Thursday, December 1, 2011

ප‍්‍රභූ ආරක්‍ෂකයන්ට අධිවේගය නොමිලේ . . .

"මේක ආරම්භයක් විතරයි අපේ හාමුදුරුවනේ. ඊළඟට කැබිනට් ඇමතිවරුන්ට, ඊළඟට ඇමතිවරුන්ට නොමිලේ යන්න දෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, පලාත් සභා මන්ත්‍රීවරුන්ට අපි ඊළඟට චාන්ස් එකක් දෙනවා. නගර සභා, මහ නගර සභා මන්ත්‍රීවරු, ප්‍රාදේශීය මන්ත්‍රීවරු ගැන වුණත් මම නොසලකා ඉන්නේ නැහැ. මම එදා කීවා වගේ අදත් කියනවා මම ඔබේ පාලකයා නොව සේවකයායි. සේවකයෝ නොමිලේ අධිවේගයේ නොගිහින් මේ රට ආසියාවේ ආශ්චර්ය කරන්නේ කොහොද? මේ රටට සේවය කරන්න නේද සේවකයෝ දහදුක් විඳගෙන වැඩ කරන්නේ? එහෙම නේද අපේ හාමුදුරුවනේ ...

ඒ නිසා ඔබ තමුන්නාන්සෙලා මේ රට ආරක්ෂා කරන ජනතාව විදිහට පොඩ්ඩක් ඉවසලා ඉන්න ඕනෑ. අපි අපේ ජනතාවටත් නොමිලේ අධිවේගී මාර්ගය බලන්න දෙනවා මීටර් 100ක් ඈතින් ඉඳගෙන. ඒ වගේ ම නියමිත ගාස්තුව ගෙවන්න පුළුවන් හැම ශ්‍රී ලාංකිකයෙකුට ම කිසිම ජාති ආගම් භේදයකින් තොරව හිතේ බයක් හැකක් නැතිව මේ අධිවේගී මාර්ගයේ යන්න අවශ්‍ය සියලු ම පහසුකම් අපි රජයක් විදිහට ලබා දෙනවා කියලාත් මම අද ඉතාම අඩම්බරෙන් කියනවා. "

ඕං ඔහොම මේ හැම එකාගේ ම ගෙදර ඉන්න බල්ලොත් ඕකේ නිකං තමා යන්නේ ඉස්සරහට. අපිට කොයින්ද පූසෝ මාලු අපි යනවයැ මූදු. අපිට ඉතින් සල්ලිත් නෑ වාහනත් නෑ. පතාළේ යාළුවෙක්වත් හිටියා නම් ප්‍රභූ ආරක්ෂකයෙක් වෙන්න තිබ්බා. අපි ආශ්චර්යය බල බල සුපුරුදු ගාලු පාරේ යනවා. එක අතකින් ඕකුන් නොයන පාරක යන්න ලැබීමත් සතුටක්නේ. හැබැයි මගේ පොඩි ආසාවක් තියෙනවා හිතේ කොනක. එකම එක පාරක් හරි ඔය පාර දිගේ ගාල්ලට යන්න. ඒ මේ මගේ රට නිසා. අද ඉඳලා ම මං කැටේකට සත පනහ රුපියල දානවා. කැටේ පිරුණාම අධි වේගය දිගේ ගාලු යනවා. ඔව් වාතයේ වේගයෙන් ඉගිල්ලිලා යනවා, මිටෙන් හළ කුරුල්ලෙක් වගේ.

5 comments:

gim said...

උඹේ ඔය එක මාසයක internet bill එකට ගෙවන සල්ලිවලින් දෙතුන් පාරක්ම අධිවේගේ ගිහින් එන්න පුළුවන්නේ. එක මාසයක් වැල නොබලා ඉඳපන්. එතකොට ඔච්චර හුල්ලන්න ඕනේ නෑනේ.

නාමල් උඩලමත්ත said...

ප්‍රශ්නයට අදාළ නොවන නිසාත් එවන් වැදගත් යමක් පිළිබඳ කතා කළ හැකි උසස්‍‍‍්‍ මනසක් ඔබගේ සියාටවත් නොතිබිණැයි සිතීමට මේ වැකි දෙක ප්‍රමාණවත් නිසාත් වැඩි යමක් නොකියමි. එහෙත් හැම පුද්ගලයාම තමන්ගේ මානසිකත්වයේ සිටිතැයි සිතීම නම් අනුමත කළ නොහැකිය.

රවා said...

අනිවා ඔයා ඔය පාර දිගෙ අනිවා යන්න ඔනා.

නැත්තම් අපි යන්නෙත් නැහැ. ඔයාලා ඔව්වගෙ කොටස්කරුවො. අපි ජෙනරල්ට කඩෙ යද්දි ඔයා ගාලු පාරටනෙ කඩෙ ගියෙ.

නාමල් උඩලමත්ත said...

ඔයා ෆොන්සේකාට කඩේ ගිය එක ගැන ලැජ්ජ නැතිව කියන එකයි මට පුදුම. ඇත්ත ඔයා එක ිනිහෙකුට තමා කඩේ ගිහින් තියෙන්නේ. මම කඩේ ගියෙත් දැන් යන්නෙත් හෙට යන්නෙත් මගේ රටට විතරයි. අධිවේගය ෆොන්සේකා දින්න නම් නොහදා ඉඳීද? නිකන් හිස් කතා කියවන්න එපා.

ෆොන්සේකා පරාද කරන්න පුළුවන් වීම පිළිබඳ නම් මම හැමදාම සතුටු වෙනවා. මොකද නැත්නම් ඊළඟ හිට්ලර් බිහිවෙන්නේ දකුණු ආසියාවෙන්.සම්පන්ධන් එක්ක හොර ගිවිසුම් ගහලා අපි ඔක්කොම එකතු වෙලා දින්න රට පොර බන්දේසියේ තියලා දෙන්න හැදුවේ කොටියාට. මේක රනිල් කළාටත් වඩා ද්‍රෝහී ක්‍රියාවක්.

මහින්ද දින්න නිසා පොර හිරේවත් ඉන්නවා. පොර දින්නා නම් මහින්ද ගෝඨා, ශවේන්ද්‍ර ඇතුලු අනිත් වීරයෝ ටික ඔක්කෝ මරලා තමා දිනුම සමරන්නේ.

මම නම් කියන්නේ වහාම මෙයා නිදහස් කරන්න ඕන. ප්‍රශ්නේ විදිහට පේන්නේ පොර ඇමරිකාවට පැනලා ආයේ හමුදාවට යුද අපරාධ චෝදනා එල්ල කරලා ඒකේ ප්‍රධාන සාක්ෂි කාරයා විමේ අවධනයමත් තියෙනවා.

නාමල් උඩලමත්ත said...

රවා දැක්කේ නැද්ද මං ලීවා ෆොන්සේකා පිළිබඳ. එදා රට රැකගන්න සටන් කළ මිනිහා 2009 ඉඳලා දින්න රට කොටියාට පාව දෙන්න තමා වැඩ කරන්නේ. මම කියන්නේ ෆොන්සේකා වීරයෙක් නම් දොන් ජුවාන් ධර්මපාලත් වීරයෙක්. මොකද මිනිහා ඔප්පුවක් ලියලා රට පරයිට තෑගි කළා. දොන් ජුවාන් වික්‍රමසිංහත් වීරයෙක්. මොකද මිනිහත් ගිවිසුමකින් රටින් කොටහක් කොටියාට ලියලා දුන්නා. http://kasapabbatha.blogspot.com/2011/11/blog-post_29.html

 
සිය රට දේ සිරි සැප දේ !