Thursday, July 8, 2010

මරණය නම් නිවටකමයි

ගිය වසරේ මැයි මස ත්‍රස්තවාදය මෙරටින් අතුගා දැමූ මොහොත වන විට සමස්ත රට දෙකඩ බෙදී තිබිණි. එක් පැත්තක ලංකා රජය, ලක් හමුදාව, දේශමාමක බලවේග, රටේ අති බහුතර ජනතාව සහ අපේ ඇතැම් මිත්‍ර රටවල් විය. අනෙක් පස කොටි සහ කොටි මිතුරු හවුල විය. නෝර්වේ ප්‍රමුඛ බටහිර රටවල්, එක්සත් ජාතීන්, ටීඑන්ඒ, රනිල්, රවි, කිරිඇල්ල ප්‍රමුඛ එජාපය, ලංකා ඉනිව්ස් වැනි වෙබ් අඩවි, සුනන්ද ද්වේශප්‍රිය ආදි නිදහස් මාධ්‍ය ව්‍යාපාරික පිරිස අනෙක් පස විය.

ඉන් වසරක් ගෙවී ගිය තැන තිස් වසරක යුද්ධය නිමා කර රටට සාමය දිනාදුන් දේශපාලන සහ හමුදා නායකත්වය ජාත්‍යන්තර දං ගෙඩියට දක්කාගෙන යාමට එක්සක් ජාතීන් යැයි හැදින්වෙන ඇමරිකානු බළල් අත පිඹුරු පත් සකසයි. මේ ලෝක මිනිමරුවා ඉරාකයේ සහ ඇෆ්ගනිස්ථානයේ ලක්ෂ 11ක් සිවිල් ජනතාව මරා දමා අපේ රටේ අතීතයේ සිදුවූ මානව අයිතීන් කඩවීම් සෙවීමට එයි. එසේ එන අතරමග ද අර දෙරටේ මිනිසුන් මරා දමයි. පලස්තීන ජනතාව එලිමහන් සිරගෙයක ලා සිටින ඊශ්‍රායලයට ආශීර්වාද කරයි. මේ කවර නාටකයක් ද? ගණිකාවක් කාන්තාවකගේ පතිවත සෙවීමක් නොවෙද?

අප වරදක් නොකළා නම් පර්යේෂණවලට බිය ඇයිදැයි ඇතැම්හු අපෙන් අසති. එහෙත් වරදක් නොකළ අප පරික්ෂා කිරීමට වැරදි කළ සහ තවමත් කරන අයෙකුට ඇත්තේ කවර අයිතියක් දැයි ඔවුහු නො අසති. එම ඊනියා පර්යේෂණ කමිටුව පිළිගැනීම ම අප වරදක් කළා යැයි පිළිගැනීමක් බව නොසිතති. මේ යෝජනාව මීට පෙර එක්සත් ජාතීන්ගේ බහුතර ඡන්දයෙන් දෙවරක් පරාජය වූ යෝජනාවක් නොසිතති. මෙවන් කමිටු පත් කිරීමට බෑන් කි මූන්ට කිසිදු බලයක් නැති බවනොසිතති. මේ කමිටුවේ අනීවාර්ය උපදේශය ලංකාවේ මානව හිමිකම් උල්ලංඝණය වී ඇති හෙයින් වහාම පර්යේෂණ මණ්ඩලයක් පත් කරන්න යන නිර්දේශය බව මොවුන්ට නොපෙනේ.

කෙසේ වුව ද මෙදා ඊනියා කමිටුවට සුජාතභාවයක් දෙන්නට පෙළ ගැසී සිටින්නන් ද බොරු විරෝධතා පා ඊට ආශීර්වාද කරන්නන් ද යුද සමයේ ද ක්‍රියා කළේ මෙසේ ම බැව් කිව මනා නොවේ. එකල පවා විපක්ෂයේ සිටි සජිත් පේමදාස වැනි සැබෑ දේශප්‍රේමීහු අදත් රට වෙනුවෙන් පෙනී සිටිති. එදා යුද්ධය වෙනුවෙන් මුළු රටක් ජනතාවත් අවදි කළ විමල් වීරවංශ මෙදා රණවිරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන්, මව්බිමේ අභිමාණය වෙනුවෙන් මාරාන්තික උපවාසයකට පිවිස සිටියි. එවන් කොන්දක් ඇති එකෙකු හෝ මෙරට පාර්ලිමේන්තුවේ සිටීම ගැන අපි ආඩම්බර වන්නෙමු.

බටහිර ආක්‍රමණිකයා ඉදිරියේ දණ නොනැමූ අපේ මුතුන්මිත්තන්ගේ රුධිරයෙන් උපන් අපි, ලොව දරුණුම ත්‍රස්තවාදය ඉදිරියේ දණ නොගැසූ අපි, දැයේ අභිමාණය වෙනුවෙන් දිවිදුන් පුරන් අප්පු, මද්දුම බණ්ඩාර පරපුරෙන් පැවත එන අපි, හසලක වීර ගාමිණි වැනි වීරයින් විරුවන් උපන් බිමේ හුස්ම ගන්නා අපි, මේ ඊනියා ජාත්‍යන්තර කමිටුවලට ඉඩදිය යුතු නැත. ඊට විරුද්ධව පෙළ ගැසිය යුතු ය. අපට නිදහස දිනා දුන් අපේ රණවිරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙරමුණ ගත යුතුය. අපේ ජාතියේ අභිමාණයට නිගා නොකළ යුතු ය. පරයින්ගේ වහලුන් ලෙස නිවටව පරගැතිව සිය වසක් ජීවත් වනවාට වඩා අදීන මිනිසෙක් ලෙස මිය යාම අභිමාණයකි. එහෙයිනි මව් බිමේ අභිමාණය, ප්‍රෞඩත්වය වෙනුවෙන් පෙළ ගැසිය යුත්තේ.

අපේ රට තවත් ඉරාකයක් වන්නට ඉඩ දිය යුතු නැත. ඊළඟ සදාම් හුසේන් මෙරටින් බිහි වන්නට ඉඩ දිය යුතු නැත. අපි අද අභිමාණයෙන් ජීවත් වන්නේ එදා අපේ මුතුන් මිත්තන් දිවිපුදා මේ රට රැකගත් නිසා ය. මාතෘභූමියේ ආරක්ෂාව චිරස්ථිතිය වෙනුවෙන් සතුරා ඉල්ලා සිටින්නේ මහා රුධිර ගංගාවක් නම් අප ඒ සඳහා සුදානම් විය යුතු ය. මව්බිම වෙනුවෙන් දිවිදුන්නෝ කිසිදා නොමැරෙති. නිවටකම පරාධීනත්වය නම් මරණය මැයි.

