Wednesday, June 10, 2015

ත්‍රස්තවාදය පරාජය කළේ කවුද?

"පරාජය අවජාතකයි. ජයග්‍රහණයට පියවරු සියයයි" යනුවෙන් කතාවක් තිබේ. එය සැබෑවකි. 2009 ත්‍රස්තවාදය මේ රටින් ජයග්‍රාහී ලෙස අවසන් කළ අවස්ථාවේ සිට ඊට පියවරු බොහෝ ය. 2010 ජනාධිපතිවරණ සමය වන විට ජෙනරාල් ෆොන්සේකා වීරයා බව ඔහුට එතෙක් ගැරහූ විපක්ෂය කියා සිටියේ ය. චන්ද්‍රිකා 75%ක් යුද්ධය අවසන් කර තිබුණු බව ඇය කීවා ය. කරුණා කොටින් සමඟ විරසක කරවූයේ තමන් යැයි රනිල් ප්‍රමුඛ එජාපය කියන්නේ ඒ ජයග්‍රහණය පීතෘත්වය තමන්ට ද හිමි බව කියා පාමිණි. කෙසේ වුව ද වැරදිලාවත් මහින්ද රාජපක්ෂ කොටි ත්‍රස්තවාදය හමුදාව යොදවා විනාශ කිරීමට ගත් තීන්දුව ජයග්‍රහණයෙන් කෙළවර නොවිණි නම් මේ පියවරු සියලු දෙනා ඒ පරාජයේ පීතෘත්වය මහින්ද මත පැටවීමට කිසිසේත් නිර්ලෝභි නොවන බවට කවර නම් සැකයක් ද? එසේ නම් පියවරු සියයක් නිසා දැන් අවජාතක වී ඇති මේ විජයග්‍රහණයයේ පියවරු අපට සොයා ගැනීමට ද නො හැකි වනු ඇත.   

කෙසේ වුව ද අපට වැදගත් වන්නේ මේ එකිනෙකා ත්‍රස්තවාදය අවසන් කළේ කවුද යන්න පිළිබඳ කරන විග්‍රහ නො වේ. අපට වැදගත් වන්නේ දෙමළ සමාජය විශේෂයෙන් ඊළාම්වාදීන් සහ ඊනියා ජාත්‍යන්තර ප්‍රජාව කියන බටහිර ත්‍රස්තවාදය අවසන් කළේ කවුද යන්න පිළිබඳ දරන අදහසයි. ඒ රටට සහ ත්‍රස්තවාදය අවසන් කළ නායකයින්ට අභුත චෝදනා එල්ල වන්නේ ඔවුන්ගෙන් හෙයිනි. ඔවුන් සිය ඊනියා ඊළාම් විමුක්තිවාදී සටන පරාජය කළේ මහින්ද බවටයි චෝදනා කරන්නේ. ඉරාකයට ගැහුවේ ජෝර්ජ් බුෂ් මිස කමන්ඩර් ඩේවිඩ් පෙට්‍රෝස් හෝ කමන්ඩර් ජෝර්ජ් කේසි හෝ යැයි කියන කිසිවෙක් ලොව නැත. ඒ ආක්‍රමණය සඳහා දෙවියන් වහන්සේ බුෂ්ට අණ දුන් බවට ඔහු කියන කතාව වෙන ම සාකච්ඡා කළ යුතු ය. එළාර නමැති ආක්‍රමණිකයා පරාජය කොට රට එක්සේසත් කළේ ඵුස්සදේව යැයි කියන අය ද නොමැත. එහෙයින් ෆොන්සේකා යනු මහින්ද විසින් ත්‍රස්තවාදය අවසන් කරන සටන සඳහා යොදා ගත් හමුදාපතිවරු තිදෙනාගෙන් කෙනෙක් බව පැහැදිළියි. මේ ජයග්‍රහණයේ උරුමය චන්ද්‍රිකා පවරා ගැනීම ගැමුණු ලද ජයග්‍රහණය අවප්‍රමාණ කිරීම සඳහා එහි ගෞරවය එළාර රජු අතින් මැරුම් කෑ අසේලට පැවරීමට දෙවැනි නැත. උතුරේ හමුදාව ලැබූ බරපතළ පරාජයන් බොහොමයක් අප ලැබුවේ චන්ද්‍රිකා සමයේ වන අතර අවසාන ඇසක් ද අහිමි විය. අප මේ කරුණු පැහැදිලි ව අවබෝධ කර ගත යුතු ය.


