Wednesday, August 7, 2013

රතුපස්වලින් ෆොන්ටෙරා වෙත ...


කටේ පිට්ටුද? මොකද කතා නැත්තේ? 

රතුපස්වල සිදුවීම අපි හෙළා දකිමු. ඒ පිළිබඳ වගකිව යුත්තේ ආණ්ඩුව බව අපි නැවත කියමු. නියපොත්තෙන් කැඩිය හැකිව තිබූ දෙයක් පොරවෙන් කපන තැනට ගෙන ආවේ ආණ්ඩුවයි. ඒ අවස්ථාවේ මේ රටේ ජනතාවට දිවි හිමියෙන් ආදරය කරන ආණ්ඩු විරෝධී, රාජ්‍ය විරෝධී, බෙදුම්වාදී කල්ලි එකපෙළට ජනතාව වෙනුවෙන් කෑ ගැසූහ. හමුදාවට පලු යන්න බැන්නෝය. ඇන්කර්, මැලිබන් ඇතුලු පිටි වර්ගවල DCD අඩංගු බව අනාවරණය වන්නේ මේ අතරය. ෆොන්ටේරා නිෂ්පාදන චීනය සහ රුසියාව විසින් තහනම් කළ අතර එම සමාගම චීනයෙන් සමාව යැද ඇතැයි ද මාධ්‍ය වාර්තා කර තිබිණි. 

මේ අනුව බහු-ජාතික සමාගම් ලංකා ජනතාවට මුදලට වස පොවා තිබේ. කිරි දරුවාගේ සිට මහල්ලා දක්වා කිරි යැයි බී ඇත්තේ වසය. එය ආණ්ඩුවට නම් එතරම් ප්‍රශ්නයක් නොවන බව පැහැදිලිය. ඈනුමක් ඇර තාවකාලික තහනමක් පැනවූ ආණ්ඩුව අදාළ සමාගමේ අල්ලසට යට වන නිලධාරීන් කිහිප දෙනෙකුගේ උපදෙස් අනුව තව දිනකින් දෙකකින් ඒ තහනම ඉවත් කරනු ඇත. ඒ නිලධාරී මහත්වරුන්ට වෛද්‍ය උතුමන්ට විදේශ් සංචාර සුපිරි වාහන ලැබෙන අතර නැවත ජනතාව සුපුරුදු පරිදි වස බී ටික ටික මරු තුරුලට යනු ඇත. තහනම් කළ දැන්වීම් නැවත කරළියට එනු ඇත්තේ DCD තියෙන්නේ ලංකාවේ හදන පැලවත්ත හෝ හයිලන්ඩ් කිරිවල යැයි කීයා ගෙන ද විය හැකිය. නළාවක් කරේ එල්ලා ගත් වෛද්‍ය නළු බට්ටෙක් හෝ ඇන්ලීන් සංගා සිය පවුල නිරෝගීව කඩිසරව තබන්නේ අහවල් කිරිපිටි යැයි ඔබේ ආලින්දයේ සිට කීමට බොහෝ ඉඩ තිබේ.

එහෙත් ප්‍රශ්නය මෙය නොවේ. රතුපස්වල සිද්ධියට මහමෙර පෙරළන්නට සැදූ අයට කුමක් වීද යන්නය. මා නම් හිතුවේ රතුපස්වල සිද්ධියට ආණ්ඩුව පරසක්වල ගහන්නට හැදූ මේ පෝරිසාදයින් මේ කිරිපිටි මාෆියාවට එරෙහිව ආණ්ඩුවට ඔලුව උස්සන්න බැරිවෙන් ගසනු ඇත කියාය. රතුපස්වල සිද්ධිය අපරාධයක් නම් මෙලෙස මුළු රටකට කිරි යැයි වස පෙවීම සහගහන අපරාධයක් නොවේද? සමූලඝාතන අපරාධයක් නොවෙද? එහෙත් රතුපස්වල ජනතාව ගැන කිඹුල් හෙළු මේ කවටයින් අද නිහඬ ඇයි? නිතර අලින් ගැනම කතා කරන ඊනියා සත්ව අවිහිංසාවාදීන්ට කුමක් වීද? එදා ඉන්ද්‍රරතන හිමියන්ට ගවයෙකු වෙනුවෙන් මළා යැයි අපහස කළවුන් ෆොන්ටෙරා සමාගම අද කිරි දරුවාගේ පටන් රටක ජනතාවට වස කවමින් ටික ටික මරා දමන අනාවරණය වූ විට නිහඬ ඇයි? 