24 comments:

ඇටමැස්සා said...

"අපේ රට තවත් ඉරාකයක් වන්නට ඉඩ දිය යුතු නැත. ඊළඟ සදාම් හුසේන් මෙරටින් බිහි වන්නට ඉඩ දිය යුතු නැත."

සදාම් ඈන ගත්තේ කොතනදැයි සිහිකොටගත යුතුය. ඒ තමන් නිවැරදි බව ඔප්පු නොකර (නිවැරදි වෙද්දීත්) චන්ඩි පාට් දැමීමයි. ඈමරිකාව කලේ රාජපක්ෂවරු පොන්සේකාට කල දෙයමය. අඬුව තියෙද්දී අතපුච්චා ගන්නෝ අලි මෝඩයෝය. නැතිනම් බොරුවට පිච්චෙනවා යැයි කියා කෑගසන රජ කපටින්ය.

"අපි අද අභිමාණයෙන් ජීවත් වන්නේ එදා අපේ මුතුන් මිත්තන් දිවිපුදා මේ රට රැකගත් නිසා ය. මාතෘභූමියේ ආරක්ෂාව චිරස්ථිතිය වෙනුවෙන් සතුරා ඉල්ලා සිටින්නේ මහා රුධිර ගංගාවක් නම් අප ඒ සඳහා සුදානම් විය යුතු ය. මව්බිම වෙනුවෙන් දිවිදුන්නෝ කිසිදා නොමැරෙති. නිවටකම පරාධීනත්වය නම් මරණය මැයි."
අම්මට හුඩු!!!! ඈඟේ මයිල් කෙලින් වෙනවා. ඔන්න මගෙනුත් විසිල් පාරක්.

විහඟ ගීතය said...

ඇරගෙන ඉලව් කොමිසම පිටවෙනු කියමූ
‍රැකගෙන අපිම, අපි කවුදැයි පහදදෙමු
නවතන අපේ මඟ,... කවුදයි හඳුනගමු
නොනිමෙන ගමනකට මුලු රට එකතුවෙමු.
http://wihagageethaya.blogspot.com/2010/07/blog-post_09.html

දේශපාලුවා said...

නියමයි, LTTE එක විනාශ වුනාට උන් පිටි පස්සේ හිටිය විජාතික බලවේග තවමත් ඉන්න බව හොදට පෙන්නලා දීල තියනවා.

මටත් අදහසක් එකතු කරන්න ඉඩ දෙන්න.

විමල් මේ වැඩේ පටන් ගන්නකොට, අපේ ටයි කෝට අදින තානාපති අශ වල කටිටිය (දයාන් ජයතිලකත් එක්ක) කිවෙවේ "විමල් ගම කනවා, පාරේ සටන් කරලා විදේශ රාජ්‍යතාන්ත්‍රික ප්‍රශන විසදන්න බැහැ" වගේ හැමදාම අහපු ගොං කතා.

නමුත් මේ පිංගුත්තරයෝ මේ බලු පැනල් එකේ නීති විරෝධී භාවය ගැනවත් ඒක පත් කරනන්, මූන් කාරයා බලය අයුතු ලෙස පාවිච්චි කරපු එක ගැනවත් වචනයක් කිව්වේ නැහැ. ඒ විතරක් නෙමෙයි සාකච්චාවෙන් මෙක විසද ගන්නේ කොහොමද කියලවත් මේ පිංගුත්තරයෝ කියන්නැහැ.

මුං මොන බයිලා කිව්වත්, විමල් තමගේ ක්‍රමයෙන් මූන් ගේ උද්ධච්ච, තක්කඩිකම ලෝකෙට හෙලි කරලා පෙන්නුවා.
විමල් ගේ උපවාසයට බය වෙචච බලු මූනා මාධ්‍ය සාකච්චාවක් පවත්වලා කිව්වා මේ උපවාසය නිසා කොළඹ UNDP එකෙ ලොක්කා ආපසු කැදවනවා කියලා. නමුත් ලකාවේ UN කාරයොයි UN New York ඔෆිස් එකේ අනිත් නරියි කියනවා කොලඹ ඔෆිස් එක වහන්න තීරයකලේ 2009, ඒ තීරනෙයි මේ උපවාසෙයි සමබන්ධයක් නැහැ කියලා.

අනික විමල් ගේ සත්‍යග්‍රහය තියෙනෙන බෞද්ධාලෝක මාවතේ UNDP ඔෆිස් එක තියෙන්නේ හැතැප්මක් විතර එහා නිදහස් මාවතේ එතන බල්ලෙක් වත් නැහැ.

බලූ මූනා ගේ මේ කතාවෙන් පේනවා අපේ ටයි කොට තානාපති මහත්තුරු මොනවා කිව්වත් බලු මූනා දෙලෝ රත්වෙලා දගන බව, ඒ විතරක් නෙමෙයි, එකේ පරිපාලනම්ය වැඩත් දේශපාලනී කරනය කරලා , ඒ ගැන අතේ පත්තු වෙන බොරු කියලා බලු මූනා හත්පොලේ ගාගත්තා.

බලු මූනාගේ මේ ගල් පැලෙන බොරු කිවිලෙන්ම පෙනවා, මූ ලකාවට මඩ ගන්න කාගේ හරි කොන්තරත්තුවක් කරන බව, ඒ එක්කම හොදින්ම පැහැදිලිවෙනවා මේ බලු පැනල් එක ලංකාව වැරදිකරු කරන්න පූර්ව නිගමනයකින පත්කරපු එක්ක බව.

විමල් උඹ දිනුම්, නැගිටපං

මේ බලු පැනල් එක වහා විසුරුවා, එජා සවිධානය බලගතු රටවලට වේස කමේ යවන බලු මූනාට වහා දෝශාභියෝගයක් ගෙනෙව්.

ඇටමැස්සා said...

@ දේශපාළුවා: අන්න උඹ කියපු එක අහලා නැගිටලා

නාමල් උඩලමත්ත said...

