Thursday, June 10, 2010

ආදරණීය සිරස !

රූපවාහිනී නාළිකාවකි; සිරස. මේ අඩුපාඩුව ශ්‍රී ලාංකේය ජාතියට ඉදිරියට යාමට ඇති විශාලතම බාධකය වශයෙනි; සිරස සලකන්නේ. අපේ රටේ ළදරු මරණ අනුපාතය, ගැබිනි මරණ අනුපාතය ඉහළ ගියේ එහෙයිනි. උද්දමනය ඉහළ ගියේ එහෙයිනි. ගෑස්, පාන් පිටි, කිරි පිටි මිල ඉහළ ගියේ එහෙයිනි. කොටින් ම 1505 පෘතුගීසි මෙරටට පාත්වූයේත් 1815 සුද්දා මුළු රට ම යටත් කරගත්තේත් අපට හරිහමන් ගායකයෙක් නොසිටි නිසා බව සිරස දැඩිව විශ්වාස කරයි. 1971 සහ 89 දකුණේ සහ 1983 සිට උතුරේ ඇරඹි ත්‍රස්ත ක්‍රියා සඳහා ද බලපෑවේ මේ ඛේදවාචකයයි.

ජාතියේ අවාසනාවට අපට හරිහමන් ගායකයෙක් තවමත් පහළ ලැබුණේ නැත. ඒ නිසා සිරස අපට ගායකයෙක් තෝරාදීමට දිවා රෑ වෙහෙසෙයි. මෙසේ රට ගැන හිතා කටයුතු කරන සිරසට, දේශද්‍රෝහි ආණ්ඩුව මහත් කෙනහිලිකම් කරයි. ගායකයන් තෝරන්නට සුගතදාස ක්‍රිඩාංගණය ලබා නොදෙයි. එය ලබා දෙන්නේ අයිෆා වැනි දෙකේ පංතියේ වැඩවලට බව ප්‍රකාශ කළේ එම නාළිකාවේ සිටින කිංස්ලි රත්නායක නම් උතුමා ය. ඒ කතාවේ ඇත්තක් තිබේ. අපේ රටේ ගායකයින් තේරීමට සාපෙක්ෂව අයිෆා මොන කෙහෙම්මලක් ද?

එහෙත් මට ඇති ප්‍රශ්නය එය නොවේ. මෙවර අයිෆා උළෙලේ හොඳ ම සිනමා කෘතිය ලෙස ලද සම්මාන සහ අයිෆා ලාංචනය ද යොදා ගනිමින් තමන් මෙදා 3 Idiots පෙන්වන බවට සිරස දිවයිනනේ දැන්වීමක් පළ කළේ ය. තමන් වැනි ලොව ශ්‍රේෂ්ඨතම වැඩසටහන් පෙන්වන ආයතනයක් අයිෆා වැනි තුච්ච පහත් වැඩකින් ප්‍රචාරය ලබා ගැනීම තමන්ට තරම් නොවන බව සිරසට නොපෙනුණේ ඇයි? මෙය මට තේරුම්ගත නොහැකි ය. එහෙත් අයිෆා ගැන අනුකම්පාවෙන් ඊට ද යම් ප්‍රචාරයක් ලබාදීමට සිතා සිරස ආයතනය මේ දැන්වීම පළ කළේ යැයි සිතා අවසන මම හිතා හදාගතිමි.

12 comments:

මිගාර said...

එළ කියන එකේ උපරිම!

රවා said...

සුගතදාස ක්‍රීඩාංගනය සිරසට නොදි මත්, එ වෙනුවෙන් සිරසෙන් නැගුණු අප්‍රසාදයත් එක්ක..

සුගතදාසය අයිෆා එකට දිමත්..
සිරසෙන් 3 Idiots පෙන්නන්න අයිෆා එකෙ කොටසක් ප්‍රචාරයට ගැනිමත් සසඳන්න එපා..