බංගලිදේශයෙන් පවා පින්තූර ගෙනැවිත් දුක හිතෙන කවි ලියා FB එකේ එල්ලා ආතල් ගත් කල්ලි ගැන, හමුදාව දකුණේ මෙහෙම නම් උතුරේ කොහොම ගහන්න ඇද්ද කියා අසමින් ජිනීවා වෙනුවෙන් කතා කළ කල්ලි ගැන, හමුදාව උතුරෙන් ඉවත් කළ යුතුය කියන කොටි හඬට සම්මාදම් වූ කල්ලි ගැන, ඒවා ෂෙයාර් කරමින් වදුරන් මෙන් හැසිරුනු කල්ලි ගැන ඔබ නැවත සිතා බැලිය යුතුය. රටකට වස පෙවීම රතුපස්වල ප්‍රශ්නයට එහා ගිය අති බැරෑරුම් ප්‍රශ්නයකි. එවන් ප්‍රශ්නවලදී නිහඬ වන මේ කල්ලි එක්තරා පිරිසක් වෙනුවෙන් කුලී වැඩ කරන බව අවබෝධ කරගත යුතුය.

16 comments:

නාමල් උඩලමත්ත said...

Buddhika Ranchagoda තහනම් කෙරිය යුතු පළිබෝධ නාශක හා වල් නාශක කෙතරම් දැනට වෙළද පොළේ විකිනීමට තිබේද ඉතින් කිරිපිටි ගැන කුමන කතාද...!

නාමල් උඩලමත්ත said...

Namal Udalamatta ඒක ඇත්ත. මේ කාලකන්නි ආණ්ඩුවට විරුද්ධව අපි සටන් කල යුත්තේ ඒවා පරාජය කරන්න. ඉතින් මේ රතුපස්වල ජනතාව වෙනුවෙන් ජිවිත පූජා කරන්න හදපු වීරයෝ ඇයි රජරට සහස් ගණන් ගොවියෝ වකුගඩු කුණුවෙලා මැරෙනකම් බලා ඉන්නේ? ඇයි වස කොම්පැණිවලට විරුද්ධව සටනට නො එන්නේ? මේ විදිහට රටට වස ගෙනැත් ගැහුවොත් තව ටික දොහකින් මුළු රටම රතුපස්වල වෙනවා. රටේ හැම ළිදක අනගාතයේ උනන්නේ වස මිස වතුර නෙමේ. ගංගා දිගේ ගලන්නේ වස මිස වතුර නෙමේ. ඇයි ඒවා ගැන කතා කරන්න රතුපස්ල වීරයෝ නො එන්නේ? ඇයි ඒවාට විරුද්ධව lankatelegraph, lankaenews එක හුස්මට ලිපි පළ නොකරන්නේ?

නාමල් උඩලමත්ත said...

Buddhika Ranchagoda මම වැවිලි කරුවෙකු හැටිය යට දන්නවා තාමත් අපි ප්‍රමාද නැහැ...

නාමල් උඩලමත්ත said...

Ranga M. Weerakkody Ko damith kethaka padithuma? Ko boondhiye athi manushika rala? Ko chamalka alwis? Ko buwa? Okkogema kateth pittu. Puketh pittu

නාමල් උඩලමත්ත said...

Namal Udalamatta ඔව් මම දන්නවා දැන් සමහර ගොවීන් ආණ්ඩුව නිකන් දෙන පොහොරත් එපා කියලා කාබනික පොහොරවලට මාරුවෙලා. වල් නාශක කෘමිනාශක වෙනුවට කෙම් ක්‍රමවලට ගොහින්. දැන් කාබනික පොහොර යෙදු එළවලු සුපිරි වෙළඳ සැල්වලට ඇවිත්. කාබනික පොහොර යෙදු දේ වලින් සදන ආහාර සහිත ආපනශාලා ඇවිත්. ඒක හොඳ ප්‍රවණතාවක්. නමුත් මේ ආණ්ඩුව ඒ සඳහා පසුබිම හදන්නේ නෑ. ආණ්ඩුවේ නිලධාරී නටන්නේ වස කොම්පැණිවල පදේට. උන් ආණ්ඩුවේ අපි වවමු රට නඟමු බෝඩ් එකට මුවාවෙලා වස වවමු වස කවමු ව්‍යාපෘතිය කරගෙන යනවා ජයට.

