Tuesday, June 22, 2010

විපක්ෂ නායක ධූරය 10 වරකට සීමා කරයි!

ව්‍යස්ථාව කඩිමුඩියේ වෙනස් නොකරන්නැයි ගයන්ත කරුණාතිලක මහතා රජයට තර්ජනය කළේ ය. 1978 ව්‍යස්ථාව තනා වසර 10ක් ගත වන විට, එනම් 1988 වන විට, එය 16 වරක් සංශෝධනය කළේ එජාපයයි. මේ ව්‍යස්ථාව තැනූ එජාපයයි. තමන් ම ව්‍යස්ථාව තනා වසර 10ක් තුළ සංශෝධන 16ක් ගෙනා පිරිස, ඒ ව්‍යස්ථාවට වසර 32ක් පිරුණු විට කරන සංශෝධන කඩිමුඩියේ කරනවා යැයි කීම තරම් තවත් විහිළුවක් ඇද්ද?

77, ඇට අටක් දීමටත් ධර්මිෂ්ට සමාජයක් උදාකිරීමටත් ජේ.ආර්. උතුමා බලය ඉල්ලුවා මිස, ව්‍යවස්ථාවක් තැනීමට බලය ඉල්ලු බවක් නම් අප අසා නැත. ජනාධිපති තනතුරක් ගැන ද කීවේ නැත. මැතිවරණයේ දී ව්‍යවස්ථාවක් ගැන නොකී නිසා පසුව තැනූ ව්‍යස්ථාව බල රහිත වීද? ජනාධිපතිකම බල රහිත වීද? නැත. ඒ කිසිවක් වූයේ නැත.

රටේ පරමාධිපත්‍ය හිමි ජනතාවට ය. ඔවුන් කැමති නායකයෙක් පත් කර ගැනීමට ජනතාවට අයිතියක් තිබේ. ඒ නායකයා නරක නම් ඔහු ගෙදර යැවීමට ද ජනතාවට අයිතියක් තිබේ. එසේ ම යම් නායකයෙකුට ජනතාව කැමති නම් ඔහු දෙවරක් නොව ඕනෑම වාරයක් සිය නායකයා වශයෙන් පත් කර ගැනීමේ අයිතිය ද ජනතාවට තිබිය යුතු ය. ජනතාව සතු ඒ අයිතිය අහිමි කිරීම වැරදි ය. එසේ අහිමි කර ඇති ජනතා පරමාධිපත්‍ය අයිතිය නැවත ලබාදීමට ජනතාව ලෙස අප කැමති ය. එය ජනතාවට අහිමි වූ අයිතියක් නැවත ලබා දීමකි.

එහෙත් ජනතාව 20 වරක් ප්‍රතික්ෂේප කළ පුද්ගලයෙක් විපක්ෂ නායක ධූරයේ සිටීම නම් මහ අවුලකි. රටක විපක්ෂ නායක යනු ඊළඟ ආණ්ඩුවේ නායකයා ය. එහෙත් අපේ විපක්ෂ නායක ඊළඟ ආණ්ඩුවෙත් විපක්ෂ නායකයාම ය. මේ නිසා රටට ප්‍රබල විපක්ෂයක් නොලැබේ. විපක්ෂයේ හොඳ නායකත්වයක් බිහි නොවේ. ජනතාව පවතින ආණ්ඩුවට වඩා මේ විපක්ෂ නායකයාට අකමැති හෙයින් ද්වි-පක්ෂ ක්‍රමය තුළ නැවත පවතින ආණ්ඩුවට බලය දෙනු විනා වෙන විකල්යක් ජනතාවට නැත.

එහෙයින් 'කෙනෙකුට රටේ විපක්ෂ නායක දූරය දැරිය හැක්කේ 10 වරක් පමණි' කියා ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතු ය. 20 වාරයක් රටේ නායකත්වයට සුදුස නැතැයි ජනතාව තීරණය කළ පුද්ගලයෙක් නැවත නැවත ඊළඟ ආණ්ඩුවේ නායකයා කරන්නැයි ජනතාවගෙන් ඉල්ලීම ජනතා පරමාධිපත්‍ය හෑල්ලුවට ලක් කිරීමකි. එහෙයින් විපක්ෂ නායක ධූරය 10 වරකටවත් සීමා කර, එය අතීතයට බලපාන පරිදි ක්‍රියාත්මක කරන්නැයි අපි ඉල්ලා සිටිමු.

8 comments:

Sunanda said...

