Tuesday, October 25, 2016

මහ බැංකු හොරා කරෙන් දැනේ...

බලන්නකෝ ඉතින් එක දවසක් රෑ අර්ජුන් ඇලෝෂියස් කියලා හොල ගෙඩියෙක් මහ බැංකුවට පැනලා සේප්පුවෙි තිබුණු බැඳුම්කර ටික ඔක්කෝම උස්සලා.
ඊට පස්සේ වාර්ෂිකව රුපියයල් බිලියන 5-6 පොරට ගෙවන්නත් වෙලා මහ බැංකුවට. ඒක අවුරුදු 30ක්ම ගෙවන්න ඕන කියලා මහබැංකු අධිපති මාමා පලි නෑනේ. මාමාගේ යාලුවා පලිත් නෑනේ. ඒකයි බෑනාට දඬුවම් දෙන්නේ හොරකමට.
ඕන කිරිඇල්ලෙක් දන්නවානේ අර කිං කැකිල්ලේ නඩුවේ වැස්සට ගේ කඩා වැටුණු එකට වගකියන්න ඕන ගේ හදපු එකාවත්, කලේ හදපු එකාවත්, කුඹල්හල ළඟින් ගිය ගෑනිවත්, ණය ගත්තු මින්හාවත් නෙමෙයි කඩේ මහත මුදලාලි කියලා..
මෝඩ බයියන්ට ඒකවත් තේරෙන්නේ නෑනේ. ඉතින් කොහොමද යහපාලනේ යටතේ රටේ සිදුවන සීඝු සංවර්ධනේ වගේ ලොකු දේවල් තේරුම් ගන්නේ.. මෝඩ බයියෝ පව්..

මරාගේ වැරැද්ද

කිලිනොච්චියේ සහ යාපනයේ දී A 9 මාර්ගය ටයර් පුළුස්ස‍ා නැවත වසා දැමීම පිටුපස මැදමුලනේ මරා සිටින බව රංජන් මැතිඳුන්ගේ රහස් පොලිසිය සොයාගෙන ඇත.
එජාපය සහ ප්‍රභාකරන් මැතිඳුන් එදා වසා දැමූ එම මාර්ගය නැවත මැදමුලනේ මරා විවෘත නොකරා නම් එය එජාපයට සහ ආවා ගෘප් එකට දෙමළ සන්ධානයේ ආධාර ඇතිව මොහොතකට හෝ නැවත වසාදැමීමට සිදුවන්නේ නැත..
එහෙයින් මෙහි සම්පූර්ණ වගකීම මහින්ද භාරගත යුතුය.

කොටි වෙනුවට ආවා ආවා

යහපාලන ආණ්ඩුව යටතේ උතුරින් නැගී සිටියේ කොටි නොව ආවා ගෘප් නම් කල්ලියකි. යහපාලනය සමග කොටි නැගිටීවි යැයි බොරු කියා ජනවාරි 8 ජනමතය කොල්ලකෑමට උත්සාහ කළ මෝඩ බයියන්ගේ තවත් බොරුවක් මාට්ටුයි. ඔබත් මෝඩ බයියන් විශ්වාස නොකළ බුද්ඩිමත් ටොයියෙක් නම් ආඩම්බර වන්න....
 
සිය රට දේ සිරි සැප දේ !