සිරස හොදම දෙවල් පෙන්වන තැනක් නොවේ. සිරස යන ව්‍යාපාරයක්. එහි " අපෙ ගම " පෙන්වන්නෙ නැහැ. එහි අපෙ සංස්කෘතිය ගැන මහා හරවත් වැඩ සටහන් යන්නෙ නැහැ, සුරියප්පෙරුම මහත්තයත් එක්ක කිංග්ස්ලි කරට කර යන්නෙ නැහැ.

මහත්තයො තමුන්ගෙ ඇහෙ පාරාලයක් තියාගෙන අනුන්ගෙ ඇහෙ තියන පොල් කෙන්ද පෙන්වන එක එච්චර හොද වැඩක් නෙමෙ.

තමුන්ගෙ මනුස්සයෙක් වැරැද්දක් කරද්දි එක වැරදියි කියන්න කොන්දක් හදාගන්න. ජාතික එකෙ අයිෆා පෙන්වද්දි අපිත් ආසවෙන් බැලුවා , අපිත් මස් , මාළු කන බොන මනුස්සයොනෙ.

හැබැයි සංස්කෘතිය ඔලුවෙ ගහන් හෙළුවැල්ලෙන් නටන එක නම් නිවට වැඩක්. ගැහැණුන්ව අඩනිරුවතින් නටනවයි කිව්ව උගත්තු ටික, ජාතික එකෙ ගැහැනුව අරික්කාලක් නිරුවතින් නටද්දි අත්පුඩි ගහද්දි අපෙ කටවලුත් කොයි... කොයි .. ගානවා...

පුලස්ති said...

http://pulasthigetheeruwa.blogspot.com/2010/06/blog-post_08.html

නාමල් අයිය ගිය පාර ලිපියට දාපු කමෙන්ට් පොඩ්ඩට උත්තර දුන්නෙ නැහැ නෙව.මෙන්න ආයෙත් ලින්ක් එක දැම්ම අයිෆා එකයි සංස්ක්රුතියයි ගැන සිංහල බෞද්ධ විග්රහයක් කලා නං අපි ආසයි අහන් ඉන්න.

සිරස නං ඔයාගෙ කතාව ඇත්ත.විජාතික දේසද්‍රෝහි පාහර චැනල් එකක්.හැබැයි පෝය දවසට හැරෙන්න නේද?
පෝය දවසට රජතුමාගෙ මාලිගාවටම ගිහින් උන්නැහෙගෙ ධර්ම දේසනාව ප්‍රචාරය කොරනව නේද?ජනපති දිනපොත කියල නිව්ස් සෙග්මන්ට් එකකුත් දානව නේද?ඒ පොඩි වෙලාවට හැර සිරස දේසද්‍රෝහී තමයි.ගලේ ගහල පොඩි කොරන්න ඕනෙ.

ඉන්දික උපශාන්ත said...

කන්න ඕනි උනාම කබරය නෙමේ කිඹුල උනත් තලගොයා කරගන්න සයිස් එකේ කතාවක් ලොක්ක ඔය.
Iifa එකට ආව කට්ටිය ඇඳපු ඇඳුම් සිරසෙ වැඩ සටහනකට එහෙම කවුරුහරි ඇඳගෙන ආවනං අද වෙනකොට සිරස තියා නැට්ටවත් නැති වෙන්න දීල.
ගායකයා තේරීම කරන ක්‍රමයෙ විවෙචන තිබුනත් සිරසට සුගතදාස ක්‍රීඩාංගනය නොදීම දෙකේ පන්තියෙ වැඩක්. අපේ අයියල ass hole එකයි sugathadhasa hall එකයි දෙකම දුන්නට ඔය ජාතිකේ හරි වෙන මොන උලව්වක හරි අය්යල ඉන්දියාවෙදි අපිට ඉල්ලුවනං හෝල් එකක් තියා මෑන් හෝල් එකක් වත් ලැබෙන්නෙ නෑ උන්ගෙ වෑඩේ ඉවරවෙන තුරු.
සිරසේ වැර්දි පමනක් පෙනීමත් iifa උතුම් ලෙස වැනීමත් සිරසේ නොව කශේරුකාවේ ඇති අඩුපාඩුවක් මිස අනිකක් නොවේ.

