tag:blogger.com,1999:blog-1012259489902547458.post3024412291227778010..comments2023-10-02T05:50:47.584-07:00Comments on :::::: කසාපබ්බත ෴: නරක ආක්රමණිකයා සහ හොඳ ආක්රමණිකයා... !නාමල් උඩලමත්තhttp://www.blogger.com/profile/12353954958678788109noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-1012259489902547458.post-22637300091343552822014-01-09T22:44:07.338-08:002014-01-09T22:44:07.338-08:00ඔව් මම කියන්න උත්සාහ කළේ හොඳ ආක්‍රමණ සහ නරක ආක්‍රම...ඔව් මම කියන්න උත්සාහ කළේ හොඳ ආක්‍රමණ සහ නරක ආක්‍රමණ කියලා දෙකක් තියෙන්න බැහැ, බටහිර වගේම ඉස්ලාම් ආක්රමණයත් අපි නියම බරින් අවබෝධ කරගෙන නිසි බරින් ප්‍රතිචාර දැක්විය යුතු බව. එහෙත් අද බොහෝ විට යගදාව උස්සගෙන බටහිර එක්ක සටනට යන අය ඉස්ලාම් ආක්‍රමණය දෙස බලන්නේ ඇල්මැරුණු ස්වභාවයකින්. අන්න ඒක අවබෝධ කරගත යුතුයි. මේ දෙපිරිසම ආක්රමණිකයින් ලෙස අවබෝධ කරගන්නා තුරු අපි නිර්මාණය කරන්නේ අංශභාග දැනුමක්.

ඔව් වෙන්න පුළුවන් මුස්ලිම් බටහිර ගැටුමේ දී බටහිර පැත්ත ගන්න අය ඉන්න පුළුවන්. ඒකට හේතුව තමා ඉස්ලාම් ආක්‍රමණය හමුවේ බෞද්ධයින් කිසිදු පිළිසරණක් නැති තත්වයට පත්වීම. ඒ ගැන ආණ්ඩුවට කිසි වගක් නෑ. ජාතිකවාදී බුද්ධිමතුන් නිදි. එතකොට අසරණ බෞද්ධයෝ තම සතුරාගේ සතුරා මිතුරා කර ගන්නවා. ඒකත් හොඳ නැහැ. මොකද උනුත් එකයි මුනුත් එකයි නිසා. එක කාසියේ දෙපැත්ත.

ඇමරිකාව ඇතුළු බටහිර කළ ඉරාක, ඇෆ්ගන්, ලිබියා ආක්‍රමණවලදී අපි සියලු දෙනා ඇමරිකාවට සහ බටහිරට විරුද්ධව කටයුතු කළා. එතනදී අපි ඇත්තටම ගත්තේ යුක්තිය පැත්ත. මොකද ඇමරිකාවට කිසිදු අයිතියක් නැහැ සෙසු රටවල් ශිෂ්ටාචාර විනාශ කරන්න. ඒ නිසයි මේ රටේ සිදුවන ඉස්ලාම් ආක්රමණවලට විරුද්ධව ලියන අතර ම ඇමරිකාව සහ බටහිර කළ ආක්රමණවලට විරුද්ධ වුණේ. ඒ ආස්ථානය නිවැරදියි. එයින් කියවෙන්නේ නැහැ ඉස්ලාම් ආක්‍රමණයට මේ රටේ ඉඩදිය යුතුයි කියලා.

අපි සියලු ම ආකාරයේ සංස්කෘතික ආක්රමණවලට එරෙහි විය යුතුයි. බටහිරට හොඳ ත්රස්තවාදීන් සහ නරක ත්රස්තවාදීන් ඉන්නවා. ඔවුන්ගේ අරමුණු ඉටු කරන කොටි හොඳ ත්රස්තවාදීන්. බටහිර ඒ අයට කියන්නේ විමුක්තිවාදීන් කියලා. ඇමරිකාවට ගහන අල් කයිඩා ත්රස්තවාදීන්. එයාලා විමුක්තිකාමීන් නෙමේ. මේ වගේ කුප්‍රකට බෙදීම් අපට තියෙන්න බැහැ.
නාමල් උඩලමත්තhttps://www.blogger.com/profile/12353954958678788109noreply@blogger.comtag:blogger.com,1999:blog-1012259489902547458.post-57100422840218073532014-01-09T21:56:30.714-08:002014-01-09T21:56:30.714-08:00මෙතන තව ගැටලුවක් තියනවා. බටහිර ආධිපත්‍යය මෙන්ම මු...මෙතන තව ගැටලුවක් තියනවා. බටහිර ආධිපත්‍යය මෙන්ම මුස්ලිම් ආධිපත්‍යයත් සිංහල බෞද්ධයින්ට තර්ජනයක් වන බව ඇත්ත. ඒ වගේම බටහිර-මුස්ලිම් ගැටුමෙදි අපේ සමහර අය බටහිර අතකොළු වෙන බවයි පේන්නේ. මුස්ලිම් ආධිපත්‍යයට එරෙහි වන නිසා බටහිර ආධිපත්‍යය හොඳයි කියන අයත් ඉන්නවා. අපි මේ ආධිපත්‍ය දෙකටම මුහුණ දිය යුතුයි. Dulanjan Wijesinghehttps://www.blogger.com/profile/13151271240515196380noreply@blogger.com