‍"77 ඇ‍ට අ‍ටක් දීමටත් ධර්මිෂ්ට සමාජයක් උදාකිරීමටත් උතුමා බලය ඉල්ලුවා මිස ව්‍යවස්තාවක් තැනීමට බලය ඉල්ලූ බවක් නම් අප අසා නැත"

2010 රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමටත් රට ආශ්චර්යක් කිරීමටත් එම් ආර් උතුමා බලය ඉල්ලුවා මිස ජනාධිපතිධූරයට ඉල්ලන වාර ගනන වැඩිකිරීමට බලය ඉල්ලූ බවක් අපත් අසා නැත

ජනාධිපති අත සම්පූර්න රාජ්‍ය බලයම තියාන ස්වාධින ෙෙපාලිස් කමිසම මැතිවරන කමිසම රාජ්‍ය ෙේවා කමිසම නැතිව ජනාධිපතිවරයකු ජන්දය ඉල්ලද්දි ඒ තරගය අසමානුපාතිකයි කියල ඔබ පිලිගන්නවද?එවැනි තරගයක් සාදාරන නැහැ කියල ඔබ පිලිගන්නවද?

එම් ආර් වාර ගාන වැඩි කරන්න යන්ෙෙ සාධාරන චන්දයක් කරන්න ඕන ස්වාදීන කමිසන් සබා අකුලන ක්‍රියාමාර්ගත් එක්ක.අසීමිත එවැනි බලයක් සමග චන්දයක් දිනන එක විපක්ෂයකට ඉතාම අමාරුයි.එක අතකින් ආන්ඩු සල්ලි ලක්ස ගනන් වියදම් කරල අරලිය ගහ මන්දිරයට ලක්ස ගනන් අරන් ඇවිත් නීතියට පටහැනි විදිහට දන්සැල් දානව.මාධය තමන්ට අවශ්‍ය විදිහට පාවිච්චි කරනව.අනිත් අතට විපක්ෂයට කාර්යාලයක් දාගන්න නිවසක්වත් ලබාගන්න අමාරුයි.නාවලපිටිය චන්ෙෙදි ආන්ඩු පක්ෂ‍ අයටම සලකපු හැටිත් එතකට ෙෙපාලිසිය වැඩ කරපු හැටිත් දැක්කද?එවිට විපක්ෂය ගැන කවර කතාද?

ගුනදාස අමරසකරත් වාර 2 වැඩි කරන එක විවචනය කරල තිබුන.නිකම් ආන්ඩුව කරන හැමෙේටම හා කියන්ෙෙ නැතිව ඒව වල යහපත අයහපත අවංකව බලල ලීව නම් යහපති

නාමල් උඩලමත්ත said...

kalyani ...
පළමු කාරණාව ගැන අපි දෙන්න ම එකඟයි. ඒකියන්නේ ඉතිහාසයේ හැමදාම බලය ගන්න කලින් කී දේ නෙමේ ගත්තම කළේ. ඒක අදට විතරක් නෙමේ එදාටත් වලංගුයි.
මේ ව්‍යවස්ථාව හැදුවේ 78. ඔය කොමිසන් සභා ආවේ 2001, 17 වැනි සංශෝධනයෙන්. ඒවා තාම බලාත්මක නෑ. ඉතින් ඒක නෑ කියලා 78 ඉඳලා රටේ හිටියේ එක ජනපති ද? මේවා නෑ කියලා ජනාධිපතිවරණවලදී සැබෑ ජයග්‍රාහකයා පත් නොවී පරාජිතයා ජනපති වෙලා තියෙනවා ද?

මගේ තර්කය රටේ පරමාධිපත්‍ය හිමි ජනතාවට නම් නායකයා කොච්චර කල් තබා ගත යුතු ද යන්න තීරණය කළ යුත්තේ ජනතාවයි, කියන එක. ඒ නායකයා ඉවත් කරන්නේ වසර 6ද 24ද කියන එක තීරණය කළ යුත්තේ ජනතාව. යම් නායකයෙක් රටට වැඩ කරනවා නම් ජනතාව ඔහුට කැමති නම් ඒ ධුරය සඳහා අවශ්‍ය කායික මානසික ශක්තිය ඔහුට ඇත්නම් ඇයි ඔහු වසර 12න් ගෙදර යවන්නේ? ඒක ජනතාවගේ පරමාධිපත්‍ය කෙ‍ළෙසීමක් නෙවේද?

අපි හිතමු සජිත් පේමදාස අවු.50න් ජනපති වුණා. එයා හොඳට රටට වැඩ කළා. තව වැඩ කරන්නත් ඇහැකි. ජනතාවත් එයාට හරි කැමතියි. ඒත් ව්‍යවස්ථාව කියනවා එයා 62න් ගෙදර යවන්න කියලා. ඒක හරිද?

