කිව්වම මොකද ආයුබෝවන්ඩ මමත් දැන් වරුස ගාණක් තිස්සේ යනවා නොවැ අර පොත් පෙදර්සනේ බලන්න. බලන්න කිව්වට මම නම් යන්නේ ඔය දුර්ලභ පොතක් දෙකක් තිබුණොත් අරන් එන්න මිසක් රස්තියාදු ගහන්න නෙවේ ඔන්න.
මම දැක්ක ආයුබෝවන්ඩ අපේ තරුණ ගැටව් ඒ කිව්වේ කලිසම ඔන්න වැටෙයි මෙන්න වැටෙයි කියලා හිතෙන පුතාලා රංචු රංචු එහා මෙහා හක්කලන් කරනවා.
ඔන්න ඉතින් ටිකක් ඇවිදින කොට කකුල් කෙටි දෙක රිදෙන්න ගත්තා. තොල කටත් වෙලීලා. ගිරිස්මේ නිසා දාඩිය ඉහෙන් කනෙන් බේරෙනවා. අප්පච්චියේ තැඹිලි ගෙඩියක් බොන්න තිබුණා නම් මසුරං වටිනවා.
"මේ පුතාලා කිට්ටුවක දැක්කේ නැද්ද තැඹිලි ගෙඩියක් බොන්න තැනක්" වෙසක් කූඩු වගේ ලස්සනට ඇඳලා එන පුතාලා කට්ටියකගෙන් මම ඇහුවා.
"අයියෝ අන්කල් මේක ඉන්ටර් නැෂනල් එක්ෂිබිෂන් එකක්. ලැජ්ජ නැද්ද තැඹිලි කෝම්බ ලොවින්න. බොන්නකෝ අර කොකාකෝලා එකක් " ඔන්න ඔහොමයි ආයුබෝවන්ඩ අලි බදින දම්වැලක් කරේ දාගෙන ආපු පුතෙක් මට උත්තර දුන්නේ.
මම ආයේ වටපිට හෝදිසි කරලා බැලුවා රණවරා උගුරක් හරි බෙලි මල් කෝප්පයක් හරි බොන්න ඇහැක් තැනැක්. ඔහේ නෑ ආයුබෝවන්ඩ. හැමතැන ම රට බීම. කෝකාකෝලා පුතාලා නම් සාලාව ඇතුලෙත් උන්නා. මට ඉතින් ඔය ඒරොප්පෙන් එන කෝකාකෝලා අරකෝලා මේකෝලා හරියන් නැහැ නොවැ. අන්තිමට සාලාව පිළිකන්නේ තිබුණ තේ කඩෙන් කහට උගුරක් බීවා.
විදිලි එළියට කළුවර මැකුනට මොකද වේලාව අස්ස පිටේ ගොහිල්ලා. මම දනිපනි ගාලා ආපහු එන්න හැරුණා ගෙදර යන්න. මෙන්න බොලේ අර කලිසං හැලෙන පුතාලා කට්ටියකුත් යනවා. ඒත් ගනිපු පොත් නම් අතේ තිබුණේ නෑ. පොත් නැතුවට මොකද ආයුබෝවන්ඩ ඔක්කොමල්ලා පොඩි පොඩි කෝකාකෝලා කෝප්පවලට බට දාගෙන බිබි යන උජාරුව. සිරියාවේ බෑ.
මම හිතන්නේ ඒ උගත් පුතාලට ගන්න වටින පොත් නැතිව වෙන්නැති. ඔය එක එකා ඒ පුතාල ගැන ඔලොක්කුවට කතා කළාට මම නම් ඔය අලුගුත්තේරු වැඩවලට නෑ.
වතුර මල ළඟට එද්දි නොවැ මම දැක්කේ අර බෝතලේ. කිරි අප්පට බල්ලෝ පැනපි ඒකේ ලොකු. බෝතලයක් හුළං ගහලා පුම්බලා. ඒකේ කෝකාකෝලා කියලා ලියලා. සාලාව ඉස්සරහ හරියට මහබඹා වගේ. මහ පාරට ඇවත් මම ආයෙත් හැරිලා බැලුවා. අම්මපා කිව්වට විස්වාස කරන්න එපා ආයුබෝවන්ඩ ප්‍රදර්සනේ බලන්න නොගිහින් පාර දිගේ ගියානම් ඕන එකෙක් හිතන්නේ කොකාකෝලා ප්‍රදර්සනයක් කියලා. නැද්ද මං අහන්නේ?
Wednesday, October 1, 2008
Wednesday, September 24, 2008
හිඟා කා තැනූ මහා සෑය
පෙරමුණේ රාල අවුරුදු කීපයක් තිස්සේ කොළඹ ගෙන්දගම් පොළවෙ පය ගහලා ඉන්නවා තමා. ඒ වුණාට මම ඉතින් ගමේ බයියෙක් නොවැ. බලු වලිගේ උණ පුරුකේ ලෑවත් ඇද ඇරෙන්නෑ වගේ ගමේ පුරුද්දට තාම සිරි ලංකා ගුවන් විදිලියේ එහෙම නැත්නම් රෙදෙව්වේ උදේ පරවුත්ති අහන එක මගේ පුරුද්ද.