ඇටමැස්සෝ,
ඇමරිකන් කාරයාට සදාම් හුසේන්ට එහෙම කරන්න තියෙන අයිතිය මොකක් ද? ඒහෙම කරන්න ඌට බලයක් දුන්නේ කවුද? දැන් ලෝකය ම දන්නවා, ඇමරිකන් කාරයා කළේ බොරුවක් කියලා. අපි වැඩ කරන්නේ අන්න එහෙම තරන්න යන සුද්දාගේ ව්‍යාපෘතිය උපන්ගෙයි ම මරලා දාන්න. නිවට දීනයෙක් නොවී සිංහල අම්මා කෙනෙකුගේ කිරි බීලා, මේ රටේ දේවල් කාලා, මේ රටේ හුස්ම අරන් ජීවත් වෙන මිනිහෙක් විදිහට හිතන්න පුරුදු වෙයන්. උඹේ බිරිඳ කන්‍යාවක් කියලා කවුරු හරි රස්තියාදු කාරයෙක් කීවොත්, උඹ මොකද කරන්නේ? උඹ අර තිරිසනාගෙන් කරදරයක් වෙයි කියලා උඹේ බිරිඳ පරික්ෂා කරන්න ඌට දෙනව ද? ඌ මීට කලිනුත් දෙන්නෙක් මරලා තියෙනවා කියලා උඹේ බිරිඳ යවනව ද උගේ පරික්ෂණයට ලක්වෙලා,නක්‍යාවක් නෙමේ කියලා ඔප්පු කරන්න? මේ විදිහට ම උඹේ දියණියක් කන්‍යාවක් නෙමේ කියලා, කවුරු හරි කීවොත් උඹ ඌට දූ දෙනව ද පරික්ෂා කොරන්න.නැත්නම් පිරිමියෙක් වගේ ඌට විරුද්ධව නැගී සිටිනවා ද? මම හිතනවා උඹ මේ අතරින් දෙවන තීන්දුව තෝරගනියි කියලා.

තමන් උපන් රට තමන් ජීවත් වෙන රට තමන් පොළවට පස්වෙන රට ගැන තමන්ගේ මව, බිරිඳ, දියණිය වගේ අභිමාණයෙන් ආරක්ෂා කරන්න ඉගෙන ගනින්. රටට විරුද්ධව සතුරු බලමුළු කඳවුරු බදිද්දි, උන්ගේ කුලී හේවායෙක් නොවී රට වෙනුවෙන් සටනට යන්න හිතපන්. මේක උඹත්.උඹේ දරුවොත් ජීවත්වෙන්න ඕන රට. සතුරු හමුදාවට එක්වෙලා රට වෙනුවෙන් දිවි පුදන්න පපුව දෙන මිනිස්සුන්ට වෙඩි තියන්න එන්නේ උඹ බත් කන මිනිහෙක් ද? උඹ හිනාවෙන්නේ අපට නෙමේ, උඹ අම්මාගේ තනෙන් බීපු කිරිවලට කියලා මතක තියාගනින්.

ඔව්, අපි දන්නවා විමල් මැරෙනකන් පාටි දාන්න ද්‍රෝහියෝ ටිකක් බලා සිටි වග.ඒත් මේ රට ඒ තරම් අවසනාවන්ත නෑ. විමල් මේ අවස්ථාවේ මීට වඩා ඉවසිය යුතු ව තිබුණා කියලා මම හිතනවා. ඒත් එහෙම නොකළා කියලා අපට රටේ හතුරන්ට ආවඩන්න බෑ.අද මේ රටේ නිදහසේ හුස්ම ගන්න හැම මිනිහෙක් ම තමන්ගේ හදවතට තට්ටු කරලා ඇහුවට කමක් නෑ අපි විඳින නිදහස දිනාගන්න රට ම අවදි කළේ කවුද කියලා.

විහඟ ගීතය,
එක්සත් ජාතිකේ රඟනා මහ බක්කා
සුද්දා පුදා ගරු නම් ලද ඔලු බක්කා
කොටි රූකඩයක් වුණැයි අපි කරමුද මක්කා
මිතුරු දෙස් සමග යමු ගොන් රැළ දක්කා

දේශපාලුවා,
අපට un එක එක්ක අවුලක් නෑ. අවුල තියෙන්නේ බෑන් කී මූන්ගේ නීති විරෝධි කමිටුව සහ ඒකට පත් කළ කොටි තුන්දෙනා ගැන.මේක නරියාට කුකුල් කොටුව බාර දුන්නා වගේ වැඩක්. මේක පත් කරන්න යන්නේ අපේ රට වැරදිකාරයා කියන පූර්ව විනිශ්චය එක්ක. un එක මූන්ගේ හරි සුද්දාගේ හරි දෙපලක් නෙමේ. අද un එක සිය මූලික අභිමථාර්ථ අතහැරලා සුද්දාගේ රූකඩයක් වෙලා. මේක පිහිටවපු 1945 ඉඳලා ලොකේ මටගත් කිසිම අර්බූධයක් සමථයකට ගේන්න un එකට බැරිවෙලා තියෙන පසුබිමක, ලොව රටවල් නැවත මේ ගැන කථිකාවතක් ඇති කළ යුතු තාලය මේ. එදා එක්සත් ජාතීන්ගේ සංගමය බිහි වුණේ එතෙක් පැවති ජාතීන්ගේ සංගමය අසාර්ථක වුණු නිසා.

Variable "X" said...

me naamal birida kanyawak kiyala sureda?sudu kodi nam aran awa kiyala agamethithumath kiyala thibba giya sumane ravayata.divaina vitarak hinda kiyawanne aha gatenna nethiwa athi mage hithe

දේශපාලුවා said...

Blogger ඇටමැස්සා said...


සදාම් ඈන ගත්තේ කොතනදැයි සිහිකොටගත යුතුය. ඒ තමන් නිවැරදි බව ඔප්පු නොකර (නිවැරදි වෙද්දීත්) චන්ඩි පාට් දැමීමයි.

------------------------
ඇට මැස්සා මේ ගැන උඹට කිසිම දැනුම්ක් නැති බවයි පෙනෙන්නේ. කැමතිද මේ ගැන දිගට වාද කරන්න?

පුලුවන්නම් කියපන්, බුෂ් , ඉරාකය ආක්‍රමනය නොකර ඉන්න, හුසේන්ට දාපු කොන්දේසිය මොකක්ද කියලා?

ඇටමැස්සා said...

@ නාමල්: ඔය කන්‍යා කථාවටනම් මට දෙන්න තියෙන්නෙ ඔයා බලාපොරොත්තු නොවෙන උත්තරයක්. ඇත්තමයි මං කටවහන් යනවා. ඒ මට මගේ උන්ව විශ්වාස නිසාත්, අරූ එක්ක පැටලීමෙන් වෙන්නෙ උගේ කථාවට තටු ලැබීමක් නිසාත්.

