ලංකා ඉ නිව්ස් යනු ඊළාම්වාදී වෙබ් අඩවියකි. මේ ඊළාම්වාදීන්ගේ රාජ්‍ය විරෝධය ආණ්ඩු විරෝධයක් ලෙස අවබෝධ කරගත් පක්ෂ විපක්ෂ දේශපාලන ජාත්‍යන්ධයෝ සිටිති. මොවුන් ඊට විරුද්ධ වන්නේ තම ආණ්ඩුවට එරෙහි වුවා යැයි සිතා ගෙන වන අතර පක්ෂ වන්නේ ආණ්ඩුවට විරුද්ධ වුවා යැයි සිතා ගෙන ය. එහි කතුවරයා යැයි කියන සඳරුවන් සේනාධීර නමැත්තා දැනට රටින් පළා ගොස් ඊළම වෙනුවෙන් තවමත් ලියන්නෙකි.
ලංකාවට එරෙහිව ගෙන ආ යෝජනා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ ද, ආරක්ෂක මණ්ඩලයේ ද පරාජයට පත්වීම නිසා කෝපයට පත්ව සිටි මොහු බෑන් කී මූන්ගේ කමිටුව ගැන සියලු ඊළාම්වාදීන් මෙන් ම මහත් සතුටට පත්ව සිටින්නෙකි. ලංකා රජය සහ බහුතර ජනතාව ද නොබැදි ජාතීන් ද චීතය, රුසියාව සහ ඉන්දියාව ද සිය විරෝධය ප්‍රකාශ කොට ඇති මේ ඊනියා කමිටුවට සුජාතභාවයක් දීමට මේ ඊළාම්වාදියා ලිපියක් ලියා තිබේ.
එහි සඳහන් වන පරිදි ඔහුට එක්සත් ජාතීන්ගේ සංවිධානය ගැන උගන්වා ඇත්තේ පාසැලේ 7 වන ශ්‍රේණියේ දී බව ය. එහිදී ඔහුට උගන්වා ඇත්තේ අද මේ විරෝධතාකරුවන් පවසන ආකාරයේ සංවිධානයක් ගැන නොවේ. එහෙයින් මේ විරෝධතාකරුවන් කියන දෑ බොරු ය. ඇත්ත නම් සඳරුවන් සේනාධීරට පාසැලේ 7 වන ශ්‍රේණියේ උගැන්වූ දෑ ය.
7 වන ශ්‍රේණියේ ළමයෙකුට ඔහුගේ ධාරණ ශක්තියට ගැලපෙන ලෙස අදාළ සංවිධාන ගැන මූලික දැනුමක් ලබා දෙයි. එහෙත් ඒ මූලික දැනුම පදනම් කරගෙන අදාළ සංකල්ප, සංවිධාන ගැන ඔහු තව තවත් අධ්‍යයනයට යොමු වෙතැයි අධ්‍යාපනඥයෝ බලපොරොත්තු වෙති.
මේ පුද්ගලයා එසේ අධ්‍යයනය නොකිරීම ගැන අපට ප්‍රශ්නයක් නැත. අපට ප්‍රශ්නය ඔහු මීට වසර 20-30ට පෙර 7 ශ්‍රේණියේ උගත් දැනුමින් ලිපි ලිවීම ය. අපට ද ඒ දෘෂ්ටියෙන් ලෝකය බලන්නැයි ආරාධනා කිරීම ගැන ය. සඳරුවන් සේනාධීරගේ 7 දැනුම සිරසේ 'පුංචි පහේ මං' වැඩසටහනට ප්‍රමාණවත් විය හැකි වුව ද වර්තමාන ලෝකයේ එක්සත් ජාතීන්ගේ භූමිකාව විවේචනයට නම් ප්‍රමාණවත් නැත.
ජාතීන්ගේ සංවිධානයයේ අසාර්ථකත්වය හමුවේ 1945 බිහි වූ එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ වන විට ක්‍රියාත්මක වන්නේ එය ගිවිස ගත් ප්‍රඥප්තිය හෝ එදා පැවති ලෝක සමාජ දේශපාලන වටපිටාවෙහි නොවේ. 1992 වන විට සෝවියට්දේශය සහ බිඳ වැටී සීතල යුද්ධය ද කෙළවර වී තිබේ. මේ වන විට ලෝක දේශපාලනයේ ප්‍රධාන භූමිකාව ඇමරිකන් පොලිස්කාරයා සහ බටහිර බලවතුන් කිහිපදෙනෙකු විසින් උසුලනු ලැබේ. අපට 7 ශ්‍රේණියේ ප්‍රඤාප්තිය ඉගැන්වීමට එන සඳරුවන් සේනාධීර 1945 සිට එක්සත් ජාතීන්ගේ භූමිකාව විමසා බැලිය යුතුය. එවිට එහි න්‍යායාත්මක භූමිකාව සහ ප්‍රයෝගික ක්‍රියාකාරීත්වය අතර වෙනස අවබෝධ කරගත හැකි වනු ඇත.