Tuesday, July 6, 2010

ඊ නිව්ස් කර්තෘගේ 7 දැනුම

ලංකා ඉ නිව්ස් යනු ඊළාම්වාදී වෙබ් අඩවියකි. මේ ඊළාම්වාදීන්ගේ රාජ්‍ය විරෝධය ආණ්ඩු විරෝධයක් ලෙස අවබෝධ කරගත් පක්ෂ විපක්ෂ දේශපාලන ජාත්‍යන්ධයෝ සිටිති. මොවුන් ඊට විරුද්ධ වන්නේ තම ආණ්ඩුවට එරෙහි වුවා යැයි සිතා ගෙන වන අතර පක්ෂ වන්නේ ආණ්ඩුවට විරුද්ධ වුවා යැයි සිතා ගෙන ය. එහි කතුවරයා යැයි කියන සඳරුවන් සේනාධීර නමැත්තා දැනට රටින් පළා ගොස් ඊළම වෙනුවෙන් තවමත් ලියන්නෙකි.

ලංකාවට එරෙහිව ගෙන ආ යෝජනා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ද, ආරක්ෂක මණ්ඩලයේ ද පරාජයට පත්වීම නිසා කෝපයට පත්ව සිටි මොහු බෑන් කී මූන්ගේ කමිටුව ගැන සියලු ඊළාම්වාදීන් මෙන් ම මහත් සතුටට පත්ව සිටින්නෙකි. ලංකා රජය සහ බහුතර ජනතාව ද නොබැදි ජාතීන් ද චීතය, රුසියාව සහ ඉන්දියාව ද සිය විරෝධය ප්‍රකාශ කොට ඇති මේ ඊනියා කමිටුවට සුජාතභාවයක් දීමට මේ ඊළාම්වාදියා ලිපියක් ලියා තිබේ.

එහි සඳහන් වන පරිදි ඔහුට එක්සත් ජාතීන්ගේ සංවිධානය ගැන උගන්වා ඇත්තේ පාසැලේ 7 වන ශ්‍රේණියේ දී බව ය. එහිදී ඔහුට උගන්වා ඇත්තේ අද මේ විරෝධතාකරුවන් පවසන ආකාරයේ සංවිධානයක් ගැන නොවේ. එහෙයින් මේ විරෝධතාකරුවන් කියන දෑ බොරු ය. ඇත්ත නම් සඳරුවන් සේනාධීරට පාසැලේ 7 වන ශ්‍රේණියේ උගැන්වූ දෑ ය.

7 වන ශ්‍රේණියේ ළමයෙකුට ඔහුගේ ධාරණ ශක්තියට ගැලපෙන ලෙස අදාළ සංවිධාන ගැන මූලික දැනුමක් ලබා දෙයි. එහෙත් ඒ මූලික දැනුම පදනම් කරගෙන අදාළ සංකල්ප, සංවිධාන ගැන ඔහු තව තවත් අධ්‍යයනයට යොමු වෙතැයි අධ්‍යාපනඥයෝ බලපොරොත්තු වෙති.

මේ පුද්ගලයා එසේ අධ්‍යයනය නොකිරීම ගැන අපට ප්‍රශ්නයක් නැත. අපට ප්‍රශ්නය ඔහු මීට වසර 20-30ට පෙර 7 ශ්‍රේණියේ උගත් දැනුමින් ලිපි ලිවීම ය. අපට ද ඒ දෘෂ්ටියෙන් ලෝකය බලන්නැයි ආරාධනා කිරීම ගැන ය. සඳරුවන් සේනාධීරගේ 7 දැනුම සිරසේ 'පුංචි පහේ මං' වැඩසටහනට ප්‍රමාණවත් විය හැකි වුව ද වර්තමාන ලෝකයේ එක්සත් ජාතීන්ගේ භූමිකාව විවේචනයට නම් ප්‍රමාණවත් නැත.