UN එක කරන්න යන වැඩේ මගේ හැටියට නම් පාරෙ ගණිකාවක් විසින් වැදගතෙකුට කරන අපහාසයක් වගේ. මහපාරෙදි උන්ට සංගෙයක් නෑ නාමල්, හරියට විමල්ලට කොහෙදිත් නැති එක වගේමයි. ඉතින් පාරෙදි උන් එක්ක පැටලෙනව කියන්නෙ ඉල්ලන් කෑමක්.

ඒකයි මං කියන්නෙ, "අඬුව තියෙද්දී අතපුච්චා ගන්නෝ අලි මෝඩයෝය. නැතිනම් බොරුවට පිච්චෙනවා යැයි කියා කෑගසන රජ කපටින්ය" කියල.

තව එකක්, ඔයා ඈතුළු පිරිසගේ අදහස් දැනගන්න මං පෝස්ට් එකක් දැම්ම. ඈත්තටම කිංඩියකට නෙවෙයි, මේ සිස්ටම් එකේ මට නොතේරෙන සයන්ස් එක මොකක්ද කියල ඔයාලගෙන්වත් හොයාගන්න.

ඇටමැස්සා said...

@දේශපාළුවා: මං හරියටම දන්නේ නැහැ. අර තෙල් බට කේස් එකද?

ඈත්තටම අපි කථාකරමු. ගසා පොරක්වීමට නොව සහෘද සංවාදයක ආශ්වාදය විඳීමට කථා කරමු. තැන ඔබේ අඩවිය නම් ඔබ අරඹන්න. නැතිනම් මාගේ මීලඟ සටහනෙන් පටන් ගනිමු.

නාමල් උඩලමත්ත said...

Ninada Hiranya,
මම උත්සාහ කළේ අදාළ කාරණය නිදසුනකින් පහදන්න. එහෙම නැතුව කාගෙවත් බිරිඳකගේ කන්‍යාභාවය පරික්ෂා කරන්න නෙමේ. හැබැයි තමන්ට නෂ්ට කාමය නම්, විරුද්ධ ලිංගිකයින් කෙරෙහි ඇල්මක් නැත්නම් තමන්ගේ බිරිඳ වෛද්‍යවරයෙක් වෙත යොමු කරන්න කාගේ තහනමක් ද?

ඔය සුදු කොඩි කතාව මුලින් ම කරළියට ගෙනාවේ අම්බලන්ගොඩ ෆොන්සේකා. මම කියන්නේ හමුදාපති ෆොන්සේකා මරාගෙන ඉපදුනු ද්‍රෝහි ෆොන්සේකා ගැන. මේ ව‍ගේ ජාත්‍යන්තර බලපෑම්වලට මුල් වුණා ඒ ද්‍රෝහි කතාව. අද බොරුවට කියනවා හමුදාව යුද අපරාධ කළේ නෑ කියලා අම්බල්න්ගොඩ ෆොන්සේකා. ඒ වුණාට ලෝකය පිළිගන්නේ අම්බලන්ගොඩ ෆොන්සේකාගේ මුල් කතාව.

ඉතින් යම් අවාසනාකට යුද අපරාධ ප්‍රශ්නය ඉහළට ආවොත් අම්බලන්ගොඩ ෆොන්සේකාට පුළුවන් ඇමරිකාව පැත්තට සාක්ෂි දීලා අභය දානය ඉල්ල ගන්න. හමුදාපතිකමේ ඉද්දිත් පතමු ග්‍රීන් කාඩ් එකත් ලැබෙයි. යුද්ධේ අන්තිම දවස් වෙද්දි
අම්බලන්ගොඩ ෆොන්සේකා, ධනූන තිලකරත්න බෑනත් එක්ක චීනෙට ගිහින් චීන මහා ප්‍රාකාරේ බලන්න. ඒකට සල්ලි දුන්නේ ධනූන ආයුධ ගත්තු කොම්පැනිය. ඉතින් යුද්ධේ ඉවර වෙද්දි අම්බලන්ගොඩ ෆොන්සේකා රටේ නොහිටි බව වහගන්නයි ඔය ද්‍රෝහී කතාව කීවේ.

දීමු. සුදු කොඩි ගැන කතා කරන්න එයා ඒ දවස්වල වන්නි මෙහෙයුමේ ද හිටියේ? මොන සේනාංකය ද භාරව හිටියේ එයා? දකුණට වෙලා වාහන 10-15 දෙපැත්තෙන් තියා ගෙන හැංගිලා පණ බයේ හිටි අය කොහොම ද යුද්ධය ගැන දන්නේ? එයා එහෙම ප්‍රකාශයක් කළා නම් එයාත් ද්‍රෝහියෙක්.

ඔව් මම දිවයින විතරයි බලන්නේ, ලොකේ තියෙන ඔක්කොම පත්තර බලන ඔයා වගේ උගත් මහත්මයෙක් වෙන්න මට බැරි වීම ගැන කනගාටුයි.

ඇටමැස්සා,
ඔව් ඌ එහෙම අහලා නිකා ඉන්නවා නම් කටවහන් යන එක තමා මාත් කරන්නේ? හැබැයි ඒ මගේ බිරිඳ විශ්වාස නිසා නෙමේ, මට මං ගැන විශ්වාස නිසා. ඒත් ඌ කියනවා නම් 'උඹේ ගෑණි කන්‍යාවක්, එහෙම නෙමේ කියලා මට ඔප්පු කරගන්න ඉඩදීපන්, නැත්නම් උඹට දඬුවම් කරනවා' කියලා. එතකොට ඔයාට පාරේ අයිනෙන් ගිහින් මාරුවෙන්න බෑ. අන්න ඒ වගේ මූන්ගේ කමිටුව ළඟ අපි නිහඩවෙලා ඉඳලා ඔලුව බේරගන්න බෑ. මූන් එන්නේ වෙන වැඩකට. ගොනා හැරෙන්නේ පොල් පැලේට. ඒ නිසායි අපි ඊට එරෙහි විය යුත්තේ. මම එදාත් කීවේ, අදත් කියන්නේ විමල් ඉක්මන් වුණා වැඩියි.

