Thursday, December 22, 2011

උගත් පාඩම් කොමිසමෙන් යුද ජයග‍්‍රහණ පාවා දීලා – ෆොන්සේකා

උගත් පාඩම් හා ප්‍රතිසංවිධාන කොමිසම යටතේ අප ලද යුද ජයග්‍රහණය පාවා දී ඇතැයි සරත් ෆොන්සේකා මහතා පවසා තිබේ. එතුමා ප්‍රථම වතාවට “අපේ ජයග්‍රහණය” කියලා බහු වචනයෙන් කතා කිරීම විශේෂ ලක්ෂණයක්. කෙ‍සේ වුදද TNA සහ කොටි, විදෙස් NGO සහ දැන් උන්ගේ පදයට කස්තිරම් අල්ලන ජවිපෙද මේ කොමිසම නිශ්ඵල බව කියා තිබිණි. කොමිසම නොබෝදා විවේචනය කළේ හිටපු යුද වීරයාය. "චැනල් 4 නාලිකාවේ චිත්‍රපටය ගැන රජය විධිමත් පර්යේෂණයක් පැවැත්විය යුතුයි. ජයවේවා!" යැයි කීවේ ද ඔහු බව අමතක නොකළ මනාය.

දැන් එතුමාට කීමට අපට කරුණු කිහිපයක් තිබේ.
"ඉතින් ඔයා සම්බන්ධන් එක්ක ගිවිසුමක් ගැහුවා නේද උතුරු නැගෙනහිර යළි එක් කරනවා, ඉඩම් පොලිස් බලතල දෙනවා, හිරේ ඉන්න කොටි නිදහස් කරනවා කියලා. ඒ ගිවිසුම නිසානේ ඔයා අපේ යුධ වීරයා වෙලා ඉඳලා පස්සේ කොටි වීරයා වුණේ.

ඒ ගිවිසුම ඉටු කරන්නනේ සම්බන්ධන්ලා සිහින ඊළාම් දේශයේ සියලු ආයතනවල ජනතාවගේ ඡන්ද ඔයාට අරන් දීලා දිනෙව්වේ. ජාතියේ පිනට දකුණේ ජනතාව ඔයා පරාද කළා ඡන්ද ලක්ෂ 18න්.

එහෙම නොවුණා නම් අද ඇමරිකාව යුද්ධයට අණ දුන්නා කියලා නඩු පවරන්න මාර්ග හොයන මහින්දත්, චැනල් 4 වීඩියෝ, සුදු කොඩි චෝදනාවලින් දංගෙඩියට යවන්න වළි කෑ ගෝඨාභය, ශවේන්ද්‍ර වගේ අයට මොකද වෙන්නේ. එහෙනම් නඩුත් නෑ. ඔයා ඒ අය ඔක්කෝම මරනවා.ඔයා තමා නියම ද්‍රෝහියා.

මහින්ද තාම ද්‍රෝහියා වුණේ නෑ. එයා ද්‍රෝහියෙක් වෙන එකක් නෑ. එහෙම වුණොත් අද ඔයාට ද්‍රෝහියා කියන විදිහට ම හෙට එයාටත් මම ද්‍රෝහියා කියනවා. ඔයා මේ රට පාවදෙන ගිවිසුමක් ගහපු තුන්වෙනියා. පළවෙනියා දොන් ජුවාන් ධර්මපාල, දෙවැනියා දොන් ජුවාන් වික්‍රමසිංහ, තුන්වෙනියා දොන් ජුවාන් ෆොන්සේකා.

එදා ජනාධිපතිවරණය වෙලාවේ කවුද ඔයා වටේ හිටියේ. යුද්ධය දිනන්න යද්දි ගල් පෙල්ලපු ද්‍රෝහියෝ. කොටි, බෙදුම්වාදීන්, ටැමිල් ඩයස්පෝරාව. මැදවච්චි රවි, හමුදාවේ ඉන්නේ ගොන්නු කියලා නොකියා කියපු කිරිඇල්ල, ගැලවීමේ හමුදාවේ මංගල, තොප්පිගල රනිල්. නියම දේශප්‍රේමියෙක් වටේ කොහොමද රටේ හතුරෝ රොද බඳින්නේ? දේශපාලනයට ආ දවසේ ඉඳලා ඔයා ද්‍රෝහීන්ගේ අතකොලුවක්. අදත් එහෙමයි. හෙටත් එහෙමයි."

