Wednesday, December 7, 2011

තේරීම් කාරක සභාවට ප‍්‍රධාන පක්‍ෂ නොපැමිණේ නම් ව්‍යවස්ථා සංශෝධනයක් - වාසුදේව

කාල් මාක්ස් ‍යුරෝපීය සමාජ දේශපාලනය ව්‍යුහය සලකා බලා ඒකී සංස්කෘතිය අනුව එක්තරා පරමාදර්ශී සමාජ දේශපාලන ක්‍රමයක් යෝජනා කර තිබේ. මාක්ස්වාදය නැමති මේ අදහස දේව වාක්‍යයක් ලෙස අදහන්නට වූ පිරිසක් බිහි වුයේ අප රටවලය.

සුළු ජාතික අයිතීන්, ස්වයං නිර්ණය අයිතිය ආදී කුණු හරුපවලින් මොලේ ආසාධනය වූ මේ පිරිස් හැම විට ම බලය බෙදීම වෙනුවෙන් පෙනී සිටියි. සෙසු ජාතීන් මහ ජාතියට සම්බන්ධ කර ගනු වෙනුවට ඔවුන් වෙන් කර තැබීම සඳහා විවිධ අදහස් ඉදිරිපත් කරයි. සෙසු ජාතීන්ට අවශ්‍ය වන්නේ මේ පල්ල හැලුනු වළව්කාරයින්ගේ අනුකම්පාව නොව ගෞරවය ආදරය කරුණාව බව මොවුන් වැටහෙන්නේ නැත.

බලය බෙදීම ඉඩම් පොලිස් බලතල ආදි සියල්ල දෙමළ ජාතිවාදී නායකයින් උතුරේ රජවීම සඳහා ඉල්ලා සිටින දොළ පිදේනි මිස අනෙකක් නොවේ. දකුණේ අපට පළාත් සභාවලින් ලැබී ඇති දෙයක් නැත. එහි එකම වාසිය තවත් බූරුවන් පිරිසකගේ බර ජනතාවගේ කර මත පැටවීම පමණි.

ඒත් මේ මාක්ස්වාදියෝ එදා ඉඳලා උත්තර හොයනවා. හැබැයි ප්‍රශ්නයක් නෑ. සියබලාණ්ඩුවේ සිරිසේන මාමාටයි යාපනේ සිද්ධාර්ථන් මාමටයි තියෙන්නේ එකම ප්‍රශ්න. ඒ ප්‍රශ්න විසඳන්න කළ යුත්තේ රටේ ආර්ථික තත්ත්වය ඉහළ දැමීම. හොරු නොවන ජීවත් වෙන්න යමක් කමක් ඇති පිරිසක් පාලකයින් ලෙස පත්කර ගැනීම මුලින් ම කළ යුතුයි.

රට බෙදලා කෑලිවලට කඩලා ඊනියා බලය බෙදීම් ෆෙඩරල්වලින් මේ ප්‍රශ්නවලට උත්තර සෙවීම කෙසේ වෙතත් නිය පොත්තෙන් කැඩිය හැකි දේ පොරවෙන්වත් කපන්න බැරි තත්ත්වයට පත් කරන්න නම් පුළුවන්. ඒ නිසා මේ පිස්සු විකාර පළාත් සභා අහෝසි කරලා පෙර පැවති ගම් සභා ක්‍රමය ගෙන ආ යුතුයි. එය ගම දක්වා බලය බෙදී යන ක්‍රමයක්. ඒ නිසා මාක්ස්වාදී බරවයෙන් ගැලවී මේ පොළවේ පය ගසා ජීවත් වන මිනිසෙකු මෙන් ප්‍රශ්න දෙස බැලීමට සියලු ම මාක්ස්වාදීන් හුරු විය යුතුය.

3 comments:

පුලස්ති said...