'UN එක කරන්න යන වැඩේ මගේ හැටියට නම් පාරෙ ගණිකාවක් විසින් වැදගතෙකුට කරන අපහාසයක් වගේ. මහපාරෙදි උන්ට සංගෙයක් නෑ නාමල්,'
කියන කොටහට මම එකඟයි. ඒත් විමල් ගැන ඔයා කියන දේට නම් එකඟ නෑ. මොකද මම විමල් දිහා හුඟක් කල් ඉඳලා බලා ඉන්නේ. විමල් එදා ඉඳලා රට වෙනුවෙන් පෙනී හිටියා. දේශහිතෛෂි ජාතික ව්‍යාපාරය, මානෙල් මල් ව්‍යාපාරය, ජනතා විමුක්ති පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ කියන හැමතැනම විමල් පෙනී හිටියේ රට වෙනුවෙන්. බොරුවට ජාතික ඇඳුමට බැහැලා ඉන්න හොරු නිසා විමලුත් එහෙමයි කියලා කාටහරි සැක කරන්න පුළුවන්. කොහොම වුණත්, විමල් හුස්ම ගන්නේ එයා වෙනුවෙන් විතරක් නෙමේ කියලා අද ඔප්පු වෙලා ඉවරයි.
අද රටට ඕන රට වෙනුවෙන් වැඩ කරන විමල් ලා 10-12ක් මිසක් ඇමරිකන් පිටි ඉල්ලලා කෑ ගහන පාන් බකුස්සෝ නෙමේ. ගොන් කිරි ඉල්ලලා උද්ඝෝෂණ කරන නාම්බොත් නෙමෙයි.

මම මේ ටික කීවේ ඔයාට ඇනුම් පදයක් විදිහට නෙමේ. මම කැමතියි හැමදාම ඇවිත් අපි එක්ක සංවාද කරනවා නම්.

දේශපාලුවා,
අපි මේ සටන ගෙනි යන්නේ ලාභෙට පාන් කන්න නෙමේ. ලාභෙට ගොන් කිරි බොන්නත් නෙමේ. රටේ සුරක්ෂිතභාවය, සංවර්ධනය සඳහා මැයි. මේ සටන අතරමැද අපිට සමහරු හිනාවෙයි. වහිළු කරයි. කකුලෙන් අදියි. ගල් පෙරලයි. ඒත් ජය කනුව ලඟ දී අපි මල් මාලා දාලා පිළිගන්න මුලින් ඉන්නෙත් මේ අයමයි. සැබෑ දේශප්‍රේමියා රටෙන් කිසිදෙයක් තමා වෙත නොපතා රටට ආදරය කරන්නෙක්. උඹට සුබපැතුම්!

දේශපාලුවා said...

Blogger ඇටමැස්සා said...

@දේශපාළුවා: මං හරියටම දන්නේ නැහැ. අර තෙල් බට කේස් එකද?

ඈත්තටම අපි කථාකරමු. ගසා පොරක්වීමට නොව සහෘද සංවාදයක ආශ්වාදය විඳීමට කථා කරමු. තැන ඔබේ අඩවිය නම් ඔබ අරඹන්න. නැතිනම් මාගේ මීලඟ සටහනෙන් පටන් ගනිමු.

------------------------
ඇට මැස්සා මේක හොද අවස්ථාව ඔය සවාදයට, ඇමරිකාවට අවශ්‍ය මොකක්ද, ඇමරිකාව වැඩකරන්නේ කොහොමද කියලා කීප දෙනෙක් හරි දැනුවත් කරන්න මේක හොද අවස්ථාව. උඹේ බ්ලොග එකේ කරමු, මගේ එක, නියම බ්ලොග් එකක් නෙමේ, වැදගත් ලිපි පහසුවෙන් මතක්කර ගන්න සේව්කරන තැනක්, ඉදලා හිටලා මමත් මොනවා හරි ලියනවා තමයි, නමුත් උඹේ බ්ලොග් එකට ඊට වඩා ගොඩක් ටැෆික් තියෙන පාටයි. එතන හොද තැන, දවස් කීපයක් දීපන්, කරුනු ටික එකලස් කරගන්න.

දේශපාලුවා said...

නාමල්, අපි මේ දවස්වල බක මූනාට වැඩක් දෙන්න, ප්ලෑන් කරවා. පුලු පුලුවන් වෙලාවට ඇවිත් ඇවිත් අපේ ෆෝරම් එකේ සාකච්චාවට සහභාගී වෙනවානම් ලොකු හයියක්.

නාමල් උඩලමත්ත said...

දේශපාලුවෝ,
බකමූණාට විරුද්ධව අපි සියලු පෙරමුණුවල සටන් කළ යුතුයි. මම එන්නම් ඒ පැත්තටත්.

ඇටමැස්සා said...

@ නාමල්: "ඒත් විමල් ගැන ඔයා කියන දේට නම් එකඟ නෑ. මොකද මම විමල් දිහා හුඟක් කල් ඉඳලා බලා ඉන්නේ. විමල් එදා ඉඳලා රට වෙනුවෙන් පෙනී හිටියා. දේශහිතෛෂි ජාතික ව්‍යාපාරය, මානෙල් මල් ව්‍යාපාරය, ජනතා විමුක්ති පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ කියන හැමතැනම විමල් පෙනී හිටියේ රට වෙනුවෙන්." කියල ඔයා කියනවා.

මෙන්න මේක බලන්න නාමල්, මේක සාධාරණීකරනය කරන්න මොකෙකුට හරි පුළුවන්නම් එයා අන්තිම කුහකයෙක්. මේක සාධාරණ නැතිනම් විමල් තුප්පහියෙක්.
http://skydreams2010.blogspot.com/2010/07/blog-post_12.html

ඇටමැස්සා said...

@ දේශපාළුවා: මටත් තව සටහන් දෙකක කාලය දෙන්න. අපි ලියමු.

නාමල් උඩලමත්ත said...

මෙ වීඩියෝ එක විකාශනය වු‍ණේ කොහෙද? මේ සිද්ධියේ මුල් කොටස වීඩියෝවෙන් ඉවත් වුණේ අහම්බයකින් ද? පියසිරි විජේනායක ඇතුලු උපවාසයේ යෙදී සිටි පිරිසට පොලිසිය කළ පහරදීම සාධාරණ ද? මේ මිනිස්සු තුංමුල්ලට ආවේ පාන් මිල බස්සන්න නෙමේ, ගෑස් මිලට විරුද්ධව උද්ඝෝෂණය කරන්න නෙමේ.
අද රට ම භුක්ති විඳින නිදහසේ පියවරු ජාත්‍යන්තර ගහලයින්ගෙන් ගලවා ගන්න. ඒ වීරයින් වෙනුවෙන් ජන මතයක් ගොඩනගන්න. තමන් අකමැති දේකට විරෝධය පාන්න ජනතාවට අයිතියක් තියෙනවා. එහෙම අයිතියක් මිනිසුන්ට තියෙන්න ඕන කියලා බෑන් කි මූන් පවා කියනවා. හැබැයි ඒවා එයාලට විරුද්ධව බෑ කියලයි පේන්නේ.