Saturday, December 17, 2011

දෑ හිතැති විද්වතුන්ගේ වගකීම සහ TNA කොටි රංචුව

අද ආණ්ඩුවේ ඇතැම් කටයුතු පිළිබඳ අපට සතුටු වෙන්න බැහැ. ඒවා අපට අද විවේචනය කරන්න වෙනවා. එස්.එල්.ගුණසේකර මහතා ආණ්ඩුව පිළිබඳ දිවයින පුවත්පතට විවේචනාත්මක අදහස් පළ කරලා තිබුණා.

ඔන්න දැන් කියන්න පුළුවන් එස්.එල්.ගුණසේකර විපක්ෂයට කඩේ යනවා කියලා. ආණ්ඩුවෙන් මුකුත් නොලැබුණු නිසා දැන් බනිනවා කියලා. මොකද තමන්ගේ බඩ වෙනුවෙන් දේශපාලනය කරන එවුන් හිතන්නේ එහෙම. ඒ වගේ පර හැත්ත හැම තැනම නිසා සාමාන්‍ය මිනිස්සු හිතන්නේ එහෙම.

ඒත් මේ රටේ ජනතාව තේරුම් ගන්න ඕන මේ ආණ්ඩුවේ සමහර අය කරන වැඩ වැරදියි. සමහර හොඳ වැඩ කරන්නෙත් කරන්න පුළුවන් තක්කඩිම විදිහට. රට වෙනුවෙන් ක්‍රියාත්මක කළ යුතුව තිබූ එළවළු පළතුරු බහාලුම් වැඩපිළිවෙළ හොඳ උදාහරණයක්.

ඊට පස්සේ මේ පංචතන්ත්‍රයේ රජතුමා ආරක්ෂා කළ වඳුරා වගේ එතුමා වටේ ඉන්න කේවට්ටයෝ ටික රටේ පොදු කක්කුසියක් හැදුවොත් ඒකට නම තියනවා "මහින්ද රාජපක්ෂ කක්කුස්සි සංකීර්ණය"කියලා.මේවා මෝඩ වහේලාට චූන් වුණාට ජනතාව තුළ ආණ්ඩුව සහ ජනාධිපතිතුමා කෙරෙහි ඇති ප්‍රසාදය බිඳ වැටෙනවා.

අද මේ ආණ්ඩුවට සාධනීය විවේචනයක් අවශ්‍යයයි.ඒ සඳහා විපක්ෂය කළ යුතු කාර්යභාරය අද සිදුවන්නේ නෑ. ඒ නිසා ආණ්ඩුවට සහාය දක්වන අයට ම එහි වරදානවලට බිලි නොවුණු අයට ලොකු වගකීමක් තියෙනවා මේ ආණ්ඩුවේ වැරදි නිවැරදි කරගන්න. වරද පෙන්වා දෙන්න. ගුණදාස අමරසේකර, එස්.එල්.ගුණසේකර, ගෝමින් දයාසිරි වගේ අය මේ සඳහා පෙරමුණ ගතයුතුයි.

TNA මන්ත්‍රී කෙනෙක් ආයෙමත් කියලා පොලිස් බලතල, ඉඩම් බලතල ඕන කියලා. කාටද? දෙමළ ජනතාවටද? නෑ. ඔය පළාත් සභාවලට දීපු බලතලවලින් ජනතාවට ලැබුණු දෙයක් නෑ. ලැබෙන දෙයකුත් නෑ. සිදුවන එකම දෙය බෙදුම්වාදී දිශානතිය කරා රට ආපහු ගමන් කිරීම පමණයි. ඒ නිසා ඒ සඳහා අංශු මාත්‍රයක හෝ සහයක් දීමේ අයිතියක් ආණ්ඩුවට නැහැ. ඒ සඳහා ජනතාව ආණ්ඩුවට බලය දීලාත් නැහැ.

අවුරුදු 30ක් කොටි යුද්ධ කළෙත් ඔය ටික ගන්න තමයි. යුද්ධය අවසන් වුණේ නෑ. අසාධාරණ ඉල්ලිම් ඉල්ලමින් කරපු ත්‍රස්තවාදය දේශමාමක ජනතාව පරාද කළා. පරාද කළේ ඔය තුප්පහි ඉල්ලීම්. ඒ නිසා මේ ගැන නැවත කතා නොක යුතුයි.

අද මේ රටේ දෙමළ ජනතාවට ඉන්න ලොකු ම හතුරා තමයි මේ කොටි රූකඩ රෑණ. මුන් සමග සාකච්ඡා කිරීමෙන් කිසිම පලක් නැහැ. දෙමළ ජනතාවට තියෙන පරිපාලන ප්‍රශ්න විසඳිය යුතුයි. ඔවුන්ට සිය බසින් තම පළාත්වල වැඩ කරන්න ඉඩ ලබා දිය යුතුයි.