Tricks to handle MS PowerPoint presentation Smartly said...

සිරස ගැන නම් කථෘ කරන්න දෙයක් නැහැ තනිකරම විජාතිකයෝ වගේ ..........

රජයෙන් පොඩි තෙරපීමක් කරන කොට රජය ගැනම කියවනවා

අපේ රටේ සංස්කෘතිය විනාශ කිරීමට අර LTTE යේ ප්‍රභාකරන් භාරදීලා තියෙන්නේ සිරසට කියලනේ කියන්නේ...

ඝෝෂාකාරී නාලිකාවක් .......දැන් එයාල ලවි කරපු රනිල් මහත්තයවත් එපා වෙලා වගේ එයාටත් හෝ ගාලා ගහගෙන ගහගෙන යනවා ...

කිංස්ලි මහත්තයාගේ අදහස් ගැන තිබුණ පැහැ දීමත් එදා කථාවෙන් මම අයින් කරගත්තා ...
එතනදි නොකියයුතු කථාවක් තමා එදා කිව්වේ ...
මහජනතාව කුපිතකරවීම දඩුවම් ලාබිය යුතු වරදක් :) අනික එදා හිටිය ප්‍රේක්ෂකයෝ උඩ බිම බැලුවලු කිංස්ලි මොනවද මේ කියන්නේ කියලා.....
සිරසේ දීමනාවල රහ තමා කිංස්ලිගේ කටින් පිට උනේ ...එයාට අමතකද දන්නේ නැහැ මාධ්‍යට ආපු අලුත....මට නම් එයා ගැන මතකයි....
කොහොම උනත් අපි ඉල්ලීමක් කරමු කිංස්ලි තුමාට ඒ කොටස ආයෙත් බිරිද එක්ක එකට ඉදලා බලන්න කියලා... එතකොට ඇයවත් කියයිනෙ ,ඔයා මොනවද මේ කියන්නේ කියලා,

ems said...

හැම මල ඉලව්වටම සිරසට බැනලා ආණ්ඩුවට කඩේ යන ඒකනම් තේරුමක් නෑ ගොයියෝ.
පහුගිය කලේ "ඒ-කොන්" ගේනවා කියලත් සිරසට ගැහුවට,ඒවා කරන්න ගි‍යෙත් ආණ්ඩුවමනේ?

නාමල් උඩලමත්ත said...

සිරස අයිෆාට එරෙහි වීමත් පසුව එය ම තම ප්‍රචාර කටයුතුවලට භාවිත කිරීමත් සැසඳීමේ වරද කුමක් ද? එසේ භාවිත කරන්නේ මොන සදාචාරයට යටත්ව ද? වරද කරන කෙනා අපට අදාළ නෑ. අපට අදාළ වරද විතරයි. වරද ඇති ඕන තැනක අපි කතා කරනවා. හැබැයි ඔයාලා දකින වරදයි මම දකින වරදයි වෙනස් වෙන්න පුළුවන්. වෙනස තියෙන්නේ දැක්මේ මිසක් වරදේ නෙමේ.

අද මහ ලොකුවට තමන්ගේ අඩවියේ හෙළුවැල්ලෙන් ඉන්න කාන්තා රූපයක් දාපු හාදයා ඔය කාන්තාව අයිෆාවලින් ඉවත් කළා නම් මොකද කියන්නේ? 'අන්න බලන්න මහ රජා ජනප්‍රිය දේවල් පස්සෙමයි යන්නේ, අර නිළියට එන්න දුන්නේ නැත්තේ පොර සංස්කෘතිය ආරක්ෂා කළා කියලා ජනප්‍රිය වෙන්න. මේ රටට ආපු අයට ඔහො සලකපු එක අන්තිම වැරදියි. රටේ ප්‍රතිරූපය විනාශයි. සංචාරකයෝ ආයේ එන්නේ නෑ. මානව නිදහස, කාන්තා නිදහස උල්ලංඝණය කොළා. මේක ඉරානය කොරන්නයි මහ රජා හදන්නේ. එහෙම කරපු එක අපේ ජාතියට මහ නින්දාවක්. මහ රජා එහෙම කළාම මේ රටේ ඉන්න ජාතිකවාදී කියන එහෙයියෝ ටික ඒක අගය කොළා.' තමා ඔය බහුබූතයෝ කියන්නේ.