මිනිස්සු G 8 සමුළුවට විරුද්ධව වගේ වාහන, දේපළ ගිනි තිබ්බ ද? එහෙම සාධාරණ විරෝධතාවකට පොලිසියට පුළුවන් ද ගහන්න? එදා අඟුලානේ පොලිසිය තරුණයින් දෙන්නෙක් මරපු වෙලාවේ ජනතාව ප්‍රකෝප වෙලා පොලිසියට ගැහුවා. කවුරු හරි තර්ක කරයි එහෙම ගහපු එක වැරදියි කියලා, ඒත් ගැහුවේ ඇයි කියලා අපි හිතන්න ඕන. මෙතනත් ඒ ටිකමයි වුණේ.

පොලිසිය තමා මුල් වැරදිකාරයෝ, හැබැයි පොලිසියට පෙරළා පහර දීමත් වැරදයි. පොලිසිය පහර දීමත් වැරදියි. හැබැයි අද ඔබ සහ ඔබේ මතධාරීන් පොලිසිය ගැන කිඹුල් කඳුලු හෙලන්නේ ඌරගේ මාළු ඌරාගේ අ‍ඟේ තබා කැපීමට මිස, ඔවුන්ට ඇති ආදරයකට නෙමේ කියන එක තේරුම්ගන්න මහ ලොකු දැනුමක් ඕන නෑනේ. නැගෙනහිර නීතිය සාමය රකින්න ගිය පොලිසියේ 600ක් කොටි විසින් එක පෙළට තියලා වෙඩි තබා මරද්දි මේ අය කොහෙද හිටියේ? කවුද එදා පොලිසිය වෙනුවෙන් කතා කළේ? කවුද එදා කීවේ නීතිය රකින්න ගිය පොලිසිය මැරූ කොටි වනසන්න ඕන කියලා. එදා කොටින්ගේ මුරදේවතාවෝ අද එනවා පොලිසිය ආරක්ෂා කරන්න. ඒත් මේ පොලිසියේ කෙනෙක් වැරදීමකින් දෙමළ කෙනෙක්ගේ ඇඟේ හැපුණා නම් මුන් මොකාට ද එන්නේ කියලත් අපි දන්නවා.

මේ වගේ නිව්ස් ඔයාලා වගේ අයගේ පේක්ෂක මනදොල සපුරන්න හදපුවා මිස, යථාර්ථය නෙමේ.

දැන් ඔයාට තියෙන්නේ නිකන් කෑ නොගහ අර දේශපාලුවා ගේ අභියෝගය භාර අරගෙන, ලිපියක් ලියලා වැඩේට මුල පුරන්න.

ඇටමැස්සා said...

අපිට කුහකයි කියන ඔයා මොන තරම් කුහකද නාමල්.
මට පොලිසිය පව් කියන්න ඕන කමින් මේ වීඩියෝ එක දැම්මෙ නැහැ. ( කොහොමත් මේ සිස්ටම් එක ඈතුලෙ රාජ්‍යය රකින යාන්ත්‍රණ ගැන පව් කියනවා ඈරෙන්න වෙන කරන්න දෙයක් නැහැ).

මෙතන වෙන්නෙත් බෑං කී මූන් කරන ජාතියෙම වරත්තු වැඩක්. බලය තියෙන එකා තමන්ගෙ වාසිය සඳහා නීතිය අතට ගන්නවා. ඒක නොපෙනෙන එකා පට්ට කුහකයි නාමල්.

මං වෙන කිසිදෙයක් ගැන කථා කරන්නෙ නැත්තෙ ඔයා මේ මූලික කාරණය අමතක කරල ඒවගෙ එල්ලෙයි කියන බයට.

මං ආපහු කියනවා මේ වීඩියෝවෙන් පෙනෙන්නෙ මේ රටේ නීතිය විහිළුවට ගැනීමක්. ඒක මොකා කලත් එකයි.

දේශපාලුවා said...

Blogger ඇටමැස්සා said...

අපිට කුහකයි කියන ඔයා මොන තරම් කුහකද නාමල්.
---------------------

අපි මුලින්ම කිව්වා උද්ඝෝෂකයන් හැසිරුන හැටි වැරදිබව.

ඒත් උන්ට උද්ඝෝෂනයට අයිතියක් නැද්ද? උන් මෙතන් පොදු දේපල වලට හරි, කාරයන්ගේ තඩ් කාර්වලට හරි අතවත් තිබ්බද? එහෙම සාමකාමී උද්ඝෝෂනයක් විසුරුවන එකද උඹ දන්න නීතිය?

මට තියෙන ප්‍රශ්නේ මේ නිසා විමල්ව කුරුසයේ ඇන ගහන්න තැත් කරන උදවිය, මහ ලේකම් මූන්ගේ, නීතිවිරෝධී වැඩ, අමූලික මුසාවාද ගැන, පරස්පර විරෝධී කතා ගැන වචනයක් නොකියපු එකයි. කවුද මෙතන කුහක?

දේශපාලුවා said...

නාමල් උඹ මේක දැක්කද?

http://www.dailymirror.lk/print/index.php/news/news/15168.html

ජවිපෙ පත්තර කාරයා වෙනුවෙන් පෙනී සිටින්නේ අර NGO බලු රජා ජෙ. සී වැලිඅමුන. ජවිපේ දැන් එලිපිටම අර මූලය රහසිගත, ව්දේශ NGO ඩොලර් වලින් යැපෙන සංවිධානයක් බවට පත්වෙලා. උඹ මොකක්ද හිතන්නේ මේ ගැන?
නරකද බ්ලොග් සටහනක් දැම්මොත්?

ඇටමැස්සා said...

@ දේශපාලුවා හා නාමල්:
"එහෙම සාමකාමී උද්ඝෝෂනයක් විසුරුවන එකද උඹ දන්න නීතිය?"
ඔය නීතිය ඈයි වෙන අයට වෙනස් විදිහකට ක්‍රියාත්මක වෙන්නෙ?
අනිත් දේ මං අහන්නෙ දේශපාලකයන් මේ විදිහට හැසිරුණාම නීතියට යන තැන මොකක්ද?
මං ආපහු කියනවා, "මෙතන වෙන්නෙත් බෑං කී මූන් කරන ජාතියෙම වරත්තු වැඩක්. බලය තියෙන එකා තමන්ගෙ වාසිය සඳහා නීතිය අතට ගන්නවා. ඒක නොපෙනෙන එකා පට්ට කුහකයි".