දකුණු ඉන්දියාවේ දෙමළ මංකොල්ලකාරයෝ උතුරේ ජනතාවගේ මාලු අස්වැන්න මංකොල්ල කෑම වහාම නතර කළ යුතුයි. ඒ වගේ ම අහිංසක හිංදු ජනතාව අන්තවාදී රංචු විවිධ වරදාන ලබා දෙමින් උන්ගේ ආගම්වලට හරවා ගැනීම වැළැක්විය යුතුයි.

දෙමළ ජනතාවට ගෞරවනීය ලෙස ජීවත්වීමේ අයිතිය ලබා දිය යුතුයි. ඒ අයට වැදගත් විදිහට සැලකිය යුතුයි. ආදරය කළ යුතුයි. එකම ජාතියක් ලෙස එක රෑණක් ලෙස ජාතික අභිලාෂයක් මුදුන් පමුණුවා ගැනීමට එක රෑණේ පියඹා යායුතුයි. ඒ සඳහා අද ඇති විශාලතම ගැටලුව මේ බෙදුම්වාදී රංචුවයි. මේ බල‍ලෝභී පාහරයින්ගෙන් සිදුවන ජාතික අපරාධය වළක්වාලීම ආණ්ඩුවේ වගේ ම සමස්ත ජ්‍නතාව‍ේග පරම වගකීමයි.

Wednesday, December 14, 2011

යුද හමුදාව එළවළු අලෙවියට හා ප‍්‍රවාහනයට සූදානම් - යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක

මේ පිළිබඳ ගුවන්විදුලියේ සභාපතිතුමා මැති ඇමති(-)රු සමග කිරීමට නියමිත කෙටි සාකච්ඡා කිහිපයක් මෙසේ ලියා පළ කරමි.

"මහින්ද රාජපක්ෂ එයාගේ සහෝදරයත් එක්ක එකතු වෙලා මේ රට සම්පූර්ණයෙන් මිලිටරීකරණය කරමින් සිටිනවා. ප්‍රජාතන්ත්‍රවාදය වළ දමනවා. අර ගැලවීමේ හමුදාවටවත් සුදුසු නැති හාදයා . . . වැරදුණා වැරදුණා. රට බේරාගත් යුද විරුවා හිරකරලා. ගොවි ජනතාවගේ අරගලය කඩා කප්පල් කරන්න හමුදාව යොදවනවා." මංගල සමරවීර

"එතකොට මේ උත්සව සමයේ රටේ එළවලු හිගයක් ඇති වුණොත් මේ රටේ ජනතාව අපහසුතාවයට පත් වෙනවා නේද? ඔබතුමාට ඡන්දේ දීපු ජනතාව නේද මේ නිසා අපහසුතාවට පත් වෙන්නේ" හඩ්සන් සමරසිංහ

"නෑ නෑ මගේ ඡන්ද දායකයින්ට කිසිම ප්‍රශ්නයක් නෑ. එයාලා කන්නේ තණ කොළනේ" මංගල සමරවීර

"ඔව් ඉතින් නැත්නම් ඔබතුමාට ඡන්දේ දේවිද නේද?" හඩ්සන් සමරසිංහ
-------------------------------------------------------------------------------------------------------------
"මේ දුප්පතාගේ දුක නොහඳුනන ආණ්ඩුවක්. අද මහින්ද රාජපක්ෂ තනිකර ඒකාධිපති ගමනක් යන්නේ. තමන්ට ඡන්දය දුන් ජනතාවට සලකන විදිහ දැන් පැහැදිලියි. මේ වෙලාවේ පක්ෂය ඇතුළේ ගැටුම් ඇති කර ගැනීම ආණ්ඩුවට වාසියි. ඒ නිසා සියලු වාද භේද පසෙකලා රනිල් වික්‍රමසිංහ මහතාගේ අභීත නායකත්වය යටතේ ආණ්ඩුව ගෙදර යැවීමේ සටන අරඹන්න අපි සුදානම් විය යුතුයි. අපි අපේ බලවත් විරෝධය ප්‍රකාශ කරනවා මේ විදිහ‍ට ජන මතයට ඇහුන් කන් නොදී කටයුතු කරන ආණ්ඩුවේ ක්‍රියා පිළිවෙතට" තිස්ස අත්තනායක

"ඒත් ගරු ලේකම්තුමනි, මේ උත්සව සමයේ රටේ භාණ්ඩ හිගයක් ඇති වුණොත් ජනතාව අපහසුතාවට පත් වෙනවා නේද?"හඩ්සන් සමරසිංහ

