13 වන ව්‍යස්ථා සංශෝධනය සහ පළාත් සභා පනත ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු වූ අවස්ථාවේ එය විභාග කර තීන්දුව ලබා දීමට අගවිනිසුරු එස්. ෂර්වානන්ද ඇතුළු විනිසුරුවරුන් නව දෙනකු සහභාගී වී තිබේ. අගවිනිසුරු ඇතුළු විනිසුරුවන් පස් දෙනෙකුගේ මතය වී ඇත්තේ එමගින් රට ෆෙඩරල් ස්වරූපයකට යොමු නොවන බවයි.
එහි දී ඔවුන්ගේ මූලික තර්කය වූයේ පළාත් සභාවලට ලැබෙන විධායක බලතල ට ෆෙඩරල් නොවන බවය. ඉතිරි විනිසුරුවරුන් 4 දෙනා ඊට එකඟ වූයේ නැත. එහෙයින් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුමත වීමට පාර්ලිමේන්තුවේ 2/3 පමණක් නොව ජනමතවිචාරණයක් ද අවශ්‍ය බව ඔවුන්ගේ මතය විය. කෙසේ වුව ද බෙදුණු තීන්දුව බහුතර මතය ක්‍රියාත්මක විය.
විධායක ජනාධිපතිවරයා විසින් ආණ්ඩුකාරවරයා ඔස්සේ ප්‍රධාන ඇමති හා ඇමති මණ්ඩලයට ලබා දෙන හෙයින් ද එය අවසානයේ ජනාධිපතිගේ පාලනයට යටත් වන හෙයින් ද 13න් රට ෆෙඩරල් නොවන බවය.
එදා 13 නිසා රට ෆෙඩරල් නොවන්නේ යැයි කී පිරිස ද එසේ කීවේ විධායක ජනාධිපති ධූරය නිසා රටේ ඒකීයභාවය සුරක්ෂිත වන්නේය යන තර්කය මත පිහිටාය. එසේ නම් විධායක ජනාධිපති ධුරය අහෝසි කළ විට රට ෆෙඩරල් නොවන්නේ ද? විධායක අගමැතිවරයාට එම බලතල ලබා දෙන බවට බෙදුම්වාදීන් පවසන මතය අප පිළිගත යුතුද?
එම බලතල විධායක අගමැතිවරයාට ලබා දීමට ඔවුන් උත්සාහ කරන්නේ ඇයි? එම බලතල විධායක ජනාධිපතිවරයා යටතේ පවතිනවාට වඩා විධායක අගමැතිවරයා යටතේ තැබීමට ඔවුන් කැමති වන්නේ කුමන අරමුණකින් ද? එමගින් රටේ ඒකීයභාවය තවත් දුර්වල කළ හැකි නිසා ද? මේ හැරෙන්නේ පොල් පැලයට නෙමේද? ඒ රටේ ඒකීයභාවය රැකීමට ද නැතිනම් නැසීමට ද?
අවිචාරයේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට අත උස්සා විධායක ජනාධිපති ධුරය දුර්වල කළ ගමනේ දෙවන ඉනිමට ඒකාබද්ධ විපක්ෂයේ ඇතැමුන් සහාය වන්නටය සුදානම් වන්නේ 19 නිසා රටට සිදු වූ හානිය පිළිබඳ තක්සේරුවක් ඇතිව ද? අද රටම අරාජික වී ඇත්තේ 19 නිසා නොවේද?
No comments:
Post a Comment