මූන් හරිය කියල මං කිසිම තැනක කිව්වෙ නැහැ. හැබැයි ඒ පිට දාල අපිව අන්දන එක ගැනයි මං කථා කලේ.

දේශපාලුවා said...

Blogger ඇටමැස්සා said...

@ දේශපාලුවා හා නාමල්:
"එහෙම සාමකාමී උද්ඝෝෂනයක් විසුරුවන එකද උඹ දන්න නීතිය?"
ඔය නීතිය ඈයි වෙන අයට වෙනස් විදිහකට ක්‍රියාත්මක වෙන්නෙ?
අනිත් දේ මං අහන්නෙ දේශපාලකයන් මේ විදිහට හැසිරුණාම නීතියට යන තැන මොකක්ද?
මං ආපහු කියනවා, "මෙතන වෙන්නෙත් බෑං කී මූන් කරන ජාතියෙම වරත්තු වැඩක්. බලය තියෙන එකා තමන්ගෙ වාසිය සඳහා නීතිය අතට ගන්නවා. ඒක නොපෙනෙන එකා පට්ට කුහකයි".

මූන් හරිය කියල මං කිසිම තැනක කිව්වෙ නැහැ. හැබැයි ඒ පිට දාල අපිව අන්දන එක ගැනයි මං කථා කලේ.

------------------------

අනේ මච උඹ ඇයි මේ අපිට බබා හුකුං දාන්නේ, අපි කෑවෙත් උඹ කාපු හෝටලෙන් තමයි.
මෙතන තියෙන්නේ දේශපාලන ප්‍රශ්නයක්. අපිට අවශ්‍ය මේ අවස්ථාවේදී රටට සිදුවෙලා තියෙන අසාධාරනයට විරුද්ධව නැගීසිටින්න, ලෝකයා දැනුවත් කරන්න. උඹටයි, ජවිපෙ, යූඑන්පී, ෆොන්සේකා කට්ටිය හදන්නේ මෙකේ වැරැද්ද ආන්ඩුව පිට දාලා දේශපාලන වාසියක් ගන්න.
සහතික ඇත්ත උඹ බන් කි මූන් හරියි කියලා කිව්වේ නැහැ තමයි, ඒ වගේම උඹලා ඌ වැරදියි කියලා කටෙන් කෙල පිඩක් හැලුවේ නැහැ.

උඹලාට විමල් කරපු දේ ආනන්තරීය පාපකර්මයක් , බන් කි මූන් විවෙචනය නොකලයුතු සත්ගුනවත් මහත්මයෙක්, උඹලාගේ දේශපාලන වාසිය සදහා.

කවුද මෙතන කුහක? බබා හුකුං එපා බ

ඇටමැස්සා said...

@ දේශපාලුවා: ජේ ආර් පොලීසියට නිවාඩු දුන්නෙත් දේශපාලන ප්‍රශ්නයක් නිසා. අද මූන් කරන්නෙත් දේශපාලන ක්‍රියාවලියක්.
හැමදේම දේශපාලනිකයි. ​
හැබැයි දේශපාලනිකයි කියල නීතිය බලයට යටකරනවනම් ඒක වැරදියි. එහෙම කරන එක හරියි කියනව නම් ඒක කුහක කමක්.
මං මූන්ට විරුද්ධව සටහනක් දැම්මෙ නැත්තෙ මං සිංහලෙන් ලිව්ව කියල ඒක මූන්ට දැනෙන්නෙ නැති නිසා.
හැබැයි ලේ ගංගාවලින් උත්තර දෙන්න ඔය ගොල්ලො කථා කරන කොට ඒක මීහරක් වැඩක් විනාශයක් අවස්ථාවාදීකමක් කියල කියන්නෙ ඒකෙන් බූන් කරනවට වඩා විනාශයක් වෙන නිසා.
කොහොමත් ඔයාලගෙ අවංකකමත් නිර්දේශපාලනික දේශපාලනයත් එක්ක මේ සංවාදෙ මෙතනින් එහාට ගෙනයන එකේ තේරුමක් නැහැ ( ඔබ ඔබේ පැලේ මම මගේ පැලේ සීන් එකකින් තේරුමක් නෑනෙ ). ඒ නිසා නවතින්නම්.
එතකල් මෙන්න මෙතනට ගිහිල්ලා විරෝධය දක්වන්න.
Face book (search) We're against UN Panel for Sri Lanka

නාමල් උඩලමත්ත said...

ඇටමැස්සා,
ඔයාට මේ සටහන පුරා කරන්න උවමනා වුණේ, විමල් වැරදියි කියලා පෙන්නන්න. එහෙම නැත්නම් රට තුළින් බෑන් කි මූන්ගේ ක්‍රියාවට එරෙහිව නැගෙන විරෝධතාව නිශ්ඵල දෙයක් කියලා පෙන්නන්න. ඔයා හැම වෙලාවේ ම කතා කළේ හේතුව ගැන නෙමේ ඵලය ගැන. අපේ අදහස්වලට උත්තර නොසපයා කණා ගල් ගැහුවා වගේ හතර අතේ ගල් ගැහුවා විතරයි ඔයා. අවසානයේ ඔයා බෑන් කි මූන්ගේ හොරණෑවක් වුණා විතරයි.