"ඒකට මේ අසාර්ථක ආණ්ඩුව සම්පූර්ණයෙන් වගකිව යුතුයි. මේක එළවළු ටිකවත් බෙදාගන්න බැරි ආණ්ඩුවක්"තිස්ස අත්තනායක
--------------------------------------------------------------------------------------------------------------
"මේ රට කොටි ත්‍රස්තවාදයෙන් නිදහස් කරගත් අපේ විරෝධාර හමුදා විරුවෝ ගිනි අව්වේ කැරට් බොංචි විකුණන්න දාලා. මෙහෙමද මේගොල්ලෝ යුද වීරයින්ට සලකන්නේ. මගේ පපුව හොස් ගාලා යනවා. අපේ සදාදර යුදවිරුවා හිරේ දාලා. මේ ආණ්ඩුව කිලිනොච්චි යනවා කියලා මැදවච්චි යන්නේ" රවි කරුණානායක

"ඒත් මන්ත්‍රීතුමනි, මේ නත්තල් සමය. නව අවුරුස්ස අත ළඟ. උත්සව සමයේ රටේ භාණ්ඩ හිගයක් ඇති වුණොත්....?"හඩ්සන් සමරසිංහ

"නෑ නෑ එහෙම වෙන්න කිසිම විදිහක් නෑ. අපි දුර දිග හිතලා එදා ආරම්භ කළ වැඩ ටික මේ ආණ්ඩුව කරගෙන ගියා නම්. බලන්න මං වෙළඳ ඇමතිවෙලා රට පුරා භාණ්ඩ බෙදා හරින්න සතොස දියුණු කළා. නෑ නෑ වැරදුනා මං මං මං මං ...." රවි කරුණානායක

"එතුමාගේ දුරකථනය විසන්ධි වුණා. අපි ආපහු උත්සාහ කරලා බලමු එතුමා සම්බන්ධ කරගන්න."හඩ්සන් සමරසිංහ
--------------------------------------------------------------------------------------------------------------
"ඇත්තට ම මේක අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ දැක්ම යටතේ ලංකාව ආසියාවේ ආශ්චර්ය කරා යන ගමන දිහෑ බලගෙන ඉන්න බැරි එවුන්ගේ කුමන්ත්‍රණයක්. මේ ගොවියෝ, සුළු වෙළන්දො, නට්ටාමිලා විදිහට රඟපාන සුළුතරය මේ රටට විරුද්ධ බලවේගයක අතකොලුවන් පිරිසක් ලෙස ක්‍රියා කරනවාද කියන සාධාරණ සැකය අපට තියෙනවා. මං ඊයෙත් මගේ ගමට ගියා. මග දිගට ම ජනතාව පාරට බැහැලා කෑ ගහලා කිව්වේ මොකක්ද? මේ ප්ලාස්ටික් කූඩ නීතිය ඉතා ම හොඳයි කියලා. හැමෝම ප්ලාස්ටික් කූඩවල එළවලු අරගෙන යනවා. මූණුවල සතුට පිරිලා. ඇයි මාධ්‍යවලින් මේවා පෙන්වන්නේ නැත්තේ. ආණ්ඩුවේ මාධ්‍යවලට ලොකු වගකීමක් තියෙනවා මේ ජනතා මතය රටට පෙන්වන්න." කෙහෙළිය රඹුක්වැල්ල

"ඇත්ත ඇමතිතුමනි, අපි දැක්කා මැනිං මාකට් එක ළඟ කිහිප දෙනෙක් කෑ ගැහුවා. මේ අය විපක්ෂයේ ආධාරකරුවෝ. ඔක්කොම කොළ පාට කමිස ඇඳගෙන හිටියේ. කිහිපදෙනෙක් ඇමරිකන් කොඩි සහිත කමිසත් ඇඳ ගෙන හිටියා. රටේ සතුරු බලවේග දතකනවා ලංකාවත් ලිබියාවක් කරන්න. එහෙම නේද ඇමතිතුමා."හඩ්සන් සමරසිංහ

"ඒක ඇත්ත. යුද්ධය ඉවර වුණාට තවම කොටි සටන අතෑරලා නෑ. මේ රටේ දේශප්‍රේමි ජනතාව සුදානම් විය යුතුයි පරිප්පුයි බතුයි කාලා හරි මේ කැරලිකාරයින් මෙල්ල කරන්න. අපේ හමුදාව ඕන දේකට සුදානම්. ප්ලාස්ටික් කූඩ අස්සේ සැඟවී එන ත්‍රස්තවාදී බලවේග අපි හඳුනාගත යුතුයි." කෙහෙළිය රඹුක්වැල්ල

 
සිය රට දේ සිරි සැප දේ !