Thursday, January 9, 2014

නරක ආක්‍රමණිකයා සහ හොඳ ආක්‍රමණිකයා... !

8%ක් වන මුස්ලිම් ජනතාව වෙනුවෙන් උලමා සභාව සමස්ත ජාතියට හලාල් කැවීම පිළිබඳ පසුගිය වසරේ දැවැන්ත ජනතා විරෝධයක් මතු විය. ඒ හමුවේ ඇතැම් ආයතන ස්වේඡාවෙන් ම හලාල්කරණයෙන් ඉවත් වූ අතර 2013 මාර්තු 18 වෙනිදා උලමා සභාව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට පොරොන්දු වුයේ හලාල් සහතික ක්‍රමය එතැන් සිට නතර කරන බවය. එහෙත් එහිදී සිදුවූයේ හලාල් සඳහා මුදල් අය කිරීම නතර කිරීම පමණි. හලාල් සඳහා මුදල් අය කළ ලොව එකම රට ලංකාව බව මෙහිලා සිහිපත් කළ යුතුය. කෙසේ වුව ද 2007 වසරේ දී හලාල් සහතික ලබා දීම පාරිභෝගික සේවා අධිකාරිය විසින් තහනම් කර තිබිණි. එහෙත් ඒ තහනම ද නොතකමින් අවුරුදු 10ක් පමණ මිලියන ගණන් මුදල් උපයමින් උලමාවරු ජාතියට හලාල් කවා තිබේ. මෙරට නීතිය ක්‍රියාත්මක වන විලාසය ඉන් මොනවාට පැහැදිලි වේ.

එහෙත් මේ මොහොතේ හලාල් නැවත කරළියට පැමිණ තිබේ. ඔවුන් පවසන්නේ තමන් හලාල් ක්‍රියාවලියෙන් ඉවත් වන බවත් සිය ප්‍රවීණයින්ගේ උපදෙස් පිට පෞද්ගලික සමාගමක් හරහා හලාල් සහතික ලබා දෙන බවයි. ඉතිහාසය පුරා සිංහලයින් ගොනාට ඇන්දවූ මුස්ලිම්වරුන්ගේ මේ කුමන්ත්‍රණය හමුවේ ජාතිය කළ යුත්තේ කුමක්ද? රටේ බෞද්ධ පුරාවස්තු විනාශ කරමින් බෞද්ධ සිද්ධස්ථානවල ඉඩම් මංකොලල්කමින් ගෙන යන ආක්‍රමණය හමුවේ මෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කළ යුතුද? රට මුස්ලිම්කරණය කිරීමේ මූලික අදියර වන රටේ ආහාර සංස්කෘතිය හලාල් කිරීමට ඉඩදිය යුතු ද? මේ කන් පුපුරන නිහැඬියාව කෙළවර වනු ඇත්තේ සිංහල බෞද්ධ සංස්කෘතිය මත හලාල් ලේබලය ඇලවීමෙන් නොවෙද?


ජාතික චින්තන කණ්ඩායම මෙහිලා දක්වන්නේ ඉතා ම ඇල්මැරුණු ප්‍රතිචාර බව කනගාටුවෙන් වුවද සඳහන් කළ යුතුය. විශේෂයෙන් අප මත පටවා ඇති බටහිර ආධිපත්‍ය සියුම් ලෙස විග්‍රහ කරමින් ජාතියේ නැණස පෑදු එහි පුරෝගාමීන් මෙහිලා අනුගමනය කරන නිහඬ පිළිවෙත නිසා ඔවුන්ගේ අනුගාමිකයෝ ද මුණිවත රකිති. මෙහිදි පැනනඟින ගැටලුව ජාතික චින්තනය තුළ නිර්මාණය කරන දැනුම හුදු බටහිර විරෝධි වූවක් ද යන්නය. එය එසේ නොවේ නම් අපට මේ මොහොතේ හුදු බටහිර විවේචනයකට සීමා වී මුණිවත රැකිය නොහැකිය. සමස්ත අවධානය බටහිර විරෝධි ආස්ථානයකට ගොනු වීම තුළ තවත් ආක්‍රමණිකයෙක් වේගයෙන් සමාජය ආක්‍රමණය කරනු අපට නොපෙනී ගොස් තිබේ. 

අප මුස්ලිම් ආක්‍රමණය විවේචනය කිරීම ඔස්සේ බටහිර සමගාමී වේදැයි අප තුළ චකිතයක් ඇති බව පෙනේ. ඇතැම්හු සිය සතුරාගේ සතුරා තම මිතුරා කොට සලකති. එනම් බටහිර සංස්කෘතික ආධිපත්‍යයට ලෝක මට්ටමින් පවතින එකම තර්ජනය මුස්ලිම් සංස්කෘතියයි. බටහිර සංස්කෘතිය අපගේ ද සතුරා හෙයින් මුස්ලිම් සංස්කෘතිය අපගේ මිතුරා වෙයි. එහෙත් එම සටනේදී අප කිසිම පාර්ශවයක් ගත යුතු නැත. මන්ද මේ සංස්කෘති දෙකම සතුව ඇත්තේ කුප්‍රකට ආක්‍රමණකාරී ඉතිහාසයක් හෙයිනි. මේ අවබෝධයෙන් තොරව අප එම පිරිස් නිර්මාණය කරන්නේ අංශභාග දැනුමකි.  