මේ බෞද්ධවේශධාරී රැළ තමා ළමයි මහන කිරීම ළමා අයිතිවාසිකම් කඩකිරීමක් කියලා ඔප්පු කරලා බුදු හාමුදුරුවෝ ඇම්නෙස්ටි ජාත්‍යන්තරයට අරන් ගිහින් දඬුවම් කරන්න සුදානම් වුණේ. මේ රටේ ඉන්න හුඟක් බෞද්ධවේශධාරීයෝ හිතා ඉන්නේ පෝයට සිරස බැලුවම තමන් බෞද්ධ‍ වෙනවා කියලා.

ගොම ඇබින්දක් වැට්ටට ම කිරි කලේ ම ඉවරයි. ඒත් ගොම කලේට කිරි ඇබින්දක් දැම්මා කියලා ගොම කලේ කිරි වෙන්නේ නෑ. සිරස කියන අශූචි ගොඩේ පෝයට බණ දාලා පලක් නෑ. අශූචි අශූචිමයි. සමහරු මේ අශූචි වළේ කිරි සයුර කියලා හිතාන දිය කෙළින බව අපි දන්නවා. එදා සිරස අරලිය ගහ මන්දිරේ බණ දැම්මේ චන්ද්‍රිකා ජනාධිපතිනිය සහ අගමැති අතර දිය යට ගැටුමක් ඇති බවත් රජයේ නාළිකා ඔහුට නොදෙන බවත් පෙන්වන්න කියලා තේරුම් ගන්න තරම් බුද්ධියක් මේ හාදයට නෑ කියලා මම ආයේ කියන්න ඕන නෑ. සිරස 'බුදු සරණයි' බෝඩ් එක දාගෙන කරන්නේ හරක් පටවන එක. තමන් කරන ජඩ වැඩ වහගන්න විතරයි සිරසට අර 'බුදු සරණයි' වහන්තරාව ඕන. මේ බෝඩ් ලෑල්ල දකින බෞද්ධවේශධාරී රැළ සාදුකාර දෙනවා. අපි සාදුකාර දෙන්නේ නෑ කියලා බනිනවා.

රටට එන සංචාරයින්ට ඇඳුම් අන්දන්න අපට බැහැ. එයාලගේ සංස්කෘතිය අපේ සංස්කෘතිය නෙමේ. එයාලගේ ඇගයුම් වෙනස්. හර පද්ධති වෙනස්. අපට පුළුවන් පූජනීය ස්ථානවල වීනිතව හැසිරෙන්න කියන්න. එයාලා අවේ අයිෆාවලට මිසක් දළඳා මාළිගාවට නෙමේ. අන්න ඒ ටික මුළින් ම තේරුම්ගත යුතුයි. ඒත් සිරසේ හරි ජාතික රූපවාහිනියේ හරි ගෑණු හෙළුවැල්ලෙන් නටවන්න ඉඩදිය යුතු නැහැ. කවුරුවත් හෙවවෙන් නැටුවා කියලා අපේ අයටත් නටන්න දෙන්න ඕන නෑ. අනුන් නටන නිසා එහෙම නටන වඳුරොත් මෙහේ ඉන්නවා. සුගතදාස ක්‍රිඩාංගණය සිරසට නුදුන්නේ ඒ දවස්වල ඒක ප්‍රතිසංස්කරණය කළ නිසා මිස වෙන දෙයක් නිසා නෙමේ. එහෙනම් වෙනදා සිරස ඔය තරු පෙන්නුවේ තමිල්නාඩුවේ ද? ඉන්දියාව අයිෆා ලංකාවට ගෙනාවේ ඉන්දියාවේ ග්‍රවුන්ඩ් නැති නිසා කියලා හිතන අසරණයොත් අපි අතර සිටීම ගැන නම් මට ඇත්තට ම කනගාටුයි. අනුන්ගේ කශේරුකා ගැන සෙවීමට පෙර තම තමන්ගේ ඔලු (ඇත්නම්) පරික්ෂා කර ගැනීම යහපත් බව අවසන් වහයෙන් ලියා තබමි.