ඕනෑ ම ක්‍රියාවකට ඊට සමාන වූ ද ඊට ප්‍රතිවිරුද්ධ වූ ද ක්‍රියාවක් ඇත කියා නිව්ටන් කියනවා. අන්න එක් විතරයි මෙතනදී වුණේ. පොලිසිය විරෝධතාකරුවන්ට ගැහුවා. උන් පෙරළා පොලිසියට ගැහුවා. ( ඔයා පල කළ වීඩියෝ එකේ කපා ඉවත් කළ කොටස ගැන ඔයා නොදන්නවා වෙන්නත් ඇති. ඒ විඩියෝ එකත් ඔයාලගේ ව්‍යාපෘතිය සාධාරණීකරණය කරන්න හදපු එකක්)හැබැයි මේ දෙක ම වැරදයි. අපි මේ දෙක ම වැරදියි කියද්දි ඔයා පොලිසිය ගැන කිඹුල් කඳුලු හලන්නේ, පොලිසියට ඇති ආදරයකට නෙමේ. විමල්ලට ගහන්න. අපිට එහෙම කරන්න ඕන නෑ. අන්න එතනදි තමා නියම කුහකයා එළියට පනින්නේ. ඔයා ලංකා ඉතිහාසයේ පොලිසිය පැත්ත අර ගත්තු වෙන අවස්ථාවක් ඇත්නම් මට පෙන්නලා දෙනවද? නිකං සාන්තුරයෙක් වෙන්න එන්න එපා. රට විශාල අභියෝගයකට මුහුණ දීපු වෙලාවක ජනතාව පොලිසිය එක්ක හැප්පීම ඉස්මතු කරලා අර ප්‍රශ්නය යටගහන්න තමා ඔයාගේ මේ දුෂ්ට කුහක උත්සාහය. මම නැවත කියනවා පුළුවන් නම් ඔයා ඉතිහාසයේ රටේ ආරක්ෂක හමුදාව හෝ පොලිසිය පැත්ත ගත්තු වෙන අවස්ථාවක් කියන්න. ඔයාගේ දේශද්‍රෝහී නිරුවත වහන්න ඔය සීතාම්බර සළුවලට බැරි බව මතක තියා ගන්න.

අපේ හමුදාව, රටේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුව මෙහෙය වන හමුදාව මහ කොටි රැළ විනාශ තරද්දි නෝර්වේ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට උපවාස, උද්ඝෝෂණ කරන්න ලොව අංක එකේ ත්‍රස්ත සංවිධානය කියලා ඇමරිකාව නම් කළ කොටි රංචුවේ බත් බැලයන්ට පුළුවන් නම්, අපේ රටේ මිනිස්සුන්ට ඒ අයිතිය නැත්තේ ඇය?

අපේ රට විවිධ කාලවල විවිධ ආක්‍රමණවලට ගොදුරු වුණා. හැබැයි ඒ සියල්ල අපි ජයගත්තා. ඒවා කිසිවක් නිකං පිනට ලැබුණු දේවල් නෙමේ. අපේ මුතුන් මිත්තන්ගේ ලේ, කඳුලු, දහදිය ගංගා මැදින් තමා අපි ඒ ආක්‍රමණ ජයගත්තේ. මෑත කාලයේ කොටි විනාශ කළෙත් තවලං ගිහිල්ල නෙමේ. සාම භාවනා කරලා නෙමේ. ඒ නිසා රටට යම් අනතරුන් වෙනවා නම් ඊට එරෙහිව දිවි නොතකා සටන් කළ යුතුයි. මේ සියලු සටන් එදා අවමානයට ලක් කළ දොන් ජුවාන්ලා හිටියා. අදත් ඉන්නවා. හෙටත් ඉඳිවී. ඒත් මේ රටේ ඉතිහාසය තීරණය කළේ, අනාගතය තීරණය කරන්නේ, ඒ නිවට දීන පරයෝ නෙමේ. කුහක ද්‍රෝහී බත්බැලයෝ නෙමේ. මේ රටට තමන්ගේ අම්මාට වගේ ආදරය කරන දේශප්‍රේමි පරම්පරාව. අන්න එක් හොඳට මතක තියාගන්න.

මේ රටේ පොලිසිය ගැන මට ලොකු පැහැදීමත් නැහැ. මේ පද්ධති නැවත සකස් කළ යුතුයි. නීතිය ක්‍රියාත්මක වන තැන් වල්වැදුණම නීතිය ජනතාව අතට ගන්නවා. ඒක වළක්වන්න නම් නීතිය ක්‍රියාත්මක වන පද්ධතිය හොඳින් සැකසිය යුතුයි. නීතිය ජනතාව අතට ගැනීම භයානකයි. ඒ ටික තේරුම්ගන්න බැරි අමනයොත් අපි අඅතර ඉන්නවා.

ඔයාගේ නොදන්නකම විතරයි මේ සංවාදය පුරා ඔයා ප්‍රකාශ කළේ. අනෙක ඔයාට ඕන වුණා අර දේශපාලුවා කරපු අභියෝගයෙන් පැනලා යන්න විදිහක් හදාගන්න. දැන් ඔයා එතනට පාර හදාගෙන මාරුවෙන්න යන්නේ. මං කියන්නේ අවංකව ම ඒ සංවාදය ගොඩනගන්න කියලා.

දේශපාලුවා,
ජවිපෙට ඔය වින්නහිය වෙන බව අපිට තේරුණා. දැන් වික්‍රමබාහු සහ ජවිපෙ අතර වෙනසක් නැහැ. එකම වෙනස වික්‍රමබාහු කෙළින් ම කොටියාට කඩේ යනවා. ජවිපෙ හොරා කඩේ යනවා. උන් හිතා ඉන්නේ තාම කවුරත් දන් නෑ කියලා. මම ජවිපෙ ගැන ලිපියක් ලියනවා ලඟදීම.

නාමල් උඩලමත්ත said...

ඇටමැස්සා,
මට කියන්න අමතක වුණා, අන්න මට්ටකුලියේ ජනතාවගේ නිවාසවලට පොලිසිය නීතිය සාධාරණ විදිහට ක්‍රියාත්මක කරලා. හුඟක් නිවාස, දේපළ, රථ වාහන මේ සාධාරණ නීතියට යටවෙලා. මේ ගැන පැමිණිලි පොලිස් මූලස්ථානයවත් භාර අරන් නෑ. ඊයේ අධිකරණය කොළඹ අපරාධ කොට්ඨාශයට නියෝග කළා මේ ගැන වහාම පරීක්ෂණ කරන්න කියලා. බලන්නකෝ මේ අධිකරණය පවා පොලිසයට නීතිය හරියට ඉටු කරන්න නොදෙන හැටි.

"මෙතන වෙන්නෙත් බෑං කී මූන් කරන ජාතියෙම වරත්තු වැඩක්. බලය තියෙන එකා තමන්ගෙ වාසිය සඳහා නීතිය අතට ගන්නවා. ඒක නොපෙනෙන එකා පට්ට කුහකයි නාමල්."

බලන්න මේ වගේ කුහකකම්. පොලිසියට නීතිය ක්‍රියාත්මක කරන්න දෙන්නේ නැති බෑං කී මූන් කරන ජාතියෙම වරත්තු වැඩක් නේද මේ අධිකරණය කරලා තියෙන්නේ ඇටමැස්සෝ?

 
සිය රට දේ සිරි සැප දේ !