ඇතැම්හු මුස්ලිම් ජාතිය අපේ ජාතියට ගොනු කර ගැනීමේ වැදගකම පෙන්වා දෙති. එහෙත් මුස්ලිම් ආගමික විඥානය ජාතික විඥානය අබිබවා සිටින බවට ලැබෙන සාක්ෂිවලින් ඉතිහාසය පිරී පවති. ඔවුන් ලොව කිසිදු ජාතියක් සමඟ සුහදව කටයුතු නොකරන අතර ආධිපත්‍ය ලබා ගත නොහැකි නම් කරන්නේ නිහඬව සිට ආධිපත්‍ය ලබා ගැනීමට ක්‍රියා කිරීම පමණි. එහෙයින් ඔවුන් ජාතියට එක් කර ගැනීමට උත්සාහ කිරීම මේ මොහොතේ නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයයි තවත් ටිකක් සෙවීමකි. අපට මේ මොහොතේ කළ හැකි එකම කාර්ය වහා සිංහල දෙමළ දෙජාතිය එක් කොට ජාතිය බලවත් කිරීමයි. ඒ සඳහා අපගේ සංස්කෘතික ආගමික පසුබිම කදිම තෝතැන්නකි. 

අපේ මුතුන් මිත්තෝ හින්දූන්ට පූජනීය ගවයා පන්සල ඉදිරියේ සඳකඩ පහනින් ඉවත් කළහ. පන්සලේ හින්දු දෙවිවරුන්ට දේවාල තනා සිංහල බෞද්ධ දෙවියන් සමඟ සමසුන් ගැන්වූහ. කතරගම වැනි ද්‍රවිඩ දෙවිවරුන් වන්දනාමාන කළහ. ගව මාංශ අනුභවය වසළ සිරිතක් ලෙස හෙළා දුටහ. දෙමළ කාන්තාවන් විවාහ කර ගත්හ. මේ නිසා ඇතැම් හින්දු බිලි පූජා ඉබේම අහෝසි විය. මන්ද පන්සල් තුළ කෝවිල් ඒවාට අකැප හෙයිනි. මේ නිසා ඔවුන් පරම්පරා දෙකකින් අපේ ජාතියට එක් විය. 

එය නතර කළේ, නැතහොත් අඩු තරමින් එයට බාධා වන නීති සම්පාදනය කර ජාතීන් අතර බෙදීම් ඇති කළේ යටත්විජිත පාලකයෝය. ඔවුන් උප්පැන්න සහතික ඔස්සේ දෙමළ ජනතාව සිංහලයට අවශෝෂණය වීම නතර කොට තිබේ. එහෙත් බහුතර සාමාන්‍ය හින්දු ජනතාව සිංහල ජනතාව සමඟ සාමකාමීව ජීවත්වීමට කැමැතිය. විශේෂයෙන් ම හින්දු ජනතාව කැමතිය. ඔවුන් ලංකාව සමඟ ඉන්දියාව ක්‍රිකට් ක්‍රීඩා කරන විට ඉන්දියාවට හුරේ දැමීමට තරම් පහත් මට්ටමට ඇද වැටෙනු මා දැක නැත.    

එහෙයින් අප කළ යුත්තේ සිංහල හින්දු ජනතාව එක් කොට ජාතිය බලවත් කිරීමට අවශ්‍ය දැනුම නිෂ්පාදනය කිරීමයි. (එහිලා බෙදුම්වාදීන් සමඟ ඇති ගැටලුව අප වෙනත් තලයක විසඳාගත යුතුය. බෙදුම්වාදීයා කිසිදු ජාතික ආගමික බේදයකින් තොරව මර්දනය කළ යුතුය.) ඒ ඔස්සේ ජාතිය වහා බලවත් කළ යුතුය. එසේ බලවත් කරන ලද ජාතියක් නිර්මාණය කිරීමෙන් පමණි ඉස්ලාම් ආගමික විඥානය යටපත් කළ හැක්කේ. ඉන්දියාවේ 14%ක් වන මුස්ලිම් ජනතාවගේ ආගමික විඥානය එරට ජාතික විඥානය තුළ කිසියම් පාලනයකට ලක් කිරීමට ඉන්දියාව සමත්ව තිබේ. ඇමරිකාව වැනි රටවල ද මේ තත්ත්වය දැකිය හැකිය.  