හායි

1 දැන් නාමල් මේකට උත්තරයක් දෙන්නකො සෑර්.ඉඩම් බලය කියන්නෙ මහ භයානක දොලපිදේනියක් කියලනෙ නාමල් කියන්නෙ.දැන් සෑර් පලාත් සභා එන්න ඉස්සර ඉඩම් බලය තිබුනෙ කාටද?මධ්‍යම ආන්ඩුවට.එතකොට වන්නියෙ සිද්ධාර්ථන් මාමයි හම්බන්තොට කුරුං කුරුං මාමයි මොකක් හරි ඉඩම් සීන් කෝන් එකක පුරස්නයක් ආව නම් ගාටන්ඩ ඕනෙ කොලඹ.වැඩේට දෙතුන් පාරක් යනවනම් දෙතුන් පාරක් යන්න ඕනෙ කොලඹ.දැන් ඉඩම් බලය බෙදපු හින්ද ඒ කියන්නෙ මධ්‍යම ආන්ඩුවේ ඉඩම් කොමාට අමතරව දැන් පලාත්බද ඉඩම් කොමෙකුත් ඉන්න නිසා ඒ මලවාතෙ ඉවරයි.තමුන්නෙ පලාතෙ ඉඩම් කාර්යාලයට ගියාම තමුන්නෙ වැඩේ කොරගෙන ආ හැකි.දැන් මේක නරක වෙන්නෙ කොහොමද කියල පහදනවද?

2 දැන් ජනවර්ග ගොඩක් ඉන්න රටවල් ලෝකෙ ගොඩාරියක් හෑව්නෙ.එතකොට ප්‍රාන්තීය ස්වයංපාලනය හෙවත් පෙඩරල් නැතිව ජාතික සමගිය පවත්වගෙන යන වෙන එක රටක් කරැණාකරල උදාහරණයක් විදිහට නාමල්ට දෙන්න පුලුවන්ද?එහෙම දුන්නොත් අපිටත් නාමල් කියන දේ අහන්න හිතෙනව නෙව.මම නං දන්න තරමින් සුවිට්සර්ලන්තෙ ඉදල ඉන්දියාව දක්වා දකුනු අප්‍රිකාව බ්‍රිතාන්‍යය වගේ රටවල් පවා සුලු ජනවර්ග වල ස්වයංපාලන අයිතිය පිලිගන්නව.එහෙම ඒ ජනකොටස්වල අනන්‍යතාවය පිලිගත්තම තමයි උන් එක්සත් රාජ්‍යයක් ඇතුලෙ සාමකාමීව ඉන්න එකග වෙන්නෙ.ඒක එහෙම නෙමෙයි නම් ඒකත් පෙන්නල ඉන්නකො.

3.සිද්ධාර්ථන් මාම ගැන නාමල්ට හරිම දුකයි නේද?කදුලුත් එනවද?සිද්ධාර්ථන්ගේ නෑයෝ 40 000 ක් යුද්දෙ අන්තිම කාලෙ බෝම්බ දාල සමූලඝාතනය කරල දාද්දි නාමල්ගේ කදුලු කොහෙද තිබ්බෙ?කදුලු දෙන්න මට හඩන්න සත් සමුදුර ගොඩගලන්න සෑර්!නිකම් බොරු එපා.බලය බෙදුවම දෙමලටත් මේ රටේ පාලනයට හවුල් වෙන්න චාන්ස් එක හම්බෙනව.ඒකටයි නාමල් කැමති නැත්තෙ.දෙමලු මොක්කුද මේ රටේ පාලනේට හවුල් වෙන්න.නැද්ද පැටියො.ඒකීය රාජ්ජෙට ඔයාල පක්ස වෙන අටමගලකට නෙමෙයි ඒකෙ තියන්නෙ සිංහල බහුතරවාදය.දෙමලුන්ට සේ එකක් නැහැ.නිකම් දෙමලුන්ට ආදරේ කියල බොරැවට පෙන්වන්න එපා නාමල්.ඕකට අපි නම් රැවටෙන්නෙ නැහැ.හිරුනිකා වගේ කෙනෙක් නම් රැවටෙයිද දන්නෙ නැහැ.

නාමල් උඩලමත්ත said...

පුලස්ති,
ඔයාලට නම් මේවා තව අවුරුදු ගණනක් කතා කරන්න, තර්ක කරන්න පුළුවන් දේවල් බව මම නොදන්නවා නෙමේ. මට නම් මේ එකක්වත් ප්‍රශ්න නෙමේ.

1. ඉතා ම සරල ප්‍රශ්නයක්. මේකට විසඳුම බලය බෙදීම නෙමේ පරිපාලනය විමධ්‍යගත කිරීම. දැන් ලංකාවේ පොලිසි තියෙනවානේ. ඒවා මධ්‍යම ආණ්ඩුවෙන් පාලනය වෙන්නේ. නමුත් කවුරුවත් කෙහෙල් කැනක් කැපුවා කියලා පැමිණිලි කරන්න කොළඹ එන්නේ නැනේ. ඒ ඇයි? ගමේ පොලිසියක් තියෙන නිසා.

