Thursday, April 19, 2018

වී වෙනුවට ප්ලේන් බාන වී ගබඩාව

ඊයේ දින මත්තල වී ගබඩාවට ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානාව වන ඇන්ටනොව් 225 ගුවන්යානයක් ගොඩ බා තිබේ. එම ගුවන්යානයට තෙල් සහ කාර්ය මණ්ඩලයට පහසුකම් ලබා දීම මගින් රුපියල් මිලියන 13ක විදේශ විනිමයක් රටට ලැබී තිබේ. මේ ලෝකයේ වී ගබඩාවක් එක් දිනක් තුළ ලද වැඩිම මුදල බවට කිසිදු සැකයක් නැත.

මෙවැනි විදේශ විනිමයක් උපයන්නේ 2015 වසරේ සිට මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළේ වී ගබඩා කරමින් ද ජාත්‍යන්තරයේ ගුවන්තොටුපළක් ලෙස නිර්මාණය වෙමින් තිබූ නාමය විනාශ කරමින් ද අපේ ආණ්ඩුව කරගෙන ගිය විශිෂ්ට වැඩපිළිවෙළේ ප්‍රතිඵලයක් ලෙසය.
දුරදිග බලා රට ගැන සිතා කටයුතු කරන අපේ යහපාලන ආණ්ඩුව නොවන්නට ලොව විශාලතම ගුවන් යානාවක් කිසි දිනක වී ගබඩාවකට පාත් කිරීම පවා සිහිනයකි. 2015 වෙනසට පාර කියා මත්තල වී ගබඩාවටත් ලොව විශාලතම ගුවන්යානා රැගෙන ආ ජන බලය දිගුකල් දිනේවා! වී වෙනුවට ගුවන්යානා බාන වී ගබඩාවක් රටට දිනාදුන් යහපාලනාණ්ඩුව වැජඹේවා!

2 comments:

Vipravasika said...

මහතාණනි, ඔබගේ හද පසාරුකරගෙන යන සෝපහාසාත්මක බසට මම බෙහෙවින් ප්‍රියකරමි! රටකට මෙතරම් අපහාස කරන්නට මේ පාලකයන්ට « මොළය » පහලවූයේ මන්ද? මහාචාර්ය කාලෝගේ අර වාචාල නලු පුතා වීගබඩා කිරීම තප්පුලමින් රූපවාහිනී තිර දෙවනත් කරමින් අගයකළ ආකාරය තවමත් දෝන්කාර දෙයි! අරලියගහ මන්දිරයේ එලිමහන් බැම්මේ ලස්සනට වවා තිබුණු මල් ටික ගලවාගෙන ගොස් ගම්පහ දමා තිබූ අයුරුත් මේ මොහොතේ මගේ මතකය කොනහයි! ඒවා ගලවද්දී කීයේ ජලය අපතේ යාම වැලැක්වීමට එසේ කළ බවයි! ඒ වනවිට අරලියගහ මන්දිරයේ වසන « ජාතික වීරයා » මහ බැන්කුව සුද්දකර තිබුණාදැයි මට මතක නැත.
මේ සියලු නඩයට ම අපේ රට දියුණුවීම සහ ලස්සන වීම දිරවාගන්නට නොහැකි වූයේ ඇයි?

නාමල් උඩලමත්ත said...

ඔබේ ප්‍රතිචාරයට බොහොම ස්තූතියි.

 
සිය රට දේ සිරි සැප දේ !