පුලස්ති said...

@ නාමල්

තරහ ගියා නේද?හරි හරි ආයි තරහ ගස්සන්නෙ නැහැ.මේකට විතරක් උත්තර දෙනවද?සිරස අසූචි වලක් කියල කියන්නෙ ඇයි?ඒකෙ යන අසූච් ප්‍රෝග්‍රෑම් ටික නම් කරන්න පුලුවන්ද?
ඉතුරු ටික ඊට පස්සෙ කියන්නම්

Zebra Line Tours said...

සිරස යනු මාධ්‍යක් ෙනාව විජාතික නිෙයා්ජිතෙයකි. අෙප් මිනිස්සු ඔ්ක ෙත්රුම් ගන්ත දවසට සිරසට යනඒනමක් නැති ෙවනවා. ස්ථිරයි.

සියරට ෙද් අඩුෙවන් ෙදන
පිටරට ෙද් වැඩිෙයන් ෙදන සිරසට ෙවන ෙමානවා කියන්නද? 

Anonymous said...

මේ නාමල් උඩුලැමවත්ත මහත්තයාට කෙලවෙලා ගියතැන මෙතන තමයි. ලොක්කා සිරසට කෙලවලා මහරජතුමා පාරේ හුලිජ්ජ කලත් හරෝහරා කියලා අත්පුඩි ගහන උඩුලැමවත්ත වගේ උලමුන්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඕක අර ඉස්පිරිතාලයට හොඳයි. සිරස බලුවෙලා තමයි ඒත් සිරසට සාපේක්‍ෂව අනික් හාල්පාරු වැඩ මනින්න කොහෙන්න ලොක්කා ඉගෙන ගත්තේ. දැන් අ‍ළුත්ම මිනුම තමයි සිරසට සාපේක්‍ෂව මැනීම. අයිෆා සිරසට සාපේක්‍ෂට සිරා. ඒකොන් සිරසට සාපේක්‍ෂව පජාතයි. ගල් ගහන්නේ ඒ මිනුමෙන්. නැද්ද උඩුලැමවත්ත උන්නැහැ.

wahupatta said...

සිරසට ඕන සල්ලි. බල්ලො මරල හරි සල්ලි

අප කතා බහ කල කිහිප දෙනෙකුට අනුව සිරසට පහර දීම අනිවාර්යයෙන් කල යුතු කාරණයකි”
මුලින්ම කියන්න ඕන චමිල අයියා කතා බහ කරපු ඔය කිහිප දෙනා අතර මම එක්කෙනෙක්. හැබැයි මම කිව්වෙ සිරසට ගහන්න ඕන කියල නෙමෙයි. සිරසට ගහපු එක ගැන මම විරෝධය පල කරනනෙ නෑ කියල විතරයි. මොකද මෙතක ගැහුවේ කව්ද කියන එක හැමෝම දන්නවා.

සිරස ගැන මගේ පෞද්ගලිකව ලොකු වෛරයක් තියනවා. ඒක මම පිළිගන්නවා.

ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටක් මාධ්‍ය නිදහස උපරිමයෙන් තියනවා. ඒක අද වෙනකම් සිරස රටට කරලා තියන දේවල් වලන් තේරුම් ගන්න පුළුවන්.