ගුණදාස අමරසේකර මම ඉතා ම ගරු කරන, පෞද්ගලිකව හඳුනන නියම බුද්ධිමතෙක්. ඒ ගැන විවාදයක් නෑ. නමුත් අපි ස්වාධීන මතධාරීන්. අපේ මත වෙනස් වෙන්න පුළුවන්.

මම ආණ්ඩුවේ හැම දේම හොඳයි කියන්න හරි නරකයි කියන්න හරි බැඳිලා නෑ. ඔයා මේ ආණ්ඩුවේ කවදාවත් හොඳක් දැකලා තියෙනවද? මම හිතන්නේ නෑ. රටට හොඳක් කරන්න නම් ඔයා කැමති අය බලයට එන්න ඕන නේද? නැත්නම් කොහෙද රට කොරන්නේ නේද අනේ?

Unknown said...

නාමල්.. බොහොම හොඳ ලිපියක්!

Unknown said...

නාමල්.. බොහොම හොඳ ලිපියක්!

දේශපාලුවා said...
This comment has been removed by the author.
දේශපාලුවා said...

UN එකේ බලු පැනල්

මේ පැනල් එක ලංකාවත් එක්ක වෛරයෙන් පලිගන්න , ලංකාව හපාකන්න උසිගන්නපු බලු පැනල් එකක්.

මුලින්ම මෙහෙම පැනල් පත් කරන්න එ.ජා. මහලේකම්ට එ.ජාතීන්ගේ ව්‍යවස්ථාවෙන් කිසිම බලයක් නැහැ. පැනල් පත් කරන්නන්ම, එ.ජා. ආරක්ෂක මන්ඩලයෙන් හරි, එ.ජා. මානව හිමිකම් මන්ඩලයෙන් හරි, වෙනත් මොන බලු මන්ඩලයකින් හරි මහලේකම්ගෙන ඉල්ලීමක් කරන්න ඕන. තමන්ට තනිතීරන ගන්න එ.ජා. මහලේකම් ලෝක ජනාධිපති නෙමෙයි.

මීට අමතරව, ගිය අවුරුද්දේ, එ.ජා. මානව හිමිකම් මන්ඩලයේ සාමාජික රටවල්, ලංකාව පිලිබදව කිසි විමර්ශනයක් අවශ්‍ය නැහැයි කියලා වැඩි චන්දයෙන් පනතකුත් සම්මත කරා.
මේ සේරම මැද මහලේකම් පැනල් පත්කරපු එකෙන් පේනවා, මේක ලංකාව වැරදිකරු කරන්න පූර්ව නිගමනයකින් පත්කරපු බලු පැනල් එකක් බව.

මහලේකම් එ.ජා ව්‍යවස්ථාව උල්ලගනය කරගෙන, එ.ජ. සංගම්යේ මන්ඩල වල නිර්දේශ නොතකා මේ පැනල් පත් කිරීමෙන පෙනවා මෙක කරන්න මහලේකම්ට වෙන සුපිරි බලවතෙක් ගෙන් ප්‍රබල බලකිරීමක් තිබුනු බව.

වෙනත් අදිසි හස්තයක බල පෑම් මත්, එ.ජා සගම්යේ නීති උල්ලගනය කරගෙන පත්කරන නීතිවිරෝධී, අවජාතක බලු පැනල් වලින් අපට අපක්ෂපාතී පරීක්ෂනයක් බලාපොරොත්තුවෙන්න බැහැ.

මීටත් අමතරව මේ බලු පැනල් එකේ ලොක්කා, මීට කලින් ලකාවට ඇවිත් ලකාවේ පරිපාලනයත් එක්ක ගැටුම ඇතිකරගත්ත කෙනෙක්. එ.ජා මහලෙකම්ට ලංකාවට හානියක් කරන්න, මඩ ගහන්න, මීට වඩා හොද ගොය්යෙක් හොයාගන්න බැහැ.

දැන් ලංකාව මේ බලු පැනල් එකට ප්‍රබලව විරුද්ධ වීම නිසා මුං බයවෙලා කියනවා ,හා හා අපි LTTE එකේ මානව හිමිකම් උල්ලගනය කිරීම ගැනත් හොයනවා කියලා.
මේක බලු පැනල් එකක් කියනන තවත් හොද සාක්ෂියක්, එකේ මානව හිමිකම් උල්ලගනය කිරීම් හොයන්න මුන්ට අවුරුදු 30 කට පස්සෙද ඇස් ඇරුනේ? හොදයි ඕකෙන් ඔප්පුවුනොත් මානව හිමිකම් උල්ලගනය කලා කියල (මටනම් සැකයි) නඩු දාන්නේ ප්‍රභාකරන්ගේ අම්මටද?