එහෙයින් අප කළ යුත්තේ අපේ සංස්කෘතිය ආරක්ෂා කර ගැනීම සහ ඒ සඳහා දැනුම නිෂ්පාදනය කිරීමයි. එම දැනුම එක සංස්කෘතික ආක්‍රමණයක් හොඳ යයි ද අනෙක නරක යයි ද වර්ගීකරණය කළ පටු අංශභාග දැනුමක් නොවිය යුතුය. හොටු ගෑණි දී කැහි ගෑණි අරගෙන කවර ඵලයක් ද? නොදන්න දෙවියාට වඩා දන්න යකා හොඳයැයි ගැමි කියමනක් තිබේ.

2 comments:

Dulanjan Wijesinghe said...

මෙතන තව ගැටලුවක් තියනවා. බටහිර ආධිපත්‍යය මෙන්ම මුස්ලිම් ආධිපත්‍යයත් සිංහල බෞද්ධයින්ට තර්ජනයක් වන බව ඇත්ත. ඒ වගේම බටහිර-මුස්ලිම් ගැටුමෙදි අපේ සමහර අය බටහිර අතකොළු වෙන බවයි පේන්නේ. මුස්ලිම් ආධිපත්‍යයට එරෙහි වන නිසා බටහිර ආධිපත්‍යය හොඳයි කියන අයත් ඉන්නවා. අපි මේ ආධිපත්‍ය දෙකටම මුහුණ දිය යුතුයි.

නාමල් උඩලමත්ත said...

ඔව් මම කියන්න උත්සාහ කළේ හොඳ ආක්‍රමණ සහ නරක ආක්‍රමණ කියලා දෙකක් තියෙන්න බැහැ, බටහිර වගේම ඉස්ලාම් ආක්‍රමණයත් අපි නියම බරින් අවබෝධ කරගෙන නිසි බරින් ප්‍රතිචාර දැක්විය යුතු බව. එහෙත් අද බොහෝ විට යගදාව උස්සගෙන බටහිර එක්ක සටනට යන අය ඉස්ලාම් ආක්‍රමණය දෙස බලන්නේ ඇල්මැරුණු ස්වභාවයකින්. අන්න ඒක අවබෝධ කරගත යුතුයි. මේ දෙපිරිසම ආක්‍රමණිකයින් ලෙස අවබෝධ කරගන්නා තුරු අපි නිර්මාණය කරන්නේ අංශභාග දැනුමක්.

ඔව් වෙන්න පුළුවන් මුස්ලිම් බටහිර ගැටුමේ දී බටහිර පැත්ත ගන්න අය ඉන්න පුළුවන්. ඒකට හේතුව තමා ඉස්ලාම් ආක්‍රමණය හමුවේ බෞද්ධයින් කිසිදු පිළිසරණක් නැති තත්වයට පත්වීම. ඒ ගැන ආණ්ඩුවට කිසි වගක් නෑ. ජාතිකවාදී බුද්ධිමතුන් නිදි. එතකොට අසරණ බෞද්ධයෝ තම සතුරාගේ සතුරා මිතුරා කර ගන්නවා. ඒකත් හොඳ නැහැ. මොකද උනුත් එකයි මුනුත් එකයි නිසා. එක කාසියේ දෙපැත්ත.

ඇමරිකාව ඇතුළු බටහිර කළ ඉරාක, ඇෆ්ගන්, ලිබියා ආක්‍රමණවලදී අපි සියලු දෙනා ඇමරිකාවට සහ බටහිරට විරුද්ධව කටයුතු කළා. එතනදී අපි ඇත්තටම ගත්තේ යුක්තිය පැත්ත. මොකද ඇමරිකාවට කිසිදු අයිතියක් නැහැ සෙසු රටවල් ශිෂ්ටාචාර විනාශ කරන්න. ඒ නිසයි මේ රටේ සිදුවන ඉස්ලාම් ආක්‍රමණවලට විරුද්ධව ලියන අතර ම ඇමරිකාව සහ බටහිර කළ ආක්‍රමණවලට විරුද්ධ වුණේ. ඒ ආස්ථානය නිවැරදියි. එයින් කියවෙන්නේ නැහැ ඉස්ලාම් ආක්‍රමණයට මේ රටේ ඉඩදිය යුතුයි කියලා.

අපි සියලු ම ආකාරයේ සංස්කෘතික ආක්‍රමණවලට එරෙහි විය යුතුයි. බටහිරට හොඳ ත්‍රස්තවාදීන් සහ නරක ත්‍රස්තවාදීන් ඉන්නවා. ඔවුන්ගේ අරමුණු ඉටු කරන කොටි හොඳ ත්‍රස්තවාදීන්. බටහිර ඒ අයට කියන්නේ විමුක්තිවාදීන් කියලා. ඇමරිකාවට ගහන අල් කයිඩා ත්‍රස්තවාදීන්. එයාලා විමුක්තිකාමීන් නෙමේ. මේ වගේ කුප්‍රකට බෙදීම් අපට තියෙන්න බැහැ.

 
සිය රට දේ සිරි සැප දේ !