ත්‍රස්තවාදය කෙළවර කර වසර 600කට පමණ පසු නැවත මේ රට එක්සේසත් කිරීමේ ගෞරවය මහින්දට දීමට විරුද්ධවාදීන් එකඟ නො වුණ ද එය මහින්දගේ වැඩක් බව දෙමළ බෙදුම්වාදීන් වගේ ම ඒ පිටුපස සිටින බටහිර සහ ඇමරිකාවත් මැනවින් දනියි. 2010 ඊළාම් සිතියම සහිත ප්‍රදේශ ජනාධිපතිවරණයේ දී ෆොන්සේකා දිනන්නේ එහෙයිනි. 2015 ජනාධිපතිවරණයේ දී 80%ක් උතුරු නැඟෙනහිර ඡන්ද සිරිසේනට ලැබෙන්නේ එහෙයිනි. මහින්ද පරාජය වන්නේ ද එහෙයිනි. මහින්දට යුද අපරාධ චෝදනා එල්ල වන්නේ එහෙයිනි. ෆොන්සේකාට සහ සිරිසේනට ඡන්දය දෙන දෙමළ බෙදුම්වාදීන් මහින්දගේ පඹයෝ පුළුස්සන්නනේ එහෙයිනි. (මැතිවරණයේ දී නැඟෙනහිර මුස්ලිම් කළාප වරදාන ලබා දී මුස්ලිම් ඡන්ද ලබා ගැනීම කුට්ටිය ලබා ගැනීම ප්‍රතික්ෂේප කළ බව ද සඳහන් කර යුතු ය.) හිටපු ඊශ්‍රායෙල් අගමැති බෙන්ජමින් නෙතමියාහු ප්‍රකාශ කී පරිදි ම සතුරාගේ සතුරා ඔවුහු මිතුරා ලෙස සලකති. එසේ ගත් කල සිරිසේන මෙන් ම ෆොන්සේකා ද කොටින්ගේ මෙන් ම බටහිර මිතුරෝ ය. 

මහින්ද කොටින්ගේ මෙන් ම බටහිර හතුරා ය. ඒ ඔවුන්ගේ විමුක්ති සටන විනාශ කළ නිසා ය. බටහිර කොටි පිල්ලිය පරාද කළ නිසා ය.  අප මහින්ද ආරක්ෂා කරනුයේ ඔහු බෙදී වෙන් වන්නට ඔන්න මෙන්න කියා තිබූ රට එක්සේසත් කළ නිසා ය. ඒ රටේ අද සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනා නිදහසේ ජීවත් වන නිසා ය. 2009 මැයි මස 18 වෙනිදා සිට ගෙවී ගිය වසර 5 තුළ මාතෘ භූමිය මත සිදුවීමට නියමිතව තිබූ මිනිස් ඝාතන නවතා දැමූ නිසා ය. ගලා යාමට නියමිතව තිබූ රුධිර ගංගාව නවතා දැමූ නිසා ය. රට එක්සේත් කර ජාතියට අභය ධානය දුන් වරදට රටේ සතුරන් ඔහු බිලි ගැනීමට සුදානම් වන නිසා ය. එසේ ඔහු දඩයම් කරන තුරු බලා සිටීම කළගුණ දත් ජාතියකට තරම් නොවන නිසා ය. රටට එක්සේසත් කොට ජාතියට අභය ධානය දුන් නායකයා රැක ගැනීම අපි අපේ ජාතික වගකීමක් කොට සලකන නිසා ය.

2 comments:

සෙන්නා said...

2009 වෙනකම් නකුට දෙපරන්දෙ ගහගෙන අපෝ උන් හරි වසයි, අපිනම් බයයි කිය කිය හැංගි හැංගි හිටපු හිවල් මොටාලා දැන් සිංහයෝ වෙලා මදිවට පරද්දපු මිනිහට කෝචොකුත් කරණ එක තමා ලොකුම විහිළුව.....

Unknown said...

Well Said bro!

 
සිය රට දේ සිරි සැප දේ !