ඒ කියන්නේ ඒකීය රාජ්‍ය එහෙම නැත්නම් එක්සේසත් රාජ්‍යය කියන්නේ සියලු රජයේ කාර්යාල අගනුවර එනම් කොළඹ පිහිටුවනවා කියන එක නෙමේ. ආණ්ඩුවේ කටයුතු පහසුවෙන් කරගෙන යාමට පරිපාලනය විමධ්‍යගත කළ යුතුයි. ඒ සඳහා නිලධාරීන් පත් කළ යුතුය. එය ගම් මට්ටමට ගෙන ආ යුතුයි. ඒ සඳහා නැවත හොරු ටිකක් පත් කරලා ඒවාට පළාත් සභා කියලා උන්ට පඩි ගෙවිය යුතු නැත.

අනෙක් අතට ඉන්දියාව අප මත පළාත් සභා අටමගල ඇටවූයේ බලෙනි. එය ව්‍යවස්ථා විරෝධි එකකි. අප රට මෙන් 62 ගුණයක් විශාල රටක මොඩලයක් අපට නොගැළපෙන බව දැන් ඔප්පු වී තිබේ. තමිල්නාඩුව පමණක් ලංකාව මෙන් 6 ගුණයක් විශාලය. පුලස්ති කියන ආකාරයට නව දිල්ලියට ඉඩම් ප්‍රශ්න ගෙන යාම අමාරු නිසා චෙන්නායිවලට ඉඩම් බලතල දුනි නම් එය ද පහසු නැත. එය තවත් කොටස් 6ටවත් බෙදිය යුතුය.

පළාත් සභා ඇටවූයේ ඊනියා ජනවාර්ගික ප්‍රශ්නයක් විසඳීමටය. ජනවාර්ගික ප්‍රශ්නයක් නොතිබුණු නිසා නැති ප්‍රශ්නයකට විසඳුම් කෙසේ දෙන්නද? එහෙයින් එය විසඳුමක් නොව ප්‍රශ්නයකි. උතුරේ තිබුණු ත්‍රස්තවාදයට විසඳුම එය නොවුණු නිසා උතුරේ හැර අනෙක් සියලු පළාත්වල මේ සුදු අලියා ක්‍රියාත්මක විය. දැන් ත්‍රස්තවාදය විනාශ කර ඇත. .......

නාමල් උඩලමත්ත said...

දැන් කළ යුත්තේ මේ පළාත් සභා නමැති ප්‍රශ්නය විසඳා ගැනීමය. එහි විසඳුම නම් අහෝසි කර නැවත ගම් සභා ක්‍රමය ඇති කිරීමය. පළාත් සභා ලංකාවට ශිෂ්ටාචාරගත වූ දා සිට පැවතිනැයි පුලස්ති සිතා සිටිය ද එයට තවම අවුරුදු 30ක් වත් නැත. මේ රටේ වසර දහස් ගණනක් තිස්සේ ප්‍රශ්න විසඳා ගෙන ජීවත් වූ ක්‍රමයක් පැවති බව ඇතැමුන්ට අවබෝධ කරගත නොහැක්කේ චින්තනයේ වඳ බව නිසා මිස වෙන කිසිවක් නිසා විය හැකිද?

2. අපේ රටේ ජන වර්ග ගොඩක් නැත. ඇත්තේ තුනකි. ඉන් ද පළාත් සභා ඔස්සේ ඊළමට යන්න දඟලන්නේ බෙදුම්වාදී දෙමළ නායකයින් ය. ලෝක දෙමළ ජනගහන‍යෙන් 75%ක් තමිල්නාඩුවේ වෙසෙති. ලංකාවේ ද 4%ක් ජීවත් වෙති. ඉන් 2%ට වඩා දෙමළ පිරිසක් අප සමග දකුණේ ජීවත් වෙති. ඒ අනුව උතුරු නැගෙනහිර ඇත්තේ 2%ට අඩු දෙමළ පිරිසකි. ඒ පිරිසට ඉඩම් බලතල දීමෙන් දෙමළ ජනතාවට සිදුව ඇති ඊනියා අසාධාරණය සමහන් කරන්නේ කෙසේ දැයි පුලස්ති පෙන්වා දිය යුතු ය.

