Thursday, June 4, 2015

සිංගප්පූරු පාඩම!

අපි සිංගප්පූරුවෙන් හොරු ආනයනය කර රට මකර කටට දක්කන අතර සිංගප්පූරුව අපෙන් සැබෑ දක්ෂයා ආනයනය කරවා ගෙන සිය රට තවත් ඔසවා තැබීමට උත්සාහ ගනී. සිංගප්පූරුව යුද්ධයෙන් 75%ක් අවසන් කළ චන්ද්‍රිකාට හෝ තනිව යුද්ධය දිනූ ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකාට හෝ ආරාධනා නො කරයි.
පිවිතුරු රවීලාට සහ බලය සහ බලය වෙනුවෙන් ඕනෑ ම පාවදීමකට සුදානම් පාඨලිලාට සිය මාධ්‍ය ඔස්සේ බොරු ප්‍රචාරය කරමින් රටේ අමන පිරිස් ඇන්දවිය හැකි වුව ද ලෝකය රැවටිය නො හැකි බව මේ සිංගප්පූරු ආදර්ශයෙන් සනාථ වෙයි.

තව දුරටත් තමන් යුද්ධය කළේ යැයි දැන් කිසිවෙකු පාරම්බෑ යුතු නැත. අනුන්ගේ දරුවන්ට උප්පැන්න ලිවීමට තරඟ නොකළ යුතු ය. මේ රටින් ත්‍රස්තවාදය අවසන් කිරීම පිටුපස සිටි සැබෑ නායකයා ලෝකය විසින් හඳුනා ගෙන තිබේ.

අනෙක් අතට සිංගප්පූරුව තමන්ගේ නොවන දක්ෂයා සිය රටට ගෙන්වා ගැනීමට උත්සාහ කරන විට අපේ පාලකයින් උත්සාහ කරන්නේ තමන්ගේ ලොවක් පිළිගත් දක්ෂයාගේ චරිතය ඝාතනය කර බොරු චෝදනා එල්ල කර හිරේ විලංගුවේ දැමීමටයි. දශක කිහිපයක් තුළ ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර ආර්ථික, සමාජ දේශපාලන වශයෙන් අහසට පොළව වැනි පරතරයක් නිර්මාණය කරන්නේ මේ අකෘතඥ අමන ගඳ ගහන ගතිගුණ නොවෙද?

No comments:

 
සිය රට දේ සිරි සැප දේ !