“නමුත් මෙගා නාට්‍ය, සුපිරි තරු රැල්ල, හා ටකරං සංගීතය සමාජය පුරා පැතිරවීම ආදී වූ ඍණාත්මක ක්‍රියා තනිකරම සිරසට හෝ මහරාජාට බැර කල නොහැක”

මේක ට මම එකඟ නෑ. මෙගා නාට්‍ය ලංකාවට ගෙනාවෙ සිරස. මම කීප තැනකම කිව්ව වගේ මිනිසුන්ගේ සරලත්වය ඉතාම පහසුවෙන් දූෂණය කරන්න පුළුවන්. මාධ්‍යම පාන්තික මිනිස්සුන්ගේ හිත්වලට මේ විකාර ලෝකය බොහොම ලේසියෙන් ඇතුළු උනා. ඇයි සිරස මෙගා ටෙලිනාට්‍ය ගෙනාවෙ කියල දන්නවද? ඇයි අනෙක් නාලිකා ඒව ගෙනාවෙ නැත්තෙ. මේවට මිනිස්සු වහ වැටෙනව කියල දැන දැනත් ඇයි අදටත් රූපවාහිනියෙ මෙගා ටෙලිනාට්‍ය විකාශය වෙන්නෙ නැත්තෙ. සිරසට ඕන සල්ලි. බල්ලො මරල හරි සල්ලි. මෙගා ටෙලි නාට්‍ය බොහොම අඩු මිලකට මිලදී ගන්නෙ. කොටස් අති විශාල ගණනක් තියනවා. මිනිස්සු මේටහ පුරුදු කරව ගත්තහම කාලාන්තරයක් මේව පෙන්න ගන්න පුළුවන්. මේ ටෙලි නාට්‍ය වල අපේ අධ්‍යාත්මීය දියුණුවට ගන්න දෙයක් තියනවද? පොඩි දෙයක් වත් ? නෑ ඒ වෙනුවට අපේ තියන මානසික තත්වයත් විකෘති කරල දානවා.

ඇයි එතකොට අනෙක් චැනල් අද ලංකාවෙ හදපු මෙගා ටෙලි නාට්‍ය පෙන්නන්නේ.

ඔවුන්ට වැල යන අතට මැස්ස ගහන්න සිද්ධ උනා. අද තියන මුදල් පස්සේ දුවන සමාජයේ කව්ද මේකට එරෙහිව යන්න ඉන්නේ. ඒත් ජයන්ත චන්ද්‍රසිරි , ජයලත් මනෝරත්න වගේ කලාකරුවන් මේ රැල්ලෙන් මිනිස්සු බේරගන්න උඩුගං බලා යන්න උත්සාහ කලා. ඒව මාකට් වෙන්නෙ නෑ හැබැයි. අකාල සන්ධ්‍යා විකාශ්‍ය වෙනකොට ගෙවල් වලට ගහිල්ල මිනිස්සුන්ට බලෙන් තෑගි දෙන්නෙ නෑ.

එතාකොට සුපර් ස්ටාර්. මේක අද හරිම හිසරදයක් වෙලා. මේවගෙන් සිරස සහ දුරකථන සමාගම් ඇති වෙන්න හම්බ කරගත්තා. තවමත් හම්බ කරනවා. මේ තරඟ වලින් බිහි වෙච්ච එක ගායකයෙක් ඉන්නවද අද? එක්කෙනෙක්. සුනිල් එදිරිසිංහ, දයාන් විතාරණ වගේ එතැනට ලං වෙච්ච කෙනෙක්?නෑ. එතකොට මිනිස්සුන්ගෙ මින්ස් පැය ලක්ෂ ගණනක් රූපවාහින්ය ඉස්සරහ නාස්ති කරල සාක්කුවෙ තියන තුට්ටු දෙක sms වලට නාසිති කරල මොකද්ද ලැබිච්ච ප්‍රතිපලේ.

තව ගොඩක් දේවල් තිබුනත් කියන්න වෙලාව නෑ. සිරස කරන්නෙ තනිකර මාකටින්. උන්ට මේ රටේ සංස්කෘතියවත් සදාචාරෙවත් තඹ සතේකට වැඩක් නෑ. මේ රට අනාගතේ මේ තියන තැනෙන් උඩට ගන්න ඕන කියල අදහසක් උන්ගෙ තුන් හිතක වත් නෑ. උන් මේ රටේ ජන විඥානෙ හපල හපල රොඩ්ඩක් වෙන තුරු සල්ලි හොයා ගනීවි. එතකන් අපි අර වතුර නටන තුරු දිය කෙළින කකුළුවො වගේ ආතල් එකේ ඉමු.