දැන් පරවුත්ති කාලයත් කොම්පැණිවලට විකුණපු බව මම නොකිව්වට ඔහෙලා හොඳටම දන්නවා නෙව. ඉතින් අපේ රටේ බැංකුවකට තමා මේ උදේ පරවුත්ති අයිති. උන්දැලගේ දැන්වීමට හඬ කවන්නේ ළා හඬක් තියෙන නාඹර ගැටයෙකුයි ගැටිස්සියෙකුයි. ඒ මෙහෙම.
ගැටයා_ ඔයා දන්නව ද අපේ තාත්තාලා සීයලා ගෙවල් හැදුවේ කොහොම ද කියලා ?
ගැටිස්සි_බැංකු ණය අරන් වෙන්න ඇති.
අපේ තාත්තාට අර ගරාමීය බැංකුවේ පොතක් නම් තිබුණා ආයිබෝවන්ඩ. ඒත් තාත්තා පුළු පුළුවන් විදිහට ඒකට කීය කීය හරි දැම්ම මිසක් ණය ගත්තේ නැහැ. මුත්තා නම් බැංකුවක් දැකලාවත් නැතිව ඇති. දෙයියන්ගේ පිහිටෙන් මුන්දැලා දෙන්නට ම වැටිලා ඉන්න තැනක් හදාගෙන තිබුණා.
හැබැයි ඔය එක එකාට ණය වුණේ නැහැ. කිව්වට විශ්වාස කරන්න අද කාලේ හැම එකාට ම අතපෑම නම්බුවක් වුණාට ආයුබෝවන්ඩ උන්දැලා ඒක සැලකුවේ මහා නවනිංගිරාවක් විදිහට. මට දුක මේ රටේ එවුන් කාටවත් ණය නොවී ජීවත්වෙලා දැන් මේ පොළව යට නිඳා ඉන්න උන්දැලට නින්දා කරන එක ගැන. අම්මපා උන්දැලා හිටියා නම් මුන්ට කියලා දෙයි ගනිපු ණය. මොකටද මගේ කට.
මේ උත්තමයෝ හෙට අනිද්දා රුවන්වැලි සෑය යටට ගොහින් "අපේ දුටුගැමුණු මුත්තා මේක හැදුවේ චෝල දේසේ රජාගෙන් ණය අරගෙන නොවැ" කීවොත් පුදුම වෙන් එපා ආයුබෝවන්ඩ.

Monday, August 11, 2008
ආචාර්යතුමා
අවසන සියලු මහත්වරු ඒකඡන්දයෙන් ආචාර්ය ඇමැතිතුමාට මරණ දඬුවම පැනවීමට තීරණය කළා ය.
දඬුවම ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳ විවාදය හොරා කිහිපයක් දිගු විය. අලියා නියෝජනය කරමින් පැමිණි නියෝජිතයා පැවසුවේ ඇමරිකානු ක්‍රමයට විදිලි පුටුවේ සිටවිය යුතු බව ය.
ත්‍රිවිල් සමාජවාදී පක්ෂයේ ආචාර්තුමා පැවසුවේ එය ඇමරිකානු අධිරාජ්‍යවාදයට බිලිවීමක් බවත් එහෙයින් ප්‍රභාකරන් දිඹුලාගල දී ජය ශ්‍රී මහ බෝධියේ දී අනුගමනය කළ ක්‍රමය යොදා ගත යුතු බව ය. එමගින් ප්‍රභාකරන්ගේ විමුක්ති සටන සාධාරණීකරණයට තල්ලුවක් ද ලැබෙන බව හෙතෙම තව දුරටත් පැවසුවේ ය.
මේ යෝජනාවෙන් පස්වනක් ප්‍රීතියෙන් ඔකඳ වූ ජඩ මාධ්‍ය ව්‍යාපාරයේ දේශඅප්‍රිය මහතා පැවසුවේ ‘අපිට බැරි ද කදිරාට කළ විදිහ යොදාගන්න? එතකොට පුළුවන්නේ ප්‍රභාකරන් දෙමළ ජනතාවගේ විමුක්තිවාදියා කියලත් ඔප්පු කරන්න.’ ඒ යෝජනාවට වාමාංශිකයෝ එක් ව අත්පොළසන් දුන් හ.
‘ඒත් ඔය කිසි ම ක්‍රමයකට බෑ අපිට මේකට පෞද්ගලිකව සහභාගී වෙන්න. ඒ නිසා අපි යෝජනා කරනවා ගෝල් ෆේස් එකේ ප්‍රසිද්ධියේ ගල් ගහලා මරන්න. හැබැයි ලයිව් පෙන්නන්නේ අපේ චැනල් එකේ විතරයි’ කොටි ෆස්ට් නාලිකාව නියෝජනය කරමින් පැමිණි නියෝජිතයා සිය හඬ අවදි කළේ ය.