නාමල් උඩලමත්ත said...

Nipuna Wanninayake · 5 mutual friends
උතුරේ දෙමලුන් මැරෙද්දි "ඔය අපේ ආරක්සාවටනෙ" කියකියා අප්පුඩි ගහපු අයට දකුනේ සිංහලයො උන්ගේ අතින්ම මැරෙද්දි ඒක අපබ්‍රංෂයක්... මතකතියාගන්න, ඔය ආන්ඩුවටම උතුරේ මරන්න දීපු ලයිසන් එකම තමයි දකුනටත් දැන් "රිනීව්" කරකර පාවිච්චි කරන්නෙ...
"ආන්ඩුවේ ආරක්සාව තකා තම අයිතීන් අහිමි කරගන්නා ජනයාට ආරක්සාවත් අයිතීනුත් දෙකම නැතිවේ" කියල කිව්වේ බෙන්ජමින් ෆැරෑක්ලින් මහත්තය..

නාමල් උඩලමත්ත said...

Namal Udalamatta නෑ අපි රතුපස්වල ජනතාව ගැන ලීවා. ඒ ජනතාව එක්ක සාමකාමී උද්ඝෝෂණයට පෙට්‍රල් බෝම්බ, ගල් අරන් ආපු ගැන ලීවේ නෑ. ආමි එකට ගහලා ගින්න අවුලපු අය ගැන කීවෙත් නෑ. අපි කීවේ ආණ්ඩුව මේකට වගකිව යුතුයි කියලා. රතුපස්වල ජනතාව ගැන නෙමේ අද අපි කතා කරන්නේ මුළු රටේම ජනතාවට බලපානප්‍රශ්නයක් ගැන. අපි දැන් කියනවා වස කිරිපිටි ජනතාවට පොවන ආණ්ඩුව වැරදියි. අන්තිම පාහරයි කියලා. ඉතින් එන්න අපි එක්ක සටනට. අපට අවශ්‍ය ආණ්ඩුව ලවා ඒ වස කිරිපිටි ගේන එක නතර කරන්න. ඒ කිරිපිටි රතුපස්වල ජනතාව විතරක් නෙමේ රටම බොනවා. ජාතිවාදී සිංහල බෞද්ධ විතරක් නෙමේ ආයුබොවන්ඩ උතුරේ අසරණ ද්‍රවිඩ ජනතාවත් බොනවා. සාමකෘමි මුස්ලිම් ජනතාවත් බොනවා. ඉතින් මේක ලොකු සටනක් රතුපස්වලට වඩා.

නාමල් උඩලමත්ත said...

Ranga M. Weerakkody Anduwa ea widhiyats enawa nam api psnnala d a nnam chandedi. Nipuna puka dena ltte eka ehems chanden pannanna ba.

නාමල් උඩලමත්ත said...

Buddhika Ranchagoda රතුපස්වල සිද්දිය වැනි සිදුවීම් නැවත සිදු නොවිය යුතු අතර ආණ්ඩුව ආණ්ඩු කරන්නේ තමන් පත් කෙරූ ජනතාවගේ මළ මිනී මතනම් කොතරම් දේශප්‍රේමී යයි හොරණෑ ගැසුවත් ඔවුන්ගේ පැවැත්ම කෙටිවීම වැළැක්විය නොහැක.

නාමල් උඩලමත්ත said...

Namal Udalamatta අම්මපා අර වෝල් ස්ට්‍රිට්වලදී ඔබාමාටවීදි බැහැපු ජනතාවට අර විදිහට මල්මාලා දාලා ලස්සනට සැලකුවේ ඔය බෙන්ජමින් ද ෆ්‍රෑන්ක්ලීන්ද ජනාධිපති කියපු ටික දැන් ඉන්න ඔබාමා දන්නේ නැද්ද? (හැබැයි ඒ සාමකාමී උද්ඝෝෂකයෝ ඇමරිකන් හමුදාවට පෙට්‍රල් බෝම්බවලින් ගැහුවෙත් නෑ)එතකොට අපිට කලින් ඒ දෙකම අහිමි කරලා නේද ඇමරිකානු ජනතාවගේ. ඉතින් එහෙම කියපු ෆ්‍රෑන්ක්ලීන්ගේ රටේ එහෙම නම් මේ රටේ මොන කතාද? නිකන් බයිල ගහන්න එපා. ෆ්‍රෑන්ක්ලීන්ලා තරම් මිනිමරුවෝ ලොවෙත් නෑ. අපි නොදන්න ඇමරිකාව.

