිහඩව ඉන්නවා. මොකද අපේ අරමුණුවලට යන්න මේ අය එක්ක ඉන්න වෙනවා. අපි දක්ෂ විය යුතුයි අපේ අරමුණු මේ අය ලවා ඉටු කරවාගන්න.මගෙත් සමහර කමෙනට් හලද්දි තමයි මේ ටික මට තේරුණේ.

 
සිය රට දේ සිරි සැප දේ !