Thursday, July 15, 2010

මෙදා කැබිනට්ටුව මැදවච්චියේ රැස්වෙයි

තිස් වසරක් කොටි ග්‍රහණයේ පැවති උතුරු නැගෙනහිර ඊනියා දෙමළ රාජ්‍යයේ අගනුවර ලෙස හැඳින්වූයේ කිලිනොච්චියයි. කොටි වනසා වසරක් ගෙවුණු තැන, කිලිනොච්චිය හෙවත් ඊනියා කොටි අගනුවර ජනපතිගේ ප්‍රධානත්වයෙන් ලංකා රජයේ කැබිනට් මණ්ඩලය රැස්වීම අතිශය වැදගත් පණිවිඩ ගණනාවක් ලොවට ලබාදෙයි.

එකක් මේ රටින් සහමුලින් ම ත්‍රස්තවාදය අතුගා දමා අවසන් බව එනම් මේ වන විට සමස්ත රටේ ම ආරක්ෂාව තහවුරු කර ඇති බව පළමුවැන්න ය. මේ නිසා සංචාරකයින්ට, ආයෝජකයින්ට කිසිදු චකිතයකින් තොරව රටට පැමිණිය හැකි වාතාවරණයක් රට තුළ නිර්මාණය වී ඇත යන පුවත ලෝකයට යයි.

රටින් පිට සිට තවත් කොටි කල්ලි කිහිපයක් කටින් බතල කොල හිටෙව්ව ද උන්ට කළ හැකි ඉටි ගෙඩියක් නැත යන පණිවිඩය අනෙක ය. තම මුදලට කිසිදා වෙන ම රාජ්‍යයක් හිමි නොවන බවේ කටුක යථාර්ථයට ‍ඊළාම්වාදීන්ට කෙමෙන් අත්විඳින්නට සිදු වන ඇත. එහෙයින් තව දුරටත් ඊළාම් රාජ්‍ය විකුණමින් දෙමළ ජනතාවගෙන් මුදල් ගැරීම අපහසු වනු ඇත. සියලු ජනතාව සමග සාමුහිකව ජීවත්වීමේ විකල්පය වෙත යාමට ඊළාම්වාදීන්ට සිදුවනු ඇත. බටහිර රටවල ඇතැම් දේශපාලකයින්ට ඊළමේ පිහිටින් පාර්ලිමේන්තු යාම ද තවදුරටත් පහසු නොවනු ඇත.

මේ ආකාරයට ලංකාවේ හැම අස්සක් මුල්ලක් නෑර ම මධ්‍යම ආණ්ඩුවේ බලය පැතිර ඇති බව සංකේතාත්මකව ප්‍රදර්ශනය කිරීම ඔස්සේ වසර තිහක් තිස්සේ ඊළම සිහිනවලින් මොළ සේදීමට ලක් කළ පිරිසට ද ක්‍රමයෙන් පියවී ලෝකය වෙත පිය නගන්නට අවස්ථාව උදාවනු ඇත. එහෙත් මේ යථාර්ථය පිළිනොගෙන ඊට එරෙහිව ක්‍රියාකිරීමට ද පිරිසක් සිටිනු ඇත. ඒ අය නම් ඊළම වෙනුවෙන් පෙනී සිටි මෙරට සහ පිටරට ඇතැම් කොටස් ය. යුද්ධයට අකුල් හෙළමින් කොටි රැක ගන්නට වළි කෑ පිරිස ය. ඔවුන් මේ අවස්ථාවේ කිලිනොච්චියේ කැබිනට් රැස්වීම පැවැත්වීම හෑල්ලුවට ලක් කිරීම අනීවාර්ය වෙයි.

අද වික්‍රමබාහු කරුණාරත්නගේ දේශපාලන මාවතේ පාද තබන, කුප්‍රකට NGOකාරයෙක් වන ජේ.සී. වැලිඅමුණගෙන් බණ අහන ජවිපෙ අනුර කුමාර පැවසුයේ, 'අපට වැදගත් කැබිනට් මණ්ඩලය රැස්වන තැන නොව ගන්නා තීරණ' බව ය. එය ඇත්ත ය. එහෙත් එය එසේ වූ පමණින් කිලිනොච්චියේ කැබිනට් මණ්ඩලය රැස්වීමෙන් ලෝකයට ලබා දෙන පණිවිඩය නොතකා හළ හැකි ද? ගන්නා තීරණ මිස තීරණ ගන්නා තැන වැදගත් නොවේ නම් 'මහ ගෙදර' නමින් සුවිසල් පක්ෂ මුලස්ථානයක් සිය පක්ෂය තනන්නේ කුමටදැයි අනුර කුමාර කීවේ නැත. මහා පක්ෂයක් බවට අතු ඉති ලා වැඩෙමින් පැවති ජවිපෙ වඳ ‍කොට, විනාශ කළ රොත්ත අද ගන්නා තීන්දු උන්ගේ වළ උන් ම හාරා ගැනීමකට එහා නොගිය ඒවා බව අමුතුවෙන් කිව යුතු නැත. එවන් තීරණ ගැනීමට දැවැන්ත මන්දිරයක් උවමනා ද? උක්ත ප්‍රකාශය ද ජවිපෙ දේශපාලන බංකොලොත්භාවය ප්‍රකාශ කරන කුහක දෙඩවිල්ලක් ම පමණි.