නාමල් උඩලමත්ත said...

Buddhika Ranchagoda අපේ වැරැද්ද තමයි ලෝකෙන් ආදර්ශ ගැනීම අපට වර්තමානය සකස් කර ගැනීමට අපේ ඉතිහාසයෙන් ගතහැකි පාඩම් නොගැනීම පාලකයන් හා ජනතාව අපේ ඉතිහාසය නොදැනීම නිසා අපට වී ඇති විනාශය ගැන හරිහැටි අවබෝධයක් ඇති කරගන්නා තුරා අපට මේ ප්‍රශ්න වලට පිළිතුරු නැත .

නාමල් උඩලමත්ත said...

Namal Udalamatta රටේ ඉතිහාසය කියලා උගන්වන්නේ සුද්දා අපිව 1505 ඇවිත් ශිෂ්ටාචාරගත කොළා කියලානේ. ඉතින් පාඩම් ඉගෙන ගන්න ඕන සුද්දාගේ ඉතිහාසයෙන් කියලා තමා නිපුනලා වගේ මොකුත් හිතන්න බැරි අය දන්නේ. අනෙක මේ රටේ ඉතිහාසය එවුන් දන්න එකක් යැ.

නාමල් උඩලමත්ත said...

Deshapriya Nanayakkara මානව ඉතීහාසය පුරාම පෘතුවි සුවදේශිකයන්ගේ ශිෂ්ටාචාර වල වටිනාකම් පිරීලා ඉතිරිලා තිබෙනවා .නමුත් තාමත් අපි අපේ අවදානය ඒ පිලිබදව යොමුනොකිරීම කනගාටුදායකයි .යටත්විජිතකරනයයේ අද්‍යාපනය යනු ඉගැන්වීමයී .නමුත් ස්වදේශීයකයන්ගේ අධ්‍යාපනය ස්ව චින්තනය හා අත්දැකීම් මත ගොඩනැගුණු පෘතුවිය , චක්‍රාවාට , හා බැදුනු ඉගනගැනීමක් .යටත් විජිතකරණයෙන් පසු ගෝලය සිසාරා ජීවත් වූ ස්වදේශීයකයන්ගේ ආයුෂ අඩු වීමත් උක්ත ස්වදේශීය දැනීම නැතිවීමට හේතුවී ඇත ..

නාමල් උඩලමත්ත said...

Buddhika Ranchagoda I fully agree....

නාමල් උඩලමත්ත said...

Namal Udalamatta Deshapriya Nanayakkara, මේ රටේ උගන්වනවා කියලා කරන්නේ යටත්විජිතවල සුද්දා අවශ්‍ය කරපු කොන්ද කැඩුණු මුල් නැති ලිපිකරුවෝ හදන්න උගන්වපු දේවල් අපි රටේ සල්ලි වියදම් කරලා ඉගැන්වීම් පමණයි. සුද්දා ඒක කළේ ඉංග්‍රීසියෙන් සුළු පිරිසකට නිසා හානිය අවමයි. අද ඒක සිංහලෙන් දෙමළෙන් මුළු රටටම බෙදනවා. ඉතින් අක්මුල් නැති අභිමාණයක් නැති නිවටයෝ බෝවෙනවා. සුද්දා කියපුවා වමාරනවා. එදා 1815-1825 කාලේ ලංකාවේ හිටපු දේවගැතිවරයා, ජී.එච්. බැලනිලා ඉන්දියාව ගැන කතා කළ මැකෝලිලා කීවා මේ රටවල්වලින් හදාගත යුතු වහල්ලු ගැන. අපි හැමෝම අඩු වැඩි වශයෙන් මේ විනාශයේ ගොදුරු. ඒත් තවම සහරුන්ට මේක තේරෙන්නේ නෑ. මේ ක්‍රමය තුළ ඒ අසරණයින්ට තේරුම් ගන්න ලැබෙන එකකුත් නෑ. අපි නැවත අපේ ඉතිහාසය, සම්ප්‍රදාය, සංස්කෘතිය සොයා යා යුතුයි. ඒවා යාවත්කාලීන කරගත යුතුයි. ඒ සදහා පාර පෙන්වා දීම ඔබේ යුතුකම.

නාමල් උඩලමත්ත said...

Deshapriya Nanayakkara ආඩම්බරයී මට ඔබේ සිතුවිලි ගැන.

 
සිය රට දේ සිරි සැප දේ !