[Administrator www.sirasatv.info]

රනිල්ට එරෙහිව සිරසෙනුත් මෙහෙයුමක්



එක්සත් ජාතික පක්‍ෂය තුළ මේ වන විට මතුව ඇති අර්බුදකාරී තත්වය හා විශේෂයෙන් රනිල්ට එරෙහිව දියත්ව ඇති කැරැල්ල හමුවේ සිරස මාධ්‍ය ජාලය ද රනිල් පක්‍ෂ නායකත්වයෙන් එළවීම සඳහා තම පූර්ණ සහාය පළ කිරීමට එකග වී ඇතැයි වාර්තා වේ. එජාප ප‍්‍රබලයන් කිහිපදෙනෙකුම මේ පිළිබඳ සිරසේ ප‍්‍රධානීන් හා සාකච්ඡ කර ඇති අතර එහිදී රනිල්ට අවාසි සහගත අන්දමේ ප‍්‍රවෘත්ති ප‍්‍රචාරය කිරීම සම්බන්ධ අවධානය යොමු කොට තිබේ.

මේ අනුව සිරසේ ප‍්‍රවෘත්ති විකාශය තුළ ‘පක්‍ෂ අර්බුදය’ යනුවෙන් වෙනම විශේෂාංගයක් යටතේ එජාපයේ ප‍්‍රතිසංවිධානය ගැන තොරතුරු පළ කරන්නට වූ අතර එහිදී රනිල් පක්‍ෂ නායකත්වයෙන් ඉවත් කළ යුතුය යන මතය ඉස්මතු කිරීමටත් රනිල් විරෝධීන් පෙරට ගත යුතු බවටත් එජාප ප‍්‍රධානීන් දැනුම් දී තිබේ.

මේ අතර එජාපය මේ වන විට බරපතල පරාජයකට ලක්ව තිබීම ද සිරසට මහත් ගැටලූවක් වී අති අතර එජාපය යළි නැගී සිටිය යුතු ආකාරය ගැන උපදෙස් සැපයීමටත් ප‍්‍රතිසංවිධානය හරහා එජාපය ඉදිරියේ දී දැවැන්ත ජවයකින් නැගී සිටින බවට ජනතා මතයක් ඇති කිරීමටත් සිරස කටයුතු කරමින් සිටියි.

මේ අනුව සිරස මේ දිනවල සිය ප‍්‍රවෘත්ති විකාශයෙන් විශාල කාලයක් එජාප අර්බුදය වෙනුවෙන් වැය කරන අතර 1977 ජේ.ආර්. ජයවර්ධන විසින් හයෙන් පහක බලයක් ලබා ගැනීමට ඉවහල් වූ පක්‍ෂ ප‍්‍රතිසංවිධානය ගැන ඊයේ (10) දිනයේ ද ඔවුන් දීර්ඝ වශයෙන් කරුණු හෙළි කළේ ඒ අනුව කටයුතු කිරීමෙන් එජාපයේ ජය තහවුරු වේ යැයි දේශපාලන විචාරකයන් පෙන්වා දෙන බව පවසමිනි

නාමල් උඩලමත්ත said...