ඉන්දියාව ජනවර්ග සිය ගණනක් ජීවත් වන භාෂා සිය ගණනක් කතා කරන ප්‍රාන්ත රාජ්‍ය 28ත් සහිත රාජ්‍ය භාෂා 23ක් ඇති රටකි. එහි නිතර විවිධ ගැටුම් ඇති වන අතර ප්‍රාන්ත කෑලි කෑලිවලට කැඩී යාමේ අවදානමක් පවති. මෑතදී වයිකෝ කෑ ගැසුවේ ඉන්දියාව කැබලිවලට කඩන බව පවසමිනි. අනෙක් අතට අපට ලෝකය වටේ ගොස් පාලන ක්‍රම අධ්‍යයනය කර මෙහි ස්ථාපිත කිරීමේ උවමනාවක් නැත්තේ මේ රටේ වසර දහස් ගණනක් තිස්සේ ක්‍රමිකව වර්ධනය වූ එහෙත් පසුව අනුකාරකයින් විසින් යටපත් කළ අපේ ම ක්‍රමයක් ඇති හෙයිනි. මෙරට දෙමළ රජ්‍ය භාෂාවක් ලෙස පිළි ගත්ත ද ඉන්දියාවේ රාජ්‍ය භාෂා වන්නේ 50%ක් කතා කරන හිංදි සහ ඉංග්‍රීසියයි. එහෙත් 75%ක් දෙමළ ජනතාව එහි වසති. මෙරට දෙමළ ජනතාවට ලංකාවේ ඕනෑම තැනක ජීවත් විය හැකිය. ඉඩම් දේපළ මිලට ගත හැකිය.

3. මට දෙමළ ජනතාව පිළිබඳ පල්ල හැළුණු මාක්ස්වාදීන්ට සහ ඇතැම් වළව්කාරයින්ට මෙන් කිසි ම අනුකම්පාවක් නොමැත. දෙමළ ජනතාව උක්ත මානසික රෝගීන් සිතා සිටින ආකාරයේ උන්ගේ අනුකම්පාව යදින හිඟන්නන් නොවේ. ඔවුන් අප මෙන් ම මේ රටේ පුරවැසියෝ ය. අප ලබන පහසුකම් මෙන් ම අප විඳින කම්කකටොලුවලට ද ඔවුන් මුහුණ දීමට සිදු වෙයි. ත්‍රස්තවාදය විනාශ කිරීම පුලස්ති වැනි එවුන්ට ජන ඝාතනයක් වුව ද අපට එසේ නැත. 40 000ක් දෙමළ ජනතාව තබා කොටිවත් නොමළ බව පුලස්ති නොදන්නේ උපන් ගෙයි රෝගයක් නිසා ය. ඒ ඇතැම් අවයව වැරදි තැන්වල පිහිටීම නිසාය.

මේ රටේ ඒකීයත්වය ගරු කරන බෞද්ධ සංස්කෘතිය පිළිගන්නා ඕනෑ ම අයෙකුට රාජ්‍ය පාලකයා වීමට කිසිදු බාධාවක් නැත. අපේ අවසන් රජවරු උපන් ගෙයි සිංහලයින් නොවන බව පුස්සන් කෙසේ වෙතත් දන්නෝ දනිති.

1911 ශ්‍රී ලාංකිකයින් නියෝජනය කරන්නට ඡන්දයෙන් තෝරා පත් කර යැව්වේ දෙමළ ජාතික‍යෙකි. (පොන්නම්බලම් රාමනාදන්) ඒ සිංහල නියෝජිතයා පරදාය. ලක්ෂමන් කදිරගාමර්, ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ අපි සැලකුවේ ජතික නායකයින් ලෙස ය. හිටපු කොටි නායකයින් වන කරුණා කෙරෙහි හෝ අප තුළ වෛරයක් නැත. අපි ඔහුට නිවැරදි වීමට අවස්ථාව දී තිබේ.

මගේ බලාපොරොත්තුව දෙමළ ජාතිකයෙක් මේ රටේ ජනාධිපති‍ වෙනවා දැකීම. හැබැයි ඔහු මේ රටේ සංස්කෘතියට බෞද්ධ උරුමයට ගරු කරන කෙනෙක් විය යුතුයි. රටේ ඒකීයත්වය ආරක්ෂා කරන්න දිවි හිමියෙන් බැඳුණු කෙනෙක් විය යුතුයි. ඇමරිකාවට බරක් ඔබාමා යම් සේ ද ඔහු ලංකාවට ද එසේ විය යුතුයි. ඇමරිකාවට එරෙහි වු මුස්ලිම් මිනිහා බින් ලාඩන් මරා දැම්මේ ද මුස්ලිම් සම්භවයක් සහිත මිනිසෙකි.

 
සිය රට දේ සිරි සැප දේ !