තවත් ඊළාම් වෙබ් අඩවියක් වන ලංකා ඉනිව්ස් පැවසුවේ මෙදා කැබිනට් මණ්ඩලය කිලිකොච්චි කොටි සාම මහ ලේකම් කාර්යාලයේ පැවැත් වූ බවයි. එම ගොඩනැගිලි සංකීර්ණය අද නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය වන අතර එදා වාර්මාර්ග දෙපාර්තමේන්තුවට අයත් විය. එහෙත් කොටි ග්‍රහණයේ පැවති සමයේ එය උන්ගේ මළ ඉලව් කාර්යාලයක් ලෙස භාවිත කෙරිණි. ඒ ඉතිහාසය දැන දැන ම වසන් කිරීමෙන් ඉනිව්ස් උත්සාහ කරන්නේ, මේ භූමිය ඈත අතීතයේ සිට කොටි පාලනය කළා වැනි හැඟුමක් දැනවීමට ය. එවන් අදහස් නොවිණි නම් ඔවුන් කිව යුතු ව තිබුණේ මෙදා කැබිනට් රැස්වීම කිලිකොච්චියේ නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ පැවති බව ය.

විම්ල් වීරවංශ ගෙන ගිය උපවාසය නිසා, සමස්ත රටේ ම අවධානය බෑන් කි මූන්ගේ කොටි කමිටුව වෙත යොමු වීම ද මෙරට ලොව පුරා සිටින දේශප්‍රේමින් එම කොටි කමිටුවට එරෙහිව නැගී සිටිම ද සිදුවන පසුබිමක කිලිකොච්චියේ කැබිනම් මණ්ඩලය රැස්වීම ද්‍රෝහීන්ට කෙසේ වුව ද මේ රටට ලැදිවුන්ගේ අමන්දානන්දයට හේතු වූ බව කිව යුතු ය. දුකට පත් වුව ද 'ආණ්ඩුව බොරු කියන්නේ, කිලිනොච්චියේ කියලා කැබිනට් මණ්ඩලය මැදවච්චියේ පැවැත්වූයේ' යැයි කීමට කිසිවෙක් අද ඉදිරිපත් නොවේ.




4 comments:

විහඟ ගීතය said...

නොදත් නිසා නොව ප‍ටු හැඟුමන් අතරේ
රටත් ජාතියත් ගෙන හෙලමින් අතුරේ
අලිත් සීනු හොලවා වදිමින් අඳුරේ
අදත් එදා මෙන් උන් හෙළුවෙන් මිතුරේ

නාමල් උඩලමත්ත said...

හමුදා සෙනඟ ගැටෙනා සඳ කොටි එක්ක
රකිනට කොටි එක්වී සුදු කොටි එක්ක
මව්බිම මරා රජවනු හීනෙන් දැක්ක
පරයින් එදත් අද මෙන් හතුරන් එක්ක

Anonymous said...

මේ හාල්පාරු ආණ්ඩුවට ඇඟවිකුනන ගූ ගොඩ පැත්තේ ආයි එන්නෙ නෑ කියලා හිතුවත් මීහරකාට වුනත් දිගටම අනින්න දීලා උඩ බලාගෙන ඉන්න බැරිකම හින්දා උඩුලැමාගෙන් සිංහලෙන් ප්‍රශ්නයක් අහලා මාරුවෙමි උඩුලැමාට නොතේරුන ඒත් මට තේරෙන එකම දේ මෙච්චරයි
‘මැදවච්චියේ ඔය මගුල කලාම ඔක්කොම හරිද බුවා‘

නාමල් උඩලමත්ත said...

කිලිනොච්චියේ කැබිනට්ටුව රැස් වුණා ම රටේ සියලු ප්‍රශ්න විසඳෙනවා කියල හිතන එක තරම් අමන සිතුවිල්ලක් මිනිහෙකුගේ ඔලුවට එන්න පුළුවන් ද? කිලිනොච්චියේ කැබිනම් රැස්වීම තිව්ව ම යමක් ලැබෙනවා නම් එච්චරයි. ඒක යමක් නො ලැබෙන තත්ත්වයට වඩා යහපත්. හැබැයි කොටියාට උතුරු නැගෙනහිර බන්දේසියේ තියලා දුන්නා ම රටේ සියලු ප්‍රශ්න ඉවරයි කියලා හිතපු එවුන්ට මේ වගේ ප්‍රශ්න මතුවීම ගැන අපි පුදුම වෙන්නේ නෑ. ඒ කාලේ ඌරන්ට හු ඟක් දේවල් තිබුණා කන්න. දැන් කෑම අඩුයි කියලා අපි දන්නවා. මෙච්චර කල් කුණු උණු මළ මිනි කාපු එවුන්ට දැන් අශුචි තමා කන්න වෙන්නෙ.

 
සිය රට දේ සිරි සැප දේ !