පසුගිය යුද්ද කාලේ එ.ජා සංගමයට අනුබද්ධිත UNICEF වගේ ආයතන වලින් එකට විවිධාකාරයෙන් උදව් කලා කියලා අපි දැක්කා. විමල් වීරවස මන්ත්‍රීතුමා මේවා ගැන පාර්ලිමෙන්තුවේ සතිපතාම පාහේ විශේෂ ප්‍රකාෂ වලින් හෙලි කලා.
මෙවා හෙලිවෙනකොට එකේ ලකා නියෝජිත ජෙනිෆර් ටේලර් (Jennifer Taylor) ලංකාව හැරලා පැනලා ගියා. එ.ජා මහලේකම් මෙවා ගැන හොයන්න පැනල් පත්කරාද?
යුද්ධකාලේ LTTE එකට උදව්කරපු, දැන් තමන්ගෙම ව්‍යවස්ථාව උල්ලගනය කරගෙන නීතිවිරොධීව වැඩකරන එ.ජ. මහලෙකම් බන්කී මූන ගැනවත් මිනිහගේ කිසිම බලු පැනල් එකක් ගැනවත් අපිට කිසි විශ්වාසයක් නැහැ, අපි ඔය බලු පැනල් වල තීරන තඹෙකට ගනන් ගන්නේවත් නැහැ.


නාමල් උඹ මොකක්ද හිතන්නේ මේ බලු පැනල් එක ගැන?

නාමල් උඩලමත්ත said...

වැම්පයර්,
හුඟ කාලෙකින් නේද මේ පැත්තේ ආවේ? සතුටුයි දකැන්න ලැබීම.
දේශපාලුවෝ,
ඔය පැනල් එකට ඔබ දාපු නාම නම් ඉස්තරම්. ඕක වැඩිය ප්‍රසිද්ධ කොරන්න එපා. කමිටුවලට නම් දාන්න උඹ පත් කරාවි මූ කී බෑන්. ඕකුන්ට ඕන තමන්ට කවදාවත් දිනා ගන්න බැරි වුණු අනඟි ජයක් මේ පුංචි රටේ උන් දිනා ගත්තේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරලා කියලා ඒ ජයග්‍රහනයේ කීර්තිය යටපත් කරන්න. මොකද උන් දැන් වස විලිලැජ්ජාවේ ඉන්නේ. තමන්ට කොරන්න බැරි වුණු දේවල් මේ පුංචි රටක කළු හමක් තියෙන එවුන් ටික කොරා කියලා. ඇෆ්ගනිස්ථානයේ, ඉරාකයේ උන් විඳින නවනිංගිරාව වහගන්න හදන්නේ අපේ ජයග්‍රහනයේ දැලි ගාලා.
නැත්නම් අපිට ඔය බලු පැනල් පත් කරන්න කලින් ඇමරිකාව, එංගලන්තේ. ඊශ්‍රායලය එල්ලුං ගස් යවන්න ඕන නේද? උන්ගේ බලු පැනල් අපිට වැඩක් නෑ.
හැබැයි හැම කළු වළාවක ම රිදි රේඛාවක් ඇත කියන කතාව සනාථ කරමින් ඔය බලු පැනල් වගේ විවිධ වෙස් මුහුණු දාගෙන එන දේශද්‍රෝහී අවතාර නිසා රටේ දේශප්‍රේමි පිරිස විසිර යා නොදී එකට ගොනු වෙලා රටේ ආරක්ෂාව වෙනුවෙන් පෙරමුණේ බලා ඉන්නවා.
මට පොඩි යෝජනාවක් තියෙනවා කොරන්න මූ කී බෑන් උන්නැහේට. මේ පැනල් එකට පත් කරන්න තිබුණේ මෙයාලා නෙමේ. ඇමරිකාවේ රුද්‍රකුමාර්, නෝර්වේ කොහෙද ලගින සුනන්ද දේශප්‍රිය සහ ඉන්දියාවේ වයිකෝ හරි නැදුමාරන් හරි. නැද්ද දේශපාලුවෝ?

Unknown said...

අප්පට සිරි, නාමලෝ අන්තිම කොමන්ට් එක නම් සැර වැඩිද මන්දා...


මේ පැත්තෙ එනවා බොලේ.. මේ දවස් වල වැඩ අධිකයි.. මුක පූට්‍ටු වෙලා ඉන්නේ!

 
සිය රට දේ සිරි සැප දේ !