අපට තරහ යන්න තරම් හේතුවක් නෑ. ඒත් මේ බෞද්ධවේශධාරීන්, උප්පැන්නේ සිංහලයින් දකිද්දි අනුකම්පා හිතෙනවා. දෙයියෝ පා නොතබන තැන්වල පිශාචයෝ පිනුම් ගහනවා කියලා අපේ මුත්තලා කීවේ කට කහනවට නෙමේ.මේ අයට අශූචි වළවල් ක්ෂීර සාගරේ වගේ.ඉතින් පිනුම් ගහනවා. එහෙම පිනුම් ගහලා අශූචි වළේ තියෙන අශූචි මොනවද අහනවා.අශූචි වළේ අශූචි හැර මුකුත් නෑ.හැමදාම අශූචි වළේ වැටිලා ඒකෙන් බඩ පුරවගෙන ඉන්න උන්දැලට ඒක සුරපුරක්.මම කියන්නේ නෑ සූකරයන්ට අශූචි කන්න එපා කියලා. හැබැයි දැනගන්න කන්න ඕන. නොදැන කන අය වෙනුවෙන් මම ලියන්නේ.හැබැයි අශූචි වළ වැහෙන්න ගහපු බුදු සරණයි බෝඩ් ගහලා තියෙනවා. ඉතින් බෝඩ් ලෑල්ලට වැඳලා කැමති අයට සුපුරුදු ජොබ් එක කරන්න තහනමක් නෑ.
මම ලියපු ලිපිය සිහියෙන් බලපු කෙනෙක් කවදාවත් කියන්න විදිහක් නෑ. මම අයිෆා හොඳයි කීවා කියලා. මම කියලා නෑ සිරසට සාපෙක්ෂව අනෙක්වා හොඳයි කියලා. හැබැයි සිරස ගෙනියන දේශපාලන ව්‍යාපෘතිය අපි තේරුම් ගත යුතුයි. එය රටේ සම්ප්‍රදාය, සංස්කෘතිය,හර පද්ධති, මිනිසුන්ගේ වින්දන ශක්තිය මොට කරන මහ ජඩ ව්‍යාපෘතියක්.අන්න ඒ සියුම් දේශපාලන අපි වටහා ගන්න ඕන.රජයට පක්ෂ ද ආණ්ඩුවට පක්ෂ ද කියන එක අනුව මාධ්‍ය මනින්න තරම් මිනිස්සු බොළඳ විය යුතු නෑ. හැබැයි සිරස විරුද්ධ පක්ෂයට සමීප නිසා ම සිරස කරන සියලු ජඩ වැඩ සාධාරණීකරණය කරන, සිරසට හුණු ගාන නිවටයෝ ඉන්නවා.තමන්ගේ පරාදීන මතවාදය රටේ බහුතර ජනතාව ප්‍රතික්ෂේප කළා ම ඒ වෙනුවෙන් පෙනී සිටින මොන යකා වුණත් හොඳයි කියන තැනට මිනිස්සු පිරිහීම මහ ලොකු අරුමයක් නෙමේ.
තමන්ගේ හනමිටි තමන්ට ලොකුයිනේ.රජයේ මාධ්‍ය දේශපාලන වශයෙන් හැමදාම පවතින රජයට පක්ෂයි. ඒක යූඇන්පී කාලෙත් එහෙමයි. හැබැයි ඒවායේ රටේ සංස්කෘතිය හර පද්ධතිය විනාශ කරන බල ව්‍යාපෘති නෑ. ඒ නිසා ආණ්ඩුවට පක්ෂ නිසා ම ඒවාට බනින අය මේ ගැන සිතා බැලිය යුතුයි.
සංජීව ත්‍රීමාවිතාන said...ඉන්දියාවේ අන්තිම ජරා අබිං මෙගා ටෙලි නාට්‍යවලට රටක් ඇබ්බැහි කළ සිරස ජාතිකත්වය ගැන කතා කළේ අයිෆා විජාතික සුපර් ස්ටාර් ජාතික කියලා.මෙහෙම ජාතිකත්වය ගැන සිරසට කතා කරන්න පුළුවන් වුණේ සමහර අම්බරුවෝ බුදුන් වෙනුවට උදේ හවා සිරස වඳින නිසා.
wahupatta said...රටට අවශ්‍ය මතුපිට ඇස්බැන්ඳුම්‍ලින් එහාට ලෝකය දකින මිනිස්සු. අපි ඒ ගමන යා යුතුයි.අනාගත පරපුර වෙනුවෙන්.

 
සිය රට දේ සිරි සැප දේ !