ජාතීන්ගේ සංවිධානයයේ අසාර්ථකත්වය හමුවේ 1945 බිහි වූ එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ වන විට ක්‍රියාත්මක වන්නේ එය ගිවිස ගත් ප්‍රඥප්තිය හෝ එදා පැවති ලෝක සමාජ දේශපාලන වටපිටාවෙහි නොවේ. 1992 වන විට සෝවියට්දේශය සහ බිඳ වැටී සීතල යුද්ධය ද කෙළවර වී තිබේ. මේ වන විට ලෝක දේශපාලනයේ ප්‍රධාන භූමිකාව ඇමරිකන් පොලිස්කාරයා සහ බටහිර බලවතුන් කිහිපදෙනෙකු විසින් උසුලනු ලැබේ. අපට 7 ශ්‍රේණියේ ප්‍රඤාප්තිය ඉගැන්වීමට එන සඳරුවන් සේනාධීර 1945 සිට එක්සත් ජාතීන්ගේ භූමිකාව විමසා බැලිය යුතුය. එවිට එහි න්‍යායාත්මක භූමිකාව සහ ප්‍රයෝගික ක්‍රියාකාරීත්වය අතර වෙනස අවබෝධ කරගත හැකි වනු ඇත.

4 comments:

මාරයාගේ හෝරාව said...

ඔය ලොම්පොල්ලා ඔහොමම තමයි.
ඔකුං දන්න දෙයකුත් නැහැ. නොදන්න දෙයකුත් නැහැ.

නාමල් උඩලමත්ත said...

ඇත්තට ම මාරයෝ මේ මනුස්සයාගේ නොදන්නකම අපිට ප්‍රශ්නයක් නෙමේ. තමන් නොදන්න බවවත් දන්නේ නැතිකම තමා ප්‍රශ්නේ. තමන් නොදන්න බව දන්නවා නම් මෙහෙම පඬිදෙසුම් කරන්නේ නෑනේ. එක්සත් ජාතීන්ගේ ප්‍රඤාප්තිය සිංහලෙන් ලියලා දැමීම මහලොකු වැඩක් කියලා හිතන රොත්තකුත් ඉන්වා ඒ මනුස්සයා මුරුංග අත්තේ තියන්න. ඒ පඬිවරුත් 7 ශ්‍රේණියේ උගත්තු කියලා පැහැදිළියි. ඊට වඩා දෙයක් දන්නේ නැති නිසානේ පපඩමක් දැකලා වර්ණනා කරන්නේ.

දේශපාලුවා said...

නාමල්; සදරුවන සේනාධීර කියන්නේ ගොම් බිජ්ජෙක්. මූ කිව්වනේ, සී. ඒ චන්ද්‍රප්‍රේම ගේ ධනවාදී ආර්ථික ක්‍රමය වර්නනා කරමින්, ඒ අනුව ලංකාවේ ආර්ථිකය හැඩ ගස්සවා ගන්න ආකාරය ගැන කියන "කොල පාට සමාජය" පොතේ බාගයක් ලිව්වේ අර අන්ත වාමාශික, සමාජවාදී අරටු බැහැපු, 83 ජූලි වර්ජනයෙන් රස්සාව නැතිවෙච්ච ප්‍රගීත් එක්නැලිගොඩ කියලා. මේවගේ කෙබර විශ්වාස කරන්න අපි ඔටුවොද?
සදරුවන් සේනාධීරගේ බයිලා ගැන අපිට කිසිම විශ්වාසයක නැහැ. නමුත් උඹේ කතාව හරි මේ ගොබිලා මේක ලියලා තියෙන්නේ UN එකේ බලු පැනල් එක හීන් නූලෙන් සාධාරනීකරනය කරන්න. උඹ පෙන්වලා දෙන නොගැලපීම් වලට මම එකගයි, නමුත් මේ ලිපි කඩමාල්ලෙන් මේ හොරිකඩයන්ගේ බංකොලොත් බව තවත් විදිහකට පෙන්නුම කරනවා, උඹට ඒක මග හැරිලා වගේ. මේ පැනල් එකට අපිට තියන විරෝධය , එක පත් කරපු ආයතන ගැනවත්, එකෙන් හොයන කරුනු ගැනවත් නෙමේ ඒ බලු පැනල් එක පත්කරපු ආකාරය ගැනයි, දේශීය මාධ්‍යවේදීන්, විද්වතුන විතරක් නෙමෙයි, රුසියාව, චීනය, නොබැදි ජාතීන්ගේ රටවල විදේශ අමත්‍යාශ ගන්නාවක් පෙන්වා දුන්නා මෙක පත්කිරීම එජා ව්‍යවස්ථාව උල්ලඝනය කිරීමක් මහලේකම්ගේ බලය අයුතු ලෙස භාවිතාකිරීමක් ලෙසට
ඊට අමතර දැන් පැහැදිලිවම පේනවා මෙ බලු පැනල් එක පත්කරන්න මහ ලේකම්ට අනදුන්නේ ඇමරිකාව බව. මේකෙන් පේනවා බන් කී මූන් ලෝකයේ ජනතාවගේ මුදලින් නඩත්තුවන, ලෝකයේ ජනතාවගේ සුභ සෙත උදෙසා පිහිටුවාගත්ත එක්සත් ජාතීන්ගේ සවිධානයත් ඇමරිකාවට අවශ්‍ය විදිහට වේස කමේ යවන්න ලෑස්ති අන්තිම දස බල්ලෙක් බව. මෙවා ගැන නොලියා, සදරුවන් අපි කිසිදෙනෙක් ප්‍රශ්න කරපු නැති දහසක් ප්‍රශ්න වලට උත්තර දීලා කියනවා බලු පැනල් එක සාධාරනයි කියලා.
හරියට පිදුරුවලින් පඹයෙක් හදලා ඌට වැටෙන්න ගහලා කියනවා වගේ ඔන්න මම මගේ විරුද්ධ්වාදියා බිමදැම්මා කියලා. සදරුවන් ගේ ලිපියෙන් මටනම් පේන්නේ මෙන්න මේ කාලකන්නි බකොලොත් බවයි. ඔකා කවදාවත් අපි අහන ප්‍රශ්න වලට උත්තර දෙන්නේ නැතිබවට මම ඕනා ඔට්ටුවක් අල්ලනවා, මූ ප්‍රශ්න වලට මුහුන දෙන මිනිහෙක් නෙමෙයි, කොහෙන් හරි වැටෙන ඩොලර් වලට කහින බල්ලෙක්.