ජාත්‍යන්තර මානව හිමිකම් කොම්පැණිය නියෝජනය කරමින් පැමිණි යුවතිය අවසන කතා කළා ය. ‘ඔව් අන්තිම යෝජනාව හොඳයි. මානුෂිකයි. කොහොම වුණත් අපි චූදිතයට එක් වරයක් දෙමු මුල් ම ගල ගහන කෙනා තෝර ගන්න.’ ඒ අනුව බොහෝ වේලාවක් ඇදී ගිය විවාදය ආචාර්යතුමා ගල් ගසා මරා දැමීමටත් ඊට මානුෂීය මුහුණුවරක් ආරෝපණය කිරීම සඳහා ඔහුට වරයක් ලබා දීමටත් ඒක ඡන්දයෙන් සම්මත කර ගෙන සභාව විසිර ගියේ අදාළ දින ගාලු මුවදොර හමුවීමේ එකඟතාවෙනි.
නියමිත දින උදෑසන පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නියෝජනය කරමින් පක්ෂ ලේකම්වරු ඇතුළු පිරිසකගෙන් ද NGO කාරයින්ගෙන් ද ඇතැම් ජන මාධ්‍යවේදීන්ගෙන් ද වාමාංශික පක්ෂ නායකකාරකාදීන්ගෙන් ද මානුෂීය අයිතිවාසිකම් - කාන්තා අයිතිවාසිකම් - ළමා අයිතිවාසිකම් ආදී මෙකි නොකී හැටහුටහමාරක් සමාගම්වල බැළමෙහෙකරන්නන්ගෙන් ද ගාලු මුවදොර පිටිය අතුරු සිදුරු නැතිව පිරීතිරී ගියේ ය. ඔවුන් සියලු දෙනා අත ගල් කිහිපය බැගින් තිබිණි.
පෙරමුණේ රාළ මේ අවනඩුවට අකමැති වුව ද සිදුවන දේ දැන ගන්ට එහි ගියේ ය. දෑත පසුපටට තබා බැඳී ආචාර්යතුමා මුහුණු වසා ගත් පිරිසක් විසින් කැඳවා ගෙන එන ලදි.
‘දැන් තමාට අවසාන ඉල්ලීම කරන්න පුළුවන්’ උසාවි තෝල්කයා අචාර්යතුමා දෙසට හැරී පැවසුවේ ය. ඉතා ම ශාන්ත ලෙස උපැස් යුවළ පැළඳි මුහුණ නඩුකාර උන්නාන්සේ වෙත හැරවූ ආචාර්යතුමා මෙසේ කීවේ ය.
‘ස්වාමීණි, කවදාවත් සිහිනෙන්වත් වරදක් නොකරපු කෙනෙකුට පළමු ගල ගහන්න නියෝග කරන්න. ඒකයි මගේ අවසාන ඉල්ලීම’
මේ ඉල්ලීමත් සමග සියල්ලෝ ගල් ගැසුණා හ. ඔවුනොවුන් එකිනෙකාගේ මුහුණු බලන්නට විය. පිරිසක් කසුකුසුගාන්ට වූහ. ඇතැම්හු බර කල්පනාවකට වැටිණාහ. සමහරු සිතින් තම පව් පොත දිග හැර බලන්ට වූහ. බොහෝ දෙනාට තම පව් පොත් වරක් කියවීමට පවා සිය ඉදිරි ජීවිත කාලය මදි බව අවබෝධ විය.
‘මේ යක්ෂයා අපිට නිදහසේ මැරෙන්නවත් ඉඩ තියන්නේ නෑනේ’යි පෙරමුණේ රාළගේ කනට කොඳුළ වයසක මහතාගේ අතේ තිබූ ගල් නොදැනිම බිම වැටිණි. ‘මේ උන්නැහැ නම් NGO එකක වැඩ කරන කෙනෙක් වෙන්න ඇති’ පෙරමුණේ රාලට නිකමට සිතිණි. ඇසිල්ලකින් ඒ මහතා සතර අතින් මහා අග්නි ජාලාවක් මතුවී දැවෙන්නා සේ බිරාන්ත ව මොර දීගෙන බිම ඇද වැටිණි.
ඒ සමග ම එකිනෙකා සිය ගල් සිටි සිටි තැන ම අතැර නික්මෙන්ට වූහ. අවසන නඩුකාර උන්නාන්සේ ද නික්මිණි. ආචාර්යතුමාගේ දෑතේ විලංගු ලිහා දැමිණි.
ගාලු මුවදොර ගොඩ ගැසුණු මහා ගල් ගොඩ දැක පුදුම වූ පෙරමුණේ රාල ‘චීන මහා ප්‍රාකාරය වගේ පවුරක් ලංකාව වටේ හදන්න ගල් තියෙනවා’ යයි කියාගෙන යන්ට හැරෙත් ම ඇඳ පල්ලට වැටීණි. තමා දුටුවේ සිහිනයක් බව පෙරමුණේ රාලට හැඟෙත් ම සිහින් ලැජ්ජාවකින් සිත හැකිළි ගියේ ය. හාමිනේ අවදි නොවූ බව දැන ගත් ඔහු සෙමෙන් යළි ඇඳට ඇදුණේ ය.

Subscribe to:
Posts (Atom)