නාමල් උඩලමත්ත said...

දේශපාලුවෝ,
උඹේ දීර්ඝ පැහැදිළි කිරීම හරිම ප්‍රයෝජනවත්.
මම මූන්ගේ කමිටුව පත්කිරීම පිළිබඳ කාරණාව කතා නොකළේ, ඒක මීට කලින් බොහෝදෙනා කතා කළ නිසා. ඒ නිසයි මම කීවේ මූන්ගේ කමිටුවට සුජාතභාවයක් දෙන්නයි සඳරුවන් සේනාධීර කියන ඊළාම්වාදියා මේ කඩමාල්ල ලීවේ කියලා. යමක සුජාතභාවය තහවුරු කළ යුත්තේ, ඒකෙ සුජාතභාවය ලෝකය ප්‍රශ්න කරන නිසා, නැත්නම් අවජාතකභාවය හංගන්නයි. මූන් කියන්නේ අද ඇමරිකන් රූකඩයක් විතරයි.
සඳරුවන් සේනාධීර තවත් අපෙන් අහලා තිබුණා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලේකම් කමට ලංකාවේ කෙනෙක් පත් වුණා නම් ඒක දේශීය බලවේගයක් වෙනව ද කියලා. අම්මපා මේකගේ මොළේ තමා මොළේ. ඔබාමා ඇමරිකන් ජනපති වුණා කියලා ඇමරිකාව අප්‍රිකානු බලවේගයක් වුණා ද? එහෙම වෙන්න ගියා නම් අද ඔබාමා කොහෙද? එහෙම වෙන සේයාවක් වත් තිබුණා නම් එයා ඇමරිකන් ජනපති වෙයි ද? මහ පොළවේ පය ගහලා ජීවත් වෙනවා නම් මේ වගේ ගොන් ප්‍රශ්න අහවිද? අපේ රටේ අවසනාවට මේ සඳරුවන් සේනාධීර ප්‍රශ්න කරන්නේ ආණ්ඩුව කියලා හිතාගෙන එකාට ආසිරි ගී කියන මෙලෝ හසරක් නැති කූප මණ්ඩුකයෝ අහිනකුත් ඉන්නවා. මේවා විවේචනාත්මකව දකින අය ඊට එරෙහිව ක්‍රියාත්මක නොවී නිහඬව සිටීම තමයි වඩාත් භයානක ඛේදවාචකය.

 
සිය රට දේ සිරි සැප දේ !